ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් බුදුපියවරු සිහි කළා අනුපිළිවෙළින්. ඒ මණ්ඩලාධිපති බුදුපියා ශ්‍රේෂ්ඨ බුදුපියා වශයෙන්, සත්‍ය වශයෙන් ම ජීවමානව වැඩ ඉන්න පළවන, ශ්‍රේෂ්ඨ ම බුදුපියා වශයෙන්. එතකොට, මේ ලෝකෙට හරි වාසනාවක් කියලා ඒ වගේ බුදුපියාණන් වහන්සේ නමක් ඉන්න එක, බුදුපියාණන් වැඩ සිටිති කියන අදහස.
ඊළඟට දෙවෙනි බුදු පියාත් සිහි කළා ඉතින් එක බුදු පියෙක් හිටියා නම් ඇති, මේ වාසනාවට දෙවෙනි බුදු පියෙකුත් ඉන්නවායි කියන එක. මේ විදිහට මේ, බුදුපියවරු දාහතර නම ම ඔය විදිහට අනුපිළිවෙළින් සිහි කළා. තපස්සි බුදුසීයා, දහතුන් වන ඒ බුදුපියාණන් වහන්සේ. ඊළඟට සහම්පති මහා බ්‍රහ්ම දාහතර වෙනි බුදුපියාණන් වශයෙන් සිහි කළා. ඒ බුදුපියවරු දාහතර, ලෝකෙට වැඩ ඉන්නවා ය කියන එක, වාසනාවක් ය කියන එක.
ඉතින් එතන මහා විසාල විදිහට සමාධිය පවතිනවා. එහෙම වෙලා ඒ පාර මං පන්සිල් ගන්න විදිහට මම ගියා. ගිහිල්ලා ඉවර වෙලා ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයෝ වඩමි කියන තැනින් මට හිතුණා බලන්න ඕනෙයි කියලා. මට කිව්වෙ නෑ මෙතනින් පටන් ගන්න කියලා. එහෙම බලාගෙන යනකොට පළවෙනියෙන් ම මං ගත්තා විරිය ඉද්ධිපාදය කියන එක.
විරිය ඉද්ධිපාදය කියන එක ගත්තහම, එතන මං කෙළින් ම කල්පනා කළා, මෙතන මේ රූපය ස්පර්ශ නොවෙන්න කියන එකට විරියක් කියන එක. එතකොට රූපය ස්පර්ශ නොවෙන්න විරියක් කියනකොට මට කල්පනා වුණා මේ පෙරේදා භාවනාවත් එක්ක. මේ සංකල්පය කියන එක දැන් අපිට ඇති වෙනකොට රූපය මෙහෙන් ස්පර්ශ වෙනවා. එතනින් යනවා පල්ලෙහාට සුභයි කියලා අරගෙන ඇතුල් වෙනවා ඉදංසච්චාභියට. නිත්‍යයි කියලා පල්ලෙහාට යනවා.
එතකොට මෙතෙන්දි මම ටිකක් බලාගෙන ගියා. බලාගෙන ගියා ම මට කල්පනා වෙනවා මේ කාරණා හත ම, මේ පළවෙනි පාර, දැන් අපි දන්නවා නේ මෙතන නිත්‍යයි කියලා මේ පැත්තට බහිනවා කියන්නේ අර රාග සල්ලයේ ඉඳන්, ඒ කියන්නේ මෙතනින්, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ආවා, කාම ආශ්‍රවයෙන් ඇවිල්ලා පල්ලෙහාට ගිහිල්ලා උඩට යනවා කියන එකයි කියන්නේ. එතකොට පල්ලෙහාට ගිහිල්ලා උඩට ආවා, රාග සල්ලයට ඇවිල්ලා රූපයට යනවා කිව්වහම, මෙතෙන්දි මේ කාරණා, මං මුලින් හිතුවා මම ඕක බලනවා, බලලා ඉවර වෙලා ම අහනවා කියලා, මෙතන හත ම වෙනවා ද පළවෙනි එකට කියලා කියන එක. මට දැන් බාගයක් දුරට ගියා ම පේනවා මේක වෙනවා වගේ කියන අර්ථය. මේ පැත්තට මේක වෙනවා වගේ. ඉතින් ඒ කියන්නේ මං තුනක් හතරක් බලලා මේක පරාමාස වීමෙන් පස්සෙ නේ අත්තා වෙනවා කිව්වෙ, මේ පළවෙනි එකේදිම මේක වෙනවා නේ ද කියලා.
ඒ පාර රහතන් වහන්සේගෙන් ඇහුවා ම, හත ම වෙනවා කිව්වා. ඒ කෑලි හත ම දුවනවා කිව්වා. එතකොට පළවෙනි එකට, බලන්න පළවෙනියෙන් අපි අර පළවෙනි වටය කරකවනවා කිව්වහම හතක් වෙනවා. Area එක වශයෙන් හැදෙන්නේ අර A කියන area එක තමයි. මොකද අර රූපයටයි අපි අගය දෙන්නේ. ඒක නිසා area A කියන එක, ඒක ඇති වෙනවා.
එතකොට ඊළඟට, ඒ දෙවෙනි එකට මානය විසින් දැන්, දැන් මට තියෙන්නේ ඊළඟට මේ සඤ්ඤාව මගේ නොවෙන්න. දෙවෙනි විරිය. එතකොට ඒ සඤ්ඤාව මගේ නොවෙන්න දෙවෙනි විරිය භාවිතා කරනවා කියන එකේ, දැන් මං කල්පනා කරනවා මෙතෙන්දි මේ සඤ්ඤාව වෙන්නේ අර සංකල්පය, අපිට ඊයේ පෙරේදා ඉගැන්නුවා නේ මේ සංකල්පය කතාව. මේ සංකල්පය තමයි input එක වෙන්නේ. එතකොට එහෙම නම් මේ සංකල්පය කියලා කියන්නේ අර නන්දියෙන් පස්සේ අපි එනවා නේ අර ධම්මමච්ඡරිය හරහා එන කෑල්ල. ආන්න ඒක තුළ තමයි මේ සංකල්පය කතාව තියෙන්නේ.
එතකොට දැන්, සඤ්ඤාව මගේ නොවෙන්න විරිය භාවිතා කරන්නේ, මෙන්න මේක මගේ නොවෙන්න. දැන් එතකොට එනවා මේක උඩට ගිහිල්ලා, චේතනාවට ගිහිල්ලා ඉදංසච්චය, මාන පාර මේ, එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන කතාව තියෙනවා. ඉතින් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ඇති වෙලා ප්‍රියේහි විප්‍රයෝගය. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙදි කියන්නේ, අර මගේ, මගේ සංකල්පය තමයි දැන් මං මේ කතා කරන්නේ. මට ඕනෙ වෙලා තිබිච්ච සංකල්පයේ තියෙන අගය රූපයේ නැතෙයි කියන එකෙන් තමයි ප්‍රියේහි විප්‍රයෝගය කියන එක මට ඇති වෙන්නේ.
එතකොට දැන් මට පේනවා, මේක මෙහෙම උඩට ගිහිල්ලා මෙතෙන්ට එනකොට, ඒ කියන්නේ භයේ අගතිය කියන තැනට එනකොට, දැන් area වශයෙන් අර B කියන එක හැදෙනවා. මෙතන අගය දෙන්නේ මම වේදනාවට. එතකොට වේදනාවට අගය දීම කියන එක මේකේ තියෙනවා. එතකොට මෙන්න මේ මාන කොටස, ඒ කියන්නෙ දැන් අර, මේ වේදනාව මෙන්න මේක නිසා ඇති වන එක මෙන්න මේ ප්‍රමාණයයි කියලා, ඒ මොහොතේ ම මේ සංස්කාරයට අගය දීමකුත් තියෙනවා, ඒ කොටස සඳහා. වේදනාවේ ප්‍රමාණය, මේ පැත්තෙන් මෙහෙම වෙනකොට චේතනාවට යනකොට ධම්මමච්ඡරිය හරහා, අනෙක් පැත්තෙන් මේ සංස්කාරයට මානය විසින් අර අගය දෙනවා අර මම කලින් දීපු එක සම්බන්ධයෙන්. මෙන්න මේ වගේ රූපයක් ගත්තහම මෙච්චර දෙයක් කරන්න පුළුවන් නේ, කියන අර්ථය තියෙනවා නේ. මේ වගේ කෑමකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්, දැන් ඔය කියන්නේ මේ බෙහෙතක් ගත්තහම බලන්න මේ බෙහෙතෙන් මෙච්චර දෙයක් කරනවා කියන්නේ, අන්න ඒ වගේ. මෙතන අගයක් දෙනවයි කියන එක. එතකොට දැන් ඉතින් සංස්කාරය අගයකුත් දුන්නා කියන එක තියෙනවා, ඉතින් සංස්කාරය මගේ නොවෙන්න ඉතින් විරියවල් භාවිතා කරන්න වෙනවා නේ. එතකොට දැන් මෙතන මේ හුඟාක් කළේ ඒ රූපයයි වේදනාවයි, අර වට දෙක කරකැවීම මෙතන තියෙන්නේ.
චිත්තය වශයෙන් අතන හතක්, මේ වගේ කොටස් හතක් ගියා කියන එක. එතකොට මට මෙන්න මේ කොටස් 7 කියන එක නිසා තමයි මෙන්න මේක වෙන්නේ. ඒ කියන්නේ ධම්මමච්ඡරිය හරහා යන කතාව, ඒ කොටස් හතක්, දැන් මේ චිත්තයේ තියෙනවා නෙ කියන එක. මට මේක වචනයෙන් කියන්න අමාරුයි. මේක දැන් මේ චිත්තයේ මෙන්න මේ කොටස් ටික තියෙනවා. මෙන්න මේක නිසයි වෙන්නේ. රහතන් වහන්සේ කිව්වා, “අන්න ඒක නිසා තමයි කිව්වා, ඔබ දක්ෂයි කියලා, කියන්නේ.” ඒක තේරුම් ගැනීම කියන එක.
ඉතින් ඒ, ඒක තමයි ඒ භාවනාව.