අද ඒ ගාථාව මම සිහි කළේ මේ, “වීතගෙධො අමච්‌ඡරී, න උස්‌සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු, කප්‌පං නෙති අකප්‌පියො” කියන ගාථාව. ඉතින් ඒ ගාථාව සිතේ තිබුණා, ඒක භාවනාවට ගත්තා.
ඉතින් මුලින් බුදුපියවරු සිහි කළා, අනුපිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වය අනුව. එතෙන්දි බැලුවේ ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ කොයි තරම් පුද්ගලයන්ව, මේ සංසාරෙන් මුදවලා තියෙනවා ද කියලා. ඒ බුදුපියා මට පැවසුවේ 1200කින් බුදුහාමුදුරුවරුන්ගෙන් බණ අහන වෙලාව වෙනකොට, දක්වා count කරන්න පුළුවන් කියලා. එතනින් පස්සේ, countless කියන එකයි කිව්වේ. ඉතින් එහෙම, ඒක මතක් වෙලා මම වැන්දා. වැඳලා ඒ විදිහට ඉතින් මේ අනුපිළිවෙළින් අනෙක් බුදු පියවරුත් සිහි කළා, ඉතින් මහා විශාල ප්‍රමාණයක් ඒ හැම බුදුවරයෙක් ම ඉතින් ගොඩ දාල තියෙනවා නේ. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා ඉතින් අපි දන්නවා දැන් කොච්චර ද, එහෙමයි කියලා නේ ද.
එතකොට, එහෙම සිහි කරලා දැන් ඔය බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියනකොට, මේ ගාථාව මම සිහි කළා. එතකොට මේ වීතගෙධො කියලා කියන්නෙ ගෙධො කියලා කියන්නෙ තණ්හාව නේ. එතකොට අමච්ඡරී කිව්වහම මච්ඡරිය නැතෙයි කියන එක.
එතකොට මච්ඡරිය ද ඉස්සෙල්ලා ඇති වෙන්නෙ, තණ්හාව ද ඉස්සෙල්ලා ඇති වෙන්නෙ? ඔන්න ඕකයි, මම සිහි කළේ. එතකොට මට පේනවා, ඒ තණ්හාව තමයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ. තණ්හාව කියලා කියන්නේ වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දෙනවා. මේක වෙන්නේ අර සුභයට නිත්‍ය කියලා අගය පැනෙව්වාට පස්සේ. සුභයට නිත්‍යයි කියලා අගය දැම්මාට පස්සේ, කාමරාග අනුසයෙන් අර සඤ්ඤාව අතෙන්ට ඇවිල්ලා තමයි මේ සුඛය කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමයි අපි මේ පැනවීමක් කියන එක කරන්නේ. ඒක පළවෙනි picture එක.
ඊළඟට, ඔය සුඛය දැන් පරාමාසයට ඇතුල් වෙලා, පල්ලෙහාට අත්තා කියලා ගිහිල්ලා පස් වෙනි කාරණය, හය වෙනි කාරණය දිට්ඨි අනුසය මගින් උඩට, රූපයට දැන් සුඛයි කියන එක එකතු කළා නෙ. ආන්න ඒ රූපයට සුඛයි කියන එක එකතු වුණා ම දිට්ඨි අනුසය මගින්, අන්න ඒ වෙලාවෙදි තමයි, මේක ලාභ වෙලා තියෙන්නේ. එතකොට තමයි ලාභමච්ඡරිය කියන එක ඇති වෙන්නෙ.
එතකොට, දැන් මේ අනුව තමයි අපි ගැළපීම කියන එක කරන්නෙ. දැන් ලාභයි කියන එක ආවට පස්සේ කෙනෙක් ගළපනවා. මේ ලාභය අන් අයට නැත, එතකොට තමන් උසස් යැයි කියලා මානයක් ඇති වෙනවා. අපි උදාහරණයක් ගමුකො මොනවා හරි drawer set එකක් හරි මොනවා හරි එකක් ඒක soft closing කියලා. ආන්න මේක මෙහෙම තියෙනකොට, කෙනෙක් කල්පනා කරනවා ආහ් මට මේක තියෙනවා අනෙක් අයට නෑ, මේක ලාභයි කියන එක. ආපහු තවත් වෙලාවකට කල්පනා කරනවා මේක සමහරුන්ට ඇත, එතකොට ඒ අයත් එක්ක මම සමානයි කියලා එකක් තියෙනවා. ඊළඟට අන් අයට මීට වඩා හොඳ ඒවා ඇත කියලා. එතකොට හීනමානය කියන එක එනවා. එතකොට මේ අනුව සංකල්පයන් ඇති වෙනවා.
ඒක තමයි මේ ගාථාවේ ඊළඟට තියෙන්නේ කප්‌පං නෙති අකප්පියො කියලා. ඒ කප්ප කියලා කිව්වහම ඔය සංකප්ප අපි අර plan කියලා ගත්තේ, ආන්න ඒවා තමයි ගන්න තියෙන්නේ. එතකොට, තෘෂ්ණාව කියන එක ගත්තහම පළවෙනි එකට තණ්හාව නිසා කප්පයන් ඇති වෙනවා. ඒක තමයි අර පළවෙනි diagram එකේ අපි පෙන්නුවේ, මේ වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා ඇති වෙන්නා වූ එක.
ඊළඟට දිට්ඨි කියන එක, සංකල්පනාවන් කියන ඒවා ඇති වෙනවා, ඒක තමයි ඔය දෙවෙනි diagram එකෙන් මෙතන පෙන්නන්නේ මේ අත්තා කියලා පල්ලෙහාට ගියා ම පරාමාසයෙන් අන්න ඒක නිසා ඇති වෙච්චා වූ ඒ දිට්ඨිය. එතකොට එතන ඒ දෙකයි. එතකොට තණ්හා හා දෘෂ්ඨි දෙයාකාර වෙනවා.
එතකොට මේක වැටහෙනකොට, අපි පුදුමයි කියන්නේ නිරෝධයට යනවා. නිරෝධයට ම යනවා. දැන් මට මේක තව ටිකක් හිතන්න කල්පනා කරනවා, බෑ, නිරෝධය. ආයෙ සිහි කරන්න ගත්තහම, ආයෙත් නිරෝධයට යනවා. නිරෝධය ඉවත් වෙලා මෙනෙහි කරන්න ඉතාමත් ම අපහසුයි. එතකොට මට මතක් වුණා මෙහෙම වෙන්න නම් මේ පුරාභෙද සූත්‍රයේ අර දෙවෙනි diagram එකේ තියෙන අර C කියන path එක කැපෙන්න ඕනෙ නේ.
එතකොට මට ඒක බලනකොට, මෙතන පේනවා මේ C කියන එක ඇති වෙන්න නම් මේ A, B හරහා නෙ සිද්ධ වෙන්නේ. එතකොට path B එක මේ කතා කරන්නේ තණ්හා කොටස නිසා. එතකොට ඒක නැති වුණහම මේ කෑල්ල කැපිලා යනවා. පල්ලෙහායින් තියෙන්නෙ දිට්ඨි කොටස නෙ. දිට්ඨි කොටස නැති වුණා ම A කියන එක නැති වෙනවා. A, B නැති වුණා ම නිරෝධයට යනවා. හරි ම පුදුමයි. ගැලවිලා ඉන්න බෑ. නිරෝධයට ම යනවා. නිරෝධයට ම යනවා.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්