ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. මණ්ඩලාධිපති බුදුපියා ඉතින් ලෝකයේ ඉන්න උතුම් ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන් ඔය විදිහට අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරගෙන ආවා. කරගෙන ඇවිල්ලා මට බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ලෝභයෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා.
එතකොට ඒ ලෝභය කියන එක ඇති වෙන්නේ අර මනාපික වූ අරමුණ, ඊළඟට සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව, ඒක නිසා අර සංකල්පයන් කියන ඒවා ඇති වෙනවා. එතකොට මේ, ඒ කියන්නේ අර, දැන් අපි approach with joy කියලා කියන්නේ, සෝමනස්ස පවිචාරය, ඒ වෙනකොට අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අර කාරණාවන් හය සිද්ධ වෙලා ඉවරයි.
එතකොට ලාභය කියන තත්වෙට ම ඇවිල්ලා. දැන් මෙතෙන්දි මේ රාගය කියන එක ඇති වෙනවා. ඉතින් අර රූපයට සුඛයි කියලා එක දීලා නේ තියෙන්නේ දැන්. නන්දිය තියෙනවා, රාගය කියන එක ඇති වෙලා ඉතින් මේක නිසා විපරිණාම දුක්ඛතාවයට යනවා කියන එක තියෙනවා.
එතකොට ඒ වගේ ම අපි දන්නවා අර කාම විතක්කයන් කියන ඒවා කළහම කාම විතක්කයන්, ඉතින් ව්‍යාපාද විතක්කය, විහිංසා විතක්කය, මෝහය දක්වා ම ඒවා ගමන් කරනවා කියන එක.
එතකොට මේක බලලා මට මතක් වුණා, දැන් උපෙක්ඛා අප්‍රමාණය කියන එක අපි භාවිතා කරන්න ඕනි අර ඊයේ සාකච්ඡා කරපු එක. උපෙක්ඛා අප්‍රමාණය භාවිතා කරේ නැත්තන් අරක ලාභයක් කියලා අපි ගන්නවා කියන එක. එතකොට ඒක අරගෙන අර, ඔයා ඊයේ බැලුවා වගේ අර භාවනාව තියෙනවා නේ. 1 යි 2 යි 3 යි කියන එකෙන් මෙතන ඇති වෙන, ඒ කෑල්ල සහිතව ඉන්නවා කියන එක භාවිතා කළා. ඒ කියන්නේ මේ, කබලිංකාර ආහාරය, ඊළඟට පල්ලෙහායින් ගත්තහම අතන විපරිණාමයට යනවා කියන එක අපි දන්නවා.
මේක දැකලා, ඊට පස්සේ අපි අර ඒ ධම්මමච්ඡරියට යන්නෙ නෑ, කියන අර්ථය භාවිතා කරනවා. එතකොට ඉතින් එතෙන්දි පේනවා අර තුන් කොටස, අර මම නිතර ම ඇඳලා පෙන්නනව නේ. කබලිංකාර ආහාරයයි, මෙතන ජාතියයි, මෙතන චේතනාවයි. ඔතනින් අත තියලා කරකවන්නෙයි කියලා පෙන්නන්නේ. ඒක නේ ඔය පෙන්නන්නේ.
එතකොට මේකත් මට සිහි වුණා. සිහි වෙලා ඉතින් මෙතන මෙහෙම නොවෙන්න ඉතින් අපි උපෙක්ඛා අප්‍රමාණයට යන්න ඕනි කියන එක ආවා. ඒ උපෙක්ඛා අප්‍රමාණයෙන් එතකොට ඉතින් ගියහම අර ආකිඤ්චන විමුක්තිය කියන එක ආවා නේ.
එතකොට ඒ ආකිඤ්චන විමුක්තිය කියන එක, ඒකෙ වෙනස කියන එක, ආකිඤ්චඤ්ඤායතනය දැන් මං ඊයේ පැහැදිලි කරේ අර බෝලයක් තියෙනවා, බෝලේ උඩ වතුර පාරක් තියෙනවා, වතුර පාර උඩ බෝලයක් කැරකෙනවා.
එහෙමත් නැත්තන් මේසයක් තියෙනවා. මේසේ උඩට මම නගිනවා, හැබැයි මං මේසෙන් බහිනවා. ආකිඤ්චඤ්ඤායතනය කිව්වහම ඔන්න ඔය අර්ථය කියන එක මං රහතන් වහන්සේගෙන් ඇහුවා ඕක මීට වඩා ධර්ම කාරණා ඇතුව හොඳට පැහැදිලි කරගන්න.
එතකොට රහතන් වහන්සේ මට පෙන්නුවා අර පල්ලෙහා තියෙන අර line එක අපි තියෙනවා නේ දැන්, මෝහයෙන් අගතියට ගියා ම සංස්කාරයට එනවා, සංස්කාරය නිත්‍යයි කියලා අරගෙන මම එනවා භයේ අගතියට. එතකොට මෙන්න මේ කෑල්ල බලන්නෙයි කියන එක.
එතකොට ඒ කෑල්ල මං බලනකොට මං කල්පනා කළා දැන් එහෙනම් මේ පැත්තේ ඉඳන් මෙහාට එනවා කියන්නේ මම අතන හිටියෙ මරණයේ. මෝහයෙන් ගිහිල්ලා මරණය තියෙන්නේ මට. මරණයේ ඉඳන් මම එනවා රෝගීභාවයට කියන එක. මං මළාට පස්සෙ මම රෝගී වෙනවා.
ඊළඟට පල්ලෙහායින් පේනවා මට, මම අඬ අඬා ඉන්නෙ, පරිදේවය මට තියෙන්නේ, ඊළඟට මම සෝක කරන එකයි කරන්නේ. ඊළඟට මට පේනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, මේක පවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මගේ කියලා මම කොච්චර, නෙවෙයි කියලා හිතුවට මම ආපහු ඉපදෙනවා නේ. පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඉතින් මම මෙතන ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට මම යනවා කියන එක.
එතකොට ඒ කෑලි තුන ගේනවා. එතකොට මේ කෑලි තුනෙන් දැන් මං කල්පනා කරනවා, ආකිඤ්චඤ්ඤායතනයට යනවා කිව්වහම ශුන්‍ය මිදං අත්තෙන වා අත්තනියෙන වා කියලා ගිහිල්ලා අරගෙන, ඒ පුද්ගලයා මේ සඤ්ඤාව දුකක් වශයෙන්, ඒ කියන්නෙ මේ ඇති වෙලා තියෙන දේ, මේක දුකක් වශයෙන් බැලීමයි තියෙන්නේ.
එතකොට මෙතන මේ පල්ලෙහා ඉඳන් සංස්කාර කොටස ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ සංස්කාරය කියන එකේ දුක්ඛතාවය කියන එක තියෙනවා. සඞ්‌ඛාර දුක්ඛතාවය කියන එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි, දැන් මෝහය ආවා කියන්නේ සංස්කාර දුක්ඛතාවයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙන් මොන කෑල්ලක් භාවිතා කිරීමෙන් ද මේක මේ වෙනස කියන එක?
එතකොට අර යම්කිසි පුද්ගලයෙකුට කායිකව, දැන් මරණයෙන් පස්සේ මම රෝගී බවට පත් වෙනවා කියන එක තියෙනවා නේ, කායික කොටස ප්‍රමාණයට එයාට ඒක තේරෙනවා නම් එයා ආකිඤ්චඤ්ඤායතනය කියන එකේ ඉන්නවා.
ඊළඟට එයාට අර පල්ලෙහා කොටස, ඒ කියන්නේ සඤ්ඤාවේ අතන දුක්ඛභාවය, හත් වෙනි ධ්‍යානයට ගියා මේ සඤ්ඤාවේ දුක්ඛභාවය කියන එක තියෙන්න ඕනෙ. ඒක නේ සංස්කාරයේ තියෙනවා නේ, දැන් සඤ්ඤාවෙයි සංස්කාරයෙයි වෙනසක් තියෙනවා නේ, ඒක පෙර සඤ්ඤාව පස්සෙ සංස්කාරය වෙලා තියෙන්නෙ. එතකොට මං කලින් කරා වූ සංස්කාරයන් තියෙනවා. එතකොට සංස්කාරයේ කායික වශයෙන් අර දුක්ඛ ප්‍රමාණය තියෙනවා ආකිඤ්චඤ්ඤායතනය. ඒ ප්‍රමාණය ප්‍රමාණවත්.
අර පල්ලෙහා කෑලි දෙක තියෙනවා නේ. පල්ලෙහායින් ඊළඟට තියෙන්නේ මොකද්ද, මං පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක. ඒ කෑල්ලේ තියෙන්නේ විතක්ක, විචාර නේ ද? විතක්ක, විචාර කිව්වහම ආපහු සඤ්ඤාවලින් තමයි ඒවත් හැදිලා තියෙන්නේ. එතකොට ඒක මනසෙන් සිද්ධ වෙන්නා වූ දෙයක්.
ඊළඟට අර යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, කියලා ඊට පස්සේ ඊළඟට යනවා නේ අපි අප්‍රියේහි සම්ප්‍රයෝගයට. අන්න ඒ කෑල්ලත් මනසෙන් ඇති වන දේ. එතකොට අන්න ඒක, ඒ මනසින් ඇති වන දේත් දුකයි කියන එක ආවා නම්, ඒ සංස්කාරයත් දුකයි කියන එක ආවා නම්, ඒ කියන්නේ එයාට තියෙනවා ආකිඤ්චන විමුක්තිය.
එතකොට ආකිඤ්චඤ්ඤායතනය කිව්වහම අර කයේ එක ප්‍රමාණයයි, අර සඤ්ඤාවේ දුක්ඛභාවයයි, කායික වූ සංස්කාරයන්ගේ දුක්ඛිතභාවයයි කියන එක දැකීම ප්‍රමාණවත්. විමුක්තිය වෙනකොට අර මනසෙන් වෙන්නා වූ කොටසෙත් ඒක තියෙන්නට ඕනෙ.
අන්න ඒක තමයි භාවනාව හැටියට ආවේ ඉතින් ඒක, බොහොම හොඳයි එතන භාවනාව.