Date: 20/01/2014 Name: Sammasankappa bhavana 2

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියා ඒ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියා වශයෙන් බුදුවරු 2500 කගෙන් බණ අහලා තියෙනවා, මේ විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා ශ්‍රේෂ්ඨත්වය අනුව. කරලා අර ද්වේෂය නැති කරමි කියන එක, ඒකෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා.

එතකොට මං අර ඊයේ භාවනාව විදිහට මම කරගෙන ගියෙ. දැන් අපි දන්නවා මේ වට අට කියන එක ගත්තහම වට පහ, හය වෙනකොට දෝමනස්සය කියන එක ඇති වෙලා. ඒ කියන්නේ area එක A, B, C, D වෙලා දැන් එක, දෙක කියන එක වෙලා තියෙන්නෙ. දැන් එහෙම නම් area 3 කියන එක තියෙනවා නේ. එතනින් තමයි මේ ද්වේෂ කතාව පටන් ගන්න තියෙන්නෙ. අමනාපික වූ අරමුණ කියන එක. එතකොට area 3 එකේ, ඒකෙන් ආවට පස්සෙ මොකද වෙන්නෙ, area 3 එකේ තියෙන්නෙ ධම්මමච්ඡරිය තියෙන line එක නේ මේ අහුවෙලා තියෙන්නේ. ඒක නිසා අර පල්ලෙහා කොටස හැදෙනවා.

MM_20_01_2014.jpg

ඒ කියන්නේ, මෙතන චේතනාවෙන් ආවා කෙළින් ම, මෝහයේ අගතියට ආවා කියලා කියන්නකො. මෝහය අගතියට ආවා ම ඊට පස්සේ මෙතනින් එනවා මෝහ අගතියේ ඉඳන් සංස්කාරය දක්වා. සංස්කාරයෙන් එනවා ඊළඟට භයේ අගතියට යන්නා වූ කෑල්ලට. එතකොට ඒ භයේ අගතියට කියන කෑල්ලට ආවායින් පස්සේ එතනින් දන්නවා නේ ඉතින් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඒ පාරේ එතන ඇති වෙනවා.

ඔය ඕක වෙන වෙලාව වෙනකොට මෙතනින් නිත්‍යයි කියලා සංස්කාරයට අගයක් දීලා යන කතාව තියෙනවා නේ, ඉතින් ඒ කතාව සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ පැත්තෙන් ඇතුල් වෙන්නේ මේකට අර දුක්ඛ වේදනාව කියන එක. දැන් වේදනාව මෙහෙම නිත්‍යයි කියලා අතන ඇතුල් වෙලා ගිහිල්ලා තියෙන්නේ දුක වේදනාව තමයි ඇති වෙලා තියෙන්නේ එතන. එතකොට ඒ දුක වේදනාව ඇති වෙනවා, පරාමාසකායගන්ථයට ඇතුල් වීම කියන එක සිද්ධ වෙනවා, දුක වේදනාව. මේ පැත්තෙන් අර සංස්කාර, මේ දුක් වූ සංස්කාරයක් තමයි මේකට ඇතුල් වෙන්නේ.

දැන් එතකොට මෙහෙම පල්ලෙහාට ආවට පස්සෙ, දැන් අපි පරාමාසයේ ඉඳන් පහළට එනව නේ. ඒ පරාමාසෙ ඉඳන් පල්ලෙහාට එන කෑල්ලෙන් දැන් අනිවාර්යයෙන් ම අර දිට්ඨි අනුසය කතාව හරහා යනවා. ඒ දිට්ඨි අනුසය විසින් අර රූපය, මේක නම් හරි නෑ, මේක නම් ඒක තරහව ම තමයි මෙතන තියෙන්නෙ. එතකොට ඒ ද්වේෂයෙන් දැවීම කියන එක තියෙනවා. ද්වේෂජ පරිදාහය කියන එක ඔන්න ඔය විදිහටයි සිද්ධ වෙන්නෙ කියන එක.

එතකොට ඒ, දැන් අතන සංකප්පයන්ගේ එතන තියෙනව නේ අර දෝමනස්ස පවිචාරය කියන එක එතන ඒ සංකල්ප කතාවක් නෙ ඒවා ඇති වෙලා තියෙනව නේ ඔය දෙක අතර දී. එතකොට මේකෙන් දැවුණා, ද්වේෂයෙන් දැවුණා. දැන් මෙයාට පේනවා මේ “ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණං,” තිබිච්ච දේ වෙනස් වුණා ය කියන එක එයා කල්පනා කරන්නේ, දැන් අපිට පේනවා අර area C එක තියෙනවා නේ. Area C එකත් එක්ක නේ එයා match කරන්නෙ. එතකොට area C එකත් එක්ක match කරලා බලනවා, මෙතන දැන් හැදිලා තියෙන area එක ඔයාට පේනවා අර, area 4 කියන එක. Area 4 එකේ තියෙන්නෙ මොකද්ද වේදනාවයි, පරාමාසයයි, ඊළඟට පල්ලෙහායින් තියෙන්නා වූ භය අගතියයි. ඕක නේ area 4 එක වෙන්නෙ.

එතකොට මේ පේනවද මේ දෙක අතර gap එකක් තියෙනවා කියලා. මේ දෙක අතර gap එකක් තියෙනවා. ඒ දෙක අතර තියෙන gap එක තමයි දුක්ඛ දුක්ඛතාවය කියන එක. අන්න ඒක හොඳ ලස්සනට වැටහිලා ආවා මේ දුක්ඛ දුක්ඛතාවය කියන්නේ මේකයි කියන එක. එතකොට දැන් අර, මේකෙ තව කොටස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අර, දැන් සුභයි කියන එකට එකතු කිරීමක් නෙ මුලින් අපි කතා කළේ, දැන් මෙතන මේ දුක්ඛයයි, මෙතන තියෙන්නේ දැන් අරමුණ සුභ නෑ නෙ, අමනාපිකයි නෙ. එතකොට ඒ අමනාපික අවස්ථාවේ දී, එතන රහතන් වහන්සේ කිව්වා “කාරණා දෙකක් නිසා අමනාපය කියන එක නිසා පහළට යනවා ය කියලා, කාරණා හතක් අරක හොඳයි කියලා,” ඒ කියන්නෙ අර නිතර ම අපි පෙර ගත්ත එක තියෙනවා නේ, පෙර ගත්ත එක ම තමයි මේක අස්සට යන්නේ.

එතකොට කාරණා දෙකක්, අමනාපික නිසාත් දෙකක් ගන්න අවස්ථාවන් තියෙනවා කිව්වා අර, හරියට අර අත බැඳලා තියෙනවා නම් අපි අර ගලවගන්න තියෙන්නෙ, අන්න ඒ වගේ ඒ අවස්ථාවන් එතන තියෙනවා කියන එක. එතකොට ඒක ටිකක් ගැඹුරුයි කිව්වා එතන ඒ කොටස ඒ බලනවා කියන එක. ඕක තමයි භාවනාවට ආවේ.

ඒකෙ හරියට ම තේරෙන දෙයක් තමයි අර චේතනා කොටස මැකිලා යනවා නම්, ඒ තමුන් ආකිඤ්චඤ්ඤායතනයට අනිවාර්යයෙන් ම යනවා, ඒ චේතනා කොටස මැකිලා යනවා නම්.