Date: 29/12/2013 Name: ආශ්‍රව භාවනා

අද භාවනාවෙදි මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඉතින් ශ්‍රේෂ්ඨතම බුදුපියවරු වශයෙන් මණ්ඩලාධිපති බුදුපියා පිදිය යුතු, ගරු කළ යුතු පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්, අද ලෝකයේ ජීවත් වන. ඉතින් ඔය විදිහට අනුපිළිවෙළින් බුදුපියවරු දාහතර නම සිහි කළා.

සිහි කරලා මම අර දිගට ම පන්සිල් ගන්න එක දක්වා මම ගියා. හොඳට ඒ කාරණාවෙන් කාරණාවට බලලා, ඒ සුරාමේරය දක්වා ම එහෙම ගිහිල්ලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා, ඒ රහතන් වහන්සේලාගේ මෙහෙයවීම ලැබේවා කියලා, දෙවිවරුන්ගේ ආරක්ෂාව, රහතන් වහන්සේගේ මෙහෙයවීමත් ලැබේවා කියලා ගිහිල්ලා ඉතින් ඔය සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා මම, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.

එතකොට සම්මා දිට්ඨියෙන් පටන් ගත්තහම, ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය තියනව නේ, දෙයාකාරයි නේ. එකක් ආශ්‍රව සහිතයි, අනිත් එක අනාශ්‍රවයි. ඒ අනාශ්‍රව සම්මා දිට්ඨිය කියන එක මම බලන්න ගත්තා. ඒ අනාශ්‍රව කියනකොට, එතකොට ඔතන ආශ්‍රව කියලා කියන්නේ මොකක් ද? එතකොට ආශ්‍රව කියලා කිව්වහම දැන් අපි දන්නවා කාම ආශ්‍රවය කියන එක තියෙනවා. කාම ආශ්‍රවය ඇති වෙන්න නම් අර අතන තියෙන්න ඕන සුඛයි කියන කතාව ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒකෙන් පස්සෙ, අර පසු සඤ්ඤාව නේ කාම ආශ්‍රවය කියලා කියන්නේ, අර මම එහෙම පෙන්නන්නේ. ඒ කියන්නේ සුඛයි කියලා ඒ විපල්ලාසය ඇති වුණාට පස්සේ තමයි, කාම ආශ්‍රවය කියන එක තියෙන්නේ. එතකොට ඔතෙන්දි මට එනවා අර සුභයට නිත්‍යයි කියලා එක්කහු කරලා තමයි සුඛය කියන එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේක තමයි මේ කාම ආශ්‍රවයට ඇවිල්ලා තියෙන්නේ.

ඊළඟට මම බැලුවා, ඔය භව ආශ්‍රවය කියන එක. එතකොට මේ භව ආශ්‍රවය ඇති වෙනකොට අපිට පේනවා, අර අත්තා කියලා ඇවිල්ලා තියෙන්න ඕනෙ. අත්තා කියන එක වෙනවා කියලා කිව්වේ, පරාමාස වීමෙන් අනතුරුව තමයි අත්තා වෙලා තියෙන්නේ. එතකොට අර ඊයේ භාවනාවේ කෑල්ල එනවා, මෙහෙම stick එක. මේකෙන් පල්ලෙහාට ඇවිල්ලා තමයි, මෙතන අත්තා වෙලා තියෙන්නේ. එතකොට මෙතන භව ආශ්‍රවයට මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා කියලා.

එතකොට මේ විදිහට ම බැලුවා, දිට්ඨි ආශ්‍රවය කියන එක. ඒ දිට්ඨි ආශ්‍රවය කියන එක බලනකොට දැන් මට පේනවා, දැන් අර භව ආශ්‍රවය වෙනකොට අපිට පේනව නේ කාරණා පහක් ම ගිහිල්ලා කියලා. හතර වෙනි එක, දැන් සුභයි කියලා ගත්තා. නිත්‍යයි කියලා ගත්තා. ඊට පස්සේ සුඛයත් එන්න ඕනෙ මෙහෙන්, පරාමාසයත් එන්න ඕනෙ. එතකොට ඒ කියන්නේ, පරාමාසයට එන්න ඕනෙ අර සංස්කාර නිත්‍යයි කියලා මේකට ඇතුල් වෙලා, උඩින් චේතනාවකුත් තිබිලා තමයි, මේ අත්තා කියන එක හැදෙන්නේ. ඒකට තුනක් තියෙනවා. එතකොට සුඛයි කියලා එකක් පරාමාසයට ඇතුල් වෙන්න ඕනෙ, අත්තා වෙන්න නම් සංස්කාර නිත්‍යයි කියලා ඇතුල් වෙන්න ඕනෙ අර කාමරාග අනුසය හරහා, උඩින් චේතනාව කියන එකක් තියෙන්න ඕනෙ. එතකොට ඒක වෙලා තමයි අත්තා කියන එක වෙන්නේ. අන්න ඒ අත්තා කියන එක වුණහම තමයි මෙතන මේ භව ආශ්‍රවය කියන එක තියෙන්නේ.

එතකොට දැන් මම බලනවා දිට්ඨි ආශ්‍රවය කියන එක. එතකොට දිට්ඨි ආශ්‍රවය කියන එක එනකොට, මට රහතන් වහන්සේ අර මෙහෙම කරලා පෙන්නුවා, ඒ වෙලාවේ. එතන තියෙනවා, අර කතිරය ඇඳලා පෙන්නුවා. ඒ කියන්නේ, උඩින් තිබෙන්නා වූ අර අවිද්‍යා ආශ්‍රවය, මුලින් ම අත්තා ඉඳන් නිත්‍යයට යනවා නේ. එතකොට ඒකෙ පසු සඤ්ඤාව තමයි දිට්ඨි ආශ්‍රවය කියලා කියන්නේ. අර පසු සඤ්ඤාව කතාව දිගට ම ගන්න ඕනේ.

එතකොට එතෙන්ට එනවා තුනක් දැන්. ඒ තුන මොකක් ද? එක පැත්තකින් එනවා, දැන් මේ වෙනකොට අමතක කරන්න එපා අර ඊයේ භාවනාවේ කොටස, ඒ කියන්නේ මෙතන අර පොල්ල මෙහෙම හැදිලා, අර අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට යනවා කියන කොටස අමතක කරන්න එපා. ඒ කියන්නේ, මේකේ අත්තා කියන එක ආවායින් පස්සේ, අත්තවාද උපාදානය කියන එක තියෙනවා. මම වුණා කියන එකේ අර්ථය ඒකෙ තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒක wrap වෙලා තියෙන්නේ.

දැන් මෙතන්ට එනවා කාරණා තුනකින්. එකක් තමයි, මේ පරාමාසයේ යමක් තියනවද ඒක නිසා දිට්ඨි ආශ්‍රවයට එනවා. අනිත් අතට ගත්තහම අර නිත්‍යයේ කියලා කතාව තියෙන තැන point එකේ ඉඳන් කෙළීන් ම මෙතන්ට බැහීමක් තියෙනවා දෙකයි. ඊළඟට තියෙනවා අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නේ. අවිද්‍යා ආශ්‍රවය නිසා ඇති වෙන්නා වූ දිට්ඨි ආශ්‍රව කොටස තියෙනවා. එතකොට අර අත්තවාද උපාදානය නිසා තමන් අර පල්ලෙහාට බැහැපු කතාව තියෙනවා නේ, ආන්න ඒක ගතිය දැන් මේකට ඇතුල් වෙලා තියෙන්නේ.

ඒ පාර දැන් මම බැලුවා අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වීම කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රවය කියනකොට, දැන් අපිට ආපහු පේනවා, දිට්ඨි ආශ්‍රවය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙනවා. පට්ඨාන පාලියේ අපි දන්නව නේ ඒක. ඊළඟට ගත්තහම අපි අර උඩ අවිද්‍යාවේ ඉඳන් පල්ලෙහාට බැහීම කියන එක තියෙනවා. අනෙක් අතට ගත්තහම අපි කෙළින් ම උඩින් එනව නේ අර උඩින් තියෙන්නා වූ අත්තා කියන දිට්ඨිය ම කෙළින් ම සම්බන්ධ වෙනවා. මෙතනත් කාරණා තුනකින් අවිද්‍යා ආශ්‍රවයට එනවා කියන එක තියෙනවා. දිට්ඨි ආශ්‍රවයෙන් එන එක තියෙනවා. උඩින් අවිද්‍යාව නිසා එන එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම හරහට අත්තා කියලා ගත්ත එක නිසා මේකට ඇතුල් වීම කියන එක තියෙනවා.

එතකොට මේ වෙනකොට අර අත්තවාද උපාදානය හොඳට ඒ පැත්තෙන් pressure එක පැත්ත වැඩියි. අනිත් අතට ගත්තහම මෙතෙන්දී මතක් කරගන්න අර විභව තණ්හා කොටස. ඒ කියන්නේ, අර රූපයයි වේදනාවයි කියන එක කපලා දාලා සඤ්ඤාවෙන් වෙන්නා වූ කොටස තමයි මෙතන ගොඩක් ම significantly ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද අර දෙකේ දී තිබුණ නේ අර කෑලි දෙක. දැන් මෙතන්දි ඒක නැති වුණත් මේක සිද්ධ වෙනවා. රූප වේදනා දෙක නැති වුණත්, සඤ්ඤාව නිසා ඇති වෙන කොටස සිද්ධ වෙනවා කියන එක තියෙනවා.

එතකොට මේ විදිහට මේ ආශ්‍රවයන් කියන එක, ඒක එහෙම බැලුවා. බලලා ඉවර වෙලා, ඉතින් රහතන් වහන්සේ “ඇති” කියලත් කිව්වා. ඉතින් ඊට පස්සේ ආපහු මම ඉතින් මෙනෙහි කරනවා නේ අනෙක් අයට කියන්න කියලා. ඒ මෙනෙහි කරන වෙලාවෙ දී දැන් මට ආපහු පේනවා, දැන් මේකේ අර stick එකේ බර ගොඩාක් වැඩි වෙනකොට, දැන් මෙහෙම තිබිච්ච stick එක, අත්තවාද උපාදානය මේ කතාව නිසා, අපි ඊයේ කරපු භාවනාව, මම ඊයේ කරපු භාවනාව නිසා, මෙතනින් තියෙනවා කබලිංකාර ආහාරය, මෙතනින් ඇවිල්ලා පරාමාසය, මෙතනින් පල්ලෙහාට මෝහය කියන එක align වෙලා. දැන් මේ line එක තමයි අනෙක් පැත්තට හැරිලා තියෙන්නේ, මේක ලාභයක් කියලා අරගෙන අත්තවාද උපාදානය. එතකොට අපිට පේනවා, මේක පරාමාසය හරහා මෙහෙ යනවා කියලා අත්තභාව පටිලාභයට. දැන් මේක ලාභයි, ලාභයි කියලා ගන්න එක තියෙනවා. ගොඩාක් ලාභයි, ලාභයි කියලා අරගෙන තමයි අපි ඇවිල්ලා අර ඕඝයට ගිහිල්ලා එහෙම තියෙන්නේ. දැන් මට මෙන්න මේකේ බර එනවා, දැන් අවිද්‍යාවේ කතාව එනකොට හොඳට මේකෙ බර ඇවිල්ලා තියෙනවා.

මේක දැන් මම අනෙක් පැත්තට කරකවන එක තමයි ඉද්ධීන්වලින් එහෙම කරන්නේ. අර “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවෙත් මේක අනිත් පැත්තට කරකවනවා, මේ stick එක. එතකොට මෙහෙම, මෙහෙම කරකවගෙන ගිහිල්ලා අර වඩු බාස් උන්නැහේගේ කතාව මතක ද? සඤ්ඤාවට අගයක් දෙන්නෙ නැතෙයි කියන තත්වයට ඒකේ ඇවිල්ලා තමයි, අර තමන්ට පුළුවන් වෙන්නේ, උපෙක්ඛාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා මේකෙන් අයින් කරගන්නවා කියන එක කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ point එක. ඒක කලින් ඒ භාවනාව කරලා තියෙනවා නේ අපි ගොඩාක්. ඒක උඩ තමයි මෙතන පවතින්නෙ කියන එක එනවා ආශ්‍රවය කියන එක, මේ විදිහට තමයි නැති කරගන්න පුළුවන් වෙන්නේ කියන එක.

මේක තමයි භාවනාව.