එතකොට ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි, නමස්කාරය වේවා.
ඒ උතුම් බුදු පියවරුන් අනුපිළිවෙළින් සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා බුදුවරු 2500 නමකින් බණ අහලා ඉන්න ශ්‍රේෂ්ඨතම පළවෙනි බුදුපියා වශයෙන්. ඔය විදිහට දාහතර නම ම සිහි කරලා, ඊට පස්සේ මම මේ කල්පනා කළා, මේ ලෝකයට මේ විදිහේ පින් කෙතක් පහළ වෙලා කියලා.
එතකොට මම ලෝභය නැති කරමි, කියලා සිතනකොට, මට ඒකත් එක්ක එකපාරට ම හිතුණා අර areas 1 2 3 4, A B C D අතර සම්බන්ධතාවය සිහි කරන්න ඕනේ කියලා මට සිතක් ආවා. ඒ පාර ඒ බුදු පියාණන්ගෙන් ඇහුවහම කිව්වා “ඒක හොඳයි” කියලා. ඒ පාර දැන් මට නිකම් සිතනකොට ම එකපාරට ම සිතුවිල්ල මට එනවා, A B C D වුණාට පස්සේ තමයි ඔය area 2 කියන එක ඇති වෙන්නේ කියලා, දෙවෙනි area එක ඇති වෙන්නේ areas A B C D වුණාට පස්සේ කියලා. ඒක මම දන්නවා කියලා මට හැඟීම තියෙනවා. බුදුපියවරු කිව්වා “ඒක හරි” කියලා.
මං ඇහුවා කොහොම ද මේක දන්නේ? සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාගෙන් විමසුවා, බුදුපියවරු මට මේක දීම නිසා ද? එහෙම නැත්නම් අතීතයේ අසා ඇති නිසා ද? එහෙම නැත්නම් මේ ස්වයං වූ ප්‍රඥාවකින්, ඒ කියන්නේ, අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ රහතන් වහන්සේලා මාව මේ වගේ මේ දියුණුවට පත් කරලා තියන නිසා ම, ඒ ස්වයං වූ ප්‍රඥාවකින් මම මේ විදිහට දකිනවා ද කියලා. ඇහුවා ම කිව්වා “ඒ තුන් කාරණයකින් ම මේක සිද්ධ වෙනවා” කියලා. ඔය පළවෙනි එකට එය අතීතයේ අසා ඇති නිසා, දෙවෙනියට ඒ බුදුපියවරු දීම නිසා, තුන් වෙනි එකට ස්වයං වූ ප්‍රඥාවකින් ඒ විදිහට ඒ අකනිට්ඨ බ්‍රහ්ම ලෝකය ප්‍රඥාව මතුකර දීම නිසා මේක වෙනවා කියලා.
එතකොට area A කියන එක තමයි මුලින් ම ඇති වෙන්නේ. එතකොට දැන් අර අවිද්‍යා ආශ්‍රවය මගින් අපි උස්සනව නේ, අර වට කතාව තියනව නේ. සාත කියන තීරණය. අවිද්‍යා අනුසය මගින් ඉස්සවීම කියන එක සිද්ධ වෙනවා. මේ වෙලාවෙ දී අර හත දක්වා යන්නා වූ කාරණාවල නිත්‍ය කතාව පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ, ඒ area A කතාව ඇති වෙනකොට.
එතකොට නිත්‍ය වුණහම, අතනින් අර සංස්කාර හරහා පරාමාසයට නිත්‍යයි කියලා කතාවක් දීලා සඤ්ඤාවක් ඇති වෙනව නේ. එතකොට අන්න ඒ සඤ්ඤාව අනුව තමයි, මේ මානය මගින් කරකැවීම කියන එක එතෙන්දී සිද්ධ වෙන්නේ. ඒ දෙවෙනි එක. ඒ සඤ්ඤාවක් ආවා. සුභයට නිත්‍යයි කියලා එකතු කරලා. ඒක මේ කරකවනකොට අර සුඛය කියන එක මේ පරාමාසයට ඇතුල් වීම කියන එක එනවා තුන් වෙනි කාරණය.
එතකොට අර වණ්ණමච්ඡරිය කියන එක, අර මාන්නය කියන එකේ ගන්න ඕනෙ වණ්ණමච්ඡරිය. ඒ වර්ණනාව. මේක හොඳයි කියලා කියන්නෙ. දැන් ඔය pyrex dish එකක් හරි මොකක් හරි එකක් හම්බවෙලා, ආ, මේක හොඳයි, කියන අදහස ඇවිල්ලා තියෙන්නෙ. එතකොට ඒ සුඛය පරාමාසයට යනවා, වණ්ණමච්ඡරිය කියන කතාව තියෙනවා. අන්න එතකොට තමයි අර A ඉඳන් B වලට වෙනවා කියන එක සිද්ධ වෙන්නේ.
දැන් මේ B දක්වා ආවට පස්සේ, දැන් මෙතන අර වෙනස කියන එක අපි දකිනව නේ. දැන් වට දෙකක් ගහලා තියෙන්නේ. වෙනස කියන එක ඇති වෙනකොට අන්න අර කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. දැන් ඔය ඕක වෙනකොට ඔයගොල්ලෝ බලන්න ඕනෙ අර පල්ලෙහාට දැන් C කියන කොටසත් ඇති වෙන්න එපායැ. C කියන කොටස ඇති වෙන්නේ හරියට ම අර පරාමාසයේ ඉඳන් පල්ලෙහාට පස් වෙනි කාරණය තියෙන්නේ, අත්තා කියලා ගන්න එක. අන්න ඒක වීම අනුව තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ රේඛා දෙකක් අවශ්‍ය වෙනවා මේක සිද්ධ වෙන්න. අර අවිද්‍යා අනුසයෙන් උස්සන කතාව, රේඛාව එකක්. ඊළඟට ගත්තහම අර පරාමාසයේ ඉඳන් අත්තා කියලා යන්නා වූ කාරණය කියන එක අනුව තමයි, දැන් C කියන එක ඇති වෙන්නේ.
දැන් අර වෙනස දැක්කට පස්සේ තමයි අර කාමච්ඡන්දය ඇති වෙන්නේ. මේක fix කිරීමට කරන උත්සාහය නිසා තමයි D කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ, මේ අතීතයේ මට මෙහෙම වුණා. අර ලුණු මිරිස් ටිකක් කතාව තියෙන්නේ, මම මෙහෙම කාලා තියෙනවා කියලා. අන්න ඒක උඩ තියන නිසා තමයි අර D කියන කොටස ඇති වෙන්නේ. දැන් අර හය කියන එක ඇති වෙනවා නේ, හය වෙනි කාරණය දිට්ඨි අනුසය. ඒකෙන් වීමෙන් අනතුරුව මේ කබලිංකාර ආහාරය සුඛ වෙනවා. අන්න එතකොට තමයි අර area 1 කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ area 1 කියන එක ඇති වෙනකොට වට හතරක් ගිහිල්ලා. වට හතරක් ගිහිල්ලා.
ඉතින් මේක තමයි මේ භාවනාව. “ඇතියි” කියලා කිව්ව නිසා මම නැවැත්තුවා. මට මේ තව සිතන්නයි මේක තියෙන්නේ. ඇතියි කියලා කිව්වහම මට නිකම් එකපාරට පුදුමයක් ඇති වුණා, මම මේ මිනිත්තුවක් වගේ නේ භාවනා කළේ කියලා. මෙච්චර වෙලා භාවනා කළේ මේ මිනිත්තුවක් වගේ කියලා. වෙලාව ඔරලෝසුව මම බැලුවා, ඇහැරිලා බැලුවහම මිනිත්තු 30 ක් ගත වෙලා. ඒකත් රහතන් වහන්සේගෙන් ඇහුවා, ඒක කොහොම ද ඒක වුණේ කියලා. ඒ අකනිට්ඨාවේ ඉඳන් කියලා කිව්වා, මම භාවනා කළේ. ඒක නිසා අර වෙලාව පෘථිවියේ වෙලාවත් එක්ක ඒක දැනීමක් නැහැ. ඉතින් මේ භාවනාවේ නම ආශ්චර්ය අද්භූත ධර්මය 1.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්