ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා. ඒ නමස්කාර කරලා, මම අනුපිළිවෙළින් සිහි කළා, ඒ බුදුපියවරු. ඒ මණ්ඩලාධිපති බුදුපියා ධම්මධරයි, නමුත් ඒ ධර්මය නිසා ඇලිලා, ඒකෙ ගමන් කිරීමක් නැහැයි කියලා. අගති ගමනක් යන්නේ නැතෙයි කියන එක, කියන අර්ථයෙන් මම සිහි කිරීම කියන එක කළා.
ඒ බුදුපියවරු දාහතර නම ම ඔය විදිහට සිහි කරලා, මට බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ලෝභයෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට ලෝභය කියන එක ඇති වෙන්නේ කොහොම ද කියන එක මම බැලුවා. අර මනාපික වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. මේක නිසා අර සෝමනස්ස පවිචාරයක් ඇති වෙනවා. ඉතින් ඒ පවිචාරය කියලා කියන්නෙත්, ඉතින් අර plan එකක් ම තමයි අතන, එතෙන්ට යනවායි කියන එක.
එතකොට ඒ සෝමනස්ස පවිචාරයක් ඇති වෙලා, ඉතින් රාගය කියන එක ඇති වෙනවා. ඒ රාගය කියන එක ඇති වෙනවා කියනකොට මට කල්පනා වුණේ අර හය වෙනි කාරණෙන්, රූපයට සුඛයි කියලත් දැන් එකතු කරලා. එතකොට හය සිද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි, රාගය කියන එක ඇති වෙන්නේ.
එතකොට රූප රාගය ඇති වෙනකොට ආපහු එතනින් අර චේතනාවට ගිහිල්ලා, නන්දිය ඇති වෙලා, චේතනාවට ගිහිල්ලා එතනින් ආපහු එන්නත් ඕනෙ, අවිද්‍යා ආශ්‍රවයේ ගිහිල්ලා ආවහම තමයි රූප රාගය කියන එක ඇති වෙලා තියෙන්නේ.
එතකොට දැන් මං බැලුවා, මෙතෙන්දි මේ මේක නිසා අපි විපරිණාම දුක්ඛතාවයට යනවා, අනෙක් අතට ගත්තහම මේ ලෝභය නිසා ඊළඟට අපි ද්වේෂ පාරේ යනවා. ද්වේෂ පාරේ ගිහිල්ලා දුක්ඛ දුක්ඛතාවයට යනවා. එතනින් අපි යනවා, මේ මෝහයට කියන එකට, පාරේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. සංස්කාර දුක්ඛතාවය කියන එක ඇති වෙනවා.
එතකොට දැන් ඕක බැලුවා, මේ ගාථාවත් එක්ක. මේ ගාථාවේ තියෙන්නේ “යස්ස ලෝකේ සකං නත්‌ථි, අසතා ච න සොචති, ධම්මෙසු ච න ගච්ඡති, සවෙ සන්තොති වුච්චති” කියලා, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාට මගේ කියලා කිසිම දෙයක් ඇත්තේ නෑ, මේ ලෝකෙ. මේක ඉංග්‍රීසියෙන් කියවෙනවා for whom nothing in the world is his own. මේකෙ අර්ථය තමයි මේ රූපයවත් වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ මේ කිසිවක් මගේ කියලා එයාට නෑ.
එතකොට ඊළඟට කියනවා, අසතා ච න සොචති කිව්වහම, තමන්ට මොකක් හරි නැතෙයි කියලා ඒකට තමන් සෝක කරන්නෙත් නෑ. එතකොට ඔය පද දෙකේ එනවා පළවෙනි පදේ ගත්තහම, අලෝභ කුසල මූලයයි කියන එක එනවා, ඊළඟට ගත්තහම දෙවෙනි පදයෙන් එනවා, අදෝස කුසල මූලයයි කියලා. අසතා ච න සොචති.
ඊළඟට තුන් වෙනියට පෙන්නනවා, ධම්මෙසු ච න ගච්ඡති කියලා කිව්වහම, මෙතන පෙන්වන්නේ ඒ පුද්ගලයා ගමන් කරන්නෙ නෑ මේ අගති ගමන. ඡන්දයෙන්, ද්වේෂයෙන්, දිට්ඨියෙන්, මෝහයෙන් ඒ අගති ගමන් යන්නෙ නැතෙයි කියන එකයි මේකෙ කියන්නේ. එතකොට මේ පුද්ගලයා උපශාන්තයි කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ.
එතකොට දැන් අපි ලෝභය නිසා මෝහය එනවා කියන එක අපි දැක්කා. එතකොට විපරිණාමය වෙනවා කියලා දැකලා තමයි අර පළවෙනි එකේදි යස්ස ලෝකේ සකං නත්‌ථි කියලා මොකක්වත් ගන්නේ නැත්තේ. දෙවෙනි පාරෙදි අසතා ච න සොචති කියලා කිව්වහම, එතනදි අර නැතෙයි කියලා මම සෝක කරන්නෙ නෑ කියලා කියන්නේ, විපරිණාම දුක්ඛතාවයෙන් දුක්ඛ දුක්ඛතාවයට මම යන්නේ නෑ කියන එක. ඊළඟට ධම්මෙසු ච න ගච්ඡති කිව්වහම, අර අගති ගමන් යන්නෙ නැහැ කිව්වහම, මං අර මෝහය කියන එක වෙන්නේ නැතෙයි කියන එක. අමෝහ කුසල මූලය.
එතකොට මෙතෙන්දි අපිට පේනවා එහෙම නම් මේ දේ නොකර ඉන්න නම් මේ පුද්ගලයා, උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යන්න ඕනෙ. අප්‍රමාණ හතරෙන් තමයි ඔය ඡන්ද අගති ගමන ඒවා අගති ගමන් හතර නැති වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන ඒවා භාවිතා කිරීමෙන්. එතකොට එහෙනම් අපිට පේනවා දැන් මෙතන ලාභයක් කියලා ගත්තොතින් මේ මනුස්සයා මෝහය දක්වා යනවා, මේක දැනගෙන, ඒ අගති ගමන නොයන්න නම් ඒ පුද්ගලයා භාවිතා කරන්න ඕනෙයි කියලා ඕවා, අප්‍රමාණ. උපෙක්ඛා අප්‍රමාණයේ දී මොකද්ද සිද්ධ වෙන්නෙ?
උපෙක්ඛා අප්‍රමාණයේ දී සිද්ධ වෙන දේ තමයි, අර උඩ තියෙනවා නේ, මෙහෙම හිතන්න දැන්. කෙටියෙන් ම බලන්න පුළුවන්, උඩ චේතනාව. චේතනාවෙ ඉඳන් ඉරක් අඳින්න මෝහයෙන් අගති ගමනට. මේ පැත්තේ තියෙනවා භයේ අගති ගමන, එතනින් ඉරක් අඳින්න විඤ්ඤාණයට. එතකොට අවසානයේ ඒකෙ මෙහෙම එකක් හැදිලා තියෙනවා.
දැන් මම උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යන්නෙ නැත්තන්, ඒ කියන්නේ අර මගේ කියලා මම, චේතනාවෙන් මගේ කියලා ඒවා ගත්තායින් පස්සේ, අර A, B කියන path එකෙන් මට චේතනාව වුණාට පස්සේ, ඒක මම ගත්තහම මට මෝහයට යනවා. මෝහයට ගිහිල්ලා මම, ඒ සංස්කාරයන් කියන එකට හැදෙනවා. සංස්කාරයේ නිත්‍යභාවයක් කියන එක බලලා මම එනවා භයේ අගතියට, පල්ලෙහායින් පාරෙ. එතකොට මෙතන සංස්කාර නිත්‍යයි කියලා මේ භයේ අගතියට ආවට පස්සේ, එතකොට දැන් ඔයාට පේනවා, මං එහෙම නම් මෝහයේ අගති ගමන ගියා ම, භයේ අගති ගමනට මම ඇවිල්ලා තියෙනවා.
එතකොට මේ විදිහට දැන් මං ආපහු වේදනාවට ඇවිල්ලා චේතනාවට යනවා. මේ ගමන ක්‍රියාත්මක වෙනවා කියන්නේ එතකොට මම ආපහු චේතනාවෙන් පල්ලෙහාට ආවහම, මට ඇවිල්ලා අර පසු සඤ්ඤාව, භවය තමයි හැදෙන්නේ. එතකොට මේ ක්‍රමයෙන් මම මේ භවය කියන එක තමයි හදා ගන්නේ කියන, එක අපිට පේනවා. අරක කරකවන තාක් කල් අර අත්තා හැදෙනවා නේ. මෝහය වීමෙන් නැවතත් අර A, B වුණෝතින් අත්තා කියන එක හැදෙනවා අපි ඉස්සෙල්ලා බලපු ධර්මය. එතකොට මං මෝහ අගති ගමනෙන් ගිහිල්ලා මේ විදිහට අත්තා හැදෙනවා. ඒ කියන්නෙ භවය හැදෙනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ කියන එක ඇවිල්ලා තමයි මේ පුද්ගලයා ඒවට නොගිහින් ඉන්නෙ කියන එක තමයි භාවනාවට ආවේ.
ඒ භාවනාව කරලා ඉවර වෙලා ඒ භාවනාව නැවැත්තුවට, ඒ තමන්ගේ මනස, ආකිඤ්චඤ්ඤායතනයේ තියෙනවා. ඒ ආකිඤ්චඤ්ඤායතනයේ ම තිබෙනවා කියලා දැකලා මම ඇහුවහම, මේක ආකිඤ්චඤ්ඤායතනය ද? ඒ කියන්නේ ඒකෙ වෙනසක් මට තේරෙනවා. එතකොට රහතන් වහන්සේ කියනවා “ආකිඤ්චඤ්ඤායතන ම යි ද නොකියමි. එය නොවේ යැයි ද නොකියමි” කියලා. ඒ කියන්නේ එතන තියෙන්නේ ආකිඤ්චඤ්ඤායතනයයි, නිර්වාණයට යොමු වූ ආකිඤ්චඤ්ඤායතනයක් තියෙන්නේ. නිවනට විතරක් යොමු වෙච්ච ආකිඤ්චඤ්ඤායතනයක් තමයි තියෙන්නේ. ඒක බොහොම හොඳට පවතිනවා.
අන්න ඒක තමයි ඒ භාවනාව.