ඒ උතුම් බුදුපියවරු මම සිහි කළේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට අභිජ්ඣා දෝමනස්සය කියන එක නැහැයි කියලා. ඒ විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේටත්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේටත්, ඒ විනයාධිපති බුදුපියාණන් වහන්සේටත්, ඔය විදිහට ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ, තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා මම සිහි කළා, අභිජ්ඣා දෝමනස්ස නැතෙයි කියලා.
එතකොට ඊට පස්සේ මම පටන් ගත්තා, අර පන්සිල් ගන්න විදිහට බුද්ධං සරණං ගච්ඡාමි, මම ලෝභය නැති කරමි. එතකොට ලෝභය නැති කරනවා කිව්වහම නෙක්ඛම්මය. නෙක්ඛම්මයෙන් තමයි, ඒ කියන්නේ, කාම විතක්ක තියෙනවා නම් අපිට ලෝභය කියන එක ඇති වෙනවා. කාම විතක්කයෙන් රාගජ පරිදාහය කියන්නේ, එතකොට ඒක නැති වෙනවා, මම නෙක්ඛම්මය. ඒක නිසා මම අලෝභයට යනවා. එතකොට ඒ එක්ක ම මම දන්නවා, කලින් කරපු භාවනාවක් තියෙනවා, නෙක්ඛම්මයෙන් අව්‍යාපාදය, අවිහිංසාව. එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාව වෙනකොට අර අලෝභ අදෝෂ අමෝහ කියන තුනට යනවා. ලෝභ දෝෂ මෝහ තුන කියන එක, එතනින් නැති වෙනවා. එතකොට ඊළඟට ඒ කියන්නේ, මට අභිජ්ඣාව තියෙනවා නම් කාම විතක්කයන් කියන එක මට ඇති වෙනවා, කියන එකත් සිහියේ තියෙනවා.
ඊළඟට ආපහු ගත්තා ද්වේෂය නැති කරමි. එතකොට ද්වේෂය නැති කරමි කියනකොට මම දන්නවා, අර අභිජ්ඣාව නිසා දෝමනස්සය ඇති වෙලා නේ මේ ද්වේෂයේ කතාව එන්නේ. අභිජ්ඣාවෙන් පස්සේ අර වට දෙකක් ගහනවා, කැරකීමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නෙ නැහැ, පෙළක් අය. ඒකේ අපි අර මොකක් හරි වස්තුවක් සුභයි කියලා අරගෙන, ඒකට අර නිත්‍යයි කියලා අගයක් එක්කහු කරනවා. ඔය තියෙනවා අවිද්‍යා ආශ්‍රවය මගින් ඕක තීරණය කරලා කැරකීමක්. ඒ කරකවලා ඊට පස්සේ ඕක මානය විසින් බලනවා ඕක හරි ද කියලා. ඕක fit වෙන්නේ නැහැ. ඒක නිසා දෝමනස්සයක් ඇති වෙනවා. ඒ ජරාවට යෑම නිසයි ඒක වෙන්නේ.
එතකොට මෙන්න මේ දෝමනස්සය ඇති වුණාට පස්සේ තමයි, ඔය ඉතින් කාමච්ඡන්දය එහෙමත් ඇති වෙන්නේ, දෝමනස්සයෙන් පස්සේ. එතකොට දැන් මේ දෝමනස්සය වෙනවා කියන්නේ, අර නෙක්ඛම්මය මගේ හරියට නැහැ, මම කලින් අරගෙන තියෙනවා. දැන් ඉතින් අපි ජාති ජරා බවට පත් වෙලා නේ. ජරාවට පත් වෙලා තියන නිසා දැන් ඉතින් දෝමනස්සය කියන එක එතන තියෙනවා.
එතකොට දැන් මේ දෝමනස්සය පාරේ ගිහිල්ලා තමයි මම ද්වේෂයට යන්නේ. එතකොට දැන් මම ඒක නිසා ව්‍යාපාද වෙන්නේ නැහැයි කියන අර්ථය තියෙනවා. ආපහු මගේ මනස මුලින් අභිජ්ඣාවට එනකල් ම යනවා. අභිජ්ඣාව නිසා තමයි මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ. ඒ කාමච්ඡන්දය ඇති වුණහම මට ඊට පස්සේ අර දෝමනස්සය කියන එක, ඒ කියන්නේ, දෝමනස්සය ඇති වෙලා ම යි කාමච්ඡන්දය වුණේ. ඒ කතාව මට එනවා ආපහු. දැන් එතකොට, දැන් ද්වේෂයෙන් ගිහිල්ලා මම ආපහු මෝහයට යන්නේ නැහැ.
ඊළඟට ඔය විදිහට ම, සංඝං සරණං ගච්ඡාමි කිව්වහම මෝහය නැති කරමි කිව්වහම අර අවිහිංසාව කියන එක අර විදිහට එනවා. එතකොට ඒක වෙන්න නම් අර නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන එකට මම එන්න ඕනේ. අලෝභ අදෝෂ අමෝහ වෙනවයි කියන එක. ඉතින් ඔතෙන්ට කෙනෙක් ආවොතින්, ඕක තනිකර ඒක භාවනාවක්. ඕක තමයි උපසමාධිට්ඨාන භාවනාව.
දැන් එතෙන්ට ආවට පස්සේ, ඊළඟට මම ආයෙ කල්පනා කරනවා, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, පංචනීවරණයන් යටපත් කරමි. දැන් එතෙන්දි මට පේනවා මේ අභිජ්ඣාව නිසා තමයි මෙතන දෝමනස්සය. ඒ දෝමනස්සය නිසා තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. එතකොට පංචනීවරණ යටපත් කරමි කිව්වහම මේක නිසා ඇති වුණා වූ කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා, මේවා යටපත් කරමියි කියන එක. එතකොට දැන් මම දන්නව නේ, අපි ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන්නේ, දැන් මං ගත්තේ නැති වුණත් කලින් ගත්ත ඒවා නිසා මගේ දෝමනස්සය කියන එක තියෙනවා. එතකොට මේක නිසා මට කාමච්ඡන්දය ඇති වෙනවා. මගේ මේ සිත කියන එක මම පිහිටුවන්න හදනවා. එහෙනම් මට දැන් තියෙන්නේ, මේක යටපත් කරගන්න තමයි. එතකොට මම මේ ටික යටපත් කරගෙන ඉන්නවා, කියන එක ආවා.
ඊළඟට දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනකොට මම කියන්නේ, පංචනීවරණ යටපත් කර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා. එතකොට එතන එහෙනම් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ දී මම කියන්නේ, ඒ සම්මා දිට්ඨියෙන් තමයි, අභිජ්ඣාවයි, දෝමනස්සයයි කියන එක නැති වෙන්නේ. සම්මා දිට්ඨි. මිච්ඡා දිට්ඨියෙන් තමයි අභිජ්ඣාව. එතකොට අභිජ්ඣාවෙන් තමයි දෝමනස්සය කියන එකට එන්නේ. එතකොට, සම්මා දිට්ඨිය මම භාවිතා කරනවා නම් මට අභිජ්ඣාවයි දෝමනස්සයයි නැහැ. දැන් එතකොට එහෙනම්, ඒ පන්සිල් ගන්න ක්‍රමය බොහොම ලස්සනට හරියි කියන එක එනවා. සම්මා දිට්ඨියෙන් මේ විදිහට අර මුලට ම මේක ගිහිල්ලයි කියලා.
ඊළඟට කියන්නේ මොකක් ද? මම අරි අට මඟ භාවිතා කරලා චතුත්ථධ්‍යානයට යමි යි කියන එක. එතකොට එතෙන්දි චතුත්ථධ්‍යානයට යමි යි කිව්වහම, දැන් මම යන්නේ අර ඉද්ධිපාද හතර ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන්ට තමයි මගේ මේ ගමන කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් එතන මම වෙනම ම භාවනාවක් කරලා තියෙනවා. අර 4 සලකුණ කියන එක මැකෙනව නේ, ඡන්ද චිත්ත විරිය විමංසාවෙන්, ඉද්ධිපාදයෙන්.
එතකොට එතෙන්දි ඔය චිත්තය කියන එක ගත්තහම, ඒ කියන්නේ, දැන් මම විරිය භාවිතා කරනකොට එතන තියෙනවා, මගේ නෙක්ඛම්මය අව්‍යාපාද අවිහිංසා පළවෙනි විරිය. එතකොට ඒක තමයි, අපි දැන් ටිකකට ඉස්සෙල්ලත් කිව්වේ. ඒක භාවිතා කළහම මම අලෝභ අදෝෂ අමෝහ. ඒක නිසා මම යනවා උඩ ඡන්ද සමාධියට, නිර්වාණයට පිහිටනවා. ඒ ඡන්ද සමාධියට පිහිටුවායින් පස්සේ මම අභිජ්ඣා වෙන්න දෙන්නේ නැහැ. අභිජ්ඣා වෙන්න දෙන්නේ නැහැ, අභිජ්ඣා වුණෝතින් මේ ඡන්ද සමාධිය, එතකොට මම දන්නවා ඡන්ද සමාධිය හතුරො නේ අභිජ්ඣාවයි දෝමනස්සයයි කියන එක. ඒක වෙන්න දෙන්නේ නැහැ. ඒක වෙන්න දෙන්නේ නැත්නම්, දැන් මම එනවා මේ චිත්තය ඒකට සමාදන් කරගන්නවා කියන අර්ථයට. ඒ චිත්ත සමාධිය කරගන්න, එතකොට මම චිත්ත ඉද්ධිපාදයට තමයි එතන ආවේ.
එතෙන්දී මම අභිජ්ඣා දෝමනස්සය ඇති වෙන නිසා, ඔය දස කුසලය කියන එක මම සමාදන් කරගන්නවා. මොකද ඒවා අභිජ්ඣාව කියන එක මම ගත්තොතින් හරි යන්නේ නැහැ. මගේ චිත්තය ඉන්නේ, දැන් එන්නේ, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන area එකකයි මම ඉන්නේ. ජරාවට පත් වෙලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ කොටසට ගිහිල්ලා මම මේකේ දැන් ජීවත් වෙන මනුස්සයා. මේකෙන් ඇති වෙන ප්‍රශ්නයන් වළකා ගන්න නම් මට තියෙන්න ඕන දස කුසලය ම. මේවා එපා කියලා. අර ඉස්සෙල්ලා කිව්ව කතාව සම්මා දිට්ඨිය. දැන් මේක දැනගෙන සම්මා දිට්ඨියෙන් අර අභිජ්ඣා දෝමනස්ස එපා කියන අර්ථයට තමන් ඇවිල්ලා, ඒ සඳහා චිත්තය සමාදන් කරලා දස කුසලය ම දැන් සමාදන් කරගෙන ඉන්නවා ඉතින්.
එතකොට දැන් හරි නේ, පංචඉන්ද්‍රියන් පංචබලයන් බවට පත් කරමි කිව්වහම ඔක්කොම මේ දහයේ කාරණා තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඡන්ද චිත්ත විරිය විමංසා, ඉද්ධිපාද හතරෙන් අපි අර 4 සලකුණ කියන එක කපාගෙන යන්නේ. එතකොට 4 සලකුණ කපාගෙන යනකොට අර ඉද්ධිපාද 4 න්, එතකොට අර අපි දන්නවා, මේ ඊයේ පෙරේදා කරපු භාවනාව, අර සීලබ්බත උපාදානය කියන එක කියන්නේ 4 සලකුණ නේ. ඉතින් ඒක නැති වෙනවා කියන එක, ඒක එනවා. ඉතින් බොජ්ඣඞ්ගය මේ විදිහට පවත්වනවා කියන එක. එතෙන්ට එනකන් භාවනාව කළා. බොහොම හිමින් සීරුවේ භාවනාව කරගෙන ගියේ.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්