ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. ඒ බුදුපියවරු අනුපිළිවෙළින් මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වහන්සේ. මේ විදිහට ඒ අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා දක්වා සිහි කළා ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. දාහතර වෙනි බුදුපියාණන් වශයෙන්.
එහෙම සිහි කරලා මම, ඉතින් මං කල්පනා කළා මේ භාවනාවන් කොයි එක ද කරන්නේ කියලා. අර ඊයේ කරපු භාවනාව ගැනත් හිතුණා. ආයෙත් කල්පනා කළා මේ පන්සිල් ගන්න ක්‍රමය මං ගන්න ක්‍රමය හරියි කියලා බොහොම ලස්සනට මට දවසක් පෙන්නුවා. ඒක ගැන, ඉතින් හැබැයි ඒක දිගයි.
ඒ පාර දැන් මට හිතුණා ලෝභයෙන් පටන් අරගන්න භාවනාව කරනවා කියලා. එතකොට ඒ ලෝභයෙන් පටන් අරන් කරන භාවනාව අපි දන්නවා මනාපික වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. ඒක ඇති වුණාට පස්සේ, අපිට ඇති වෙනවා අර සෝමනස්ස පවිචාරය කියන එක. ඒක තමයි ඒ plan එක කියන එක.
එතකොට ඕක බැලුවොත් ඕගොල්ලො අර වට ගහන කතාවත් එක්ක, එහෙම නැත්තන් අර areas එක්ක බැලුවොතින් එහෙම, මේ වෙනකොට අපිට පේනවා මේ, අර A කියන area එක වෙලා ඉවරයි. පළවෙනි වටය කරකවලා ඉවරයි. දෙවනි වටය කරකවලා ඉවරයි. එතකොට අපි, ඒ වට දෙක කරකවනකොට අපි දන්නවා නේ අර සුභය කියන එකට නිත්‍යයි කියලා එකතු කරලා තියෙනවා. එතකොට සුඛය කියන එක ඇවිල්ලා. එතකොට සුඛය කියන එක ඇතුල් වෙනවා පරාමාසයට. සංස්කාරය නිත්‍යයි කියලා ඇතුල් වෙනවා පරාමාසයට.
දැන් එතකොට ඒ සංකප්පය කියන්නේ කොයි වෙලාවෙ ද ඕක ඇති වෙන්නේ? සංකප්පය කියන එක, plan එක, දැන් සෝමනස්ස පවිචාරය කිව්වහම සංකප්පය ගන්න ඕන. සංකප්පය කොයි වෙලාවෙ ද ඒක වෙන්නෙ? ඒ කියන්නේ පරාමාස වීමෙන් පස්සෙ අර 5, 4, 3 වුණා, 4 වෙලා ද මේක වෙන්නේ, ඊට පස්සේ ද කියන එක. එතකොට දැන් මේක රහතන් වහන්සේගෙන්, මට නිකන් පෙනුණා එකපාරට ම පරාමාසයයි සංකප්පයයි දෙක ම එක වගේ කියලා.
එතකොට රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වා “සංකප්ප වීමෙන් පරාමාස වේ.” පරාමාසයයි සංකප්පයයි දෙක ම එක නෙවේ, සංකප්ප වීමෙන් පරාමාස වෙනවා කියන එක. එතකොට දැන් හොඳට පැහැදිලිව එනවා, සංකප්ප වෙනවා කිව්වහම, අතන plan එකට යනවා කිව්වහම මෙයා ඇතුල් වෙනවා පරාමාසයට සුඛයයි කියලා, මේ පැත්තෙන් එනවා සංස්කාරය නිත්‍යයි කියලා මේක එනවා. එතකොට මේක මෙහෙම වෙන එක තමයි අර මේ පැත්තට arrow එකෙන් plan එක කියලා කියන්නෙ. මේක මෙහාට එන එක. දැන් ඒක ලස්සනයි.
ඒක ආවට පස්සෙ, ඊට පස්සේ අපි අර පල්ලෙහාට යනවා නේ දිට්ඨියෙන්, number 5. අත්තා කියලා පල්ලෙහාට යනවා. රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා නේ මෙතන මෙහෙම වෙනකොට මේක උඩට යනවා කියලා. හරි නේ දැන්. එයා යන්නේ අත්තවාද උපාදානයට. Plan එකට. එතකොට මේක මේ පල්ලෙහාට යනවා කියන එක තමයි, අතනින් උඩට යනවා කියන එක, ඒක පෙන්නන්නේ. ඒ කියන්නේ අත්තා වුණා. අතන අත්තවාද උපාදාන වුණා කියන්නේ, මතක ද? පරාමාස වීමෙන් අනතුරුව තමයි අත්තා වෙන්නේ.
එතකොට පරාමාස වුණා දැන් අත්තා වුණා. ඒක තමයි අර අත්තවාද උපාදානයට යන එක තියෙන්නේ. දැන් මේක මෙතනින් ආවට පස්සේ, අර දිට්ඨි අනුසයෙන් අපි යනවා නේ රූපයට, අන්න ඒක ගියහමනෙ අර area 1 කියන එක හැදෙන්නේ. A, B, C, D වුණා 1 කියන එක හැදුණා. දැන් එතකොට අපි දන්නවා එතන, දැන් ඔය ලාභයි කියන කතාව එහෙම ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය වෙලාවට. එතකොට ලෝභය ඇති වෙන්නෙත් ඉතින් ඕක උඩ තමා. ලෝභය කියන එක. දැන් එතකොට මට අර භාවනාවෙදි කල්පනා වුණා සංකප්පය, මං බලන්නේ අද අර සෝමනස්ස පවිචාරයයි, දෝමනස්ස පවිචාරයයි, විමංසා, උපෙක්ඛාවට යනවායි කියන එකයි තියෙන්නේ කියලා.
එතකොට දැන් සෝමනස්ස පවිචාරය කියන එක දැන් මගේ හරි. දැන් ඊට පස්සේ දැන් තියෙන්නේ තව පද දෙකක් ගියායින් පස්සෙ දැන් අපි, area 1 වුණා දැන් area 2 වෙනවා. Area 2 වෙලා නන්දිය, එතන ධම්මමච්ඡරිය හරහා area 3 එක කියන එක හැදෙනවා. අන්න ඒක තමයි අර ද්වේෂ භාවනාව අපි ඊයේ කිව්වේ. එතකොට එතන තියෙන්නේ ඒ කතාව තමයි. ඉතින් එතෙන්දි වෙන්නෙ මොකද්ද අර, දැන් දෝමනස්සය සිතට ඇතුල් වෙලා නේ තියෙන්නේ. පහේ හයේ පන්තියේ මං කිව්වෙ දෝමනස්සය තියෙන්නෙ, දැන් ව්‍යාපාදය තමයි මෙතන තියෙන්නේ. දැන් ව්‍යාපාද විතක්කය.
මෙතන key point එක තමයි, දැන් මෙතෙන්දිත් ආපහු මේ පල්ලෙහාට බැහීමක් වෙනවා නේ. අර ඇතුල් වීමකුත් වෙනවා අර විදිහට ම. අර වේදනාව ඇතුල් වීමකුත් තියෙනවා, සංස්කාර පැත්තෙන් ඇතුල් වීම තියෙනවා, මේ වේදනාව ඇතුල් වීම තියෙනවා. මම තාමත් හොඳයි කියලා කියන්නේ, මම කලින් ගත්ත එක. ඒකයි key point එක. කලින් ගත්ත එක තමයි, මට ඒක, ඒක කිව්වහම, මට වැටහුණා ම බොහොම හොඳ වුණා ඒක හරියි කියන එක, ඒක මේ, අපි භයෙන් අගතියට යන්නේ අර අපි කලින් කියපු එක ම හොඳයි කියාගෙන තමයි මේකේ පල්ලෙහාට බහින්නේ.
සංකප්පයේ. දෙවෙනි පාරෙ input එක මෙහෙම, මෙතනින් දැන් යනකොට input එක හැටියට තියෙන්නෙ සංකප්පය. එතකොට දැන් බලන්න සුඛයයි මේකයි පරාමාස වෙලා තමයි මගේ මේ, ඒ කියන්නේ සංකප්පය කියන එක හැදුණේ. දැන් ඊළඟ පාර දැන් මට ව්‍යාපාදය, තුන් වෙනි area එක ඇති වෙන අවස්ථාව වෙනකොට, මගේ අර පල්ලෙහාට බහින්න යනවා කියලා කියන්නෙ ඉතින් plan එක වුණා කියලා කියන්නේ අර සංකප්පය තමයි ඔයාගේ input එක. අර රූපය නෙවෙයි. සංකප්පයයි input එක වෙලා තියෙන්නේ.
එතකොට සංකප්පයේ input එක මෙතනින් ඇවිල්ලා, මෙතනින් ඉතින් දැන් ඉතුරු කතාව පැහැදිලියි නේ අපි ඊයේ කරපු එක. ව්‍යාපාදය ඇති වෙලා ඉතින් ඒ කියන්නේ එතනින් මේක යනවා. දැන් මගේ, දැන් මම කියනවා, මට දැන් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන කතාවක් දැන් ඇති වෙනවා.
දැන් මම කියනවා මේ, මට ඕනෙ අර ඉස්සෙල්ලා එක. මේක නෙවෙයි. එතකොට දැන් ඔය කියන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගයට අපි ආවහම කෙනෙකුට පේනවා, අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගය වෙනවා ඔය අවස්ථාව වෙනකොට. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය වෙලා කියලා කියන්නේ, ඒ කියන්නේ සංකප්ප රාගො පුරිසස්ස කාමො, සංකප්පය තමයි මට දැන් ප්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මං දැන් ප්‍රියේහි විප්‍රයෝගය කියන්නේ මට ඕනෙ වෙච්ච සංකප්පය මගේ දැන් නෑ. මොකද හේතුව, අර රූපයේ නෑ, සංකල්පයේ තියෙන අගය.
මම හිතාගෙන හිටියා මේ හොද්දක් දැක්කහම මේක හොඳට රස ඇති කියලා. ඒ මගේ සංකප්පයේ තිබිච්ච එක මේක නෑ. දැන් අර මම ඉස්සෙල්ලා ගත්ත සංකල්පය ම තමයි මේ තාම දුවන්නේ. එතකොට දැන් මට මෙතන මේ පල්ලෙහාට බහිනවා number 5, දැන් මේ වෙලාවෙ දී ව්‍යාපාද සහිතව පල්ලෙහාට බහිනවා, මං කියන්නේ මේක හරි නෑ, අර කලින් එක හොඳයි. දැන් මොකද වෙන්නෙ? ථීනමිද්ධයට යනවා. ඒකයි තියෙන්නෙ. ඔය gap එක ඉතින් ඊට පස්සේ analysis එක අවශ්‍ය නෑ නේ ඉතින් අපිට පේනවා නේ උපෙක්ඛා පවිචාරය කියන එක ථීනමිද්ධ අවස්ථාවේ දී වෙනවා කියන එක. සංකප්පය තුළ තියෙන්නේ ඒ නාමරූප කතාව තමයි, අගය තමයි.
එතන තවත් එකක් ආවා, මෙතෙන්දි, මේ අවස්ථාව වෙනකොට, දැන් මම ඇයි මං මෙහෙම කියන්නේ, අර සංකප්පය හොඳයි කියලා? මෙතෙන්දි තමයි චේතනා අගය. අහංකාරය. මගේ මානය. අර පල්ලෙහාට බහිනවා නේ. දැන් මේක පල්ලෙහාට බහින අවස්ථාව තියෙන්නේ. දැන් සංකප්පය හොඳයි කියාගෙන, මේක හොඳ නැතෙයි කියාගෙන මම අර පල්ලෙහාට බහිනවා නේ. මගේ අහංකාරය වෙලා තියෙන්නේ අර පෙර සංකල්පය. අහංකාරය තමා. මේ සංකල්පය. මොකද්ද ඒ කියන්නෙ? අහංකාරය කියලා කියන්නේ මානයක් නේ.
එතකොට මං කලින් භාවනාවක් කළා, ඕගොල්ලන්ට කිව්වා මං හිතන්නේ, ඒ භාවනාවේ තියෙන්නේ එක එක අවස්ථාවේ දී අපි අගය දෙනවා. පළවෙනි පාරට ගත්තහම අපි රූපයට අගයක් දෙනවා, දීලා තමයි ඒ මානය කතාව තියෙන්නෙ, ඊළඟට අපි වේදනා අගයක් දෙනවා. ඊළඟට තුන් වෙනුවට චේතනාවට අගයක් දෙනවා. මානය කියන්නේ ඔන්න ඔය අගය දීම. සංස්කාර අගය දීම අන්තිමේට. එතකොට මේ චේතනා අගය තමයි මේ මගේ අහංකාරය. අර සංකල්පයේ, අර පෙර තිබූ සංකල්පය, මගේ අර ඉස්සෙල්ලා එක මෙන්න මේ ආකාරයි, ඉස්සෙල්ලා චිත්තය මෙන්න මේ ආකාරයි. එතකොට මේ මානය හැදිලා තියෙන්නෙත් මේ චිත්තය කතාවත් එක්ක නේ. රූපයත් එක්ක තමයි.
අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන කතාව එනකොට මාන්නයෙන් ආපු පාර. ඒක නේ එයා පළවෙනි එක වෙලා තියෙන කතාව නේ ඔය තියෙන්නේ. එතකොට මම දීපු අගය ම, මගේ චේතනා අගය නෑ දැන්.
පළවෙනි චේතනා අගයට වෙලා තමයි අහංකාරය වුණේ. ඔය අහංකාරය තමයි ඔතන මානය වෙන්නේ. එතකොට ඒක නැත්තන්, ඒ කියන්නේ ඉතින්. සංකප්පය වුණාට පස්සෙ ඉතින් දෙවෙනි පාරෙ එනකොට කප්පය වෙලා නේ. සංකප්පය ඇති වුණාට පස්සේ, මම වුණා, මේකට ආවා, දැන් මං මෙතන නැගලා ඉන්නේ. මගේ චිත්තය, මං හිතනවා කෑමක් දැකලා මම කන්න ඕනෙ, හොඳයි කියන එක ආවා. එතකොට දැන් මම ඊට පස්සේ දැන් ආයෙත් මගේ සිතිල්ලක් නෑ. මම කල්පනා කරන්නෙ දැන් මං මේක කන මනුස්සයා. අන්න ඒ තත්වෙට ගිහිල්ලා නේ තියෙන්නේ.
එතකොට අරක නැංවූවාට පස්සෙ, සංකප්පය ඇති වුණාට පස්සේ, සංකප්පයට පස්සේ දැන් අර පල්ලෙහාට මේ පැත්තෙන් යනවා, අර පැත්තට උඩට යනවා කිව්වෙ, අන්න ඒ උඩට යන කෑල්ල නේ ඔය කප්පය වෙන්නෙ. සංකප්පය කිව්වහම මෙහෙට ආවා. ඒ කියන්නේ පරාමාසය ඇතුළට, සුඛය මෙහෙන් ඇදෙනවා, නිත්‍යයි කියලා මෙහෙන් ඇදෙනවා, ඔන්න සංකල්පය. පල්ලෙහාට ආවායින් පස්සෙ දැන් මේක පල්ලෙහාට ගන්නවා නේ. පල්ලෙහාට ගන්නවා කියන එක තමයි, උඩට යනවා කියන්නේ. ඒක තමයි කප්පය. එතකොට කෑලි දෙක හරියට හරි. අර රහතන් වහන්සේ ඇඳලා තියෙන ඉරි දෙක මේ පැත්තෙන් ආවා plan එකට, අත්තවාද උපාදානයට යනවා. අන්න ඒක කප්පය.