මේ අද භාවනාවෙදි උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරලා ඒ බුදුපියවරු ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා. මණ්ඩලාධිපති බුදු පියාගේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. එතකොට මට ලෝභයෙන් පටන් ගන්නයි කියලා කිව්වා.
එතකොට ලෝභ දෝස මෝහ diagram එක අනුව මම ලෝභය ඇති වීම කියන එක බැලුවා. ඒ කියන්නේ තණ්හාව කියන belt එක ලාභය නිසා තමයි ඇති වෙන්නේ. ලාභමච්ඡරිය තියෙනවා නේ. ඒකත් එක්ක මෙතන ඇති වෙනවා. දැන් මට අර ගාථාව මතක් වුණා.
ඒ ගාථාවේ තියෙන්නේ “ලාභ කම්‍යා න සික්ඛති” කියලා. එතකොට ඒකෙදි කියන්නෙ මේ ලාභය නිසා නෙමේ මෙයාගේ ශික්ෂාව කියන එක තියෙන්නේ. දැන් පිරිකර අරවා මේවා ලැබෙනවා කියලා ලාභයන් එහෙම තියෙනවා නේ. ඒක නිසා නෙමේ ශික්ෂාව පවත්වන්නේ. “අලාභෙච න කුප්පති” කියලා කියනවා. අලාභ වුණයි කියලා එයා කුපිත වෙන්නෙ නෑ කියන එක, නෑයි කියලා, මට පිරිකර හම්බවුණේ නෑ දන් මේවා හම්බවුණේ නෑ කියලා.
එතකොට ඔන්න ඔය පදයට අපි කියමු A කියලා එතකොට A කියන area එක තමයි මේ පෙන්නන්නේ වේදනාවේ ඉඳන් වම් අත පැත්තට තියෙන්නා වූ, උඩට තියෙන්නා වූ quadrant එක. එතකොට මේක වේදනාව වටේ මේවා හතරකට බෙදෙනවා. එතකොට වේදනාවේ ඉඳන් සඤ්ඤාවේ ඉඳන් එහා පැත්තට B කියලා ගන්නවා. එතකොට වේදනාවේ ඉඳන් පල්ලෙහාට තියෙන කොටස, දකුණු අත පැත්තේ මෝහය පැත්තේ තියෙන කොටස C කියලා ගන්නවා, වේදනාවේ ඉඳන්, ඔය ජාතියේ ඉඳන් ජරාවට යන ඒ සහිත වූ ඒ කොටස, quadrant එක ම ගන්නවා D කියලා. එතකොට වේදනාව හතරකට බෙදෙනවා.
ඊට පස්සේ මේ ගාථාවේ දෙවෙනි පදයේ තියෙනවා “අවිරුද්ධො ච තණ්හාය” කියලා. තණ්හාව නිසා, මේ, තණ්හාව විරුද්ධ වෙන්නෙ නැතෙයි කියන එක. දැන් තණ්හාව විරුද්ධ වෙනව නේ දැන් ඔයාට, යම්කිසි දෙයක් දෙනකොට හරි තණ්හාව ඕකට විරුද්ධභාවයක් තියෙනවා. ඒක දෙන්නෑ. එහෙමත් නැත්තන් ඔයාට තියෙනවා තණ්හාවේ විරුද්ධභාවයක් ඔයා කෑමක් නොකා ඉන්නවා කියලා හිතනවා කියන්නකො, කෑමක් නොකා ඉන්නවා කියලා හිතුවට ඔයාගෙ තණ්හාව, දැන් diabetic හින්දා හරි ඔයා නොකා ඉන්නවා කියලා හිතුවට ඔයාට තණ්හාව නිසා, එයා විරුද්ධ වෙනවා ඔන්න ඔහෙ කන්න, කෑවට කමක් නෑ කියලා. තණ්හාවෙන් විරුද්ධ වෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ අවිරුද්ධො ච තණ්හාය කියන එක A නිසා B නොවෙනවා කියන එකයි ඒ කියන්නේ.
ඊළඟ පදේ තියෙනවා “රසෙ ච නානු ගිජ්ජති” කියලා. ඒ කියන්නේ රසය, කියන එක අනුව, ඒ ගිජු වෙනවයි කියන එක, ඒකට යන්නේ නැතෙයි කියන එකයි. ඉතින් ඒකෙ අර්ථය තමයි, ඒක ගත්තොතින් අපි, ඒ කියන්නෙ C කියන එකට, ඒ කියන්නෙ D නිසා C නොවන්නේ ය කියන එක තමයි කියන්නේ. D කියලා කිව්වෙ අර පල්ලෙහා නන්දිරාග සහගත ස්වභාවය නේ රසය කියන එක තියෙන්නේ, ඒක නිසා, D නිසා C නොවන්නේ ය කියන එක තියෙනවා. එතකොට මේ ගාථාවේ තියෙන්නේ A නිසා B නොවනවාය, D නිසා C නොවනවාය, කියන එක තමා මේකෙ ගාථාවේ තියෙන්නේ.
එතකොට තවත් ගාථාවක් තියෙනවා. “සාතියෙසු අනස්සාවී” කියලා. ඔය සාතියෙසු කියලා කිව්වහම, සාතියා කියලා කියන එකේ තියෙන්නේ, ඔය අපේ තියෙනවා නේ පංචකාම ගුණයන්. අනස්සාවී කිව්වා ම දුවනවා. පංචකාම ගුණයන් නිසා දුවනවා කියන කතාවයි තියෙන්නේ. අර තණ්හාවෙන් දුවනවා ඒකත් එක්ක. Running එකක් තියෙනවා. එතකොට A නිසා B නොවන්නේ ය කියන එක තමයි මේ පෙන්නන්නේ.
“අතිමානෙ ච නො යුතො,” ඒ කියන්නේ අති මානයෙන් යුක්ත වෙන්නේ නැහැයි කියන එක නේ නො යුතො කියලා කියන්නේ. ඒකේ කියන්නේ B නිසා C නොවන්නේ ය කියන එකයි ඒ කියන්නේ. “සණ්හො ච පටිභානවා,” සණ්හො ච කියලා කිව්වහම, සණ්හො ච කියන්නේ මෘදුභාවය කියන එක. මුදු අනතිමානී කියනකොට අපි මතකයි නේ. එතකොට පටිභානවා කියලා කිව්වහම ඒක තුන් ආකාරයකට විස්තර කරන්න ඕනි, ඒ කෙනෙක්, පුද්ගලයෙක්, ඒ කියන්නේ ධර්මය කියන එක ඒ මනුස්සයා හොඳට අහලා තියෙනවා, learned much, එතකොට ඒක නිසා එයාට ධර්මය වැටහීමක් කියන එක එනවා.
තවත් එකක් තියෙනවා, ඒ පුද්ගලයා ධර්මය කියන එකට සම්බන්ධව ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඇහීම නිසා එයාට ඒකෙ ධර්මය වැටහීමක් තියෙනවා. තුන් වෙනි කාරණේට පෙන්නනවා ඒ සතිපට්ඨානය, අරි අට මඟ මේවා ඔක්කෝම එයා දරනවා, possessed. එතකොට ඒක නිසා ඒ පටිභානෙ කියන එක වෙනවා කියලා.
එතකොට දැන් මෙතන මේ පෙන්නන්නේ, සණ්හො ච පටිභානවා කියලා කිව්වහම අර ලාභය නිසා මුසා වෙනවා කියන අර්ථය තියෙනවා නේ, අන්න ඒක ඒ කියන්නේ A නිසා B නොවීම කියන එක තමයි මේ මෙතනින් පෙන්නන්නේ.
ඊළඟට පේනවා “න සද්ධො න විරජ්ජති” කියලා. එතකොට ඒ කියන්නෙ මේ ශ්‍රද්ධාව නිසා නෙවේ, විරජ්ජතිය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සැරියුත් හාමුදුරුවන්ගෙන් එහෙම අහනවා බුදුහාමුදුරුවෝ සාරිපුත්තය ශ්‍රද්ධාව කියන එක නිසා නිර්වාණය ඇති වෙනවා කියලා දන්නවා ද? සතිය, මේක නිසා මෙහෙම දන්නවා ද? ඒ පාර කියනවා සැරියුත් හාමුදුරුවෝ, මේ, බුදුහාමුදුරුවන් ගැන ශ්‍රද්ධාව නිසා නෙමෙයි, මම මේක අවබෝධ කරගත්ත නිසා, මට මෙහෙමයි කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධාවට ඉක්මවා ගිහිල්ලා, ඒ කියන්නේ ශ්‍රද්ධාවට වඩා, අතන තමන් අවබෝධය නිසයි මේක කියන්නේ. ප්‍රඥාව ඇති වෙලා,
එතකොට විරජ්ජති කිව්වහම මතක තියාගන්න, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක දැනගෙන තමයි විරාගය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒකෙන් පෙන්නන්නේ B නිසා D නොවන්නේ ය කියන එක. අන්න ඒක තමයි භාවනාවට ගත්තේ, ඉතින් මේ ඔය පළවෙනි ගාථාව මම කරපු වෙලාවේ දී ඒක ඒ විදිහට ම, ලාභ කම්‍යා න සික්ඛති කියන එකට නේ මම ආවේ, අන්න ඒ ගාථාව කරපු වෙලාවෙ අර උපශාන්ත බව කියන එක එහෙම ම මගේ මනසේ පැවතුණා. ඒක really experienced ඒක, ඒ විදිහට.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්