ඒ උතුම් බුදුපියවරු සිහි කළා, නමස්කාර කරමි, නමස්කාර වේවා. ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළවෙනි බුදුපියා වශයෙන්, සහම්පති බුදුපියා උත්තරීතර, ශ්‍රේෂ්ඨතම දාහතර වෙනි බුදුපියා වශයෙන් අනුපිළිවෙළට සිහි කළා.
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, පංචනීවරණයෝ යටපත් කරමි කිව්වහම “මෙයින් පටන් ගන්නෙයි,” කියලා පැවසුවා. කාමච්ඡන්දය, සංකප්ප රාගො පුරිසස්ස කාමො. කෙළින් ම සංකප්ප භාවනාවට ආවා. අර කලින් කරපු එක. 19 වෙනිදා කරපු භාවනාව තියෙන්නෙ. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක එතෙන්දි, අර මම ලියලා තිබුණා එක වෙලාවක, නිර්වාණයට පිටත දෙයක් ගත්තා නම් අප්‍රියේහි සම්ප්‍රයෝගය තියෙනවා. එහෙමත් නැත්තන් ගත්තහම, ඔය යම්කිසි අවස්ථාවක අපි මේ, මෝහය විසින් ථීනමිද්ධ අවස්ථාවේ දී තීරණයක් ගත්තා, එතකොට ඒක නිසා තමන්ට තියෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය. කරගන්න දෙයක් නෑ ඒක හින්දා ගත්තා වූ තීරණය, අප්‍රියේහි සම්ප්‍රයෝගය ඒක තියෙනවා, මේක ගැළපෙන්නේ නැතිකම ආදී දේවල් තියෙනවා.
එතකොට මේ අනුව, ථීනමිද්ධය අනුව ජීවත් වීම තමයි මෙතන අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක වෙලා තියෙන්නේ. එතකොට මේ නිසා ඇති වෙන ප්‍රියේහි විප්‍රයෝගය ඉතින් තමන් කැමති සංකල්පයන්ගෙන් තමන් වෙන් වෙලා ඉන්නවා දැන්. අර සංකල්පයේ තිබුණා නේ මේක මෙහෙම එකක්, හොඳ එක මේ විදිහේ shirt එක, නමුත් ථීනමිද්ධයෙන් මං අරන් තියෙන්නේ මේ ජාතියේ shirt එකක්. එතකොට මේකත් එක්ක මං ජීවත් වෙනවා, තමන්ගේ සංකල්පයෙන් වෙන් වී ලා ඉන්නවා, ප්‍රියේහි විප්‍රයෝගය. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය තියෙන්නේ මේ සංකල්පයට. එතකොට මෙතන මේ සම්පූර්ණ diagram එක ඊට පස්සේ, මං බැලුවා.
මොකද්ද මේ diagram එකේ තියෙන්නේ, අර අපි දන්නවා අභිජ්ඣාව, වේදනාව, පරාමාසය, ඉදංසච්චාභිය. ඡන්ද අගති, දෝස අගති, භය අගති, මෝහ අගති. එතකොට මේකෙ තියෙනවා අර පාරවල ගත්තහම පළවෙනි පාර වශයෙන් අපි කියන්නේ මෝහ අගතියට ඇවිල්ලා, පරාමාසයට ඇවිල්ලා, ද්වේෂ අගතියට ගිහිල්ලා, අභිජ්ඣාවට යන එක එක පාරක්.
දෙවනි පාර ඇවිල්ලා අර මාන්නයේ ඉඳන් එන එක ඉදංසච්චාභියේ ඉඳන් භයේ අගතියට ආවා, වේදනාවට ආවා, ඡන්ද අගතියට යනවා කියන එක අනිත් පාර. පාරවල් දෙකයි. එතකොට ඊට පස්සේ, මේකෙ, මෙතන යටින් එනවා අර ජාති ජරා ව්‍යාධි මරණ අර කාරණා දොළහ ලියවෙනවා. දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව උපායාස ප්‍රියේහි විප්‍රයෝගය අප්‍රියේහි සම්ප්‍රයෝගය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා.
එතකොට දැන් අපි මෝහ අගතියේ ඉඳන් භය අගතියට යනකොට අපිට මතකයි මේ මරණයේ ඉඳන් ව්‍යාධියට එනවා කියලා. මැරිලා මේ මනුස්සයා ඉපදෙන්න යන්නේ මේ ලෙඩ සහිත මේකකට. ආපහු ලැබෙන්නේ ඒ වාගෙ ජීවිතයක්. පරිදේවයේ ඉඳන් මේ මනුස්සයා සෝකයට යනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා.
එතකොට මොකද්ද මෙතන යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා එන්නෙ, මේ පුද්ගලයාට ගත්තහම? දැන් අපි බලාගෙන යනවා නෙ මේ සංකප්ප වශයෙන් නේ මේ මෙතන බලාගෙන ගියෙ. මොනවද කියන එක මෙතන, එතකොට එතෙන්දි රහතන් වහන්සේ මට උදව්ව කළා, මෙතන මේ, මෙන්න මේ උඩ ලක්ෂණය මෙතන ව්‍යාධියයි, සෝකයයි නිසා නේ යම්පිච්ඡං න ලභති තම්පිය තියෙන්නේ. එතකොට ව්‍යාධිය කියන එක, මට ලෙඩක් හැදිලා ඉන්න පුද්ගලයා, මම කල්පනා කරනවා අනේ මම ලෙඩ නොවෙනවා නම් කියලා.
එතකොට මගේ ලක්ෂණය හැටියට ඇතුල් වෙලා තියෙන්නේ ව්‍යාධිය කියන එක. හරි නේ? එතකොට දැන් මෙන්න මේ ගුණය ව්‍යාධි ගුණය, තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එක ඇතුළේ තියෙන්නේ. එතකොට මේ විදිහට බැලුවහම ඔයාට පේනවා, අප්‍රියේහි සම්ප්‍රයෝගය බැලුවොතින් එහෙම, යම්පිච්ඡං න ලභති තම්පියේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට අපි ආවා. අපි එන්නේ මොකද්ද මට මේ ව්‍යාධියයි තියෙන්නේ ඉතින් ඔය ව්‍යාධිය තියෙනවා නම් මට මේ අප්‍රියේහි සම්ප්‍රයෝගය තියෙනවා නේ.
දැන් මේ විදිහට බැලුවා ම අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ ජරා කියන ගුණය තියෙනවා. ජරා, දෝමනස්ස වෙනවා නම් අප්‍රියේහි සම්ප්‍රයෝගය තියෙනවා නේ. එතකොට එහෙම නම් අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් දැන් මං කල්පනා කරනවා, ප්‍රියේහි විප්‍රයෝගය කියන එකට මම එනවා. මට මේ ජරාව කියන ගුණය මේක ඇතුළේ, ඇතුළත් වෙලා තියෙනවා.
ඊළඟට මං ගත්තහම, ප්‍රියේහි විප්‍රයෝගය කියන එක ඇති වෙන්නේ මේ ජාතියයි, දුක්ඛයයි හරහා ප්‍රියේහි විප්‍රයෝගය තියෙන්නේ. අන්න එතෙන්දි අපි ගන්නවා මෙන්න මේ දුක්ඛය කියන එක. ඒ කියන්නේ දුක්ඛය කියන එක ප්‍රියේහි විප්‍රයෝගය තුළ තියෙනවා. එතකොට මේ දුක්ඛය ප්‍රියේහි විප්‍රයෝගය තියෙන පුද්ගලයා, මෙතන උපායාසය කියන එකට මෙයා ගමන් කරනවා.
එතකොට මේ තුළ, ඒ කියන්නේ ප්‍රියේහි විප්‍රයෝගය තුළ දුක්ඛය ඇතුළත් වෙනවා, ඔහුට උපායාසය උරුමයි. වෙහෙසීම ඇත. සංකල්පය නිසා ම වන වෙහෙසීම කියන එක තියෙනවා කියන එකයි. එතකොට කාමයේ අර්ථය මෙන්න මේකයි. එතකොට මෙන්න මේක තේරුණා ම, මේ අප්පණිහිත චෙතො, දැන් රහතන් වහන්සේ මගෙන් ඇහුවා “දැන් ඔබ ඉන්නේ කොතන ද?” කියලා. බැලුවහම මේවා ඔක්කොම පත්තු වෙලා තියෙනවා. හතර කොනම පත්තු වෙලා.
මම කිව්වා අප්පණිහිත චෙතො විමුක්තිය කියලා. එතකොට රහතන් වහන්සේ කිව්වා මෙන්න “මේ ආකාරයට තමයි කිව්වා පළවෙනි පටිපදාවෙනුයි, දෙවෙනි පටිපදාවෙනුයි, අප්පණිහිත චෙතො විමුක්තිය කියන එකට සත්‍ය වශයෙන් ම යන්නෙ.”
ඒ කියන්නෙ මෙතන මේ කෙළවර, ඒ කියන්නෙ අපි උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලා ඒ පුද්ගලයා දැනගත්තා නේ මේ කාරණාව ටික. ඒ කියන්නේ මෝහයේ අගතියේ ඉඳන් භය අගතියට යනවා කතාවෙදි අපි තේරුම් ගත්තෙ උපෙක්ඛා අප්‍රමාණය. එතකොට මෙතන යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් මේ පැත්තේ ඉඳන් මෙතෙන්ට ආවා ය කියන්නේ, මෙන්න පළවෙනි පටිපදාවයි දෙවෙනි පටිපදාවයි ගැනයි අපි මේ දැන් කතා කරන්නේ.
එතකොට මෙතනින් අපි මෙතන්ට යනවා. ඕක පෙටකොපදෙසයේ පෙන්නනවා පළවෙනි පටිපදාවෙයි දෙවෙනි පටිපදාවෙයි යන්නෙ අප්පණිහිත චෙතො විමුක්තිය, කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහටයි මේක වෙන්නේ කියලා.
ඉතින් එතන සාධු පියවරුන් කියලා අවසන් කළා.