Date: 13/01/2014 Name: Nibbana 2

ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා අනුපිළිවෙළින්. ඔය විදිහට සිහි කරලා, මං බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඊළඟට ඔය ලෝභය නැති කරමි කියන එක, ධම්මං සරණං ගච්ඡාමි ද්වේෂය නැති කරමි, සංඝං සරණං ගච්ඡාමි මෝහය නැති කරමි.

එතෙන්දි අර ගාථාවත් එක්ක, “ලාභ කම්‍යා න සික්ඛති, අලාභෙච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය” කියන ඒ කොටසට ආවා. ඒක ඇවිල්ලා, ඊට පස්සේ මම ආවා දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, පංචනීවරණයන් යටපත් කරමි කියලා, ඒක නිසා අවිද්‍යාව කියන එක ඇති වෙනවා නේ, කියන එක දිහා බැලුවා.

ඊට පස්සේ දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කිව්වහම, ඉතින් එතනදි බැලුවා පංචනීවරණයන් යටපත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරනවා කියන එක. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරනවා එහෙනම් සම්මා දිට්ඨිය, අර උඩ මගේ කියලා ගන්නෙ නැතෙයි කියලා, අර 2-1 කියන එක, මේක නිසා මේ පැත්තෙන් රාගයට යනවා, මේ පැත්තෙන් මෝහයට යනවා, මේක නොකරනවා කියන එක.

ඊළඟට දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි කිව්වහම, අර සමාධි හතර නේ වැටෙන්නේ ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා, චතුත්ථධ්‍යානයට යනවා කියන එක නේ. එතකොට දැන් ඊයේ වගේ අර ධ්‍යානයන්ගෙන් මේක අර කැරකවෙනවා කියන එක ගත්තා නෙ. කැරකෙනවා කියන එක නැති වෙනවා කියන එක හතර වෙනි ධ්‍යානයේ අර rim එකෙන් යනවා කියන එක තමයි තියෙන්නේ කියන එක.

ඊළඟට ගත්තහම තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා, පංචබලයෝ පංචඉන්ද්‍රියයන් බවට පත් කරමි, කියන එක එතකොට මට පේනවා, මේ පංචබලයෝ පංචඉන්ද්‍රියයෝ තමයි ඔතන නිර්වාණයට වෙන්නේ. ඒක භාවිතා කිරීමෙන්, අර සැරියුත් හාමුදුරුවෝ කියන දේ ඒක මට වැටහෙනවා, ඒක එහෙම ම යි කියලා. වෙන එකක් නෙමෙයි කියන එක. එතකොට එතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක සිහි කළා ම ඒ බුදුපියවරු එහෙම සිහි වෙනවා, තථාගතයන් වහන්සේ ගැන ඒ ශ්‍රද්ධාව, බුදුපියවරු ගැන ශ්‍රද්ධාව පුදුමාකාර විදිහට ඒක තියෙනවා, මේක මෙහෙම ම යි කියන එක.

ඒක සම්බන්ධ වුණා, අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වලා දුන්නා නේ, උඩ triangle එක, සම්මා දිට්ඨිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, හිරි ඕතප්පය හරහා මෙහෙම එනවා කියලා, පල්ලෙහාට. එතකොට ඡන්ද සමාධිය, ඒක නිසා ඉන්ද්‍රිය සංවරය. එතකොට උඩින් අපි එන්නෙ නැතෙයි කියලා එනවා අභිජ්ඣා කියන එක ගන්නෙ නැතෙයි කියන එක. එතකොට ඒ වගේ ම, මේ පල්ලෙහායින් මට ඕක connect වුණා, මේ ඔය පුරාභෙද diagram එකේ හතේ තියෙනවා නේ, මෙතන මම පෙන්නුවේ සංස්කාරයට, ඒ කියන්නේ නිත්‍ය බව නොදන්නවා කියන එක. ඒ කියන්නේ සංස්කාර අනිත්‍යයි කියන එක දන්නවා නම්, අර හතර වෙනි ධ්‍යානයට එනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ සංස්කාරවලින් අර භයෙන් අගතියට යන්නේ නැතෙයි කියන එක, මේ පැත්තෙන් කැරකෙන්නේ නැහැයි කියන එක.

එතකොට මෙන්න මේ කතාව, දැන් මට දෙවරකට සම්බන්ධ වෙනවා, මේ පැත්තෙන් එන්නා වූ ඉන්ද්‍රිය සංවරය, ඒක නිසා අභිජ්ඣා කියන එක උඩින් එන එක වෙන එක සිද්ධ වෙන්නෙ නෑ, මෙතනින් මේක දන්න මනුස්සයට මේ සැකය කියන එක මෙතන පහ වෙනවා. එතකොට මේ පුද්ගලයාට නිපකය කියන එක හරහා වෙන්නා වූ ඒ ප්‍රඥා කොටස කියන එක මෙතන ලස්සනට සම්බන්ධ වෙනවා, දැන් මට දෝමනස්සයක් ඇති වෙන්නේ නෑ. මං මේක කරකවන්නෙ නෑ, දෝමනස්සයක් ඇති වෙන්නේ නෑ.

එතකොට උඩ ශ්‍රද්ධාව, මෙතන තියෙනවා, මේක සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්නෙ නැතෙයි කියන එක. අන්න ඒ දෙක බොහෝ ම තදින්, එතකොට උඩ තියෙන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව උඩ, මේක මම කිසිම ආකාරයකින් ස්පර්ශයක් වෙන්න දෙන්නේ නෑ. මොකද වුණායින් පස්සේ මට ඇති වෙන්නේ දුක්ඛය. එතකොට මම දන්නවා, මෙතනින් කියනවා මම හදන එක ම සංස්කාරයක්වත් නිත්‍ය නැතෙයි කියන එක. මෙන්න මේ කාරණා දෙක තමයි බොහෝ ම තදින් ඒකෙදි පැවතුනේ. ඉතින් ඒක ඒ තරම් ගැඹුරට පැවතිලා, ඉතින් එතනදි රහතන් වහන්සේ “ඇති” කිව්වා ඉතින් නැවැත්තුවා.

ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-07.jpg


s_Ayatana2/s_Ayatana2-03.jpg