ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාරය කරමි. නමස්කාරය වේවා
ඒ උතුම් බුදුපියවරු මම අනුපිළිවෙළින් සිහි කළා ශ්‍රේෂ්ඨත්වය අනුව ලෝකෙට පින් කෙතක් කියලා. ඊට පස්සේ ලෝභය නැති කරමියි, කියනකොට මම කල්පනා කළා, ඔය ගාථාව ම තමයි කල්පනා කළේ.
ඒ ගාථාවෙ දී මට කල්පනා වුණා, මේ නිරාසත්ති අනාගතෙ කියලා කියනවා කියන එක තියෙනවා නේ. එතකොට අර A කියන area එක නිසා නේ, B කියන එක ඇති වෙන්නේ. එතකොට මේක තමයි, මේ අනාගතයට යන්නෙ නෑ කියන එක. මේ ලෝභය නැති කරමියි කියන එක තමයි එතනින් වෙන්නේ. එතකොට ලෝභය කියන එක මම දන්නවා, අර කොටස තියනව නේ, පල්ලෙහා C කියන කොටස. විපරිණාම දුක්ඛතාවය නේ ඇති වෙන්නේ. ඒ ඇති වෙනවා කියලා දැනගෙන, මම අර දේ කරන්නේ නැතෙයි කියන එක තමයි මෙතනින් තියෙන්නේ. ඒ කියන්නේ මම C කොටසට කොහොම හරි එන්නේ නැහැයි කියන අර්ථය. C කොටසට එන්නේ නැතෙයි කියන අර්ථය තමයි මම මේ ලෝභය නැති කරමි කියන එක. මොකද, ලෝභය නිසා විපරිණාම දුක්ඛතාවය අතෙන්ට එනවා. එතකොට දැන් මෙන්න මේක කල්පනා වුණා.
ඊළඟට, අතීතං නානුසොචති කියලා කල්පනා කළහම, මම කල්පනා කළා, පල්ලෙහා තියෙන මේ C කියන කොටස නිසා ඔය D කොටස ඇති වෙනවා. එතකොට මම තියන විපරිණාම දුක්ඛතාවයෙන්, මම දුක්ඛ දුක්ඛතාවයට යනවා. එතකොට මෙතෙන්දී මේ ද්වේෂය කියන එක අපිට පවතිනවා. එතකොට ඒ ද්වේෂය කියන එක පවතිනවා කියන එක, එතකොට මේ area C and D කියන එක මේ ද්වේෂයට බලන්න ඕනෙයි කියන එක කල්පනා කළහම, හිතුණහම, බුදුපියා පෙන්නුවා, “ඔය C D විතරක් නෙවෙයි area 1 and A කියන දෙක ම ද්වේෂයට මේවා වෙනවා” කියන එක.
මොකද area 1 එක ඇති වෙනවා කියලා කිව්වහම ඒ කියන්නේ, අර දෝමනස්සයක් නේ. මේකෙ වෙනස දැකලා මේක fix කරන්න නේ යන්නේ. එතකොට එහෙම නම් ඒ area 1 එකේ මේ දෝමනස්සය කියන කතාව ඇතුළත්. දෝමනස්සය කියන එක ඇතුළත් වෙලා තියෙන්නෙ. එතකොට ඒක නිසා ඒ area 1 එකයි, A එකයි කියන එක දෝමනස්සයට අදාළයි, ඒ කියන්නේ C D ඇතුළත්ව. එතකොට C, D, one එකයි කියන කොටස එනවා.
දැන් ඊළඟට මෝහය නැති කරමි කියන එක මම කල්පනා කරනකොට, මට කල්පනා වුණා, ඒ කියන්නේ ස්පර්ශය නිසා නේ මෝහය කියන එක ඇති වෙන්නේ. ආයතන diagram එකේ ස්පර්ශය නිසයි, මේක ඇති වෙන්නෙ කියන එක. එතකොට ස්පර්ශය නිසයි මේක ඇති වෙන්නෙ කියනකොට, ස්පර්ශය නිසා තමයි මෝහය ඇති වෙන්නේ, මේක ගන්න හොඳ නැතෙයි කියන එක කෙළීන් ම එනකොට, රහතන් වහන්සේ කිව්වා “Excellent” කියලා, ඒක මෝහය නැති කිරීම කියන එක.
එතකොට දැන් මට ඊළඟ පදයෙනුත් පෙන්නන්නේ, මේ මෝහය නැති කරමි කියන එක ම තමයි. ඒකෙ කියනවා නේ, දිට්ඨීන්ගෙන් යන්නේ නැතෙයි කියන එක. එතකොට අර B නිසා D නොයවන්නේ කියන එකත්, ඒ කතාව ම යි තියෙන්නේ. ඊළඟට B නිසා C වෙන්නේ නැතෙයි කියන එකත් මෝහය. B නිසා D ඔක්කොම ඇති වෙලා තියෙන්නේ ස්පර්ශය නිසා තමයි, ස්පර්ශයෙන් සඤ්ඤාව, සඤ්ඤාවෙන් මගේ කියලා අරගෙන ඇති වෙන මෝහය කියන එක.
එතකොට මේක ගත්තට පස්සේ දැන් මේ ගාථාවේ තේරෙනවා, එහෙනම් මේ අලෝභ අදෝෂ අමෝහ කියන මූල තුන තමයි, බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. පළවෙනි පදය අලෝභ කුසල මූලය. දෙවෙනි පදයෙන් පෙන්නනවා අදෝෂ කුසල මූලය කියන එක. තුන් වෙනි හතර වෙනි පද දෙකෙන් ම පෙනෙන්නේ අමෝහ කුසල මූලය.
ඉතින් මේක මෙහෙම ගත්තහම අර ආපහු සිතන්න ඕන නැතිකම ඇති වෙලා ඉතින් නිරෝධයට යනවා. ඒක භාවිතා කිරීමෙන් අලෝභ අදෝෂ අමෝහ. ඔය විදිහට තමයි භාවනාව කරගෙන ගියේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්