මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ ඉන්න ඒ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දෙවෙනි බුදුපියා වශයෙන්. ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා වශයෙන් දාහතර වෙනි උත්තරීතර ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන් සිහි කළා.
සිහි කරලා මම පන්සිල් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා චතුත්ථධ්‍යානයට යමි යි කියන තැනදි මම පටන් ගත්තා. එතකොට ඒ ධ්‍යානයට යනවා කියන තත්වයේ දී, අර සම්මා සතියෙන් තමයි සම්මා සමාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් සම්මා සතිය වශයෙන් අපි ගන්නේ අර කබලිංකාර ආහාරය 1 වෙනි කාරණය, අත්තා ඉඳන් නිත්‍යයට යන 2 වෙනි කාරණය, ඒ 3 වෙනි කාරණය හැටියට ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන 3 වෙනි කාරණය තමයි ගන්නේ.
ඉතින් මේක ගත්තට පස්සේ දැන් ජරාවට යනවා කියලා කිව්වහම, ඉතින් ඔතන සංස්කාරයන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ අපි ජාතිය කියලා කියන්නෙත් සංස්කාරයක්. එතකොට දැන් අපිට මුලින් ම පේනවා, ජාතියේ ඉඳන් ජරාවට යනවා නම් ඒ කියන්නේ ව්‍යාධි මරණයන් ඇති වෙනවා. ඒ කියන්නේ නිත්‍යභාවයක් නැතෙයි කියලා එනවා. ඒ නිත්‍යභාවයක් නැත්නම් අර අත්තා ඉඳන් නිත්‍ය කතාවක් නැහැ. නිත්‍යයක් නැත්නම් අත්තෙක් නැහැ කියන එක එනවා. අර මොකක් හරි එකක් අපි මෙහෙම අල්ලා ගත්තොතින් තමයි, අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියලා jack එකක් ගහලා නේ මේක හදන්නේ. එතකොට නිත්‍යභාවයක් නැහැයි කියලා යටින් එනවා නම් මෙතනින් මේ කෙළවරක් නැහැ. ඒක නිසා අත්තෙක් කියලා එකක් නැහැ. එතකොට ඒක නිසා මේ සතියක් කියන එක මෙතන ඇති වෙනවා. මේ කබලිංකාර ආහාරය තමයි ප්‍රශ්න කිරීම කියන එක කෙරෙන්නේ. මේක උඩ තමයි මේ ඔක්කොම කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මේකෙන් පිටත තමයි, නිර්වාණය තියෙන්නේ කියන අදහස එනවා.
ඊළඟට දැන් මෙතන මේ සංස්කාරයන් කියන ඒවා, මේ ජරාවට පත් වෙන මේ සංස්කාරයන් කියන ඒවා හදලා වැඩක් නැතෙයි කියන එක තමන්ට තේරෙනවා, සංස්කාරය කියන එක අර කෙහෙල් බඩයක් කියන අර්ථය. ඉතින් ඕකේ ඔයිට ඉස්සෙල්ලා කරපු භාවනාවක් තියෙනවා, ඒ සංස්කාරය කියන එක ඉඳන් අපි එන්නේ, සංස්කාරයට අපි ඇලීමක් කියන එක තියෙනවා. දැන් සඤ්ඤාව මගේ නොවෙන්න තමයි, අපි විරියක් භාවිතා කරන්නේ. එතකොට මෙතන මේ සංස්කාරය මගේ නොවෙන්නත් අපි විරියක් භාවිතා කරනවා. එතකොට ඒ සංස්කාරය මගේ වෙන්නේ සැකය හරහා. සැකය උඩින් තමයි ඒ jack එකක් ගහලා, සංස්කාරය මේ පැත්තේ ඉඳන් අර කාම ආශ්‍රව කියන පැත්තට එන්නේ.
එතකොට ඔය තත්වයට එනකොට පේනවා, මේවා අපි ඔක්කෝම කරන්නේ මේ වේදනාව සඳහා. වේදනාවක් විඳීම සඳහා තමයි අපි එක එක ආකාරයෙන් අර ඔරලෝසුව අරගෙන, මම කියන්නේ, අර tissue කොලවලිනුයි අරවායින් මේවායින් ඔතනවා කියලා. ඒකෙ එහෙම එතීමෙන් යම්කිසි ඵලයක් ආස්වාදයක් තියෙනවා කියලා හිතීමෙන් තමයි අපි මේක කරන්නේ. එතකොට අර ඇතුළේ තියන එක ජරාවට පත් වෙන, බොල් වෙච්ච දෙයක්. ඒකේ ගත යුත්තක් ඇති දෙයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඔරලෝසුව කැඩෙනවා. ශරීරය බිඳෙනවා. නමුත් අපි එතීමක් කරනවා, මේක මෙහෙම කිරීම හොඳයි කියලා හිතලා. මේක සැපයක් කියලා හිතනවා. ඉතින් ඕකෙ අර්ථය තියෙන්නේ, අර ගැඹුරු අර්ථය සුභයට, නිත්‍යයි කියලා අරගෙන, ඒකෙන් සුඛය හදාගෙන, ඊට පස්සේ අත්තා කියලා අරගෙන, මේක මෙහෙම වටේට ඔතාගෙන ඔතාගෙන යන කතාවක් තියෙන්නේ.
එතකොට මේක කරන්නේ, අපි මෙහෙම අතීතයේ මම කරලා තියෙනවා, මගේ පුරුද්දක් තියෙනවා, මොකක් හරි එකක් ගත්තහම, මම මේක කරනවා. එතකොට ඒක නිසා මම එතීමක් කරනවා. අර මනුස්සයෙක් දැක්ක ගමන් ඒ ඔතාගෙන ඔතාගෙන යන එක කතාව, ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ඉතින් මට ආවේ, මේකේ ඇති වෙන්නේ මේ වේදනාව කියන්නේ මොකක් ද, කියන එක කල්පනා කළා එතකොට. මේකේ ගත්තහම මේ කරකවගෙන කරකවගෙන ගිහිල්ලා අන්තිමට මොකක් ද මේ වේදනාව කියන එක කියන්නේ? එතකොට එතෙන්දී මට එනවා, මේ වේදයිතය කියලා මෙතන ඇවිල්ලා තියෙන්නේ, වේදනාව කියන්නේ වේදයිතය කියලා කියනවා. ඒ කියන්නේ විඳීමක් කියන එකක් තියෙනවා.
මොකක් ද මේ විඳීමක් කියන එක තියෙන්නේ දුක. දුක තමයි විඳින්නේ. ඒ දුක තමයි අර ජාතියෙන් ඉඳන් ජරාවට යනවා කියන එකේදි අපි තේරුම් ගන්න දේ තමයි, ඒ අපි විඳින්නේ. හැබැයි අපි ඉතින් සැපක් විඳිනවා කියලා හිතාගෙන නැවත මේක සැකසීමක් කියන එක කරනවා. ඉතින් ඒ වේදනාව මේ විඳින්නේ දුකයි කියන එක ආවහම නිරෝධයට යනවා. කෙළීන් ම එතනින් එතෙන්දී, ආපහු ඒ කියන්නේ, සංස්කාරය මගේ කියලා ගන්න යන්නේ නැතිකමක් කියන එක ඇති වෙනවා. අර සැකයෙන් ඇවිල්ලා මේ වෙන්නා වූ දේ එනවා. මොකද අපි නිතර ම හිතනවා මොකක් හරි එකක් සම්බන්ධයෙන් අපි කල්පනා කරනවා, මේකෙන් මම කැමති විදිහකට මේක ඔතලා මට මේකෙ සැපක් හම්බවේවි කියලා. මෙතන මේ fundamental දෙයක් තියෙන්නේ.
තමන්ට හිතෙනවා අර පාර්සලයක් ඔතනවා වගේ, මනුස්සයෙක් සම්බන්ධයෙන් හෝ වේවා, කලින් තමන් යමක් විඳලා තියෙන හින්දා, මේක මෙහෙම කළහම මට යම්කිසි සැපක් සුවයක් ඇති වේවි කියලා හැඟීමක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි, මේ ඔතන එක කරගෙන යන්නේ, අර සැකය හරහා මේක ඔතාගෙන යනවා. ඉතින් ඒකේ අර ඇති වෙන්නේ දුක්ඛය කියන එක දන්නෙ නැතුව තමයි ඒක කරන්නේ. එතකොට දුක්ඛය කියන එක, විඳින්නේ දුකයි කියන එක කෙනෙකුට පේනවා නම්, ඒ වේදයිතය සඳහා උත්සාහ කරන්නේ නැහැ. එතකොට අර වේදනාව කියන එකේ නිරෝධය කියන එක එතෙන්ට ගිහිල්ලා, නිරෝධසමාපත්තියට එතන යන්න පුළුවන්කම තියෙනවා.
ඔහොම ඉතින් සැරෙන් ඕකෙන් එළියට එනවා, එළියට එනකොට රූපයන් එහෙම පේනවා. ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනව නේ. එතනින් එහෙම එළියට එනකොට ඒ අර්ථයත් එනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනකොට ඒකෙන් එළියට එනකොට, පෙනීම් කියන ඒවා තියෙනවා. එක එක අයව පේනවා තියෙනවා. මෙතන ඉන්න අය වුණත් මේක ඒ කලින් භවවල ඒවා එහෙම පෙනීම් එහෙම ඇති වෙනවා. ඉතින් ආයෙත් අර විදිහට මේක වේදයිතයක් කියලා අල්ල ගත්තහම, දුක තමයි මෙතන තියෙන්නේ, කියන එක බැලුවහම ආපහු නිරෝධයට යනවා.
ඔහොම තමයි ඒ භාවනාව කළේ.