ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි. නමස්කාරය වේවා
ඉතින් ඒ බුදුපියවරු මම ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව පළවෙනි මණ්ඩලාධිපති බුදුපියා, පළවෙනි බුදුපියාණන් වශයෙන්, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා දෙවෙනි ශ්‍රේෂ්ඨ බුදුපියා වශයෙන්, ඔය විදිහට අනුපිළිවෙළින් මෙනෙහි කරගෙන ගියා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. ගිහිල්ලා මම භාවනාව කරගෙන ගියේ අර ලෝභය නැති කරමි කියන කෑල්ල, එතන බලන්න ගත්තා.
එතකොට මට ඒක ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ ඊයේ බලපු ධර්මයත් එක්ක නිකම් සම්බන්ධ වෙවී ආවා. දැන් ලෝභයත් එක්ක තමයි මෙතන මේ සුභයි කියන සඤ්ඤාවක් කියලා අරගෙන නේ, මෙතන මේ කතාව ඇති වෙන්නේ. ඔය විදිහට ලෝභය ද්වේෂය මෝහය කියන ඒ තුන ම මම බලාගෙන ගියා. ඒ බලාගෙන ගිහිල්ලා, ඒ කියන්නේ, හැම කෑල්ල ම මම මෙනෙහි කළා. ඒ කියන්නේ, පංචනීවරණයන් ගැන. ඔය විදිහට ගිහිල්ලා ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් වඩමි කියනකොට එතෙන්දී, පටන් ගන්න කියන එක කිව්වා.
ඒක කියන වෙලාව එනකොට, දැන් අර විරිය කියන එක ගත්තහම, අපි දන්නව නේ තුන් ආකාරයට ම බලනවා නේ අතෙන්දි. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරන්න ඕනේ කියන එක. එතකොට කාම විතක්ක කියන එක කරනකොට දැන් අර කාම සඤ්ඤාව, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ පෙන්නනව නේ, මුලින් ම අර කාම සඤ්ඤා තියෙනවා, ඒකට අර සුභයට නිත්‍යයි කියලා එකතු කරලා නේ, මේ විදිහට වෙලා තියෙන්නේ. අර උඩ A ඉඳන් B කියන කතාව තමයි පළවෙනි එකේ තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ දන්නව නේ, අර දෙවෙනි කාරණය දිගේ එනවා, මේක සතර මහා භූතයෝ කියලා. ඒ සතර මහා භූතයෝ කියන කතාව ඇවිල්ලා තියෙන්නේ අර අලුතෙන් අර area C එක නිසා. Area C එක නිසයි ඒක ඇති වෙලා තියෙන්නේ. විපරිණාම දුක්ඛතාවය මේකේ ඇතුළත් වෙලා තියෙනවා. අත්තයි කියලා මෙයා අරගෙන තියෙනවා. ඊළඟට අර තුන් වෙනියට කියන්නා වූ එක ගත්තහම area 1 එක. කාමය කාම සඤ්ඤාව, රූපය රූප සඤ්ඤාව, ඔය විදිහට අර දිට්ඨි අනුසය වීමෙන් පස්සේ තමයි, ඒක වෙලා තියෙන්නේ. එතකොට රූපයට සුඛයි කියලා එකතු කරලා තියෙනවා කියලා.
එතකොට මෙන්න මේ කෑලි තුන සහිතව තමයි මගේ මේ භාවනාව කෙරුණේ එතන. ඉතින් මේ කෑලි තුනේ අර්ථයත් එක්ක. එතකොට දැන් මම ගන්නවා, මේ විරියෙන් මට මේක එපා ය කියලා, මේවායින් ඇති වෙන්නේ අර කොසජ්ජය කියන එක දැනගෙන. ඒක මට පේනවා, මේකත් එක්ක අර ඉද්ධිපාදයේ කතාව හැදිලා තියෙනවා කියන එක, මේ භාවනාවේ කෑල්ලත් එක්ක. එතකොට දැන් මම මේකෙන් විරියෙන් මේකට එන්නෙ පෙර මෙන් ම පසුව මම එකතු වෙන්න දෙන්නේ නැහැයි කියන අර්ථය තියෙනවා. අර ඉද්ධිපාද diagram එකේ තියනව නේ මේ අවසානයට, මේ අවසාන slide එක තියනව නේ, අන්න ඒ slide එක. එතන තියන කාරණාත් එක්කයි මම බැලුවේ.
ඒකෙ කාරණාත් එක්ක බලනකොට, ඔය ඡන්ද සමාධිය කියන එක එනකොට, මට හොඳට තේරෙනවා, දැන් මේ දෙතිස් කුණුපය මේක ගැන මම මෙනෙහිත් කළා. ඒක මෙනෙහි කරනකොට මේ ඇට, ඇටසැකිලි, ඒවා ඔක්කොම මගේ ශරීරයේ, මගේ ඇට එහෙම මම දකිනවා. ඒක සහිතව මම දැකලා, ඒ කෑල්ලයි, මෙහා කෑල්ලයි දැන් දෙක එකට සම්බන්ධව යනවා. විරියයි, ඡන්ද සමාධියේ කතාවයි එක්ක. එතකොට මෙතන විරියෙන් කියනවා, මම මේ රූපයන් එහෙම ගත්තොතින් මට ඇති වෙන්නේ මෙන්න මේ ප්රශ්නය, කොසජ්ජය දක්වා ඇති වෙනවා. මෙතෙන්දි කියන මේ දෙතිස් කුණුපය නිසා තමයි, මට මේක ඇති වෙලා තියෙන්නේ. මේ දෙතිස් කුණුපයක් කියන එක මේක මට එපා කියන එකට තමයි මම මේක පවත්වන්නේ.
ඊට පස්සේ මම මේ තුන් වෙනි එකට එනකොට, දැන් මෙතන පේනව නේ, අර area C කියන කෑල්ලට ඇවිල්ලා නේ. ඒ කියන්නේ, දැන් අර 4 සලකුණත් එක්ක මේ යන්නේ මේ. එතකොට දැන් ඔන්න ඉන්ද්රිය සංවරය තියෙනවා නම් මට මේ ස්පර්ශ වෙන්න දෙන්නෙ නැතුව මට මේක කරගන්න පුළුවන්. දැන් මේ C කියන කෑල්ලට මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර විවේකදස්සී ඵස්සෙසූ කියන එක එනවා, මොකද මම මේ ද්වේෂය කියන එක මට තියෙනවා නම්, ඒ කියන්නේ මම අර ජරාව හරියේ කෑල්ලට ඇවිල්ලා නේ තියෙන්නේ.
එතකොට මේක සිද්ධ වෙලා තියෙන්නේ මේ ඔක්කොම මේ මගේ කියලා අරගෙන. ඒ කියන්නේ අරක සුඛයි කියලා මම අරගෙන. ඒ කියන්නේ, ඔය C කියන එකට හැදෙන්න නම්, ඔය අත්තා සඤ්ඤාවේ පල්ලෙහාට බැහැලා තියෙන්න ඕන. ඒ කියන්නේ අර සුඛයි, අත්තා කියලා අරගෙන ආවායින් පස්සේ තමයි මේ C කියන area එක ඇති වෙන්නේ. එතකොට මේක තියෙනවා නම් මේ අස්මිති මානය හරියේ තියෙනවා නම් ඉතින් මේක ඔක්කොම සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ කෑල්ල මේක පවතිනවා කියන එක තියෙනවා. දැන් මේක නිසා මම සංස්කාරයන් මගේ නොවෙයි කියලා ගන්නවා කියන එක.
එතකොට සංස්කාරයන් මගේ නොවෙයි කියලා ගත්තහම මෙන්න මේ පැත්තෙන් එනව නේ අර නිත්‍යයි කියලා සංස්කාරයන් පරාමාසයට. මේක ඇතුල් වෙන එක කරන්න දෙන්නේ නැතෙයි කියන අර්ථය තමයි හුඟක් තදින් ආවේ.
එතනින් ඇවිල්ලා ඊට පස්සේ විමංසාවට, එතකොට චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට ගියා. විමංසා ඉද්ධිපාදයේ දී ඒක මම අතෙන්දි පෙන්නුවා, පටිච්චසමුප්පන්නවයි මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා. චිත්ත ඉද්ධිපාද කොටසෙදි එතන තියෙනවා. උඩට ගියා ම විමංසාවෙදි මේ සංස්කාරවලින් සංස්කාර හදනවා කියන එක. මගේ මේ චිත්ත සංස්කාරවලින් මම කාය සංස්කාර හදනවා, වචී සංස්කාර හදනවා, මේවා හදනවා කියන එක. අර රූපයට ම මම නැවත නැවතත් යමක් එකතු කරනවා කියන අර්ථය තමයි තියෙන්නේ. හැබැයි, එතෙන්දි තමන් තේරුම් ගන්නවා, මේ එකතු කරන්නේ ඔක්කොම දුක්ඛයක් කියලා. මේ සංස්කාර වශයෙන් මම හද හදා එකතු කරන්නේ, අර ජරාවට පත් වෙන කතාව තියෙනවා නේ, අර C එකේ පෙන්නනව නේ, මගේ මේ area එකේ තියෙන්නේ ජරාව කතාව කියලා.
එතකොට මෙතෙන්දී මම තේරුම් ගන්නවා, මේක මම එකතු කරන්න හොඳ නැහැ. මේකේ තේරුමක් නැහැ, මේකට මෙහෙම එකතු කරනවා කියන එක, මේ චිත්තය මෙතන මේවා එක. මේක දැන් මම ගන්නවා කිසිම ආකාරයකින් යම් වූ සඤ්ඤාවකට, දැන් හිතන්න ඔයාට යමක් නැතුව තව කෙනෙකුට යමක් ලැබෙනවා කියලා. ඒක මේ ධ්‍යානයක් වෙන්න පුළුවන්, ඉද්ධියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ psychic powers පවතින එකක් වෙන්න පුළුවන්. මේකටවත් මම, ඒ කියන්නේ ඊර්ෂ්‍යා නොවෙන්න. මොකද මේක සංස්කාරයක් වශයෙන් මම දකිනවා.
එතකොට මේ සංස්කාරය නිසා මම සංස්කාරයක් හදන්නේ නැහැයි කියලා කියන්නේ, මම එහෙම එකකටවත් අල්ල ගන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් මට ඒක ගැන ඊර්ෂ්‍යාවක් මොකුත් නැහැ කියන්නෙ, අන්න එතෙන්දි, විමංසා ඉද්ධිපාදය කියන එක හොඳට පවතිනවා. ඒ කියන්නේ අර මේක රූපය නිසා, දැන් මෙතන මේ දෙපැත්තෙන් විරියෙනුයි, ඡන්දයෙනුයි කියනවා නේ, මම ගත්තොත් sick වෙනවා. මෙතනින් කියනවා මේකට ඇවිල්ලා මට මේවා එපා කියලා, මේක නිසයි මේ ප්රශ්නය. ඡන්දයේ දී කියනවා මේ ප්රශ්නය රූපය නිසා කියලා. එතකොට මේක හා සම්බන්ධව ගැට ගැහිලා, ගැට ගැහිලා ඇවිල්ලා තියෙන්නේ මේ එක ම සංස්කාරයක්වත්, මේකට එකක් එකතු කරනවා කියන එක, ඒක කරන්නේ නැතෙයි කියන එක.
ඉතින් ඒකෙ හොඳට එහෙම ඉඳලා ඊට පස්සේ එතනින් රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා ම මම නැවැත්තුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්