ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි. නමස්කාරය වේවා
බුදුපියවරු සිහි කළා මම, ඒ බුදුපියවරු, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ සම්බුද්ධ ඥාන 73 ම ලබාගෙන ඉන්න ශ්‍රේෂ්ඨතම පළවෙනි බුදුපියාණන් වශයෙන්. ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කළා, මේ විදිහට මේ ප්‍රඥාවන් ලබාගෙන ඉන්න බුදුපියවරු කියලා.
ඊට පස්සේ මම පන්සිල් ගැනීම කියන එක දිගට ම කරගෙන ගියා. දිගට ම කරගෙන ගිහිල්ලා, ඊට පස්සේ මට ඔය ඉතිපිසෝ ගාථාව හරහා යන්න හිතුණා. ඒ පාර හිතිලා, ඒ ඉතිපිසෝ ගාථාව හරහා මම ගියා. ගිහිල්ලා, ඒ “විජ්ජාචරණ” සම්පන්න කියන ගුණය කියන එක, මට ඒක මෙනෙහි කරන්න කියන අදහස මට දුන්නා. එතකොට ඒ විජ්ජාචරණ සම්පන්නයි කියන එක, දැන් ඒ ඉතින් ඒ බුදු පියවරුන්ගෙත් විජ්ජාවන් ඔක්කොම තියෙනවා නේ.
ඊළඟට ඉතින් චරණ ධර්මයන් කියන එකෙන් මම ගත්තා, මුලින් ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක. ඒ සීලය කියන එක මෙනෙහි කළහම දැන් පරුෂා වාචය එහෙම කියන්නේ නැහැයි කියන එක. ඒ පරුෂා වාචය එහෙම කියන්නේ නැතෙයි කියන එක මම කල්පනා කළා ම මට එනවා, දැන් මේ අපි කොහොම ද මේක වෙන්නේ, පරුෂා වාචය කියන එක ඇති වෙන්නේ කොහොම ද? අපි දන්නවා එතකොට ඕක ඇති වෙන්න නම් මක්ඛය එහෙම තියෙන්න ඕනෙ. එහෙමත් නැත්තම් මේ ව්‍යාපාදය කියන එක තියෙන්න ඕනෙ. ඔය දෙකෙන් නේ පරුෂා වාචය කියන එක තියෙන්නේ.
එතකොට ව්‍යාපාදය කියන එක තියෙනවා කියන එක බැලුවහම, එතකොට මට එනවා එහෙම නම් අර C කියන area එකට කෙනෙක් ගිහිල්ලා තියෙන්න ඕනෙ. විපරිණාමය කියන එක ඇති වෙලා නේ ව්‍යාපාදය ඇති වෙන්න. C කියන area එකට ගිහිල්ලා තියෙන්න ඕනෙ. C කියන area එකට කෙනෙක් යනවා කියලා කියන්නේ, ඒ කියන්නේ අර B කියන area එකේ ඉඳල තියෙන්න ඕනෙ. එහෙම නම් මෙයා මේ ස්පර්ශයෙන් විවේකය කියන එක මෙයා දන්නේ නැහැ.
එතකොට ඒ කියන්නේ, මෙයා පුළුවන් කියලා හිතනවා මේක එකතු කරන්න. නාමරූප ධර්මයන් එකතු කරන්න පුළුවන් කියලා හිතනවා, නිත්‍යයි කියලා මට යම්කිසි දෙයකට එකතු කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මේක බැරි දෙයක් නේ කරන්න. නමුත් අපි හිතනවා ඕක කරන්න පුළුවන් වෙයි කියලා.
එතකොට දැන් කෙනෙකුට හොඳට පැහැදිලිව පේනවා, ඔය තමන්ගේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි, එකතු කරන්න බැහැ වගේ ම, මේ ධර්මය කියලවත් මේ මනුස්සයෙක්ගේ මේ තුන, දැන් තව කෙනෙකුට අපි හිතමු ධර්මය කියනවා, එයාගේ විඤ්ඤාණය මේ කියන ධර්මයට එකතු වේවා, කියන අදහස කියන එක. ඒ කියන්නේ මේ තුන එකතු වෙනවා කියලා මම මෙතෙන්දී හිතනවා. එතකොට මේකත් කරන්න බැහැයි කියන එක, ඒ කියන්නේ, අපිට අනුපිළිවෙළට පැහැදිලි කරලා දෙන්න පුළුවන්, ඕක එකතු කරන්න බැහැයි කියන එක තමයි අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ මිසක්ක ඒ මනුස්සයාට මනස කෙනෙකුට එකතු කරන්න බැහැ. ඒක නේ දැන් මනුස්සයෙකුට තරහා යන්නේ කෙනෙකුට ධර්මයක් කියලා දීලා. ඉතින් ඒ මනුස්සයා ඒක අහන්නේ නැත්තම්, ඒක තමන්ගේ එකත් එක්ක එකතු වෙලා එන්නේ නැත්නම්, තරහා යනවා.
ඒ කියන්නේ තමන් හිතුවා, මේකේ මේ නිත්‍යභාවයක් කියන එක, මට මේකට එකතු කරනවා කියන එකට පුළුවන් වෙයි කියන අදහසක් තිබුණා. අරයාට ඇත්ත වශයෙන් ම උගන්නන්න උත්සාහ කරන්නේ මේ නිත්‍යභාවයක් කරන්න බැහැයි කියන එකයි. ස්පර්ශයෙන් මේ විදිහට පවත්වන්න බැහැයි කියන එකයි. එතකොට දැන් එහෙම නම් පේනවා මේ පරුෂා වාචය කියන එක මේ විදිහට ඇති වෙන්නේ අපි මේක නිත්‍යභාවයක් එකතු කරලා මේක පවත්වන්න පුළුවන් කියන එක හිතලා.
එතකොට මෙන්න මේ කට්ටිය පවත්වන්න පුළුවන් කියලා හිතනකොට තමයි ඔන්න පලාසය හරහා පිසුණා වාචය කියන එක වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන්දි කල්පනා කරනවා මේ අය දක්ෂයි, මේ අය මේ මම කියන විදිහට මේක පවත්වන්න පුළුවන් කට්ටිය. මේ අය බැරි කට්ටිය. එතකොට බැරි කට්ටිය, පුළුවන් කට්ටියගෙන් වෙන් කරනවා, අකුසලයෙන් කුසලය කියලා. එතකොට මේ එකතු කරන්න පුළුවන් කියලා හිතලා තමයි මේක කරන්නේ කියන එක. පරුෂා වාචයෙන් අර විදිහට පිසුණා වාචය වෙන්නේ අතෙන්දි අර B වල ඉඳන්, D වලට බැහැලා.
ඒ කියන්නේ දෘෂ්ටියකට ගිහිල්ලා තියෙනවා, මේක එකතු කරන්න පුළුවන්. මෙන්න මේ කට්ටියට එකතු කරන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි B වල ඉඳන් D වලට බහිනවා. එතෙන්දී ඔන්න පිසුණා වාචය කියන එක සිද්ධ වෙනවා, අර වෙන් කිරීම. ඒ කියන්නේ අර මගේ නිත්‍යභාවයෙන් කොටසක්, නිත්‍යභාවය දැන් තමන්ට ඔය වගේ තත්වයකට යනකොට දැන් මම එක පුද්ගලයෙක් නම් නිත්‍යයි කියලා සම්පූර්ණයෙන් ගන්නවා. තවත් පුද්ගලයෙක් මේ නිත්‍යභාවය කොටසකට ගන්නවා. ඒ නිත්‍යභාවයේ කොටසක් හෝ තමන්ට පේනවා නම් මෙහෙම පවත්වන්න පුළුවන් කියලා, අන්න එතෙන්දි තමයි අන්න අර පල්ලෙහාට අත්තා කියලා එන්නේ පරාමාසයෙන්, කුක්කුච්චය ඉඳන් එන්නේ. කුක්කුච්චය, විචිකිච්ඡාව, පලාසය. කුක්කුච්චය එනව නේ. එතකොට පලාසයට එනවා.
එතකොට ඒ පලාසයට ආවායි කියන එකේදි, අර වෙන් කිරීම කියන එක තියෙනවා. එතකොට එයා අර දෘෂ්ටීන්ගෙන් එයා යවනවා කියලා කියන්නේ, මෙන්න මේ කොටසට පුළුවන්, මේ කොටසට බැහැ කියන එක. එතකොට තමන්ගේ නොදන්නාකම නිසා තමයි ඔතන අර විචිකිච්ඡා කතාවත් තියෙන්නේ. දැන් තථාගතයන් වහන්සේට නම් තියනව නේ මේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය නිසා මේ අයට මෙහෙමයි, මේ අයට මෙහෙම නෙවෙයි, කියලා වේමත්තතා ඥානයන් තියනව නේ, ඒ අනුව බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන්කමක් තියෙනවා. අනෙක් මනුස්සයන්ට ඒ සැකයන් තියෙනවා. අන්න ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්