Date: 21/12/2013 Name: Bojjhanga bhavana 7

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි. නමස්කාරය වේවා.

ඒ බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ශ්‍රේෂ්ඨ බුදුපියා වශයෙන්. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා දෙවෙනි ශ්‍රේෂ්ඨ බුදුපියා වශයෙන්. එතකොට ධම්මාධිපති බුදුපියා තුන් වෙනි ශ්‍රේෂ්ඨ බුදුපියා වශයෙන්. ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා අනුපිළිවෙළින් සිහි කළා.

ඒ සිහි කරලා, ඒ පන්සිල් ගැනීම කියන එක කරගෙන ගියා. එතෙන්දී ගිහිල්ලා සප්ත බොජ්ඣඞ්ගය වඩමියි කියන කොටසෙදි තමයි පටන් ගන්නෙයි කියලා කිව්වේ. ඒ වෙනකොට මම භාවනාව ගොඩාක් දේවල් කරලා, අර හැම කෑල්ලකින් ම භාවනාව මම කරලා තියෙනවා, ඒ වෙලාව වෙනකොට.

මෙහෙම කරනකොට මතක් වෙනවා, ඒකත් එක්ක ඉවරයි. ඒ බොජ්ඣඞ්ගය ආවට පස්සේ ඔය සුභ කියන විමුක්තිය ඇති වෙනවා කියන එක, ඔතන අර අසුභය ලාභයක් වශයෙන් නොගැනීමෙන් තමයි, ඒ සුභ කියන විමුක්තිය කියන එක වෙන්නේ.

ඒ කියන්නේ අර සුභයි, නිත්‍යයි කියලා එකතු කරනවා නේ. එතකොට ඒ නිත්‍යයි කියලා එකතු කරනවා කියන්නේ ඒ ලාභයක් කියලා ගත්තා මේක. දැන් මෙහෙම ගැනීමෙන් තමයි වෙන්නේ.

එතකොට මම මෙහෙම එකතු කරන්නේ නැත්නම්, නිත්‍ය කියන කෑල්ල එකතු කරන්නේ නැත්නම්, එහෙම නම් අර ඇත්ත වශයෙන් ම තියෙන අසුභය, අසුභය වශයෙන් පවතිනවා. එතකොට ඒක නිසා මට සුභ කියන විමුක්තිය එනවායි කියලා, ඉතින් ඒ සුභ කියන විමුක්තියේ, මම හිතන්නේ මම මිනිත්තු පහක් විතර, ඒක සම්පූර්ණයෙන් විඳගෙන හිටියා.

ඉඳලා ඊට පස්සේ මම ඊළඟට දෙවෙනි කෑල්ලට ආවා, ඒ ආකාසානඤ්චායතනය කියන එක ඇති වෙනවා කියන කෑල්ල. ඕක නොවෙන්න නම්, මේ ආකාසානඤ්චායතනය කියන එක ඇති වෙන්න නම්, අර අපි පහ කියන එක දන්නව නේ. දැන් එකයි දෙකයි නෙ, අපි ඔය කිව්වේ. සුභ, නිත්‍ය, ඊට පස්සේ සුඛ තුන් වෙනි කාරණය. හතර වෙනි කාරණය, පරාමාසය. පස් වෙනි කාරණය අත්තා කියලා පල්ලෙහාට බහින එක. ඒ පල්ලෙහාට බහින කෑල්ල කියන එක නැති වෙන්න ඕනි. ඒ කියන්නේ අන්න ඒ කෑල්ල නැති වෙනවා නම්, අත්තා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අත්තා කියලා ගන්නේ නැත්නම් ආකාසානඤ්චායතනය කියන එක එතන සිද්ධ වෙනවා. එතකොට මේ අත්තා කියන්නේ, මේ පල්ලෙහා තියන අත්තා කෑල්ල.

ඒ කියන්නේ දැන් මෙතන්දි මම හුඟාක් මෙනෙහි කරන්න ගත්තා මෙතන අත්තා වෙන්නයි, එහෙම නම් මේ සුඛයට ආවා එක පැත්තකින්. සුඛය පරාමාසයට එනවා. නිත්‍යයි කියලා සංස්කාරවලින් එක කෑල්ලක් එනවා. මෙන්න මේ දෙක ම ද මේ අත්තා වෙන්නේ කියලා මට හැඟීමක් ආවා. එතකොට රහතන් වහන්සේගෙන් විමසුවා ම, රහතන් වහන්සේ කිව්වා, “ඒකට තවත් කෑල්ලක් තියෙනවයි” කියලා, තුනක්. ඒ කියන්නේ චේතනාව. උඩින් තියෙන්නා වූ චේතනාවයි. මෙතනින් මේ සුඛය පරාමාසයට ඇතුල් වීමයි. මෙතැන පරාමාසයට සංස්කාර නිත්‍යයි කියලා ඇතුල් වීමයි. ඔන්න ඔය තුන නිසා තමයි මෙතන මේ අත්තා කියන එක තියෙන්නෙ කියලා. මේ කාරණා තුන බලපානවා කියලා රහතන් වහන්සේ පැවසුවා.

එතකොට එහෙම නම් මේ වේදනාවයි, සංස්කාර නිත්‍යයි, චේතනාවයි කියන ඒවා වීමෙන් තමයි, ඔය අහංකාරය කියන අත්තා වෙලා තියෙන්නේ. අහංකාර අත්තා ඔය තුනෙන් තමයි හැදිලා තියෙන්නේ කියන එක. එතකොට මෙතෙන්දි ඇත්තෙන් ම කියනවා නම්, ඔය දුක්ඛයක් තමයි තියෙන්නේ. හැබැයි මේ සුඛයක් හැටියට නේ අපි එකතු වෙන්න යන්නේ. ඒ කියන්නේ, අපි මේ වෙලාවෙ දී අර C කියන කොටසේ ඉන්නේ, ඒ area එකේ. අර ජරාවට පත් වෙලා තියෙන කොටසෙයි ඉන්නේ. එතකොට අපි ඒ දුක්ඛය, ලාභයක් වශයෙන් නොගන්න ඕනේ. සත්‍ය වශයෙන් ම තියෙන්නේ ජාතියෙන් ජරාවට පත් වුණා. අර රූපය වෙනස් වුණා, විපරිණාම දුක්ඛතාවය. ඒක ලාභයක් වශයෙන් නොගන්න ඕනේ. එතකොට ආකාසානඤ්චායතනය එතන ඒ විදිහට පවතිනවා.

ඊළඟට ඔය තුන් වෙනියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ, අපි යනවා කියලා විඤ්ඤාණඤ්චායතනයට. මුදිතා චෙතො විමුක්තිය, විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඉන්නවා කියලා. අන්න ඒ කතාවෙ දී මේ හය වෙනි කාරණය තියනව නේ. දැන් අපි පහ දක්වා ආවා. හය කියන්නේ දිට්ඨි අනුසය කියන එක. ඒ දිට්ඨි අනුසය කියන එක නොවෙන්නට ඕනේ. ඒක නොවෙනවා නම්, ඒ කියන්නේ, මම අර දැන් රූපය පැත්තකට දාලා මේකෙ ඔතපු කොල ටික තමයි තියෙන්නේ. ඒ ඔතපු කොල ටික නිසාත්, අපි දැන්, මං මේ යන්න කැමතියි. ආකාසානඤ්චායතනය කියන එක, ඒ වේදනාව කියන එක යම් ආකාරයක ද, ඒ වේදනාව ආකාසානඤ්චායතනය එපා. ඒක නිසා ඇති වෙච්චා වූ වේදනාව වශයෙන් තියන එක දිට්ඨි අනුසයෙන් ඒක එපායි කියන එක තියෙනවා.

ඒ හය වෙනි කාරණය කියන එක නොවෙනවා නම්, දිට්ඨි අනුසය කියන එක නොවෙනවා නම්, අපිට පුළුවන්කම තියෙනවා, ඒ විඤ්ඤාණඤ්චායතනයට යන්න. ඉතින් එහෙම වෙන්න නම් අපි භයෙන් අගතියට යනවා කියන එක නොවෙන්න ඕන. මොකද භයෙන් අගතියට යනවා නම් ඔයාට හය වෙනි කාරණය සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙන්න නම් ඔයාට සැකයක් එහෙම නොතියෙන්න ඕනෙ, ඒක ආවා.

ඊළඟට, ඊළඟ භාවනාවට ගත්තා, ආකිඤ්චඤ්ඤායතනය වෙන එක. ඒ ආකිඤ්චඤ්ඤායතනය නොවෙන්න නම් අපි දන්නවා අර දකුණු අතේ බාහුව කපනවා කියන එක නේ, අත්තා කියන එක නොවෙන්න නේ තියෙන්නේ. උඩින් තියෙන අත්තා, ඒ මමංකාරයත් එක්ක තියන අත්තා, නොවෙන්න ඕන. එතකොට මේක නොවෙන්න නම් මට ආවා, අර සඤ්ඤාවයි, වේදනාවයි කියන දෙක තියනව නේ. ඒ සඤ්ඤා වේදනා දෙකෙන්, දැන් වේදනාවේ ඉඳන් එනවා කෙළීන් ම ඕක නාමරූපය තියෙන තැන එහෙම දන්නවා. අපි එතනින් කෙළීන් ම චේතනාවට එන එක තියෙනවා. සඤ්ඤාවෙන් චේතනාවට එන එක තියෙනවා. මෙන්න මේ දෙක නැති වෙන්න ඕන. A B කියලා මම එවෙලේ මතක් කරගත්තා. ඒ කෑලි දෙක සඤ්ඤාවෙන් එන කෑල්ලයි, වේදනාවෙන් එන කෑල්ලයි නොවීම තියෙන්න ඕන.

මෙන්න මේ අවස්ථාවේ දී මේ සංස්කාර ලාභයක් වශයෙන් අපි ගන්නේ නැහැ, සංස්කාර. සංස්කාර ලාභයක් කියලා ගත්තොතින් ආකිඤ්චඤ්ඤායතනය කියන එක පවතින්නේ නැහැ. ඉතින් මෙන්න මේ භාවනා හතර තමයි කළේ.

ඒ සුභ කියන එකෙත් හිටියා. ආකාසානඤ්චායතනයෙත් හිටියා. විඤ්ඤාණඤ්චායතනයෙත් හිටියා. ආකිඤ්චඤ්ඤායතනයෙත් හිටියා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Bojjhanga/S_Bojjhanga-11.jpg