උතුම් බුදුපියවරු සිහි කළා, ඒ අනුපිළිවෙළින්. සිහි කරලා, ඉතින් ඊට පස්සේ මං මේ ගාථාව, ඒ කියන්නේ ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි, කියන එකේදි මට ආවේ මේ, දැන් ලෝභය කියන එක, ඒකෙ ගිහිල්ලා තමයි අපි අර ද්වේෂය කියන එකට එන්නෙ. එතකොට මම මොකක් හරි එකක් අරගෙන ඉඳීම හේතු කොටගෙන. ඉතින් ඒ ලෝභය ද්වේෂය මෝහය කියන තුන මං බලලා, ඊට පස්සේ මට එතනින් ආවා මේ, “සාතියෙසු අනස්සාවී” කියන එක, ඒ කොටස.
ඒ සාතියෙසු අනස්සාවී කියලා ඒ පංචකාම ගුණයන් හින්දා දුවන්නේ නැතෙයි කියන එක. එතකොට පංචකාම ගුණයන් හින්දා දිව්වහම, අපිට මානයකුත් ඇති වෙනවා. මට මෙන්න මේ දේවල් තියෙනවා, මට මෙහෙම ගෙයක් තියෙනවා, මට මෙහෙම ආදී වශයෙන් තියෙනවා නේ. එතකොට ඒක නිසා මානයෙන් නොඇදේ කියන එක, එතනින් ඒ කෑල්ල ආවා. ඒ කෑල්ල ඇවිල්ලා ඊට පස්සේ, ඒ කියන්නේ මම අර K නිසා L වෙනවා කියන එක, නොවෙන එක. ඊට පස්සේ L නිසා N වෙන්නෙ නැතෙයි කියන එක.
ඊළඟට ගත්තහම, “සණ්හො ච පටිභානවා” කියලා එතන්දි, මෘදු කියන එක මම ආපහු ගත්තා, ඒ කියන්නේ ආපහු K ඉඳන් L වෙන්නේ නැහැයි, කියන එකයි ඔතන්ට තියෙන්නෙ අර මුසාවාදයන් කියන ඒවා මම කරන්න යන්නෙ නෑ. මම ධර්මය තේරුම් අරගෙන, මුසාවාදය හැදෙන හැටි තේරුම් අරගෙන, ඒ කියන්නේ ලෝභය නිසා මුසාවාදය වෙනවා කියන එක තේරුම් අරගෙන, ඒකෙන් යන්නැහැයි කියන එක එනවා, ආපහු K ඉඳන් L වෙන්නේ නෑ කියලා.
“න සද්ධො න විරජ්ජති” කිව්වහම එතනදි මං බැලුවේ ඉතින් ප්‍රඥාව කියන එක තමයි, ඒ කියන්නේ අර ප්‍රඥාව කියන එක වැඩුවා නම්, ඉතින් අනිවාර්යයෙන් ම ඒ පුද්ගලයා නිර්වාණය කරා ගමන් කරනවා. මේක කවුරු හරි කිව්ව නිසා නෙවෙයි, ඒක එහෙමයි කියලා තමන් ම දැනගෙන, අර ඒ කියන්නේ sick සඤ්ඤාව, දැන් ලෝභ දෝස මෝහ තුනේ තියෙන්නේ මොකද්ද? ලෝභ දෝස මෝහ තුනේ තියෙන්නේ පළවෙනි පාරට ගත්තහම, අර රාගය පැත්තට අපි ගිහිල්ලා නේ, ඊළඟට ද්වේෂය කියන එක ඇති වෙනවා කිව්වහම, අර sick වෙච්ච සඤ්ඤාවක් තමයි, මගේ කියලා ගන්න යන්නෙ, එතකොට ඒක මගේ කියලා අරගෙන තමයි මට මෝහය කියන එක ඇති වෙන්නේ.
එතකොට මෙන්න මේ අර්ථය තමයි, අර මගේ මේ භාවනාවත් එක්ක යන්නේ. එතකොට දැන් මට පේනවා, මෙතනින් මම ගත්තොතින් එහෙම සඤ්ඤාව මගේ කියලා ගත්තොතින්, අර 1-1 රාගයට මම එනවා. මට මිච්ඡා දිට්ඨිය ඇති වුණා ම, 1-1 කියන තැනට මං එනවා. එතකොට මෙන්න මේ, මේක නිසා මේ මෝහය කියන එක නොවෙනවා කියන එක, එතකොට දැන් මං මෙහෙම කරන්නේ නැත්තන්, මට අර රාගය කියන කතාව මට වෙන්නේ නැත, කියන එක එනවා.
එතකොට මේ විදිහට මේ මනුස්සයා විරජ්ජති, රාගය කියන එක නැති වෙනවා. ඒ කියන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා මේ මනුස්සයා දන්නවා කියන එක. එතකොට මෙන්න මේ කෑල්ලට ගියායින් පස්සේ මේ මනස බොහෝ ම හොඳයි. ඒ සාන්ත බවට ආපහු අර විදිහට තියෙනවා. මේකෙ සාන්ත බව අර අනෙක් ගාථාවේ තියෙන සාන්ත බවට වඩා වෙනස්, ඒකේ පැවතීමක් තියෙනවා. ඒ භාවනාව කරලා මේක කරපු හින්දා ද මම දන්නෙත් නෑ.
එතකොට දැන් මේ තත්වයට ආවාට පස්සේ මම බැලුවා, අර කෑලි හතර කපන එක මං කිව්වෙ අර slide එකේ අන්තිමට තියෙනවා නේ, මෙන්න මේ හතර අයින් කරායින් පස්සේ වෙන තත්වය. ඒ කියන්නේ මානය කියන කතාව අයින් කරා නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක, ඊළඟට අර ප්‍රඥාව කියන එක භාවිතා කිරීමෙන් ප්‍රඥා විමුක්තිය කියන එක. එතකොට ඒ දෙක ම මං භාවිතා කළා. ඒ දෙකයි, මේ තුන ම ඒ භාවිතා කළා. එතකොට මේක ඔක්කොම මේ විදිහට භාවිතා කරනකොට, ඇත්තට ම ඒ විදිහට නිරෝධයට යනවා.
දැන් මං හොඳ active මට නිදිමතක් මොකුත් නෑ. ඊට පස්සේ මට පේනවා, මාව ගැස්සිලා උඩට එන මේකකුත් තියෙනවා. ඒ කියන්නේ නින්ද ගිහිල්ලා වගේ නැගිටින්නේ, මේ වගේ තත්වයන් ඔක්කොම ඇති වුණා කියන එක මට හොඳට පැහැදිලිව පෙනුණා.
ඉතින් ඒ ගාථාව, අර ලෝභ දෝස මෝහ කියන තුනත් එක්ක, ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහත් එක්ක තමා මේ ගාථාව මං ඒ බැලුවේ. ඉතින් මේක මේ උපසමාධිට්ඨාන භාවනාව, උපසමාධිට්ඨානය තමා මේකෙ බොහොම පුදුමාකාර විදිහට ඒකෙ දී පැවතුනේ.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්