Date: 30/12/2013 Name: Bojjhanga bhavana 8

අද භාවනාවෙදිත් ඒ උතුම් බුදුපියවරු ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව මෙනෙහි කළා. මෙනෙහි කරලා පන්සිල් ගන්නකොට අර සප්ත බොජ්ඣඞ්ගය වඩමි කියන කොටසට ආවහම පටන් ගන්න, කියන එක කිව්වා.

එතකොට සප්ත බොජ්ඣඞ්ගය කිව්වම, දැන් අපි දන්නවා ඕක ක්‍රම කීපයකට. එකක් තමයි, අර ප්‍රීතිය. ප්‍රීතිය, ඉද්ධිපාද එකේ තියෙන්නේ. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය ප්‍රීතිය. ඊට පස්සේ තුන් වෙනි ධ්‍යානය සුඛය, හතර වෙනි ධ්‍යානය උපෙක්ඛාව කියන එක තියෙනවා.

අනිත් අතට ගත්තහම ඔය බොජ්ඣඞ්ගයේ ගිහිල්ලා, දීර්ඝ වශයෙන් ගිහින් තියෙනවා, අර සතිය කියලා කිව්වා ම, කබලිංකාර ආහාරය 1, අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක 2, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක 3. එතකොට අන්න එතන මම බැලුවා, අර ඉස්සෙල්ලා එක පොඩ්ඩක් කල්පනා කරලා, මෙනෙහි කරලා, අර ප්‍රථමධ්‍යානයට යනවා කියන අර්ථයේ දී කල්පනා කරලා, එතන ඒ ධ්‍යානයට ගිහිල්ලා, ඊට පස්සේ අර තුන් කොන බැලුවා. බලනකොට කබලිංකාර ආහාරය තමයි, දැන් ප්‍රශ්නය කියන එක තියෙන්නේ. ඒක තමයි සති සම්බොජ්ඣඞ්ගය, මෙන්න මේක එනවා. සති සම්බොජ්ඣඞ්ගය මෙන්න මේ කෑලි තුන තමයි ප්‍රශ්නය, කබලිංකාර ආහාරය නිසා අත්තා ඉඳන් නිත්‍යයට යනවා, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන දේ සිද්ධ වෙනවා කියන එක.

ඊළඟට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය එනකොට, ඒ ඔය line එකේ ම දකුණු කෙළවරේ අපි අර අනුමාන සූත්‍රයේ එහෙම බලලා තියෙන්නේ අර තරුවක් එහෙම දාලා තියෙන්නේ, මෙතන මේ මානය කියන එකයි, අවිද්‍යාවයි තමයි මේ ප්‍රශ්නය කියන එක ධම්මවිචයේ දී ඒ තත්වයට තමන්ගේ එනවා සිත.

ඊට පස්සේ තුන් වෙනි කාරණයට එනකොට විරිය සම්බොජ්ඣඞ්ගය. දැන් විරිය සම්බොජ්ඣඞ්ගයෙන් ආපහු කියනවා, අන්න අර රූපය එපා කියලා. මේ රේඛාව තමයි මේ දිගට යන්නේ. මේ මුළු picture එක ම දැක්කා සතියෙන්. ධම්මවිචයෙන් මෙතන මෙහා කෙළවර දැක්කා. ඊට පස්සේ ආපහු විරියෙන් කියනවා, කබලිංකාර ආහාරය එපායි කියන එක. විරිය සම්බොජ්ඣඞ්ගය, රූපය ස්පර්ශ නොවෙන්න විරිය.

ඊළඟට ආපහු එනවා, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය කියන එක. එතකොට ප්‍රීති සම්බොජ්ඣඞ්ගය ආවහම කියනවා, මම ඉන්නේ මෙන්න මේ දුකක් තමයි මට තියෙන්නේ. එතකොට මේ දුක කියන එකෙන් මම දැවෙනවා නේ. එතකොට මම මේ පුටුවේ තද වෙලා ඉඳලා, මම මේ දුකකින් දැවෙනවා. මේක නොවෙන්න මම ප්‍රීතිය කියන එක භාවිතා කරනවා. එතකොට ඒ නොදැවීම සඳහා ඒක තියෙනවා, කියන එක තියෙනවා. මොකද සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක්ඛයක්. එතකොට දැන් ඒ කෑල්ල ආවා.

ඊළඟට එනවා ප්‍රීති සම්බොජ්ඣඞ්ගය. ආවයින් පස්සේ ඉතින් ඔතන පස්සද්ධිය කියන එක ඇති වෙනවා. එතකොට පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයේ තියෙන්නේ අර දුට්ඨුල්ලභාවය කියන එක පහ කරනවා කියන එකයි. එතකොට ඊර්ෂ්‍යාව කියන එක පහ කරනවා කියන අර්ථයට තමන් එනවා. ඉතින් ආකාසානඤ්චායතනය වාගේ තැන්වල එහෙම තමන් ඉන්නවා. ඕක පහ කරනවයි කියලා තමන්ගේ සිතක් ඒ ඇති කර ගත්තට පස්සේ, දැන් බලන්න දුට්ඨුල්ලභාවයේදි අර හතර ම තියෙනවා, ඊර්ෂ්‍යාවයි, මක්ඛයයි එහෙමත් තියෙනවා. නමුත් මේ ඊර්ෂ්‍යාව කියන point එක තමයි තදින් අල්ලා ගන්න ඕනේ. ඒ point එක තමන් අයින් කරනවා කියන එක තමන්ට එනවා. ඊට පස්සේ තමන් එනවා සමාධියට. සමාධියේ දී හිතන්න ඕනේ අර සුඛය වශයෙන්.

එතකොට මේ සුඛය, අරක පහ කරලා දැන් මම සුඛයෙන් ඉන්නවා. එතකොට සුඛයෙන් ඉන්නවා කියන එක ගත්තහම, අර මුදිතාවෙන් අප්‍රමාණයට යනවා කියන කතාව තමන්ට එන්න ඕන. ඒ තත්වයට ඇවිල්ලා කල්පනා කරනවා මේ මගඵල චිත්තයන් කියන ඒවා තමන්ගේ එකත් නංවලා, අනිත් අය නංවන්නා වූ ඒකෙන් නොපිරිහී පවතීවා, කියලා තමන් කල්පනා කිරීමත් තියෙනවා. එතකොට දැන් ඒ අවස්ථාවෙ දී තමන්ගේ කීමක් තියනව නේ, මේ අයට මෙහෙම කරගෙන ඉන්න කියලා. ඒ කියන්නේ පැවැත්මක් කියන එක තිබීමක් තියෙනවා.

එතකොට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයේ දී තමන්ගේ එනවා, මේකත් ලාභයක් කියලා ගන්න එපා. සාඨෙය්‍ය ඒ කියන්නේ, සාඨෙය්‍ය කියන එක පහ කරලා නේ උපෙක්ඛාවෙන් ඉන්නේ. අරකෙන් පවත්වාගෙන ඉන්නවා කියන එකත් ලාභයක් කියලා ගන්න එපා කියලා, ඒ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයේ දී එතන ඒ විදිහට පවතිනවා. එතකොට මේක දිගේ යනකොට ඒ විදිහට ම උපෙක්ඛාවට ඒ විදිහට යනවා ඉතින්. ඒ ඒ අවස්ථාවෙ දී හැබැයි තමන් ඉන්න ඕන. ඒ අවස්ථාවේ දී ඒ ඒ ධර්ම කාරණාව තියනව නේ. දැන් බොජ්ඣඞ්ග හතේ, දැන් ඒ හතේ ම ඉන්නවා. සතියෙන් තමන් ඉන්නවා, ධම්මවිචයෙන් අරක දැනගෙන ඉන්නවා. ඊට පස්සේ කියන්නේ දැන් අර කලින් කරපු භාවනාවන් ඔක්කෝම අර packet එක packet එක එතෙන්ට එන්න ඕන. ඇවිල්ලා එතෙන්දී ඒ තත්වයෙන් තමන් පවත්වලා ඉන්න ඕන.

ඉතින් ඒ උපෙක්ඛාවට ගියා ම අර සඤ්ඤාව වඩු බාස් උන්නැහේගේ කතාව එහෙම තියෙනවා නේ. සඤ්ඤාව කියන එක හොඳට ම තුනී වෙලා, තුනී වෙලා ගිහිල්ලා. තුනී වෙලා යනකොට මට ඔන්න ආපහු අර රූපයන් එහෙම පේන්න, ඒ වගේ අරගෙන, ඊට පස්සේ තමන් blank මොකුත් නැති තත්වයකට, නින්ද ගියා වගේ නිරෝධයට ගිහිල්ලා, ආපහු ඇවිල්ලා, ආයෙත් ඉතින් අර මම ඒක ම ආපහු කියනවා කියලා මෙනෙහි කළා. ඉතින් ඒක තමයි කෙටියෙන් ම කියනවා නම් ඔය භාවනාවේ අර්ථයේ තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Bojjhanga/S_Bojjhanga-08.jpg


S_Bojjhanga/S_Bojjhanga-09.jpg