ඉතින් ඒ උතුම් බුදුපියවරු, නමස්කාර කරමි, නමස්කාර වේවා. ඒ විදිහට බුදුපියවරු සිහි කළා අනුපිළිවෙළින්. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළවන බුදුපියා වශයෙන්, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, දෙවන බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, තුන් වන බුදුපියාණන් වහන්සේ, මේ විදිහට අනුපිළිවෙළින් ඒ තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කළා. සිහි කරලා, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වහම අර මෝහය නැති කරමි කිව්වහම එතනින් පටන් ගන්නෙයි කිව්වා.
එතකොට මෝහය කියන එක ඇති වෙන්නේ අපි දන්නවා ඔය මනාප, නොමනාප වූ අරමුණු, ඒක නිසා අදුක්ඛම සුඛ වේදනීය වූ ස්පර්ශය, ඒ අදුක්ඛම සුඛ වූ වේදනාව කියන එක ඇති වෙනවා. ඉතින් මේකෙදි අර ථීනමිද්ධ සහගත ස්වභාවය ඇති වෙලා තියෙනවා. මෙතෙන්දි අපි අර තීරණයක් ගන්නවා මෝහය මගින් අර, ඒ අවස්ථාවේ දී ඉතින් අරගෙන එතනදි අපි යනවා මෝහය කියන එකට යනවා. 1-3 අවිද්‍යා ආශ්‍රවය කියන තැනට යනවා. ඒ අවිද්‍යා ආශ්‍රවය කියන තැනට ගියායින් පස්සේ, මට කල්පනා වුණා මෙතනින් ඉඳන් අපි මේ වගේ, දැන් මෙතන සංකල්පයන් හැදිලා නේ තියෙන්නේ, මේ සංකල්පයන්වලටත්, රාගයක් තියෙනවා නේ ද කියලා. එතකොට එතෙන්දි මට එනවා, එහෙම වෙනවා මොකද අවිද්‍යා ආශ්‍රවයට ආවහම 1-3 වල ඉඳන් අපි එනවා කාම ආශ්‍රවයට.
එතකොට ඒක නිසා අර පල්ලෙහා triangle එක වම් අත පැත්තේ නන්දිය සහිත triangle එක හැදෙනවා. එහෙම නම් අපිට මේ සංකල්පයන්ටත්, රාගය මේ විදිහට ඇති වෙනවා. මේක නිසා දැන් අපිට පේනවා අවිද්‍යා ආශ්‍රවය, මේ පැත්තෙන් කාම ආශ්‍රවය, උඩ චේතනාව කියන triangle එක හැදෙනවා කියලා. මේක හැදුණහම, ඉතින් මේ සංකල්පයන් කියන ඒවා මැරෙනවා නේ, නැති වෙනවා නේ.
එතකොට දැන් මම කල්පනා කළා මේ උඩ තියෙන්නා වූ, තියෙන්නෙ මරණය. ජාති ජරා ව්‍යාධි මරණය කියන එක, ඒක ගන්නවා රූල හැටියට. Yardstick එක. ඊට පස්සේ දැන් මේ මරණය සිද්ධ වෙනවා නම් එතනින් පල්ලෙහා තියෙනවා පරිදේවය. දැන් මෙන්න මේ line එක analyse කරනවා. ඒ පරිදේවය කියන එකේ ගත්තහම දැන් සංස්කාරය මැරෙනකොට අපිට පේනවා පරිදේවයට, එහෙම නම් මේ, ඒ කියන්නේ සංස්කාරවල අගයක් නැතෙයි කියන දේ, පරිදේවය තුළ තියෙනවා.
ඊළඟට අපි එනවා පරිදේවයේ ඉඳන්, පරිදේවය නිසා සෝකය කියන එකට එනවා. සෝකය කියන තැනට ආවහම කල්පනා වෙනවා මෙහෙම නම් අර yardstick එකත් එක්ක බැලුවහම මේ චේතනාවලට අගයක් නැතෙයි කියලා.
ඊළඟට එනවා අපි දෝමනස්සයට. දෝමනස්සයට ආවහම කල්පනා වෙනවා මේ වේදනාවට අගයක් නැතෙයි කියලා. අර yardstick එකත් එක්ක ම යි බලන්නේ. ඊළඟට එනවා අපි දුක්ඛයට. දුක්ඛයට ආවහම කල්පනා කරනවා මේ රූපයට එහෙනම් අගයක් නැතෙයි කියලා. එතකොට මෙතන මේ අගයවල් හතරක් ගැන තමයි කිව්වෙ. සංස්කාර අගය, ඒ චේතනාවට දෙන අගය, වේදනාවට දෙන අගය, රූපයට දෙන අගය.
එතකොට මෙන්න මෙහෙම අගයක් නැතෙයි කියලා කියන එක, මනුස්සයෙක් දකිනවා ජාතියේ ඉඳන් මරණය දක්වා යනවා කියන එක. මේ stick එකේ මෙහා කෙළවර මරණය. එහෙම නම් මෙච්චර කාලයක් නම් මේක පවතින්නේ, ඒ ඒ දේට අපි පෙන්නනවා, මේ අගයක් දීමෙන් ඇති පලක් නැතෙයි කියන එක.
මේ අගයක් දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒක තමයි මාන්නෙ. අගයක් දෙනවා කියලා කියන්නේ මාන්නෙ. දැන් එතකොට පේනවා එහෙම නම් මේ මරණය මේ විදිහට සිද්ධ වෙනවා නම් ඉතින් මේ මාන්නයක් වීමෙන් ඇති වැඩක් නෑ. මාන්නයෙන් මොන පලක් ද කියන එක තමන්ට එනවා. එතකොට අර, අනිත්‍යභාවය කෙනෙක් දැක්කහම මාන්නය කියන එක ඒ විදිහට නැති වෙලා යනවා.
ඒක තමා භාවනාව.