ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ උත්තරීතර ශ්‍රේෂ්ඨතම පළවෙනි බුදුපියා වශයෙන්. ඔය විදිහට අනුපිළිවෙළින් ඒ බුදුපියවරු දාහතර නම සිහි කළා.
සිහි කරලා මම බැලුවා, අර දැන් ලෝභය නැති කරමි කියලා කියනවා නේ. ඒ ලෝභය නැති කරමි කියනකොට ඒ අර 1 වෙනි belt එක තියනව නේ, කාමච්ඡන්දය රූපය නිසා ඇති වෙන එක, සාත අසාතයි කියලා කරකවන එක, ඒක තමයි ගත්තේ. ඉතින් අද තමයි හරියට ම තේරුම් ගත්තේ, ඉගෙන ගත්තේ ලෝභයයි, ඒ කියන්නේ රාගයයි අතර ඒ තියන වෙනස. ඒ ලෝභය කියන එක greed කියල නේ ඉංග්‍රීසියෙන් translate කරන්නේ. ඒක ඇවිල්ලා පෙර එක. දැන් කෑමක් දැක්කහම අපිට කන්න කියලා සිතීමක් ඇති වෙනව නේ. එතකොට ඒකත් එක්ක කැරකෙව්වා ම තමයි රාගය කියන එක තියෙන්නේ. අර පල්ලෙහායින් ලකුණු කරලා තියෙන්නේ ඒක. එතකොට ඔතන ලෝභයේ කතාව තියෙනවා, ඔය 1 වෙනි belt එකේ.
ඊට පස්සේ දැන් අර සුඛ වේදනාව, ඒ කියන්නේ, දැන් අපිට ද්වේෂය කියන එක නැති කරමි කියනකොට මට වෙනවා අර සුඛ වේදනාව පරාමාසයට රිංගනවා නේ. දැන් සුභයි කියන එක ගත්තා, නිත්‍යයි කියලා එක්කහු කළා. කාමරාග අනුසය හරහා ඔතනින් ඇති වෙනවා සුඛයි කියලා. ඒ සුඛය කියන එක පරාමාසයට රිංගනවා කියන එක තියෙනවා. එතකොට ඔය පරාමාස වුණාට පස්සේ තමයි අත්තා වෙන්නේ. පරාමාස වුණාට පස්සේ අත්තා. එතකොට පරාමාස වීමෙන් අනතුරුව අත්තා වී ඇත, කියන අර්ථය ගත්තා.
ඊට පස්සේ දැන් මම ඔය විදිහට දිගට ම පන්සිල් එක අරගෙන යනකොට, දැන් මට අර උපාදානය දන්නව නේ, චතුත්ථධ්‍යානයට යමි, කියලා. ඒ චතුත්ථධ්‍යානයට යමි කියනකොට මට එනවා අර සුඛය කියන එක අරකට ගිහිල්ලා තමයි මේක ඇති වෙන්නේ. මේක නොවෙන්න නම් අපි උපෙක්ඛාවට යන්න ඕනේ. මොකද මේක සුඛ වේදනාවක රාග අනුසය කියන එක තියෙනවා. සුඛ වේදනාවක තිබෙන්නා වූ ඒ රාග අනුසය පහ කරන්න තමයි අපි උපෙක්ඛාවට යන්නේ කියන එක තියෙනවා.
එතකොට දැන් මුල රූපය එක්ක එන එක එනවා. දැන් මැද්දෙන් මෙතනින් පරාමාසය එනවා. එහා කෙළවරින් උපෙක්ඛාවට යන්න ඕනේ කියලා එනවා. මොකද නැත්නම් මට මෝහය ඇති වෙනවා කියන එක. එතකොට දැන් අර ඉද්ධිපාදයන් කියන එක එනකොට, විමංසා ඉද්ධිපාදයෙන් දැන් මම කියනවා මට මේ ඡන්ද සමාධිය මට නිර්වාණය තමයි ඕනේ. එතකොට අර අරකේ පල්ලෙහා කෑල්ල මට ඡන්ද සමාධිය තියන තැන මතක් වෙනවා. මේක සඳහා මම මේ රාගය ද්වේෂය මෝහය මෙතන නැති වෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දි අර උපෙක්ඛාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා මම ඉන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට මේ line එක තමයි, දැන් මට හොඳට පේන්නේ. මේ line එකේ දැන් පේනවා මෙතන අර රූපය, මෙතන පරාමාසය, මේ කෙළවරින් අර මෝහයයි ඇති වෙන්නේ. එතකොට ඒක නිසා උපෙක්ඛාවට යන්න ඕනේ කියන අර line එක.
එතකොට දැන් මට මෙතෙන්දී පේනවා, දැන් මෙතන අර පරාමාස වීමෙන් අනතුරුව අත්තා වෙනවා කියලා කිව්වහම, දැන් ඉතින් මෙතන අර මේක උඩ තමයි මේ stick එක තියෙන්නේ. එතකොට මේ අත්තා වුණායින් පස්සේ තමයි, දැන් අත්තා වුණා, ඊට පස්සේ අත්තවාද උපාදානය. අත්තාගෙන් තමයි මෙතන අත්තවාද උපාදානය කියන එක තියෙන්නේ. එතකොට ඒ අත්තවාද උපාදානය කියන එකේ, මේක හරි අමාරුයි මේ භාවනාව කියන්න. ගොඩාක් කාරණා තියෙනවා. එතකොට ඒ උපාදානය කියන එක නැති කරන්න තමයි අපි අර ධ්‍යානයන් කියන ඒවා භාවිතා කරන්නේ. උපාදානයන් නැති වෙන්නේ ධ්‍යානයන්ගෙන්.
එතකොට ඒ ධ්‍යානයේ තියෙන්නේ මොකක් ද? අපි ගන්නේ නැතුව ඉන්නව නේ එකින් එකට. අර ප්‍රථමධ්‍යානය කිව්වහම, මම අන්න සුභ කතාව කියන එක අයින් කරනවා. ඊළඟට මම තුන් වෙනි ධ්‍යානයේ ඉඳන් සුඛ වේදනාවක මට රාග අනුසය තියෙනවා කියලා දැනගෙන, මම ඒක පහ කරන්න තමයි උපෙක්ඛාවට යන්නේ. එතකොට දැන් මෙතන තියෙන අර සුඛ කතාවෙන් ඇති වෙන ඒ උපාදානය, අර දැන් උපාදානය නැති වෙනකොට විපල්ලාසත් යනවා, මේ උපාදානය නැති කරනකොට. මොකද අර සුභ කතාව ගියා එක පැත්තකින්. ඊළඟට සුඛ කතාව ගියා. මෙතන මේකේ ඇත්තට ම කියනවා නම්, දුකක් තියෙන්නේ, දුක ය සුඛයි කියලා විපල්ලාසය මෙතනින් මේක කැපෙනවා.
එතකොට ඊට පස්සේ මේ පැත්තෙන් අර මෝහය කියන එක නැති වෙනවා. දැන් මෙතන පරාමාසයේ දී මගේ කියලා ආවා. එතකොට පරාමාස වුණායින් පස්සේ තමයි, අත්තා වුණේ. දැන් අත්තා කියලා මේක තියෙනවා කියලා මේ රේඛාව තියෙනවයි කියලා දැන් උපාදානය. දැන් පේනවද අර ඉද්ධි diagram එකේ අපි කරන භාවනාව, කාමච්ඡන්දය මෙතනින් තියෙනවා අර තමන් ගත්තා, මේ දේවල් මම ගත්තයි කියලා තියනව නේ, දෝෂාරෝපණ චිත්තය. ඊට පස්සේ අර කොසජ්ජය හරහා කෙළීන් ම යන්නේ දුස්සීලභාවය, මේ පැත්තෙන් මාන්නය. එතකොට අත්තවාද උපාදානය. මෙතන දැන් මේකත් එක්ක තමයි අර balance වෙවී අපි මේක පාවිච්චි කරන්නේ, එක එක ආකාරයට අපි මේක කරනවා. අර උඩ තියන, චේතනාව උඩ තියන තරාදිය දැන් පේනවා නේ ද? මෙතනින් තමයි මේ තරාදිය හැදිලා තියෙන්නේ, මේ විදිහට.
එතකොට මේකේ මට එතෙන්දි ආවා, අර මමත්ති මන්ති කියන එක කියන්නෙත් මෙතැන නේ. අර පරාමාසය අර අත්තා වුණාට පස්සේ තමයි මමත්වය. “සාතං අසාතන්ති යමාහු ලෝකෙ, තමූපනිස්සාය පහොති ඡන්දො” කියන එක එතනින් එනවා. එතකොට මෙතනින් අරගන්නවා අපි අර මමත්ති මන්ති කියන එක. දැන් එතනින් අපි ගන්නවා “නාමඤ්ච රූපඤ්ච” ගාථාවත් එක්ක ඇවිල්ලා, එතනින් එනවා “ඉච්ඡා නිදානානි පරිග්ගහානි,” තණ්හාව නිසා මෙහෙම වෙනවා. “ඉච්ඡා සන්‌ත්‍යා න න මමත්ති මන්ති,” මෙතන මේ මමත්ති මන්තියක් කියන එක අර පරාමාසයෙන් මෙතන පල්ලෙහාට ආපු කතාව, පරාමාස වීමෙන් තමයි තියෙන්නේ.
එතකොට මේ සංස්කාරවල තමයි මේ අස්මිති මානය කියන එක තියෙන්නේ. මමත්ති මන්තිය කියන එක තියෙන්නේ කියන එක. එතකොට දැන් මේ විදිහට මේ රේඛාවේ සම්බන්ධතාවය තමයි මම බොහොම හොඳ ලස්සනට දැකගෙන හිටියේ. මේක නිසා තමයි අපි මේ balance කර කර මේක කරන්නේ. එහා පැත්තෙන් සංස්කාරය එවනවා. ඒක ගහනකොට ඉතින් අරක, රේඛාව උඩට යනවා, පල්ලෙහාට යනවා, මේකේ බරය කියන එක. ඉතින් ඒකත් එක්ක අර ගාථාව “රූපෙසු දිස්වා විභවං භවඤ්ච.” එතන පෙන්නනව නේ, රූපය නිසා තමයි මේ භවය විභවය කියන එක තියෙන්නේ. දැන් අර ස්පර්ශය නිසා භවය. භවය, එතකොට මේක නැතුව ඊළඟට විභවය. එතකොට ඒ ගාථාව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හරියට ම මෙන්න මේ කතාව කියන එක දැකලා තමයි මෙතන මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක මට ආවා.
ඉතින් මේ භාවනාවේ නම ලෝභ දෝෂ මෝහ. ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන එක තුන ම මේකේ තියෙනවා. ඒක තියෙනවා, මේක නැති කිරීමේ බෙහෙත කියන එකත්, ඒ එක්ක ම අර උපෙක්ඛාවෙන් යනවා කියන එකත් ඇති වෙනවා.
ඉතින් ඕක තමයි ඒ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්