එතකොට ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා ම අනුපිළිවෙළින් ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව බැලුවා. මණ්ඩලාධිපති බුදුපියා බුදුන්, දහම්, සඟුන් කියන තුන ම වෙනවා කියන අර්ථයෙන්.
එහෙම බලලා, ඊට පස්සේ මං පන්සිල් ගැනීම කරගෙන යනකොට, අර චතුත්ථධ්‍යානයට යමි කියලා කියන තැනින්, එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට ඒක සඳහා මං බලනවා එහෙම නම් ප්‍රථමධ්‍යානයට කෙනෙක් යන්න ඕනෙ ඉස්සෙල්ලා ම. ඒ පාර මං අර, ඒ දෙතිස් කුණපය, ඇටසැකිල්ල කියන එක ඉතින් මෙනෙහි කළා ම ඉතින් එතෙන්දි ප්‍රීතිය සහිතව, ප්‍රථමධ්‍යානය කියන එක පැවතුණා.
ඒ ප්‍රීතිය සහිතව ඒ ප්‍රථමධ්‍යානයට ආවට පස්සේ, කල්පනා කළා මෙතන ඉඳන් දෙවෙනි ධ්‍යානයට යන්නේ කොහොම ද කියන එක. එතකොට දැන් ඔය පළවෙනි ධ්‍යානයේ දී අපි තේරුම් ගන්නවා, මේ රූපය කියන එක මේ ආකාරයි, මේක නිසා ඇති වෙන්නේ විපරිණාම දුක්ඛතාවයක් කියන එක අපි තේරුම් ගැනීම, තමයි ඒ ප්‍රථමධ්‍යානයේ තියෙන්නෙ.
එතකොට, ඔය දෙවෙනි ධ්‍යානයට යනවා කියලා කිව්වහම, දැන් පළවෙනි ධ්‍යානයේ දී අපි ගිහිල්ලා අර මෛත්‍රියෙන් අප්‍රමාණයට යනකොට, කාය කොටස සම්බන්ධයෙන්, මනුස්සයෝ මේ විදිහට දුකට පත් වෙනවා කියන අර්ථය දැනගෙන අර ඡන්ද සමාධියක්, අපි ඇති කරගන්නවා නිර්වාණයට, එතකොට අර රාග සල්ලය කියන එක නැති වෙනවා. අර රූපය අල්ලගෙන ඉන්නවා කියන එක.
ඊට පස්සේ අපි මේ දෙවෙනි ධ්‍යානයට යනකොට, එතෙන්දි අපි බලන්නේ අර වේදනානුපස්සනාවටයි එන්නෙ. එතෙන්දි බලන්නෙ මේ රූපය නිසා ඇති වුණා වූ, ඒ වේදනා කොටසක් තියෙනවා. දැන් ඒකෙන් මිදෙන්නෙයි කියලා තමයි අර සත්වයන්ට අර මෙත්තාව එහෙම පැවැත්තුවේ. දැන් එතකොට දැන් මේ වේදනාවේ වෙනස් වීමක් කියන එකක් තියෙනවා. එයා හිටියෙ අර විපරිණාම දුක්ඛතාවයක. විපරිණාම දුක්ඛතාවයක ඉඳන් දැන් මෙයා යන්නෙ දුක්ඛ දුක්ඛතාවය කියන එකට. ජරාවේ ඉඳන් එහා පැත්තට තියෙන කොටස, දුක්ඛ දුක්ඛතාවය ඔය ව්‍යාධිය එහෙම තියෙන කොටසට තමයි මෙයා යන්නෙ.
එතකොට මේ වේදනාවේ වෙනසක්, කියන එක තියෙනවා කියලා මේක තේරුම් අරගෙන තමයි, මේ පුද්ගලයා අර මෙත්තාව තවදුරටත් පවත්වනවා, ඒ වේදනාව කොටස සඳහා. ඒ කියන්නෙ සත්වයෝ මුලින් කය නිසා දුක් වින්දා ය කියලා මෛත්‍රිය අප්‍රමාණයට යනකොට තිබුණා. ඊට පස්සේ, අර දෙවෙනි පාරට වේදනානුපස්සනාවෙන් ගිහිල්ලා ආපහු මෙත්තාවට යන එක තියෙනවා නේ, බ්‍රහ්ම විහාරයට. අන්න ඒ විහාරයට යන එකේදි තියෙන්නේ මේ වේදනාව සම්බන්ධයෙන්. මේ පුද්ගලයා මේ විදිහට මේ දුක් වේදනාවන්, දුක් විඳිනවා ය, විපරිණාම දුක්ඛතාවයෙන් දුක්ඛ දුක්ඛතාවයට යනවා ය කියලා, වේදනාව සම්බන්ධයෙන් තියෙන්නා වූ කොටස සඳහා සත්වයන්ට මෙත්තාව පවත්වනවා. කයට නෙමෙයි, වේදනාවට.
ඊළඟට ගත්තහම, ඒ දෙක තේරුණා ම, ඉතින් දැන් ඊළඟට අපි යනවා ඒ තුන් වෙනි එකට, තුන් වෙනි ධ්‍යානයට. ඒ තුන් වෙනි ධ්‍යානයට යනකොට අපිට පේනවා, මෙතෙන්දි, මේ පුද්ගලයා දැන් මේ යන්නේ දුක්ඛ දුක්ඛතාවයෙන් සංස්කාර දුක්ඛතාවයට. මේක මේ මැරෙනවා ය කියන එක සිද්ධ වීම කියන එක අපි දැකලා තියෙනවා මේ වෙලාවෙදි. සංස්කාර දුක්ඛතාවය ඔතනින් එහා පැත්තට නේ තියෙන්නේ.
එතකොට මෙන්න මේ දුක්ඛතාවය දැකලා තමයි අර, ඒ තුන් වෙනි ධ්‍යානයට අපි ගමන් කිරීම තියෙන්නේ. මෙතෙන්දි ගන්නේ, අර වේදනාවේ වෙනස නිසා, ඒ කියන්නේ විපරිණාම දුක්ඛතාවයේ ඉඳන් දුක්ඛ දුක්ඛතාවයට තිබෙන්නා වූ කොටස සම්බන්ධයෙන්, සඤ්ඤාවේ වෙනසක් තියෙනවා. ඒ සඤ්ඤාවේ වෙනස සඳහා තමයි, මෙතෙන්දි අපි පවත්වන්නේ. එතෙන්දි අර මුදිතාව කියන එක අපි භාවිතා කරනවා. ඒ කියන්නේ, අර මගේ කියලා අරගෙන මේ සඤ්ඤාව කියන එක මගේ කියලා අරගෙන තමයි මෙතන ඇති වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ දී අපි බලන්න ඕනි, මේ පුද්ගලයා අර මම හිටියෙ විපරිණාම දුක්ඛතාවයේ ඉන්නකොට හිටියෙ අපි දුකේ හිටියෙ, දැන් අපි තවත් දුකට පත් වෙලා. අපි හිටියෙ මෙහෙමයි, දැන් අපි මේ තත්වෙට පත් වෙලා කියලා අර සඤ්ඤාවෙන් දැනගැනීමක් තියෙනව නේ, අනේ අපි කබලෙන් ලිපට වැටුණා වාගෙ, අන්න ඒ සඤ්ඤාවේ වෙනසට තමයි, මෙතන මේ භාවනාව කියන එක කෙරෙන්නේ.
එතකොට ඒ සඤ්ඤාවන් කියන ඒවා ඒ මගේ කියලා නොගැනීම කියන එක නේ අපි යන්න හදන්නෙ, මුදිතාව කියන එකට. යනකොට ඉතින් මෙන්න මේ විදිහට තමයි භාවනාව කියන එක කළේ. එතෙන්දි මට තේරුණේ මේ සතිපට්ඨානයේ අර සතියයි කියලා කිව්වහම අපි ගන්න අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා, කියන එක. මේ මෙතන තියෙනවා ය, මුළු කාරණා තුන ම. මොකද්ද, පළවෙනි එක කබලිංකාර ආහාරය කායානුපස්සනාව, ඒ ජාතියේ ඉඳන් ජරාවට යනවා ය කිව්වහම වේදනානුපස්සනාව, අත්තා ඉඳන් නිත්‍යට යනවා කිව්වහම, ඒ චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන දෙක ම, එතෙන්ට වැටෙනවා කියන එක, ඒක මේකෙන් මේක හැදිලා තියෙනවා කියන එක මට ලස්සනට ආවා.
ඒක තමයි භාවනාව.