ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වැනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කලින් ම කිව්වා, මේ මම කළා ජූනි මාසේ 20 වෙනිදා, සත්තට්ඨාන කුසල භාවනා 2, ඒක නැවතත් කරන්නයි කියලා. ඉතින් ඒකෙ තියෙන්නේ පංචබලයන් පංචඉන්ද්‍රියයන් බවට පත් කරමි, කියලා එතෙන්දි මම අර තථාගතයන් වහන්සේගේ පහළොස් චරණ ධර්මයන් සිහි කළා.
ඒ පහළොස් චරණ ධර්මයන්ගෙන් බැලුවහම පළවෙනි එකට අපි සීලය කියන එක මෙනෙහි කරනවා නේ. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක, ඒ කාරණා හත ම හොඳට බැලුවා ඒවා නොකරනවා නම් කොයි තරම් හොඳයි ද කියලා. ඒක කළා ම, ඒක මට එකපාරට ම ඒක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා මට ඒ මනසේ, ඔළුවේ ලොකුවට ඒ වෙනස දැනුණා.
ඒ කියන්නේ ඔය, දැන් අපි සීලය භාවිතා කරනවා නම්, ඒ දුස්සීලභාවයෙන් තමයි පරියුට්ඨානය කියන එක. පරියුට්ඨාන ප්‍රඥප්තියෙන් තමයි චේතනාව. ඔන්න ඔය කාරණාව බොහොම significant ධර්මයක්, ඒක ඊයේ ඔය භාවනාවලදිත් මට ආවා. ඒක නිසයි මේක මේ කරකැවෙන්නේ කියන එක ඊයේ පෙරේදා භාවනාවලදි ආපු එකක් තියෙනවා ඒක නිසා අර ඒ තත්වයේ මනසේ ඇති වුණා. ඒ වගේ මනස පත් වුණායින් පස්සේ දැන් මං මේ කල්පනා කළා මේ සීලය ඉඳන් මෙහා කෙළවරෙන් ඒක තියෙනවා.
ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියන එක නිසා අර චිත්තයේ ඡන්ද සමාධිය තියාගන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. එහෙනම් ඒ කෙළවරවල් දෙක.
ඊට පස්සේ ආපහු අපි තුන් වෙනි එකට එනවා, අර ආහාරයේ පමණ දැනගෙන ගන්නවා කිව්වහම උඩ, ඒ කියන්නේ අර චිත්ත ඉද්ධිපාදයට පවත්වන්න පුළුවන් වෙන්න ධර්මය, වේදනාවට react කරන්නේ නැතෙයි කියන එක. එතකොට එහෙනම් උඩ කෙළවර.
ඊට පස්සේ ආපහු, තථාගතයන් වහන්සේ දේශනා කරනවා පංචනීවරණයන්. ඉතින් පංචනීවරණයන්ගෙන් නිසා අවිද්‍යාව නේ. එහෙම නම් ප්‍රඥාව කියන එක තියෙන කෙළවර. එහෙම නම් මේ හතර කොන නේ බුදුහාමුදුරුවෝ ආරක්ෂා කරලා තියෙන්නේ කියලා, diagram එකේ. ඒක ආවහම මහ විශාල සතුටක් ඇති වෙලා, ඊට පස්සේ ආපහු ශ්‍රද්ධා කියලා ගත්තහම, අර මැද්දෙන් වැටෙන්නා වූ එක තියෙනවා නේ, blotting paper එක වාගේ, ඒවා නොවෙන්න.
ඊට පස්සේ ආපහු එනවා හිරිය කියන එක. ශ්‍රද්ධා හිරිය කියන එක දැන් සම්බන්ධ වෙනවා අර ශ්‍රද්ධාවයි හිරියයි, ඒ කියන්නේ පවු කරන්න ලැජ්ජා වෙනවා නම් ඒකත් එක්ක ම අපිට ඇති වෙනවා නිපකය කියන එක, මේ පැත්තෙන් ශ්‍රද්ධාව කියන එක තියෙන නිසා අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දීපු ඒ ධර්මයත් එක්ක සම්බන්ධ වෙනවා, අභිජ්ඣා කියන එක නොවෙන්න. ඒ කියන්නේ ආපහු ඉන්ද්‍රිය සංවරය, ඒ ඉන්ද්‍රිය අසංවර වුණෝතින් දෝමනස්සය ඇති වෙලා වෙන්නා වූ දේ, නොවෙන්න අනෙක් පැත්තෙනුත් එනවා කියන එක.
එතකොට දැන් ඊළඟට ඕතප්පය කිව්වහම පවු කරන්න බිය වීම කියන එක තියෙනවා, ඒක සතියත් එක්ක සම්බන්ධ වෙලා මට එතනින් එනවා. ඊළඟට ආපහු ගත්තහම, බහුශ්‍රැතභාවය කියන එක ඉතින් හරි නේ අර කුක්කුච්චය වාගේ දේවල් වෙනව නේ, බහුශ්‍රැතභාවය නැත්තන්, ඇසූ පිරූ තැන් තියෙනවා නම් ඕක වෙන්නෙ නෑ කියලා ඒ පැත්ත එතනින් පේන්න ගත්තා. ඊළඟට අපිට තියෙන්න ඕනි, විරිය කියන එක. ඊළඟට විරියෙන් එතකොට අර මුල කෙළවරට ම නේ ගහන්නෙ. ඊළඟට ආපහු එනවා, මේ සතිය කියන එක තියෙන්න ඕනෙ. දැන් මේකෙන් මේ විරිය, එතකොට මෙත්තාව සහගතව මෙතන පවතින්නට ඕනෙ. නැත්තන් මේක දුක්ඛයට වැටෙනවා.
ඒ පාර ආපහු එනවා ප්‍රඥාව කිව්වහම, උඩ කෙළවර. එතකොට දැන් මේ විදිහට මේක බැලුවහම අර මුල කිව්ව ධර්මය ම වටේට බුදුහාමුදුරුවෝ අර පථයකින් ගිහිල්ලා මේවා කරලා තියෙනවා. දැන් තියෙන්නේ මේ පුද්ගලයාට, අර ධ්‍යාන හතර භාවිතා කරනවා. අන්න චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය. ඒ පාර පධානියඞ්ගය හතර දිගේ මම ගියා ඔය විදිහට. ගිහිල්ලා ඉතින් මට තේරුණා මේක මහ පුදුමාකාරයි, බලගතුයි ඒ භාවනාව කියන එක, මේ විදිහට මේක පවත්වාගෙන ඉන්න ස්වභාවය කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.