මම ඒ උතුම් ඒ බුදුපියවරුන්ට නමස්කාර කරලා, අනුපිළිවෙළින් ඒ සිහි කරලා, ඊට පස්සේ මම කල්පනා කළේ අර, මම ඊයේ කරපු භාවනාව ම තමයි මං කරනවා කියන එක මම හිතුවේ. එතකොට එතෙන්දි, ඒ කියන්නේ ඊයේ මගේ භාවනාවේ තිබුණේ අපි කොහොම ද මේ, දැන් අපි දන්නවා උපෙක්ඛා අප්‍රමාණය කියන එක තියෙනවා.
ඊළඟට අපි දන්නවා, ආකිඤ්චඤ්ඤායතනය කියන එක තියෙනවා. ඊළඟට ආකිඤ්චන විමුක්තිය කියන එක තියෙනවා. ඊළඟට අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක තියෙනවා.
එතකොට මේවා අතර මොකද්ද වෙනස? කියන එක තමයි මගේ ඊයේ භාවනාවෙදි තිබුණේ. එතකොට ඒ භාවනාවෙදි, දැන් මම දන්නවා ඒකෙ වෙනස මොකද්ද කියන, එක මම ඒක කියන ගමන් කියන්නම්. එතකොට ඒ භාවනාව එහෙම නම් මං කල්පනා කළා ඊයේ වගේ ම මේ, ඊයේ මං ඒ භාවනාව කරනකොට ඒ ඒ කියන විමුක්තීන්වලට ඒ ඒ විදිහට ඒ වෙලාවට ම ගියා.
එතකොට මම අද කල්පනා කළා ඉතින් මං ඒ විදිහට ම යනවා කියලා. එහෙම හිතලා ඉතින් ආකිඤ්චඤ්ඤායතනය ඒ විමුක්තීන්වලට එහෙම යන්න නම්, ඉස්සෙල්ලා ඒ උපෙක්ඛා අප්‍රමාණය කියන එකට අපි යන්න ඕනේ.
ඉතින් උපෙක්ඛා අප්‍රමාණයට යන්නෙ කොහොම ද කියන එක මම කල්පනා කළා කෙළින් ම, ඒ කියන්නෙ සතිය, පළවෙනි එක භාවිතා කරන්න ඕනි, එතකොට කබලිංකාර ආහාරය. ඊළඟට තියෙනවා අපි අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක දෙවනි කාරණය, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක තුන් වෙනි කාරණය. ඔය කාරණා 3 හොඳට කෙනෙක් දන්නවා නම්, ඒ කියන්නේ මෙතන මේ සතිය තුළ, මුළු සතර සතිපට්ඨානය ම තියෙනවා. ඒක භාවනා කරලා පුරුදු එක්කෙනාට එකපාරට මේ කාරණා ටික එකට එනවා.
ඒ කියන්නේ ඔය කබලිංකාර ආහාරයේ එහෙම තියෙනවා ඔය කායානුපස්සනාව කියන කොටස. ඊළඟට ජාතියේ ඉඳන් ජරාවට යනවා කිව්වහම, වේදනානුපස්සනාව කොටස කියන එක තියෙනවා එතන. විපරිණාම දුක්ඛතාවය කියන එක. ඊළඟට ගත්තහම අර අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන කතාවෙ දී එතන එනවා, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි දෙක ම එතෙන්ට එනවා. ඉතින් එතකොට ඒක, මේකත් එක්ක ඒ අප්පණිහිත චෙතො විමුක්තියට කෙනෙකුට යන්න පුළුවන්කමක් තියෙනවා.
ඉතින් ඒකෙ අර්ථය තියෙන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා නම් කෙනෙක් දැනගන්න ඕනි, එහෙම නම් ව්‍යාධිය, මරණය කියන එක මට සිද්ධ වෙනවා. ජරා වෙනවා නම් මට ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා නම් මං මැරෙනවා. එතකොට මරණය කියන එක තියෙනවා නම් නිත්‍යභාවයක් නැතෙයි කියන එක එයාට කල්පනා වෙනවා. Permanency එකක් නෑයි කියලා. නිත්‍යභාවයක් නැත්තන් අපිට පේනවා මේ අත්තා ඉඳන් නිත්‍යට යාමක් කියන කතාවක් කොහෙද තියෙන්නෙ? එහෙම යෑමක් සිද්ධ වෙන්නේ නෑ. මේකෙ නිත්‍යභාවයක් නෑ. නිත්‍යභාවයක් නැත්තන් අත්තෙක් කොහෙන්ද කියන අර්ථය එනවා.
එතකොට ඒක, මේ ඔක්කෝම ප්‍රශ්න මේ කබලිංකාර ආහාරය නිසයි මේක ඇති වුණේ කියන එක එයාට දැනීමෙන් තමයි, උපෙක්ඛා අප්‍රමාණයට එයාට යන්න පුළුවන් වීම තියෙන්නේ.
එතකොට උපෙක්ඛා අප්‍රමාණයට යන්න නම්, එහෙම නම් අපි දැනගන්න ඕනෙ මේ දේවල්, රූපයක්, කබලිංකාර ආහාරයක් කියන එක ලාභයක් නෙවෙයි. ජරාවට පත් වෙනවා නම්, ඒ භාණ්ඩයක් මං ගෙදරට ගෙනාවහම ඒක නැති වෙලා යනවා නම්, කැඩෙනවා නම්, ඒක ලාභයක් කියලා මට කියන්න පුළුවන්කමක් නෑ. ඒක සඳහා මං යම්කිසි ධර්මයක් භාවිතා කරා නම්, මං යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් මෙන්න මේ දේ අපේ ගෙදරට ගේන්න, එතකොට ඒ සඳහා ගත්තා වූ ඒ ධර්මයත්, ඒකෙ ලාභයක් නෑ.
මොකද ඒ මං කැඩෙන භාණ්ඩයක් ගෙනල්ලා තියෙන්නේ. ජරා වෙන දෙයක් ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ ශරීරය කියන එක සඳහා පවත්වා ගන්න, ඇති කරගන්න, උත්පත්තියක් ලබා ගන්න, යම් වූ ධර්මයක් මං භාවිතා කළා ද, ඒ ධර්මයෙනුත් ඇති පලක් ඇත්තෙ නෑ මොකද මේ මම ජරාවට පත් වෙනවා. ලොකු ම භාණ්ඩය තමයි මේක.
එතකොට මෙන්න මේ අර්ථය තියෙන්න ඕනෙ. ඒ කියන්නේ කබලිංකාර ආහාරය, ඒ කියන්නේ රූපය ලාභයක් නෙමෙයි, ඒක සඳහා වූ යම් වූ ධර්මයක් තියෙනව ද, ධම්මමච්ඡරියක් තියෙනව ද ඒකත් ලාභයක් නෙමෙයි, කියන එක තමන් තේරුම් ගන්න ඕනෙ.
ඒක තේරුම් ගන්නවාත් එක්ක ම, අර ජාතියේ ඉඳන් ජරා, ව්‍යාධි, මරණය ඇති වෙනවා කියන එකත්, තේරුම් ගැනීම කියන එක තියෙන්න ඕනි. ඒ කියන්නේ, කෙනෙක් දන්නවා නම් මේක ලාභයක් නෙමෙයි, මේ රූපය ලාභයක් නෙමෙයි, රූපය සඳහා, ලබා ගැනීම සඳහා ගන්නා වූ යම් වූ ධර්මයක් තියෙනවා ද, ඒකත් එක්ක සම්බන්ධ ධර්මයක්, ඒකත් ලාභයක් නෙමෙයි ය, ඒවාගෙන් මරණය සිද්ධ වෙනවා ය, ජාති ජරා ව්‍යාධි මරණය කියන එක සිද්ධ වෙනවා ය කියන කාරණය දන්නවා නම්, එයාට උපෙක්ඛා අප්‍රමාණයට යන්න පුළුවන්කම තියෙනවා.
ආකිඤ්චඤ්ඤායතනයට යනවා කිව්වහම ඒ පුද්ගලයා මෙතෙන්දි දැනගන්න ඕනෙ, එයා යනවා ශුන්‍යමිදං අත්තෙන වා අත්තනියෙන වා කියලා ආකිඤ්චඤ්ඤායතනයට යනවා, මේවා මගේ නෙමෙයි මම නෙමෙයි කියලා මේ දේවල්. එතකොට අපිට පේනවා අර මුලින් දැක්කා වූ ධර්මය තුළ, අපි දකිනවා මේවා වැඩක් ඇති දේවල්, පලක් ඇති දේවල් නෙමේ, මගේ කියලා ගන්න වටින්නේ නැතෙයි කියන එක අර්ථය ඇවිල්ලා තියෙනවා, මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා.
එහෙම ගිහිල්ලා ඒ පුද්ගලයා දකිනවා නම්, මරණයෙන් පස්සෙ මම යන්නෙ ව්‍යාධියට. ඕගොල්ලො අද මළා ම, ඊළඟ තව තැනකට ගිහිල්ලා ඉපදෙනවා එතන රෝගීයි. හැම එක්කෙනෙක් ම ඉපදෙනකොට රෝගී. ඉපදිලා ඉන්නකොට රෝගී. එතකොට දැන් මේ හරි පුදුමයි මනුස්සයෝ මැරිලා ඉවර වෙලා යන්නේ රෝගී තත්වයට. මේක නොදැන, නැවත නැවතත් පුනපුනා ඒ රෝගී තත්වයට ම යනවා. එතකොට මෙන්න මේ දේ මෙයාට තේරෙනවා නම් අර ශුන්‍යමිදං අත්තෙන වා අත්තනියෙන වා කියලා ගත්තහම, ඊළඟට එයා ගත්තා, මළාට පස්සේ යන්නේ රෝගී බවටයි කියලා. ඒ කියන්නේ මගේ හැම සඤ්ඤාවක් ම රෝගී කියන එක එයාට අවබෝධයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවෙදි එයා ආකිඤ්චඤ්ඤායතනය කියන එකට යනවා.
ඊළඟට, ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වෙනකොට, මරණයේ ඉඳන් පුද්ගලයා ව්‍යාධියට යන එකට අමතරව, එයා දැනගන්න ඕනෙ දෝමනස්සයෙන් අපි දන්නවා නේ අපිට ඇති වෙනවා ය කියලා පරිදේවය කියන එක. මෙයා දැනගන්න ඕනි පරිදේවය නිසා අපි සෝකයට යනවා කියන එක. පරිදේවයෙන් සෝකයට යනවා කියන එක එයා දැනගන්න ඕනෙ. ඒකටත් අමතරව, එයා දැනගන්න ඕනෙ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එකේ ඉඳන් අපි යනවායි කියන එක අප්‍රියේහි සම්ප්‍රයෝගයට.
ඒ කියන්නේ අපි දකිනවා මෙතෙන්දි එහෙම නම් මේ ප්‍රතිලෝම වශයෙන් කාරණා තුනක්. අර අනුලෝම වශයෙන් තමයි අපි ගත්තේ පළවෙනි එකේදි ජාති ජරා ව්‍යාධි මරණ කිව්වහම, උපෙක්ඛා අප්‍රමාණයට යනකොට අපි අනුලෝම වශයෙන් දැක්කා. ප්‍රතිලෝම වශයෙන් අපි දැක්කා ආකිඤ්චඤ්ඤායතනයට යනකොට අනෙක් පැත්තට එකක් කියලා. මේ අවස්ථාවේ දී කාරණා තුනක්. මොනවද අපේ කාරණා තුන? අපි දැනගන්නවා මරණයේ ඉඳන් අපි එනවා කියලා රෝගී බවට. ඊළඟට අපි දැනගන්නවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඊළඟට මැද්දේ තියෙන කාරණාව අපි දැනගන්නවා පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන කාරණා තුන. එතකොට මෙන්න මේ කාරණා තුන දැනගන්නවා නම් එයා ආකිඤ්චන විමුක්තියට ඉන්න පුළුවන්.
ඊට පස්සේ, දැන් අපි අප්පණිහිත චෙතො විමුක්තියටයි යන්න යන්නෙ. ඊට ඉස්සෙල්ලා අපිට එනවා මෙන්න මෙහෙම දෙයක්.
ඒ අප්පණිහිත චෙතො විමුක්තියේ තියෙන්නේ, ඔය කාරණා දොළහ ම දුකයි කියන එක දැනගන්න එක. ජාති ජරා ව්‍යාධි මරණ ඒ දුක්ඛයේ සඳහන් දොළහ ම දුකයි කියලා දැනගන්න එක. එතකොට මෙතනින් අනෙක් පැත්තට එනකොට බලන්න, අපි කල්පනා කළොත් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එක, ඒක තුළ ගැබ් වෙලා තියෙනවා ව්‍යාධිය කියන එක. ව්‍යාධි ධර්මය කියන එක. ඒ කියන්නෙ ව්‍යාධිය තියෙනවා නම්, ඒ කියන්නේ ඒ පුද්ගලයා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කිව්වහම එයා කල්පනා කරනවා, මරණයට පත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අපි නොමැරෙනවා නම් කියලා. ව්‍යාධියට පත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි රෝග නොවෙනවා නම් කියලා එයා කියනවා. එහෙම සිතුවට ඒක සිද්ධ වෙන්නෙ නෑ. එතකොට ඒ ව්‍යාධිය කියන ගුණය තියෙනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එක ඇතුළේ. එතකොට ඒක නිසා එයාට තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඇයි මට ලෝභය තියෙනවා නම් අප්‍රිය දෙයක් මට සම්ප්‍රයෝග වෙලා තියෙනවා.
ඊළඟට, මම එනකොට, අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වෙනවා, ජරාව නිසා. ජරාව නිසා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වෙනවා. එතකොට ඒ, ඒ කියන්නේ ජරාව කියන ගුණය තියෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ ජරාව තියෙනවා නම්, එහෙනම් එයාට තියෙන්නෙ ප්‍රියේහි විප්‍රයෝගය. ප්‍රිය වූ දෙයකින් විප්ප වෙලා, අයින් වෙලා තමා එයා ඉන්නෙ මොකද එයාට තියෙන්නේ ජරාව නිසා.
දැන් ඔය කාරණාවට ආවහම, ඒ කියන්නෙ ජරාව, ඕගොල්ලො බැලුවොත් පේනවා දැන් එහෙනම් මෙතන පොඩි triangle එකක් හැදෙනවා. දැන් මම ඉන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන තැන, මට මෙතන තියෙනවා, මෙතෙන්දි ජරාව කියන එක තියෙනවා. මෙන්න මේ triangle එක පේනවා නම් එයාට පුළුවන්කම තියෙනවා ආකිඤ්චන සමාපත්තියේ ඉන්න. ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති.
මොකද මෙතෙන්දි වෙන්නෙ එයාට උඩ ගත්තොතින් චේතනාව, යට තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. මේ පැත්තෙන් මම ඇවිල්ලා තියෙනවා මේ මරණයේ ඉඳන් මෙහෙම ඇවිල්ලා තියෙනවා. මෙතනින් ගිහිල්ලා මම යන්නේ ජරාව කියන කොටසට. එතකොට පේනවා ද මෙතන triangle එකක් හැදිලා තියෙනවා උඩ චේතනාවත් එක්ක පල්ලෙහායින් triangle එකක් හැදිලා තියෙනවා, මෙතෙන්දි මෙයාට සැකයක් නෑ, මේ ලෝකෙ ජරාව කියන එක වෙනවා කියලා එයාට සැකයක් ඇත්තේ නෑ. එයාගෙ ඒ සැකය කැපෙන හින්දා අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නා වූ ඒ දේට සැකය විසින් jack එක ගහන්නේ, ඒක නිසා එයාට ඒක සිද්ධ වෙන්නේ නෑ. මෙතන සමාපත්තියේ ඉන්නෙ මෙන්න මේ විදිහට, ආකිඤ්චන සමාපත්තිය.
ඊට පස්සේ දැන් අපි කිව්වා ජරාව කියන එක තියෙනවා කියලා අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය කියන එක ජරාව නිසා අප්‍රියේහි සම්ප්‍රයෝගය, අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් අපි ප්‍රියේහි විප්‍රයෝගයට ආවා. ප්‍රියේහි විප්‍රයෝගය තුළ අර දුක්ඛය කියන ගුණය කියන එක තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ, මරණය ඇති වුණාට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මනෝමය කායෙන් ඉන්නකොට දුක්ඛය. මෙන්න මේ දුක්ඛය කියන එක තියෙනවා ප්‍රියේහි විප්‍රයෝගයේ. එතකොට දුක්ඛය ප්‍රියේහි විප්‍රයෝගයේ තියෙනවා නම් ඕගොල්ලන්ට පේනවා මේ දුක්ඛය ප්‍රියේහි විප්‍රයෝගය මේ පුද්ගලයා දැන් හරි, අධික වෙහෙසකට පත් වෙලා තියෙන්නේ, මොකද මට තියෙන්නේ දුක්ඛයක් නිසා.
එතකොට මෙන්න මේ වෙලාවෙදි තමයි, ඕගොල්ලන් අප්පණිහිත චෙතො විමුක්තිය කියන එකට යන්නෙ මොකද මෙතෙන්දි මෙයාට පේනවා, මට තියෙන්නෙ දුක්ඛයක්, මේක නිසා මට තියෙන්නේ වෙහෙසක්. උපායාසය කියන එක. එතකොට ඒ triangle එකත් පේන්න ඕනෙ. ඒ කියන්නේ දුක්ඛයයි, මෙතන තියෙන්නේ ප්‍රියේහි විප්‍රයෝගයයි, මේ පැත්තෙන් ගත්තහම අපිට එනවා උපායාසය කියන එක. අර පොඩි triangle එකත් දකින්න ඕනෙ. මේක අර diagram එකේ අපි, ආහාර diagram එකේ පෙන්නන්නා වූ ඒ කාරණා ටික දැකීමෙන් තමා එතන ඒක තියෙන්නේ. ඒ දුක්ඛ දොළහ ම දකින්න ඕනෙ.
ඉතින් එතෙන්දි කෙනෙකුට ඉන්න පුළුවන්කම තියෙනවා, අප්පණිහිත චෙතො විමුක්තියේ ඔක්කොම කාරණා සහිතව. එතකොට ඒ භාවනාව ඒ විදිහට කරනවා නම් ඒ ඒ කියන විමුක්තීන් තමන්ට ඒ ඒ අවස්ථාවේ දී ඉන්න පුළුවන්කම තියෙනවා ඒක වඩපු පුද්ගලයාට.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්