Date: 09/01/2014 Name: Upasantha Bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරලා, ඒ සිහි කරන්න ගත්තා ඉතින් බුදුපියවරු අනුපිළිවෙළින්. ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව. ඒ බුදු පියවරුන් මම මේ මෙනෙහි කරනකොට ඒ එක බුදු පියෙක්ගේ ළඟ මං පොඩ්ඩක් නතර වෙලා ඒ, පළවන ශ්‍රේෂ්ඨ ම බුදුපියා වශයෙන් ඔහොම ගියා.

එහෙම ගිහිල්ලා ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා වඩා ගත්තහම එතන, මට ආවා අර අලෝභ අදෝස අමෝහ කියන එකත් එක්ක අර කලින් උපසමාධිට්ඨානයට එනකන් ගිය භාවනාව තියෙනවා නේ, ඒක මට ටිකක් මතක් වුණා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියලා ඒකත් එක්ක ම මෙතෙන්ට මට රහතන් වහන්සේ කිව්වා “පටන් ගන්නෙයි, කියලා මෙන්න මේ අර ලාභ කම්‍යා න සික්ඛති කියන ඒ ගාථාවත් එක්ක” කරන එක.

එතකොට “අලාභෙච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය, රසෙසු නානු ගිජ්ජති” කියන එක. ඉතින් එතෙන්දි ඉතින් ලාභය කියන එක මම බැලුවා අර පළවෙනි කොටුව K කියන කොටුව නේ, ඕකෙ තියෙන්නේ. ඉතින් ඒ ලාභ වුණහම, අලාභ වුණහම මනුස්සයෝ upset වෙනවා, කුපිතභාවයට පත් වෙනවා, තරහා යනවා මෙහෙමයි කියන එක, එතනින් පල්ලෙහාට යනවා කියන එක තමන්ට අකැමැති අරමුණ, ඉතින් මේක, මේ K කියන කොටුව තමයි මේකෙ හැදෙන්නේ කියන එක එතන බැලුවා.

ඊළඟට “අවිරුද්ධො ච තණ්හාය” කියලා කිව්වහම, එතෙන්දි බැලුවා, තණ්හාව අපිට හරියට විරුද්ධ වෙනවා. දැන් මොකක් හරි එකක් දෙන්න හදනකොට වුණත් තණ්හාව තමයි විරුද්ධ වෙන්නේ, ඒ දෙන මනුස්සයාට ඒක නොදෙන්න. ඊළඟට ගත්තහම තණ්හාව විසින් විවිධාකාර විදිහට අපිව දැන් තරහ ගිහිල්ලා තියෙනකොට කෙනෙක්, ඒ මනුස්සයා කැමති නෑ නේ කවුරු හරි ඉල්ලුවහම මොනවක්වත් දෙන්නවත් කැමති නෑ නේ, ඒ තරහ ගිහිල්ලා තියෙන්නේ. එතකොට එයාට අලාභ වෙලා තියෙන හින්දා ඒ කුපිතභාවය, ඒක නිසාත් එයා දෙන්නෙ නැතිකම තියෙනවා.

ඊළඟට ගත්තහම එතකොට මේ තණ්හාව කියන එක මොකක් දැ යි, කියන එක ඔතනදි මම කල්පනා කළා ම ඉතින් තණ්හාව කියලා කිව්වහම මේ නාමරූපය, කියන එක තමයි එන්නෙ, ඒ කියන්නේ අර වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා එතකොට මේ පැත්තෙන් අර ස්පර්ශය කියන එක තියෙනවා, මේ පැත්තෙන් නාමරූපය කියන එක තියෙනවා ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නෙ K නිසා L වෙන්නෙ නැහැයි කියන එක පෙන්වන්නෙ. එතකොට ඒ නාමරූප වට කතාවට එන්නෙ නැතෙයි කියන එක.

ඒ “රසෙසු නානු ගිජ්ජති” කියලා කිව්වහම ඉතින් අපි දන්නවා අපි අර නන්දියේ තියෙන මේක තියෙනව නේ, ඒක හරහා ගිහිල්ලා නේ ධම්මමච්ඡරියට යන කෑල්ල තියෙනවා නේ, ඉතින් ඒක නිසා තමයි මේ තමන් ඇලිලා ඉන්නවා කියලා කිව්වහම, ඒ කියන්නෙ තමන් අර නාමරූපයේ අර උඩ කොටසට ම තමයි, ඔයා ඔය පල්ලෙහායින් ඇලිලා තියෙන්නේ, අගයක් දීලා තියෙන්නේ. ඒකෙන් ඔයා කුලයක් හදාගෙන තියෙනවා මෙන්න මෙහෙම හිටියහම සැපයි, මෙහෙම හිටියහම හොඳයි කියලා කුලයක් හදාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ කියන්නේ අර, M නිසා N වෙන්නෙ නැතෙයි කියන area එක ඔතන පෙන්නනවා පල්ලෙහායින්. එතකොට ඔය රසය නිසයි මේක මේවා කරන්නේ ඉතින් අපි එක එක රසයට ඉතින්, අර තිත්ත රසයෙන් කර රසයට යනවා, ඔය විදිහට එහෙම ගිහිල්ලා තමයි මේ කතාව ඇති වෙන්නෙ කියලා.

ඉතින් මේ අවස්ථාව වෙනකොට මට අර උපශාන්ත භව කියන එක හරීයට තියෙනවා. ඒක පුදුමයි ඒ ගාථාව කළහම ඒ විදිහට ම ඒක ඇවිල්ලා තියෙනවා. දැන් ඔය දෙවනි පාරටත් මට ඕක සිද්ධ වුණා. එතකොට ඉතින් දැන් මේ උපශාන්ත බව මෙහෙම තියෙනකොට මම කල්පනා කළා මොකද මේ මෙහෙම වෙන්නේ, මේක මේ, ඒ වේදනාව වටා තියෙන ටික මේවා වෙලා මේක flow වෙන්නේ නෑ. මේක දුවන්නෙ නැතිකම හින්දා තමයි මෙතන තියෙන්නේ, ඉතින් මෙතන තියෙනවා, අර දුක්ඛයේ කොටස කියන එක මෙතන තියෙනවා. දුක්ඛයේ අර්ථය ඔතන තියෙනවා කියන එක මට හොඳට පේනවා මොකද පල්ලෙහායින් ජාතියේ ඉඳන් ජරාවට යනවා විපරිණාමය, M කොටුවේ ඒක, N කොටුවේ තියෙන්නේ දුක්ඛ දුක්ඛතාවය. මෙතන ඉඳන් මෙතන්ට තමයි මනුස්සයෙක් යන්නෙ මේ දුකයි කියන අර්ථය මෙතන තියෙනවා කියන එක, ඒ අර්ථය තියෙන එක්කෙනාට තමයි මේක, උපශාන්තභාවය කියන එක ඇති වෙන්නේ.

එතකොට එහෙම වෙලා ඉතින් මට එතෙන්දි ඇහුණා, මෙතන මේ පපඤ්ච සඞ්‌ඛා කියලා වචනේ ඇහිච්ච ගමන් මං කල්පනා කළා අර පපඤ්ච කොටසට මම ගියා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ නේ පපඤ්චයන් තියෙන්නෙ සඤ්ඤා සඞ්‌ඛා නිසා නේ, මේවා කරන්නෙ. ඉතින් ඒ කෑල්ල මම බැලුවහම, එතකොට මම කල්පනා කළා මෙතනින් පල්ලෙහාට එනවා නම් අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන්නෙ, ඒක, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන එක නේ මේ පැත්තෙන් පල්ලෙහාට මේක තියෙන්නෙ. එතකොට මං එතෙන්දි බැලුවා මේ කෑල්ල නැති වෙනවා නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. ඒ කියන්නෙ ඉදංසච්චාභියේ ඉඳන් භයෙන් අගතියට යනවා කියන එක.

එතකොට ඒ වුණාට මට තේරෙනවා මගේ මනස හරි active. එතකොට මේකෙ මේවා එකක් හොයනවා කියන එක. එතකොට මොකට ද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, මේවා ඉතින් මාන්නයන්, යම්කිසි මාන්නයක් සඳහා තමයි මෙතන මේක තියෙන්නේ. එතකොට ඒ මානය කතාව බැහැලා යනවා නම් තමයි මේක සිද්ධ වෙන්නෙ කියලා.

ඉතින් ඔතනින් ඒ පාර මට තේරුණා, මේ active වෙනවයි කියන එකේ, මේකෙ මේ සමුදයක් අස්තංගමයක් තියෙනවා, මේකෙ නිත්‍යභාවයක් නැතෙයි කියන කතාව උඩින් මට පේනවා. ඒ කියන්නේ අර ප්‍රඥා විමුක්තිය කොටස මට දැන් එතන හොඳට ඇති වෙලා ඒක තියෙනවා.

ඒ ප්‍රඥා විමුක්තිය ඇති වෙලා තියෙන වෙලාවෙදි මම කල්පනා කළා, මේකත් මට ඕනෙ නැතෙයි කියන එක, ඒ කියන්නෙ මේකත් මගේ කියලා ගන්නෙ නැතෙයි කියන අර්ථය එනකොට අර, අතනින් අර අත්තා කියන කතාව එතනින් කැපිලා යනවා. එතනින් කැපිලා ගිහිල්ලා ඉතින් අර උපෙක්ඛා අප්‍රමාණය කියන එක හොඳට පවතිනවා. එතකොට දැන් මං කල්පනා කළා, ඉතින් මේ දෙකයි එතකොට නිරෝධයට යනවා නම් අර C කියන කෑල්ල එතනින් කැපෙන්න ඕනෙ. එතකොට ඒ C කියන කෑල්ල කැපෙනවා කියන එකෙන් මම කල්පනා කළා, මේකෙ කැපෙනවා කියලා කිව්වහම මං මේ කතා කරන්නේ මේ ජීවත්ව ඉන්න තාක් පවතින්නා වූ ශරීරය පවතිනකන් පවතින්නා වූ නිරෝධය. ඒක permanent එකක් නෙවේ.

ඒක තාවකාලික දෙයක් ය කියන එක, ඒක එතනට ආවා ඉතින් රහතන් වහන්සේ “Excellent, Excellent” කියලා කිව්වා එහෙම වුණා ම, ඒක එහෙම හිතපු එක. ඊට පස්සේ දැන් මට තේරෙනවා දැන් ඉතින් මෙතන දැන් මට අර ප්‍රඥා විමුක්තියත් තිබුණා, ඊළඟට ගත්තහම, අර ගාථාව ගත්තහම කරපු කොටසෙදි, ඒ විමුක්තීන් තුනේ වෙනසක් මට තේරෙනවා. අර පළවෙනි ගාථාවෙන් තියෙන්නා වූ උපශාන්තභාවයයි, ප්‍රඥා විමුක්තියේ තියෙන්නා වූ උපශාන්තභාවයයි, මේ ඊළඟට අර, අර විදිහට හිතුවහම ඇති වන උපශාන්තභාවය කියන එක අතර වෙනසක් තියෙනවා කියන එක මට තේරෙනවා.

ඒකෙ ඉතින් බැලුවහම මට කල්පනා වුණේ, මෙතන ඇවිල්ලා අර ප්‍රඥා විමුක්තියේ දී මනසේ active භාවයක් තියෙනවා නේ, ඒ සඤ්ඤාව තුනී වුණා ම තමයි, මට ඔන්න චෙතො විමුක්තිය කියන එකට එන්නෙ. එතකොට මේකෙ නිර්වාණය ම තමයි මට ඕනේ කියන අර්ථය ගත්තහම එතෙන්දි එන්නේ ඒ විමුක්තියේ දී කියන එක. අර පළවෙනි අවස්ථාවේ දී ඇති වෙච්ච ඒ උපශාන්තභාවයේ තියෙන්නේ එතන ඇවිල්ලා, අප්පණිහිත චෙතො විමුක්තිය. අර දුකයි කියන එක, ඒක දැනගෙන, ඒකයි ඉතින් ඒ විමුක්ති තුන තමයි ඒක තිබුණේ. ඒ ගාථාවත් එක්ක ඔය විදිහට ඒ තුනේ ම හිටියා. ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-03.jpg