මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. සිහි කරලා අනුපිළිවෙළින් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පළවන බුදුපියාණන් වහන්සේ වශයෙන්, ශ්‍රේෂ්ඨතම, උත්තරීතර. ඒ අනුපිළිවෙළින් ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. සිහි කරලා ඉවර වෙලා, මම පන්සිල් ගන්න එක කරා. ඒ පංචනීවරණයන් ඒ විදිහට සිහි කළා.
සිහි කරලා, ඉතින් ඒ චතුත්ථධ්‍යානයට යමි කියනවා අන්න එතෙන්දි පටන් ගන්නෙයි කියලා කිව්වා. ඒ පාර මං අර චතුත්ථධ්‍යානයට යන්න දෙතිස් කුණපය කියන එක, ප්‍රථමධ්‍යානය සඳහා ඒක සිහි කරලා, ඉතින් ඒක කරනකොට ම ඉතින් චතුත්ථධ්‍යානයට ම එහෙම්ම ම ඒකෙන් ම ගියා. ගියාට පස්සෙ ඒ මට ආවේ ඊයේ ආනාපානසතිය, ඊයේ ඒක පැහැදිලි කරා නේ. මං ඒ භාවනාව ම තමයි මං කළේ, අලුත් දෙයක් ඇත්තෙ නෑ.
ඉතින් එතෙන්දි, පෙළක් අය අහලා තියෙනවා ඒ නිසා කියන්නෙ, මේක තියෙන්නේ දැන් ඔය ආනාපානසති, ඊයේ අවසානෙට කියනවා නම් අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්‌සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති කියලා, එතකොට ඔය භාවනාව, ඒකෙ ඔය කියන්නේ මොකද්ද, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට පරාමාසකායගන්ථය ඇදෙන්නා වූ අවස්ථාවන් තුනක් තියෙනවා නේ. Present moment එකේදි සිද්ධ වෙන.
එතකොට ඒකෙ පළවෙනි එක තමයි, අපි දැන් අර විපල්ලාසයන් ඇති වෙලා එනවා නේ අත්තා ඉඳන් නිත්‍යයි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒ අත්තයි කියලා නිත්‍යයි කියන තැනට ආවහම, ඒ නිත්‍යභාවය කියන එක, දැන් මේ චිත්තයේ සත්‍ය වශයෙන් ම මෙතන තියෙනවා නිත්‍යයි කියලා අරගෙන. එතකොට ඒක තමයි මේක ම සත්‍යක් කියලා, ඒ පපඤ්ච සඤ්ඤා ග්‍රන්ථති වෙනවා කියන එක නේ ඔතන කියන්නේ. ඒ ටික දැන් ඉදංසච්චය තුළට ඇදිලා තියෙනවා. අර නිත්‍යයි කියන කතාව. එතකොට පරාමාසය නිත්‍යට ඇදෙන එක, එන එක අවස්ථාවක් ඕක. එතකොට අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති කියලා කියන්නේ මෙන්න මේක මෙහෙම ඇදෙන්න දෙන්නේ නෑයි කියන එකයි. නිත්‍යයි කියලා මං මේක ගන්න වෙන්නෙ නැතෙයි කියන අර්ථය තියෙනවා.
ඊළඟට දෙවෙනි කාරණය තමයි, ඔය පරාමාසය කියන එක ඉදංසච්චයට ඇදෙනවා අභිනිවේසය හරහා. ඒ සංස්කාර අපි ඇලීමක් කියන එක සිද්ධ වුණා ම, එහෙනම් දැන් මුසාව කියන එක, එහෙම ඉන්නවා කියන එක හොඳයි කියන එක චිත්තයේ තියෙනවා. එතකොට එහෙම නම් ඒ අභිනිවේසය, මගේ ඇලීම නිසා ඒක ඉදංසච්චාභිනිවෙසයට ඇදෙනවා කියන එක, අර්ථය එනවා. එතකොට ඔතන තියෙන්නෙ ඇලීමක්. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති කිව්වහම ඔන්න ඔය ඕක නැති කරනවා කියන එකයි කියන්නේ.
ඒ කියන්නේ මේ හතර වෙනි ධ්‍යානයේ ඉඳන් බලනකොට අපි කතා කරන්නේ ඔක්කෝම සංස්කාර වශයෙන්. එතකොට මෙන්න මේ චිත්ත සංස්කාරයන්ට මගේ යම් ආකාරයකට ඇලීමක් තියෙනවා ද, ඒ ඇලීම කියන එක මං පහ කරනවා. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති.
ඊට පස්සේ, තියෙන්නේ නිරොධානුපස්‌සී අස්සසිස්සාමීති සික්ඛති කියන එක. ඒ නිරෝධයේ දී අපි දැනගන්නවා, ඔය මං දැන් කිව්ව කාරණා දෙක වෙන්නෙ නැත්තන්, එහෙම නම් මට ඔය 1-3 වල තියෙන මෝහය තියෙනවා නේ, එතෙන්ට ඒමක් වෙන්නේ නෑ. එතකොට මේ දෙක නැත්තන් මේක නැතෙයි කියන එක දන්නවා. එතකොට නිරෝධය වශයෙන් එන්නෙ, මේ දෙක නැති වුණා නම්, මම කවදා හරි නිත්‍යයි කියලා ගන්නෙ නැත්තන්, මම කවදා හරි මේ සංස්කාරයන්ට ඇලීමක් කියන එක සිද්ධ වෙන්නේ නැත්තන්, එහෙම නම් මට කොයි ම වෙලාවකවත් ඔය 1-3 මෝහය කියන එක මට සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ මගේ නිරෝධයක් කියන එකක් තියෙනවා. එතකොට නිරොධානුපස්‌සී අස්සසිස්සාමීති සික්ඛති කිව්වහම ඒ කෑල්ල එනවා.
ඊළඟට ඔය 1-3 කියන එක ඇති වුණහම එතන තියෙන අවිද්‍යා ආශ්‍රවයෙන් ඇති වෙන්නා වූ දේ නිසා, අපිට මෝහය කියන එක ඇති වෙනවා. එතකොට මෝහය නිසා අපි දන්නවා, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා, කාම ආශ්‍රවයෙන් අර චේතනාව හරහා අර triangle එක හැදෙනවා. එතකොට මෙතන පෙන්නනවා පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති කියලා කිව්වහම, මෙන්න මේක මං දුරින් ම දුරස් කරනවා කියන එක කියන්නේ. එතකොට මේක මම වෙන්න දෙන්නේ නැතෙයි කියන එකයි කියන්නේ. එතකොට ඔය, ඔතන අර ඇදෙනවා වශයෙන් ගත්තහම අර පෙර වූ අවිද්‍යාව තියෙනවා නේ. ඒක තමයි පසු මෝහය වෙලා තියෙන්නේ. එතකොට මේ මෝහය නිසා වෙන්නා වූ යම්කිසි දෙයක් තියෙනවා ද, ඒක ඉදංසච්චයට ඇදෙන එක ඒක වැළැක්වීම කියන එක ඔය විදිහට සිද්ධ වෙනවා.
ඉතින් ඒක කළා ම ඉතින් ඉහළ වූ තත්වයක් ඕක. ඔය දේ තේරුම් ගන්නවා කියන එක. ඒක සහිතව බොහෝ කාලයක් තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා මේක නොවී.
එතකොට ආනාපානසතියේ ඔන්න ඔය අර්ථය තමයි ඉතින්, ඒ භාවනාව ම තමයි අදත් කළේ.