අද භාවනාව මම කරේ මුලින් ම ඒ බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝභය, ද්වේෂය, මෝහය කියන එක නැති කරලා ඉන්නා වූ පළවන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්. ඔය විදිහට ඒ බුදුපියවරු ලෝභයටවත්, ද්වේෂයටවත්, මෝහයටවත්, සැලෙන්නේ නැහැයි කියන එක ගත්තා, පළවෙනි බුදු පියාට, දෙවෙනි බුදුපියාණන් වහන්සේට, ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. ලෝභයටවත්, ද්වේෂයටවත්, මෝහයටවත්, සැලෙන්නේ නැතෙයි කියන එක.
එහෙම සිහි කළාට පස්සේ දැන් මම භාවනාව කරගෙන යනවා, අර පන්සිල් ගන්න විදිහට ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන මේවා එකේදි, ඉතින් මට පේනවා, මේ ලෝභය නැති කරනවා නම්, ද්වේෂයයි, මෝහයයි නැති වෙනවා. ඔය විදිහට භාවනාව ගිහිල්ලා, ඊට පස්සේ මම චතුත්ථධ්‍යානයට යමි යි කියන තැනදි රහතන් වහන්සේ කිව්වා, එතනින් පටන් ගන්න කියලා.
ඒ පාර දැන් මම චතුත්ථධ්‍යානයට යන්න නම්, ඉතින් ප්‍රථමධ්‍යානයට යන්න ඕනේ. ඉතින් ප්‍රථමධ්‍යානයට යන්න මම මෙනෙහි කරන්න ගත්තා, ඔය දෙතිස් කුණුපය, අට්ඨික සඤ්ඤාව, ඔය විදිහට බොහොම කෙටි කාලයකින් ඒක සිහි කළා. සිහි කරලා ඉතින් ඒ ඇට, එක එක පුද්ගලයාගේ ඇට සහිතව, ඉතින් මෙතන ඉන්න අයගේ ඒක ඒ විදිහට දකිනවා මම. දැකලා ඊට පස්සේ දැන් බොහෝ ම සුඛයක් තියෙනවා. ඒ සුඛය තුන් වෙනි ධ්‍යානය සහිත ඒ සුඛයට ආවහම, පස්සේ මම කල්පනා කළා, මේ සුඛය කියලා කියන්නේ දුක්ඛයේ තාවකාලිකව පහ වීමක් විතරයි. දැන් ඒ සත්‍ය වූ දුක්ඛය, දැන් ඇති වෙයි කියන අර්ථයට ඒ කියන්නේ. ස්පර්ශය කියන එක නිරෝධ වෙනවා නම්, ඉතින් එතන මේක නැති වෙලා යනවා කියලා. ස්පර්ශය නැති වුණහම ඒක නැති වෙනවා, කියන එක කල්පනා වුණහම මට ආවා, අර පුරාභෙද සූත්‍ර නිර්දේශයේ ගාථාවට, විවෙකදස්සි ඵස්සෙසූ කියන එකට ආවා. ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන එක.
ඉතින් එතෙන්දී, ඒක සිතීමත් එක්ක, එහෙම ම අර සිතේ සමාධිය ඉතින් උග්‍ර වෙලා අර නිරෝධය කළහම සිත ගමන් කරන්න පටන් ගත්තා. අර උපෙක්ඛාව අර විදිහට ඇති වෙලා, ඒ නිරෝධය දක්වා එතන දී බොහෝ ම ලස්සනට ඒක ගමන් කරන්න ගත්තා. එතකොට ඒ කියන්නේ එතෙන්දී ආවේ මට ස්පර්ශය කියන එක නිරෝධ වෙනවා නම්, වේදනාව කියන එක නැති වෙනවා.
එතකොට වේදනාව නැති වෙනවා නම්, අර ලෝභ දෝෂ මෝහ diagram එකේ ඒ ටික, විපරිණාම දුක්ඛතාවය, දුක්ඛ දුක්ඛතාවය, සංස්කාර දුක්ඛතාවය ඔක්කොම නැති වෙනවා. එතකොට ඒකත් එක්ක එනවා, ඉතින් එහෙනම් ස්පර්ශය කියන එකේ නිරෝධය කියන එක දැන් එතෙන්දි පෙන්නනව නේ, අර B නිසා C වෙන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ, මම විපරිණාමයට කියන එකට යන්නේ නැහැ. එතකොට ඒ අර්ථය සහිතව, ඒ කියන්නේ, ඒ විපරිණාමය විතරක් නෙවෙයි, මෙතෙන්දී මුළු දුක්ඛතා තුන ම නැති වෙනවා. ඒ මුළු දුක්ඛතා තුන ම නැති වෙනවා කියන අර්ථය ඇතුව, ඉතින් ඒ විදිහට ඉන්නකොට, එතෙන්දී ඒ විදිහට ම නිරෝධයට ගියා.
එහෙම නිරෝධයට ගිහිල්ලා ආපහු ආවා. ඉතින් රූප එහෙම, අරවා මේවා පේන්න ගත්තා. මෙතන නැති, එක එක තැන්වල රූප. ආපහු මේවායේ ස්පර්ශය නිරෝධය නම්, එහෙම නිරෝධ වෙනවා නම්, මේ දේ නිරෝධ වෙනවයි කියන එක ගත්තහම, ආයෙත් ඉතින් නිරෝධයට යනවා. ඒ විදිහට තමයි ස්පර්ශය නිරෝධයෙන්, නිරෝධය කියන එක. නිරෝධයට ම තමයි ගියේ. නැවත නැවතත් පුනපුනා ආවා කියන එක.
ඒක තමයි මගේ භාවනාව වුණේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්