Date: 17/01/2014 Name: Bojjhanga bhavana 10

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඉතින් ඒ මණ්ඩලාධිපති බුදුපියා ඉතින් ඒ ශ්‍රේෂ්ඨතම පළවෙනි බුදුපියා වශයෙන්, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා, ශ්‍රේෂ්ඨතම උත්තරීතර වන දෙවෙනි බුදුපියා වශයෙන්, ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ම, සිහි කළා. ඒ බුදුපියවරු දාහතර සිහි කරලා මං ඒ පන්සිල් ගන්න එක කරගෙන ගියා අර සප්ත බොජ්ඣඞ්ගය වඩමි කියලා කිව්වහම, එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා.

එතකොට සති සම්බොජ්ඣඞ්ගය කියන එක මම ගත්තා. ඒ සති සම්බොජ්ඣඞ්ගය ගත්තහම, ඒ කබලිංකාර ආහාරය, අත්තා ඉඳන් නිත්‍යට යනවා, ජාතියේ ඉඳන් ජරාවට යනවා. ඒ ජාතියේ ඉඳන් ජරාවට යනවා, එතකොට ව්‍යාධි, මරණය වෙලා එහෙම නම් නිත්‍යභාවයක් නැතෙයි කියන එක කල්පනා කළා.

ඒ නිත්‍යභාවය කියන එක, මම දැන් දෙයාකාරයකට පැහැදිලි කරලා තියෙනවා. පළවෙනි එකට නිත්‍යයි කියනකොට, මම මුලින් කිව්වේ, මේක කැරකවීමෙන් මේක නිත්‍යයි කියන එක එනවා කියලා. පස්සේ, ආපහු පැහැදිලි කිරීමක් මම කළා, අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එකට මදය, මෙතනින් jack එක ගහලා, ඒ කියන්නේ මානය හින්දා, මේක සිද්ධ වෙන හැටි කියන එක.

එතකොට ඔය නිත්‍යභාවය කියන එක සත්‍ය වශයෙන් ම ඇති වෙන්නේ, ඔය දෙකෙන් හොඳට ම පැහැදිලි වෙන්නේ කොයි එක ද, පළවෙනි එක කියන එක. ඉතින් ඒ පළවෙනි එක කියන එක, දැන් දෙවෙනි කාරණේ පැහැදිලි කරනකොට, අත්තා ඉන්න ඕනි නිත්‍යයි කියලා වෙන්න. එතකොට එහෙම නම් ඔය මානය කියන කතාව පස්සෙ ඇති වෙච්ච එකක්. පළවෙනි කතාව ඇවිල්ලා තියෙන්නේ මේක, අපි දැන් පැහැදිලි කරන විදිහට මේක ලාභයයි කියලා අරගෙන ඒකෙන් කැරකවීමෙන් තමයි මේක ඇති කරලා තියෙන්නෙ, කියන එක ආවා.

එතකොට ඒ, එතෙන්දි මට පේනවා එතකොට මේ සති සම්බොජ්ඣඞ්ගය මෙන්න මේ ආකාරයි කියන එක මං කල්පනා කළා ම, මේකෙ නිත්‍යභාවයක් නැතෙයි කියන එක, එතෙන්දිම මට පේනවා එහෙනම් ධම්මවිචය මෙතෙන්දිම වෙලා ඉවරයි. මොකද මෙතෙන්දි පෙන්නුවා මේ කාරණා දෙක. එක පැත්තකින් අර මානය නිසා මෙහාට යනවා කියන එක, අනෙක් පැත්තෙන් අවිද්‍යාව නිසා යනවා කියන එක. එතකොට අවිද්‍යාව කියන්නෙ අර නිත්‍යභාවය එන එක, ඊට පස්සේ මානය නිසා අර අත්තා වුණාට පස්සේ සිද්ධ වෙන එක කාරණා දෙක එහෙනම් ධම්මවිචයත් මෙතෙන්දි පැහැදිලා ඉවරයි.

මේ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, දැන් එතකොට මේක නොවෙන්න විරිය කියන එක භාවිතා කරන්න ඕනෙ කියලා අර මුලට තියෙන තුන් ආකාර වූ විරිය. රූපය ස්පර්ශ නොවෙන්න, මොකද එහෙම වුණෝතින් අපි අර රාග සල්ලයට ගිහිල්ලා ආපහු නිත්‍යභාවයක් හැදෙනවා. සඤ්ඤාව මගේ කියලා නොගන්න, එතකොට සඤ්ඤාව මේ රෝගී සඤ්ඤාවක් තමා මගේ ගන්නෙ ඉතින් මෝහය කියලා ගිහිල්ලා ආපහු ඒක නිසා අපි ද්වේෂයට එහෙම යනවා, ඒක නවතින්න ඕනෙ. ඊළඟට ගත්තහම සංස්කාර මගේ නොවෙන්න කියලා, එතන විරිය භාවිතා කරන්න ඕනෙ. සංස්කාර පැත්තෙන්, සංස්කාර නිසා තමයි අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන්නේ. ඒ කියන්නෙ එතෙන්දි මම ඒකට ඉඩ දෙනවා සැකය කියන එක ඇති වෙනවා, ඒක හරහා මේක එනවා මේ පැත්තට. එතකොට දැන් කාම ආශ්‍රවයට නොවෙන්න මේක භාවිතා කරනවයි කියලා, එතකොට තුන් ආකාරයට ඒ විරිය භාවිතා කරනවා.

ඉතින් මේක නිසා දැන් ප්‍රීතිය ඇති වෙලා තියෙනවා. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය ඇති වුණා ම, දැන් මං දන්නවා ඉතින් මේක නිසා අර, මෙතෙන්දි අපි කල්පනා කරන්න ඕනි මම ජාතියේ ඉඳන් ජරාවට යන මනුස්සයා මේ අර C කියන area එක, විපරිණාම දුක්ඛතාවයේ ඉඳගෙන මම මේ යන්න හදන්නේ දුක්ඛ දුක්ඛතාවයට. එතකොට මේ දුක්ඛ දුක්ඛතාවයට කියන එකට යන්නෙ නැතෙයි කියන එකට මේ ඊර්ෂ්‍යාව කියන, ඒවා අපි පහ කරනවයි කියන එක, ඒක සඳහා තියෙන්නා වූ මක්ඛය අයින් කරනවා කියන එක කල්පනා කළා. මෙතෙන්දි අර ඇති වෙන්නා වූ, ඒ ධ්‍යානයේ දී තිබෙන්නා වූ දේ, දුක්ඛය වශයෙන් තමන් බලනවා. මේ කායිකව ඇති වන ප්‍රීතියයි කියන එක. එතකොට, දැන් මට පේනවා මේ දෙවෙනි එකේ කතාවෙ දී, මට පළවෙනි එකේදි මම ලාභමච්ඡරිය ගැන තමයි මගේ සතියත් එක්ක මම කල්පනා කරලා මම පෙන්නන්නේ.

දැන් ඊළඟට ආයෙත් පෙන්නනවා, මේ දෙවෙනි එකට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයදිත් මේ ලාභය නිසයි මේක ඇවිල්ලා තියෙන්නේ, මච්ඡරිය කතාව කියන එක. එතකොට මෙතෙන්දි එනකොට මේ ප්‍රීති සම්බොජ්ඣඞ්ගයේ කතාවෙ දී, මට පේනවා අපි මේ පල්ලෙහාට යන්නා වූ, ඒ කියන්නෙ කුලමච්ඡරියක්, මේ ප්‍රීති කුලයක්, ඒක හදාගන්න එකයි, ඒක තමයි මේකෙදි නැති කරගන්නේ, කියන එක මේක දුක්ඛයයි කියලා ගන්නවා, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය.

ඊළඟට මම එනවා, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයට එනකොට, දැන් අපි දන්නවා සුඛය කියන එක ඇති වෙලා තියෙන්නේ, අර කාරණා තුන ගත්තා උද්ධච්චයයි, ඒ කියන්නේ අර කායිකව ඇති වුණා වූ ප්‍රීතිය ඒ මගේ කියලා අරගෙනයි, මෙතන උද්ධච්චය කියන එක තියෙන්නේ. ඉතින් ඒ උද්ධච්චයෙන් මක්ඛය, මක්ඛයෙන් කුක්කුච්චය. එතකොට මේක නිසා අර අත්තා කියන එක හැදීම කියන එක සිද්ධ වෙනවා දැන් සුඛය තමයි මේ පැත්තෙන් මෙහාට ඇතුල් වෙන්නේ.

එතකොට මට තේරුණා මේ සුඛය තමයි මේ පැත්තෙන් ඇති වෙන්නෙ කිව්වහම, මෙතෙන්දි මේ වණ්ණමච්ඡරිය තමයි මෙතෙන්දි තියෙන්නෙ මේ වර්ණනාව අර රූපය නිසා ඇති වුණා වූ ඒ සුඛය, ඒක හදාගෙන ඉතින් ඒකට වර්ණනාවක් තියෙනවා. ඉතින් වණ්ණ මච්ඡරිය කියන එක තමයි මෙතෙන්දි ඇති වෙන්නෙ කියලා දැන් මච්ඡරිය තුනක් ඔය විදිහට බැලිලා තිබුණා පස්සද්ධිය එනකොට.

ඊට පස්සේ සමාධි සම්බොජ්ඣඞ්ගයේ, පස්සද්ධියෙත් තියෙනවා, සමාධිය කියන එකේදිත් ඔය අර්ථය ම තමයි, මේ පෙන්නන්නේ. ඒ තුන් වෙනි ධ්‍යානය සහිතව තියෙන දේ තියෙනවා නේ. ඉතින් අර rim එකේ කතාවත් එක්ක මට මතක් වෙලා යනවා ඒකෙ.

ඊළඟට ගත්තහම, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට මම ආවහම, ඒ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයේ දී, දැන් හොඳට පැහැදිලියි, මෙතන්දි අර, අපි පෙන්නලා තියෙනවා නේ උපෙක්ඛාව නැත්තන් මොකද වෙන්නේ කියන එක. අර රූපය ලාභයක් කියලා අපි ගන්නවා කියන එක නේ තියෙන්නේ. එතකොට මේ රූපය ලාභයක් කියලා අරගෙන මේකෙ කැරකවීම කියන එක සිද්ධ වෙනවා. විඤ්ඤාණය මෙතන පිහිටලා, මේ විදිහට අත්තා කියන එක එහෙම මේකෙ හැදෙනවා කියන එක. එතකොට මෙතෙන්දි අපිට පේනවා මේකෙදි මේ පල්ලෙහායින් මෙහෙම කැරකිලා, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා, අර නන්දිය හරහා නෙ මේක සිද්ධ වෙන්නෙ කාරණා හතක් සිද්ධ වෙලා නේ.

එතකොට දැන් මෙතෙන්දි කල්පනා කරන්නෙ මේ, මෙතනින් යන්නා වූ ආවාසමච්ඡරියයි, මේක ආවාස කර ගැනීමයි, ඒ ධම්මමච්ඡරියයි. අර රූපය ආවාසය වෙන්නෙ නැතුව ඊළඟට ධම්මමච්ඡරිය. එතකොට මච්ඡරි 5 මේ විදිහට යනවා කියලා, ඒ බොජ්ඣඞ්ගය කියන එක භාවිතා කිරීමෙන්.

ඉතින් ඒක තමයි මේ භාවනාවට කළේ. බොහොම හොඳයි ඉතින් ඒ තත්වෙට ගියායින් පස්සෙ.