මම අද භාවනාව කළේ, මුලින් ම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ බුදුපියවරු සිහි කරලා, මම මුලින් ම මේ දරුවට මෛත්‍රිය පැවැත්තුවා. මෛත්‍රිය පවත්වලා, ඒ අනෙක් අයටත් මෛත්‍රිය පවත්වලා, මෙත්තාවෙන්, කරුණාවෙන්, ඊට පස්සේ, අර ලෝභය නැති කරමි කියලා මම කියන තැනින්, මම පන්සිල් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ලෝභය නැති කරමි යි කියන එක මම කල්පනා කරලා, එතෙන්දි පටන් ගන්න කියලා රහතන් වහන්සේ කිව්වා.
එතකොට ඒ ලෝභය කියන එක මම එකපාරට ම බැලුවේ, මේ ලෝභය කියන එක අර A නිසා B වෙනවා කියන කතාව. ඒ කියන්නේ, මේ පුරාභෙද සූත්‍ර නිර්දේශයේ, අපි ගාථාවල් තුනක් බැලුවා. ඒකේ තුන් වෙනියට තියන ගාථාවේ තමයි තියෙන්නේ මේ, “නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති, විවෙකදස්සි ඵස්සෙසූ, දිට්ඨීසු ච න නීයති.” කියන ගාථාව.
එතකොට මෙතන මේ මෙතෙන්දී පළවෙනි එකට පෙන්වන්නේ, නිරාසත්ති අනාගතෙ කියලා කිව්වහම, අනාගතයේ මෙබඳු රූප ඇති වෙම්වා, මෙබඳු වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ ඇති වෙම්වා, කියලා එයාගේ කල්පනාවක් තියෙනවා. එතකොට ඒක එහෙම වෙන්නේ, අර ඔයගොල්ලන්ගේ හොඳ අවස්ථාව තියෙනවා නේ, ජීවිතේ. දැන් හොඳට කෑම කාලා බීලා ඉන්න හොඳ අවස්ථාවෙ දී තමයි අපි කල්පනා කරන්නෙ, මට අනාගතයේ මෙහෙම තියෙනවා නම් හොඳයි. අල්ලපු ගෙදර මනුස්සයා Benz car එකකින් යනවා දැක්කහම, මටත් ඒ ජාතියේ එකකින් යන්න තියෙනවා නම් හොඳයි, කියලා සිතක් ඇති වෙනවා.
එතකොට ඔය නිරාසත්ති අනාගතෙ කියන්නෙ, මෙන්න මේ area A එක තියෙනවා. මේ area A එක නිසා, area B කියන එක ඇති වෙනවා කියලා. එතකොට area A එකේදි අපි ගන්නවා, අර යම්කිසි ස්පර්ශයක් ඇති වෙලා, මේ මොහොතේ ඇති වෙන්නා වූ ඒ යම් වූ වේදනාවක් තියෙනවා ද, කල්පනා කරනවා මට අනාගතයට මෙහෙම වේවා කියලා. එතකොට මෙන්න මේ කතාව තනිකර සීලබ්බත උපාදානයයි කියලා, බොහෝ ම තදින් මට පෙනුණා.
සීලබ්බත උපාදානය තමයි, මෙතන කතා කරන්නේ. අපි අනාගතේ මෙසේ වේවා, මෙසේ වේවා කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ අනාගතයේ මෙසේ වේවා, එසේ වේවා කියලා ගත්තා නම්, එහෙම නම්, ඔයගොල්ලන්ගේ විඤ්ඤාණයේ අනාගතයේ යම්කිසි එකක් සඳහා පිහිටුවීමක් කරනවා. ඒ කියන්නේ මගේ උත්පත්තියක් කියන එකක් මම ඇති කර ගැනීමක් කියන එක තියෙනවා. ඒ උත්පත්තිය කියන එක ඇති වෙනවා නම්, මම ජරාවට යනවා කියන එක තියෙනවා. අන්න ඒක තමයි, මෙන්න මේ area එකේ තියෙන්නේ. මේ area එකේ තියෙන්නේ, ඔය ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක ඇති වෙනවා. අර අනාගතයේ මම මෙසේ වෙම්වා, කියලා ගත්ත එක හින්ද ම තමයි, මට මේක තියෙන්නේ. එහෙම නම් ඉතින් මම සුදානම් වෙන්න ඕනෙ, බලාපොරොත්තු වෙන්න ඕනෙ, මම ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක, ඊළඟ භවයේ දීත් මට ඇති වෙනවා කියන එක.
එතකොට ඒකෙදි වෙන්නේ මොකද? මෙතන පෙන්නනවා, තථාගතයන් වහන්සේ අතීතං නානුසොචති කියලා. පසුගිය දෙයට දුක් නොවෙයි. වෙනසට පැමිණෙන වස්තුවේ සෝක නොකරයි, කියලා. ඒ කියන්නේ දැන් මට අතීතයේ යම්කිසි ආකාරයට මේ විදිහට ශරීරයක් තිබුණා කියලා කියන්න කල්පනා කරනවා. දැන් ඊළඟට ගත්තහම, ඒ ශරීරය වෙනස් වෙලා. ඒ වෙනස් වෙලා, ඒක නිසා ඒ සෝකයට පත් වෙනවා. මට car එකක් තිබුණා, car එක කැඩුණා. කෙස් තිබුණා, කෙස් පැහුණා. ඇඟ රැලි වැටුණා. වයසට ගියා. දත් වැටුණා. මේ ලෙඩ රෝග බවට පත් වුණා. අන්න ඒක තියෙනවා. එතකොට දැන් අපි A වලින් B වලට ඇවිල්ලා, B වලින් C එක හදාගත්තා, අර සීලබ්බත උපාදානය හේතු කොටගෙන.
එතකොට දැන් මේක නොවෙන්න නම්, මේ තුන් වෙනි ගාථාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්නුවේ, විවෙකදස්සි ඵස්සෙසූ. ස්පර්ශයන්ගේ විවේකය දන්නේ ය. ස්පර්ශයන්ගේ විවේකය දන්නවා කියලා කියන්නේ, මේ ඇසේ ස්පර්ශය තමා කියලා ගන්නේ නැහැ. නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ. අර මේ වෙලාවේ යම්කිසි දෙයක් ස්පර්ශ වුණා ද, යම්කිසි රූපයක් මේවා වෙලා අපි හොඳ අවස්ථාවක් තිබුණ ද, ඒ වෙලාවෙදි නේ, අපි අනාගතය අල්ල ගන්නේ. එතකොට මගේ ස්පර්ශයක් නැත්නම් මම අල්ලන්න යන්නේ නැහැ. අනාගතයක් අල්ලන්න මොකක්වත් කරන්න යන්නේ නැහැ, මගේ ස්පර්ශයෙන් කියන එකේ විවේකය තියෙනවා.
එතකොට අන්න ඒක පැහැදිලියි මෙතෙන්ට එනකොට. ඒ තුන පැහැදිලි වුණාට පස්සේ, ඒ කියන්නේ මෙතන මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කොටස මම ඇති කරගත්තා, මගේ සීලබ්බත උපාදානය නිසා. එතකොට මට මේකත් එක්ක මතක් වුණා, මේ 4 සලකුණ. ඒ කියන්නේ ඔය ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් අපි වඩනවා නම්, ඔතෙන්දි අපි ගන්නවා, අලෝභය කියන එක. දැන් අලෝභයෙන් නේ පටන් ගන්නේ ලෝභය නැති කරමියි කියලා. එතකොට අලෝභය කියන එක තියෙනවා නම් නෙක්ඛම්මය. නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව. එතකොට අපිට පේනවා අර ලෝභ දෝෂ මෝහ diagram එකේ අලෝභ අදෝෂ අමෝහ කියන එකට යනවා කියලා. එතකොට අලෝභ, අදෝෂ, අමෝහ කියන තුනට යනවා නම්, ඕකෙදි පෙන්නනවා ඔය 4 සලකුණ. ඒ භාවනාව මම කලින් කරලා තියෙනවා. ඒ 4 සලකුණ කියන එක හැදෙනවා.
4 සලකුණේ එක පැත්තක තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරය. උඩට ගත්තහම උඩ කෙළවරේ තියෙන්නේ ඊර්ෂ්‍යාව. 4 සලකුණේ උඩින් තියෙනවා, ඊර්ෂ්‍යාව කියන එක. එතකොට උඩ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. මෙහෙන් ගත්තහම ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. මේ පැත්තෙන් ගත්තහම sickness එක කියන එක ඇති වෙනවා. ඉතින් පල්ලෙහාට ගිහාම ද්වේෂය. එතකොට ඕක නැති වෙනවා, ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් කියන ඒවා වැඩීමෙන්.
එතකොට ඒකෙ දී මට පෙනුණා, ඒ කියන්නේ, මේ මුළු 4 සලකුණ ම ඇවිල්ලා සීලබ්බත උපාදානය. සීලබ්බත උපාදානය ම තමයි 4 සලකුණේ කියන එකේ තියෙන්නේ. මොකද මම ඊර්ෂ්‍යා වෙන්නේ මොකට ද? දැන් මගේ මොකක් හරි ඇහෙන් මොකක් හරි ස්පර්ශයක් වෙලා, මට යම්කිසි ආකාරයකට වේදනාවක් ඇති වෙලා, මම කල්පනා කරනවා මටත් ඒ ජාතියේ එකක් තියෙනවා නම් හොඳයි. අනාගතයේ මම මෙහෙම වෙනවා නම් හොඳයි. එතකොට මම අනාගතය අල්ලා ගැනීමක් කියන එක, එහෙම එකක් කළා. එතකොට දැන් ඉතින් ඒකෙන් තමයි මම ඊර්ෂ්‍යා වෙන්නේ. අර මනුස්සයාට සැපතක් තියෙනවා කියලා මම දැකලා තමයි, මගේ ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක සඳහා තමයි මම මේ අනාගත භවය දැඩිව අරගෙන යන්නේ.
ඉතින් අර මනුස්සයාට තිබුණහම මට මොකෝ, කියන එක කල්පනා වෙනවා නම්, එතකොට ස්පර්ශයේ විවේකය තියෙනවා නම් මගේ නෑ ඔය ඉන්ද්‍රිය අසංවරයේ කතාව නැහැ. මොකද මම මෙතන එක්කහු කරන්න යන්නේ නෑ. ඇහැයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි එකතු කරගන්න බැරි දෙයක් කියලා තේරුම් අරගෙන, මේක එකතු කරගන්න යන්නේ නැහැ.
එතකොට ඒක තමයි භාවනාව. මේක නිසා අර ඡන්ද චිත්ත විරිය විමංසා තියෙනවා නම් මේ 4 සලකුණ ඇති වෙනවා. මේ මුළු එක ම සීලබ්බත උපාදානයයි කියලා මේ භාවනාවේ දී ආවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්