ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකගෙන් බණ අහලා තියෙනවා, උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වහන්සේ, මට මේක ගැන සැකයක් නැහැ කියලා. ඉතින් ඔය විදිහට මේ බුදුවරු දාහතර නම ම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා මෙහෙම සිහි කළා.
ඒ සිහි කළා ම මම දැක්කා ඔය quadrant එක තියෙනවා නෙ, පළවෙනි quadrant එකයි හතර වෙනි quadrant එකයි. ඒ කොටස ගැන කෙළින් ම මම එතනින් භාවනාව පටන් ගත්තා. මොකද මට ප්‍රශ්නයක් තිබුණා ප්‍රියේහි විප්රයෝගයයි, අප්‍රියේහි සම්ප්රයෝගයයි ඒකේ පළමුව ඇති වෙන්නෙ කොහොම ද කියලා. ඒ සම්මා සංකප්ප භාවනා 1 දි අප්‍රියේහි සම්ප්රයෝගය මුලින්, ප්‍රියේහි විප්රයෝගය දෙවනුව, සම්මා සංකප්ප භාවනා 2 දි ප්‍රියේහි විප්රයෝගය කලින්, අප්‍රියේහි සම්ප්රයෝගය දෙවනුව.
එතකොට මේක තෝරගන්නේ කොහොම ද කියන එකයි සිහි කළේ. ඉතින් මේකෙදි මම area A, B, C, D, 1, 2, 3, 4 ඔය හරියේ බලාගෙන ආවා සෑහෙන දුරකට. එහෙම බලාගෙන ඇවිල්ලා, මේක හැබැයි විසඳගන්න හරි අමාරුයි මේ පාර. ඉතින් ඒ පාර මං බුදුපියා විමසුවා ම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා මට පෙන්නුවා පාරක්.
ඒ කියන්නේ අර චේතනාවෙන් එහා පැත්තේ කෑල්ල බලන්න ඕනෙ. ථීනමිද්ධයේ ඉඳන් එන්නා වූ පාර තියෙනවා නේ. ඉදංසච්චාභියේ ඉඳන් අපි එනවා පල්ලෙහාට මෝහ අගති ගමනට, මෝහ අගතියෙන් අර සංස්කාරයට අපි දෙනවා නේ නිත්‍යයි කියලා අගයක්, දැන් ඕක පරාමාසයට යනවා. ඒ පරාමාසයට ගියායින් පස්සෙ එතනින් ද්වේෂ අගතියට ගිහිල්ලා එන්නා වූ path 1 එක කියලා කියනවා මේ දැන් කියපු පාර, ඒක එතෙන්දි ඇති වෙනකොට ප්‍රියේහි විප්රයෝගය කියන එක පළමුව සිද්ධ වෙනවා.
එතකොට එයාට මේ ප්‍රිය වෙලා තියෙන්නේ මෙන්න මේ area X කියන area එක. ඒ කියන්නේ පරාමාසයයි, ද්වේෂ අගතියයි, භය අගතියයි අතර තියෙන area එක, ඒක තමයි එයාට ප්‍රිය වෙලා තියෙන්නේ. ඒකට සංකප්පයේ රාගය. සංකප්ප රාගය මගේ යැයි ගත් නිසායි එයාට ඒක වෙලා තියෙන්නේ. එතකොට රූපයේ මේක නැති නිසා ප්‍රියේහි විප්රයෝගය කියන එක තියෙනවා. දැන් මේක සිද්ධ වෙන්නෙ present moment එකේදි. ඒ කියන්නේ present moment එකේදි අපි දන්නවා පරාමාසය ඉදංසච්චයට ඇදෙන අවස්ථාව කියන එක. ඒ present moment එකේදි තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒ කියන්නෙ අර සුභයි කියලා මෙතෙන්දි ගන්නවා නේ අපි. අන්න ඒකත් එක්ක ඇති වෙන්නා වූ දේ මෙතන තියෙන්නෙ.
ඊළඟට ගත්තහම දෙවෙනි පාර කියලා කියන්නේ ඉදංසච්චාභියේ ඉඳන් අර මානය හරහා එන පාර තියෙනවා නේ D පාර තිබුණේ. එතකොට අන්න ඒකෙදි කෙළින් ම භය අගතියට එනවා නේ අපි. ඒ භය අගතියට යනකොට මේක මේ මොහොතේ දී නෙවේ නේ. ඕක present moment එක නෙවේ. එතකොට මේ වෙලාවෙ දී, මේ ඉදංසච්චය පරාමාසයට ඇදෙන අවස්ථාවේ දී මානය හරහා භය අගතියට යනකොට අප්‍රියේහි සම්ප්රයෝගය කියන එක පළමුව සිද්ධ වෙනවා. මේ අවස්ථාවෙ දී තමයි, අපි හිතන්න ඕනි අර සංකප්ප භාවනා 1 විදිහට හිතන්න ඕනි අවස්ථාව තියෙන්නේ මේකයි. ඒ භාවනාව ඒ විදිහට වෙනවා.
ඉතින් ඒක තමයි භාවනාව. ඒක හරි අමාරුයි කෙනෙකුට තෝරගන්න.