එතකොට අද උදේ භාවනාව, ඒ උත්තරීතර බුදුපියවරුන්ට නමස්කාර කළා. ඉස්සෙල්ලා මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළවෙනි බුදුපියා වශයෙන්, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දෙවන බුදුපියාණන් වහන්සේ වශයෙන්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, තුන් වෙනි වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. සිහි කරලා මම, අර පන්සිල් ගන්න විදිහ කරගෙන ගිහිල්ලා එතෙන්දි මේ, මම අර ද්වේෂය නැති කරමි කියන එක භාවිතා කළා.
එතකොට අපි දන්නවා ද්වේෂය කියන එක ගත්තහම අමනාපික අරමුණ, ඊළඟට ඒක නිසා ඇති වන ඒ දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, ඒක නිසා දුක්ඛ වේදනාව. එතකොට දුක්ඛ වේදනාවෙන් පස්සේ දෝමනස්ස පවිචාරය කියන එක තියෙනවා. දෝමනස්ස පවිචාරය කියලා කිව්වහම එතන අර සංකප්පය තමයි ඔතන ගන්න තියෙන්නේ. Plan එක කියන එකට ඇවිල්ලා තියෙනවා.
එතකොට ඔය වට වශයෙන් ගත්තොතින් වට හතක් ගිහිල්ලා තියෙනවා. Areas වශයෙන් ගත්තොතින් අර A, B, C, D වෙලා 1, 2, 3 කියන එක දක්වා ම ඇවිල්ලා තියෙනවා. 3 කියන area එක මතකයි නෙ. අර චේතනාව කියන කෑල්ල තියෙන්නේ. එතකොට අපි දන්නවා අර වට හතක් ගියා කිව්වහම, ඔතන දැන් වට දෙකක් ගහනකොට දෝමනස්සය කියන එක වෙලා, අර වට 3, 4 එනකොට ඒක fix කරන්න පුළුවන් ද කියලා නේ බලන්නෙ. එතකොට දැන් දෝමනස්සය තියෙනවා. එතකොට අපි දන්නවා 5, 6 වෙනකොට දෝමනස්සය කියන එක සිතට ඇතුල් වෙලා තියෙන්නේ ඉතින් ඒ 7 වෙනකොට ව්‍යාපාදය කියන එක තියෙනවා.
එතකොට දැන් ව්‍යාපාදය සහිතව මේක තියෙනවා කියන්නේ ඒ area 3 එක ගත්තොතින් ඕගොල්ලන්ට පේනවා එතන ඒක නිසා දැන් පල්ලෙහාට යනවා, චේතනාව හරහා පල්ලෙහාට ගිහිල්ලා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන තැනට එනවා. ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන තැනට එනකොට දැන්, අපිට තේරෙන්න ඕනෙ අර, මේ වට කතාවෙදි අපි කිව්වා දෝමනස්සය දැන් තියෙනවා කියලා සිතේ. එතකොට ඒ දෝමනස්සය, මේ පැත්තෙන් එනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. අර ජරා දෝමනස්ස line එක නේ ඔතන්ට වැටෙන්නේ.
එතකොට ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වුණහම, අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් දැන් අපිට තේරෙනවා, අපි එතන ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට එනවා. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට එනවා. මොකද මෙතන තියෙන්නේ, අර රූපයේ යම්කිසි දෙයක් අපි බලාපොරොත්තු වුණා ද, ඒ දේ, ඒ කියන්නේ සංකල්පය උඩ නෙ තියෙන්නේ. ඒ සංකල්පයේ තියෙන අගය රූපයේ නැත කියන එකයි තියෙන්නේ. ඒක නිසා මට ප්‍රියේහි විප්‍රයෝගය කියන එක තියෙනවා. එතකොට ප්‍රිය වුණේ මොකද්ද? සංකල්පය. සංකල්පයේ නැහැ මම හිතපු රූපයේ අගය. ඒක නේ අර ලුණුමිරිස් ටිකක් තිබුණා නම් කියන කතාවේ තියෙන්නෙ.
එතකොට මේක නිසා මට ප්‍රියේහි විප්‍රයෝගය කියන එක තියෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන, ඔය භාවනාව කලින් කරලා තියෙනවා, එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට මේක එනවා කියන එක. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා පළමුව, ප්‍රියේහි විප්‍රයෝගය කියන එක දෙවනුව වෙලා තියෙන්නේ කියලා.
ඕකේ තවත් භාවනාවක් තියෙනවා ඔය සංකප්ප භාවනාවේ, ඒ අර path එක තියෙනවා නේ path 1 එක කියන එක. ඒ කියන්නේ පල්ලෙහාට ගියා, පල්ලෙහාට ගියා ම අපිට ඇති වෙනවා මෝහයෙන් අගති ගමනට ගියා, එතනින් එනවා සංස්කාරය හරහා එනවා පරාමාසයට. එතකොට පරාමාසයෙන් ආපහු අපි එනවා ද්වේෂ අගතියට. අන්න ඒ අවස්ථාවේ දී ප්‍රියේහි විප්‍රයෝගය කියන එක පළවෙනියෙන් ම සිද්ධ වෙනවා. එතකොට මේ පාර මොකක් ද? අවිද්‍යා පාර. අර නිත්‍යයි කියලා අරගෙන මෝහයට ගිහිල්ලා එන්නා වූ පාර නිසා අපිට ප්‍රියේහි විප්‍රයෝගය පෙර සිද්ධ වෙනවා.
එතකොට ඊළඟට ගත්තොතින් මානයෙන් එන පාර තියෙනවා නේ. ඒ මානයෙන් එන පාරේ එනකොට කෙළින් ම ඉදංසච්චාභිනිවෙසයේ ඉඳන් අපි එනවා භයේ අගතියට. ඒ භයේ අගතියට ආවහම අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක කලින් සිද්ධ වෙනවා. දැන් එතකොට මෙන්න මේ කාරණා දෙක පැටලෙන්නේ නැතිව තියෙන්න ඕනි. දැන් අපි, මුලින් මම කියනකොට පෙන්නුවෙ, අප්‍රියේහි සම්ප්‍රයෝගය පෙර වෙලා ප්‍රියේහි විප්‍රයෝගය පසුව කියලා. අර එක, දෙක පාරවල්වලින් බලනකොට ප්‍රියේහි විප්‍රයෝගය පෙර, අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක පසුව කියන එක. දැන් බලන්න අර මාන පාරෙ ආවහම, මානයෙන් අපිට ඇති වුණා අර දිට්ඨියක් නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ පාරෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කිව්වා මේ සංකල්පයේ තිබෙන්නා වූ රාගය තමයි පුරුෂයාගේ කාමය වෙලා තියෙන්නේ. එතකොට මේ රූපයේ තිබුණේ නෑ මගේ සංකල්පයේ තිබිච්ච අගය. ඒක තමයි මගේ ප්‍රියේහි විප්‍රයෝගය වුණේ. දැන් ඔතන්ට ආවහම, රහතන් වහන්සේ මට, ඒක අවසන් වෙලා ඉවරයි, රහතන් වහන්සේ “පොඩ්ඩක් ඔහොම ඉන්නෙයි” කිව්වා.
මට ඇහෙනවා අර ගාථාව. ඒ ගාථාව මොකද්ද, “සුඛො විවෙකො තුට්‌ඨස්‌ස සුත ධම්මස්ස පස්සතො, අබ්‍යාපජ්‌ජං සුඛං ලෝකේ පාණභූතෙසු සංයමො” භාවනාව පටන් ගත්තේ ඒකත් එක්ක නේ, “සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමො” කාමය කියන එක, ඉක්මවනවා කියන එක. දැන් පේනවද, සංකල්පය තමයි මෙතන ආවේ, මේ සංකල්පයේ තිබුණා වූ අගය රූපයේ නැත කියන එකට ආවා. ඒකෙන් ප්‍රියේහි විප්‍රයෝගය.
එතකොට කාමානං සමතික්කමො මේ කාමය කියන එක සමතික්කම, මේක ඉක්මවීමක් තමයි කරන්න තියෙන්නේ අපිට. සමතික්කම. “අස්මිමානස්ස යො විනයො, එතං වේ පරමං සුඛං” එතකොට අස්මිමානය කියන්නේ අර දිට්ඨිය, චේතනාවේ ඉඳන් පල්ලෙහාට ආපු දිට්ඨිය තියෙනවා නේ, මෙන්න මේක නිසා නේ මේ කතාව තියෙන්නේ. මේ දෘෂ්ටිය නිසයි මේ කතාව තියෙන්නෙ.
එතකොට මේක වෙන්නේ නැත්තන්, දිට්ඨි කතාව එන්නේ නැත්තන්, මට පුදුම පරම සුඛයක් තියෙනවා. ඇයි මේ කාමය මම කියන එක අරගෙන තියෙන්නේ මේ සංකල්පය කියලා මම සංකල්පයට ඇලිලයි තමයි මේක තියෙන්නේ. මේක හොඳයි කියලා කිව්වෙ කවුද? අර මාන්නයෙන් ආපු දිට්ඨි කතාව.
ඒ ගාථාව හරියට තේරුණේ දැන් තමයි. ඒක කළාට පස්සෙ. මේක නැත්තන් මේක නෑ. මේ සංකල්පයකට නේ අපි දුවන්නේ. තනිකර අපි දුවන්නේ සංකල්පයකට. මේ චිත්තයේ මෙන්න මේ දේවල් තියෙනවා ය කියන එක. මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම වුණා නම් හොඳයි ආදී වශයෙන් ඒක තියෙනවා.
එතකොට ඒකේ සංකල්පය, එතන රාගය කියන එක එක පැත්තකින් ඇවිල්ලා තියෙනවා, අර දිට්ඨිය විසින් අරක තෝරලා දීලා තියෙනවා මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෙ, මෙහෙම තමයි තියෙන්න ඕනෙ කියන එක. එතකොට අස්මිමානය නැත්තන්, ඒක පරම සුඛයක් කියන එක ඇති වෙනවා කියන එක.
ඒක තමයි භාවනාව.