Date: 19/01/2014 Name: SammaSankappa bhavana 1

ඒ උතුම් බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨ ම, උත්තරීතර, පළවෙනි බුදුපියාණන් වහන්සේ, මේ විදිහට අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. ද්වේෂය නැති කරමි කිව්වහම, මෙහෙම පටන් ගන්නෙයි කියලා කිව්වා.

එතකොට දැන් අමනාපික අරමුණ, දුක වේදනීය වූ ස්පර්ශය, දුක වේදනාව. ඒක නිසා දෝමනස්ස පවිචාරය කියන එක වෙනවා. එතකොට මේ වෙනකොට අපි වට හතරක් ගිහිල්ලා තියෙනවා කියන එක තමන් දන්නවා. ඒ කියන්නේ area A, B, C, D වෙලා තියෙනවා.

MM_19_01_2014.jpg

ඇත්තෙන් ම කියනවා නම් area A කියන්නේ පළවෙනි වටය, area B කියන්නේ දෙවෙනි වටය, area C කියලා කියන්නෙ තුන් වෙනි එක, area D කියලා කියන්නේ හතර වෙනි එක.

දැන් එතකොට, 1, 2, 3 කියන එකට, දැන් area 1 එක හැදෙනවා, 1 එක හැදුණට පස්සේ 2, 3. දැන් මෙතන ඇවිල්ලා මේ පස් වෙනි වටය, හය වෙනි වටය අර දෝමනස්සය සහිතව තියෙන එක, ඊට පස්සේ ඉතින් ව්‍යාපාදය කියන එක තමයි මෙතන ඇති වෙන්නේ.

දැන් මෙතන මේ, චේතනා කොටස සහිත area එක, මේක මැකිලා ගියා ම ආපහු අර නිශ්චයට ම ආකිඤ්චඤ්ඤායතනයට ගියා, ඒක එහෙම උණාහම. දැන් මේක, මට ඒ වෙලාවෙදි ඇහුණා “අප්පියෙහි සම්පයොගො දුක්ඛො” කියලා. එතකොට මෙතන, මේක නිසා තුන් වෙනි පාරෙන් ඇති වෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. කබලිංකාර ආහාරය, එතකොට ස්පර්ශ ආහාරය, දැන් අපි දන්නවා ප්‍රියේහි විප්‍රයෝගය, මෙතනින් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වෙනවා. අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වුණා ම මේක ලාභයක් ද කියලා විමසීමක් කෙනෙක් කරනවා.

එතකොට මේ වෙලාවෙ දී සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රියේහි විප්‍රයෝගය. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට අපි ඇවිල්ලා තියෙනවා. කොහොම ද ඒ වෙලා තියෙන්නේ, අර අප්‍රියේහි සම්ප්‍රයෝගය කියලා කියන්නේ සංකප්ප රාගො පුරිසස්ස කාමො. මේ සංකල්පයේ රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. එතකොට සංකල්පය කියලා කියන්නේ මොකද්ද, අර වස්තුව මෙන්න මේ ආකාරයට හොඳයි කියලා අපි හිතපු එක. ලුණු මිරිස් එක්ක බත් කෑවා නම් හොඳයි කියලා ආදී වශයෙන් අර හිතපු එක, ඒක තමයි සංකල්පය.

ඔයාට ලැබෙන එක, ලාභය කියන එක ඒක වෙනස්. ඒ ලැබෙන්නා වූ වස්තුව වෙනස්. එතකොට දැන් මට තියෙන්නේ මොකද්ද, ප්‍රිය වූ තිබුණා වූ සංකල්පයෙන් මාව වෙනස් වීමක් තියෙනවා. එතකොට ඒ සංකල්පයේ තිබුණා වූ ධර්ම අගය කියන එක රූපයේ නැති බව දැනගෙන තමයි ද්වේෂයට යන්නේ. මගේ සංකල්පයේ යම්කිසි තිබුණා වූ ධර්ම අගයක් තියෙනවා නේ මේ සඤ්ඤා කොටසක්, වේදනා කොටසක්. ඒක නැති වීමෙන් මේ විදිහට ද්වේෂයෙ අගතියට යනවා කියන එක, එතකොට ප්‍රියේහි විප්‍රයෝගය සිද්ධ වෙනවා කියන එක තියෙනවා.

දැන් පේනවා ද මේ භාවනාවන් එන්නේ ඔක්කොගේ ම අනෙක් පැත්තෙන් ඉඳන්. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් දැන් ප්‍රියේහි විප්‍රයෝගයට එනවා වගේ. ඉතින් ඕක තමයි ඒ භාවනාව. ඒක බොහොම හොඳයි.