ඒ උතුම් බුදුපියවරු සිහි කළා අනුපිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වය අනුව. මට මේ, ඊයේ පෙරේදා කරපු සංකප්ප භාවනාව, බුද්ධං සරණං ගච්ඡාමි ලෝභය නැති කරමි කියනකොට සංකප්ප භාවනාව මට සිහි වුණා.
එතකොට ලෝභ පාරෙ ගිහිල්ලා ඇති වන ප්‍රතිඵලේ, ඒ කියන්නේ මනාපික අරමුණ, සුඛ වේදනීය ස්පර්ශය, ඊට පස්සේ ඉතින් සුඛ වේදනාව, සෝමනස්ස පවිචාරය. එතකොට මෙතෙන්දි මෙන්න මේකට, මේ සංකල්පයන්ට රාගය, එතකොට එතන ඊට පස්සේ නේ අර ඒකේ තියෙන්නෙත් රාගය කියන එක. ඒ සංකල්පයන්ගේ රාගය තමයි මේ විදිහට මේ කාමය ඇති වෙනවා කියන එක ආවා.
එතකොට දැන් මට මෙතෙන්දි කල්පනා කරන්න හිතුණා මේ area D එකයි, මානය නිසා වන area එකයි අතර සම්බන්ධතාවය. එතකොට ඒ area D එක කියන එක අපි දන්නවා හැදෙන්නේ අර දිට්ඨි අනුසය පාරේ ගිහිල්ලා නෙ එතන ඇති වෙන්නේ අර, අත්තා කියලා ගත්තා, දිට්ඨි අනුසය ගියායින් පස්සෙ area D එක කියන එක ඇති වෙනවා. එතකොට ඒ පාරෙම කෙළින් ගිහිල්ලා තමයි මෙතනදි අපිට මේ මානය කියන එක area කියන එකට හැදෙන්නේ.
එතකොට මේක හැදෙනකොට මේ area D එකෙන් උඩට ගිහිල්ලා, ඒ උඩ, ඒ කියන්නේ රූපයට දැන් සුඛයි කියලා එකතු කරලා, එතෙන්දි අපි දන්නවා නේ area 1 එක එහෙම හැදෙනවා කියලා, area 1 එක හැදිලා ඒකෙ reflection එක මෙතන මානය කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ලාභමච්ඡරියයි, ආපු පාර, ලාභමච්ඡරියයි අර දිට්ඨි අනුසයේ ඉඳන් ඇවිල්ලා දැන් මේ මාන පාර නෙ මේ කියන්නේ, ඡන්ද අගතිය දක්වා ගමන් කරන්නේ මේ මාන පාර. එතකොට මේක මෙහෙමයි කියන එක. මෙතෙන්ට ආවට පස්සේ, ඔය ඕකට ආවට පස්සෙ මගේ අර path 1 එක හරහාත් මම ආවා.
එතකොට මීට ඉස්සෙල්ලා මේ අවිද්‍යාව පාරෙ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතෙන්දි මට ආවා මේ අවිද්‍යාව, මේ විදිහට ද්වේෂය, ද්වේෂ අගතියට ගිහිල්ලා අභිජ්ඣාවට යනවා කියන එක. එතකොට ඒ පාර ආවා, ඊට පස්සේ මට කල්පනා වුණා අභිජ්ඣාවෙන් අන්තිමට, අවිද්‍යාවෙන් පටන් ගත්තා අභිජ්ඣාවට ආවා, අභිජ්ඣාවෙන් අපි යන්නෙ ආපහු අවිද්‍යාවට. මේ, ඔය දෙක නේ ද වෙන්නේ කියන එකයි.
ඉතින් ඔතන්ට ආවට පස්සෙ දැන් සිතන්න අවශ්‍යතාවයක් නැති බවට සිත පත් වෙලා තියෙනවා, ඉතින් රහතන් වහන්සේ කිව්වා මට “ඇති” කියලා. ඒ පාර මං ඇස් දෙක ඇරියා, ඇස් දෙක ඇරගෙන “එහෙම බලාගෙන ඉන්න කිව්වා තව ටිකක් වෙලා, මිනිත්තු පහක් විතර.” ඉතින් මං, මට පේනවා බුදු පිළිමේ තියෙනවා, මල් තියෙනවා, රූප තියෙනවා, ඒවා එකක්වත් නිසා සිතේ දිවිල්ලක් නෑ. සිත, මෙන්න මේක නිසා යමක් කළ යුතු ය, මේක නිසා යමක් කළ යුතු ය කියලා එහෙම සිත දුවන්නේ නෑ. ඒවා දකිනවා විතරයි. එතකොට ඊට පස්සේ මං ආපහු, මිනිත්තු පහක් හිටියේ නෑ, මං එහෙම්ම ම ආපහු ඇස් දෙක වහලා භාවනා කරන්න ගත්තා.
ඉතින් මේ, මට ආවේ මේ සංකල්පය නිසා ම තමයි, සංකල්පයේ රාගයක් නැත්තන් අපේ සිත දුවන්නේ නෑ. සංකප්පයේ රාගය නිසා ම තමයි අපි දුවන්නේ කියන එක ආවා.
ඒක තමයි භාවනාව.