බොජ්ඣඞ්ග භාවනාව මම කියලා ඉන්නම්, එතකොට දැන් මේ භාවනා තුනක් එනවා, එතකොට මේ විදිහට ගත්තහම. එතකොට ඒ බුදුපියවරු මං මේ අනුපිළිවෙළින් සිහි කළා. ඒ සිහි කළායින් පස්සේ, ඒ කියන්නෙ ශ්‍රේෂ්ඨත්වය අනුව. ඉතින් එතනින් මම ලෝභය නැති කරමි, ඒ කියන්නේ රාගයෙන් දැවීම අයින් කරනවා, ඔය විදිහට මෝහය නැති කරමි කියලා කිව්වහම අර ථීනමිද්ධය මෝහයෙන් දැවීම කියන එක පහ කරනවා කියන අර්ථයට ආවා.
එතකොට අර ලෝභ දෝෂ මෝහ diagram ඒකෙ තියෙනවා නේ දැවෙනවා කියන එක, ඒ කතාව. ඊට පස්සේ, පංචනීවරණ යටපත් කරමි කිව්වහම, පංචනීවරණයන් නිසා අවිද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට මම මෝහය නැති කරන්න නම් මම දැනගන්න ඕනි, මේ මෝහය කියන එක ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට එහෙම නම් අවිද්‍යාව නැති කරන්න ඕනෙයි කියන එක තමයි මේ කියන්නෙ. අර ඉස්සෙල්ලා කිව්වේ මෝහය නැති කරන්න, මෝහය නැති කරන්න අවිද්‍යාව නැති කරන්න, පංචනීවරණයන් යටපත් කරමි කිව්වහම. අරි අට මඟ හරහා යමි කිව්වහම sick සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් ඇති වෙනවා අවිද්‍යා ආශ්‍රවය, අර මෝහය තියෙන්නේ 1-3, ආන්න ඒක ඇති වන බව දැනගෙන මේක මගේ යැයි නොගැනීමට තමයි අරි අට මඟ හරහා යන්නෙ, සම්මා දිට්ඨිය කියන එක ගන්නවා. 1-3 වලට එන්නෙ නෑ එතකොට.
ඊළඟට සම්මා සමාධිය කිව්වහම, ධ්‍යාන හතර කියන එක, ධ්‍යාන හතර නිසා ඡන්ද චිත්ත විරිය විමංසා කියන එක 4 සලකුණ මැකෙනවා කියන එක තමා එතන තියෙන්නේ. ඊළඟට පංචබලයන් පංචඉන්ද්‍රියයන් බවට පත් කරමි කියලා කිව්වහම, මුසාවාද පරුෂා වාච එපා. එතකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක ආපහු ඔය 4 සලකුණ මැකීම නිසා ඇති වන ප්‍රඥාව තමයි මෙතන්දි භාවිතා කෙරෙන්නේ. මැකීමෙන් ඇති වන ප්‍රඥාව.
ඊළඟට ආයෙ කියනවා ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද වැඩීම කියන එක කියනවා, එතකොට ඒක මේ, මුලින් කිව්ව නේ අර, කිව්වා සම්මා සමාධියේ දී අර 4 සලකුණ මැකීම කියන එක කතා කළා නේ. ඒකෙන් ඇති වුණු සමාධිය අධික ලෙස පැවැත්වීමක් තමයි මෙතන තියෙන්නේ. ඡන්ද චිත්ත විරිය විමංසා කියලා කිව්වහම.
ඊට පස්සේ ආයෙ ඊළඟට එන කාරණය තමයි බොජ්ඣඞ්ගය වැඩීම කියන එක. බොජ්ඣඞ්ගය වැඩීම කියනකොට අර 1 යි, 2 යි, 3 යි. කබලිංකාර ආහාරය, දෙක අත්තා ඉඳන් නිත්‍යයට, තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක ඒක අපි කලින් කරා නේ, ඒ භාවනාව. එතකොට සතිය කියන එක ගත්තහම සතියෙදි එතෙන්දි ගන්නෙ ඔය එක දෙක තුන භාවිතා කරනවා කියන එකයි.
එතකොට ධම්මවිචයෙදි ගත්තා මානයයි, අවිද්‍යාවයි. මානයයි, අවිද්‍යාවයි නිසා වෙන්නා වූ ප්‍රශ්නය. අර අනුමාන සූත්‍රයේ වාගේ. එතකොට විරිය කියන එකේ දී ගත්තහම අර උඩ කෙළවරට එනවා, කබලිංකාර ආහාරය සඤ්ඤාව මගේ නොවෙන්න, අර රූපය ස්පර්ශ නොවෙන්න, පල්ලෙහාට නොයන්න, ඊළඟට ථීනමිද්ධයෙන් කොසජ්ජය එතකොට සංස්කාර මගේ නොවෙන්න කියලා තුන් ආකාරව ම විරියක් එතන එනවා. රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න කියලා.
ප්‍රීති සම්බොජ්ඣඞ්ගය කිව්වහම, දුක වේදනාවෙන් දැවීම කියන එක තමයි වළකන්නේ.
ඊට පස්සේ ගත්තහම පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය කියලා කිව්වහම, මේ අර ඊර්ෂ්‍යාව කියන තැනට අපි දන්නවා, ක්‍රෝධයෙන් මක්ඛය, මක්ඛයෙන් ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව නොවීමට, ඒ කියන්නෙ දුට්ඨුල්ලභාවය පහ කිරීමට, මේක සඳහා අපි කරන්නේ පසු සඤ්ඤාව, ඒ කියන්නේ මක්ඛය, වේදනාව නිසා ඇති වන මක්ඛ කොටස, අන්න ඒ කොටස පහ කළ යුතුයි. මෙතෙන දී මේ වේදනාව කියලා කියන්නේ මේ කායික ප්‍රීතිය. දෙවනි ධ්‍යානයේ තිබෙන්නා වූ ප්‍රීතිය තමයි මේ කතා කරන්නේ.
ඊට පස්සේ සමාධි සම්බොජ්ඣඞ්ගය කියලා ගත්තහම, සුඛ වේදනාව මගේ යැයි නොගැනීම සිදු කරනවා, සමාධි සම්බොජ්ඣඞ්ගයෙන්. එතකොට එතෙන්දි අපි දැනගන්නවා මේ උද්ධච්චය, මක්ඛය, කුක්කුච්චය, ඔන්න ඔය කාරණා තුන නිසා තමයි, මේක ඇති වෙන්නේ කියන එක දැනගෙන පහ කරන්න ඕනෙ. ඒ කියන්නෙ මේ සුඛය කියන එක, වේදනාව මගේ කියලා ගැනීම කියන එක උද්ධච්චයයි, මක්ඛයයි කුක්කුච්චයයි, ඔය තුනෙන් ඇති වෙන්නෙ කියන එක. එතකොට මුදිතා අප්‍රමාණයේ දී තම ඵල චිත්තය නංවලා අන් අය නොපිරිහේවා යැයි කියලා කියනවා නේ. මෙහි දී එම අයට එහෙම ඉන්නෙයි කියලා කියනවා නේ. අන්න ඒක පහ කිරීමෙන් තමයි උපෙක්ඛාවට යනවා කියන එක තියෙන්නේ. එතකොට ඕක තමයි නම වෙනි බොජ්ඣඞ්ග භාවනාව.
එතකොට මේ දහ වෙනි බොජ්ඣඞ්ග භාවනාවෙදි ඔය විදිහට ගිහිල්ලා ඊයේ වාගේ බොජ්ඣඞ්ගය මම සිහි කරලා පළවෙනි ධ්‍යානයේ ඉඳන් දෙවෙනි ධ්‍යානයට යන්න උදව් උපකාර වෙන ධර්ම කාරණාව මොකක් දැ යි කියන එක විමසුවා මං, පළවෙනි ධ්‍යානයේ ඉඳන් දෙවෙනි ධ්‍යානයට යන්න.
එතකොට ඒක විමසුවහම මට එනවා, අර සුභයට නිත්‍යයි එකතු නොකළ යුතු ය කියලා. සුභයට නිත්‍යයි කියලා එකතු කළොතින් ඒක නිසා ඒ අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා, ඒ අවිද්‍යා ආශ්‍රවයෙන් අපි කාම ආශ්‍රවය කියන එකට වෙනවා. මෙතෙන්දි ආව මට මෙහෙම අපි එකතු කිරීම කියන එක සිද්ධ වෙන්නේ, පෙර පුරුද්ද හින්දා. ඒ කියන්නේ සංස්කාර පෙර මගේ යැයි ගත්ත නිසා.
එහෙම නම් මේ රාග සල්ලය නොවෙන්න ඕනෙයි කියන එක මට මෙතන්ට එනවා. රාග සල්ලය වීමෙන් තමයි අර රූපයට අපි නැවත නැවතත් අර එකතු කිරීම කියන්නේ. මෙතනින් මේ පොඩියට එකතු වෙන එක මෙතනින් ලොකුවට ඇවිල්ලා තියෙනවා.
එතකොට මෙතනින් මේ කාම ආශ්‍රවයට ආවා, කාම ආශ්‍රවය කියන එක දැන් අපි දන්නවා අර සුඛයත් එක්ක සම්බන්ධයි. දුක්‌ඛෙ සුඛන්ති විපල්ලාසයත් එක්ක වෙලා නේ මෙතන ඇවිල්ලා තියෙන්නෙ කාම ආශ්‍රවය. එතකොට මෙතනින් පල්ලෙහාට එනවා කාම ඕඝය, රාග සල්ලය කියලා. එතකොට, රාග සල්ලය නොවෙන්න නම් ඡන්ද සමාධිය කියන එක පැවැත් වෙන්න ඕනෙ. එතකොට අර උඩ මෙන් ම යට බැලීම කියන එක, ඒක මම කරා අර දෙතිස් කුණපය කියන එක, ඒක පවත්වනවයි කියන එක. ඒක තමයි භාවනාව. මිනිත්තු 40ක් ගියා ඒ භාවනාවට.
ඊට පස්සේ මේ අද, බොජ්ඣඞ්ග භාවනාව එකොළොස් වෙනි එක, එතෙන්දිත් මං මේ බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියා බුද්ධ, ධර්ම, සංඝ තුන ම වෙනවා ය කියලා. ශ්‍රේෂ්ඨතම පළවෙනි බුදුපියා වශයෙන්. එතකොට දෙවනි බුදු පියාත් ඔය විදිහට සිහි කළා. ඔය විදිහට දාහතර නම ම මේ විදිහට අනුපිළිවෙළින් සිහි කරලා,
ඊට පස්සේ පන්සිල් ගැනීමේදි සම්මා දිට්ඨිය අර අරි අට මඟ හරහා යනවා කියන එක, සම්මා සමාධි, චතුත්ථධ්‍යානයට යෑම දක්වා සිහි කළා. ඊට පස්සේ මං ඊයේ භාවනාව ආපහු සිහි කරලා බැලුවා ඒක බොහෝ ම සැපයි ඒක ඒ විදිහට බැලුවයෙන් පස්සෙ, දැන් මේක වැටහීම තියෙනවා.
ඊට පස්සේ දැන් මං අද කල්පනා කළා, මේ දෙවෙනි ධ්‍යානයේ ඉඳන් තුන් වන ධ්‍යානයට යෑම කියන එක. අත්තා වීම කියන එක, එනම් සුඛයට අත්තා යැයි එකතු කිරීම නොකළ යුතු ය කියන එක තමයි එන්නෙ. ඒ කියන්නෙ අර 3 සුඛය, 4 පරාමාසය, 5 අත්තා කියන කතාව. අන්න ඒක නොකිරීම. එතකොට මෙතෙන්දි මේ සුඛය කියලා කියන්නේ කායික ප්‍රීතිය නිසා ඇති වූ දෙයක්. කායික ප්‍රීතිය නිසා ඇති වූ සුඛය ගැන තමයි මේ අපි කතා කරන්නේ. මගේ යැයි නොගැනීම මගින් තුන් වෙනි ධ්‍යානයට යනවා.
එතකොට දැන් පෙර සුභයට නිත්‍යයි කියලා එකතු කරගත්ත ඇති වෙච්චි ඡායාව තියෙනවා නේ shadow එක. ආන්න ඒක දැන් සුඛය බවට පත්වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ පරාමාසයේ ඉඳන් පහළට වීමෙන් ඒ අත්තා වීම කතාව තියෙනවා, මෙහෙම වෙන්න නම්, මට තේරුණා මේක නිකන් ම වෙන්න බෑ, මෙතන මේ ඉදංසච්චාභියේ ඉඳන් භය අගතියට යනවා නේ. ඒ භය අගතියට ගිහිල්ලා, ඒක හරහා වේදනාවට ගිහිල්ලා වේදනාවෙන් චේතනාවට වෙලයි මේක සිද්ධ වෙන්නෙ. මේ කතාව.
ඒ කියන්නේ මෙතනින් පල්ලෙහා අත්තා වෙන්න තුන් කාරණයක් තියෙනවා නේ. සුඛයෙන් මේ පැත්තට එන එකයි, මෝහයෙන් සංස්කාර මේ පැත්තට එන එකයි, චේතනාව තුනයි. එතකොට මේ දෙක දැනට අපිට පැහැදිලිව ඇවිල්ලා තියෙනවා, මේ උඩ ඉතුරු වෙන එක මේ භය අගතියට ගිහිල්ලා මෙහෙම මේ path එක හරහා සිද්ධ වෙනවා කියලා.
ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා කිව්ව තැනක් ඒක. එහෙම වුණාට පස්සෙ, ඒ කියන්නෙ මේ භය අගතියේ ඉඳන් වේදනාවට පාරයි, වේදනාවේ ඉඳන් චේතනාවට පාරයි හරහා තමයි මේක සිද්ධ වීම තියෙන්නේ.
එතකොට දැන් අපි මේ A සහ B හරහා මේක මේ විදිහට අපි දැන්, මං කිව්වෙ දැන් පාරවල් දෙක, භය අගතියේ ඉඳන් වේදනාව, වේදනාවේ ඉඳන් චේතනාව හරහා වීම වැළැක්වීමෙන් තමයි මේ අත්තා යැයි නොගැනීම සිද්ධ වෙන්නෙ. මේ දෙක වැළැක්වීමෙන්, භය අගතියේ ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට යන දෙක තමයි, ඒක වැළැක්වීමෙන් තමයි, තමන්ට මේ අත්තා යැයි නොගැනීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට මේ සුඛ සහිතව තුන් වෙනි ධ්‍යානයේ ඉඳන් විඤ්ඤාණඤ්චායතනය දක්වා යන්න පුළුවන්, මේ විදිහට කළා ම.
ඉතින් ඒක තමයි ඒ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්