ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි. නමස්කාර වේවා ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා මම සිහි කළේ ජීවමානව වැඩ සිටින්නා වූ පළමු වන, ශ්‍රේෂ්ඨ ම බුදුපියාණන් වහන්සේ කියලා. සාධු නමස්කාරය කළ හැකි ය කියලා වැන්දා. ඊට පස්සේ බුදුවරු තුන් නමකට ම ඔය විදිහට, පළවෙනි, දෙවෙනි, තුන් වෙනි, මේ මණ්ඩලාධිපති, ධම්මාධිපතිවිනයාධිපති, ධම්මාධිපති බුදුපියා දක්වා සිහි කරලා සාධු නමස්කාරය කියන එක කළා.
ඊට පස්සේ ආපහු තුන් නමක් ගත්තා. එතකොට විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ. ආපහු මේ ජීවමානව වැඩ සිටින මේ විදිහට ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කරලා සාධු නමස්කාරය කළා. ඊට පස්සේ අර, ඊට පස්සේ දැන් හය නමක් සිහි කරලා අවසානයි නේ. ඊට පස්සේ මුළු දාහතර නම ම අනුපිළිවෙළින් තපස්සි බුදුසීයායි, සහම්පති මහා බ්‍රහ්ම බුදු පියායි ඔය විදිහට සිහි කරලා සාධු නමස්කාරය කළා.
ඒ වෙලාවේ මට හරී පුදුමාකාර දැනීමක්, සමාධියක් ඔක්කෝම තිබුණා. ලෝභය නැති කරමි කිව්වා ම එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. මනාපික වූ අරමුණ. එහෙනම් මනාප වූ අරමුණ කියන එක මම කල්පනා කළා මේ රූප ශබ්ද ගන්ධ රස ඊළඟට මේ කය නිසා ඇති වන ස්පර්ශ, ඊළඟට මනසෙන් ඇති වෙන්නා වූ මනාප වූ ධම්ම. තියෙනවා නේ. එතකොට පොට්ඨබ්බය කියන එක, සද්ද පොට්ඨබ්බ, එතකොට ධම්ම කියන එකට ආවා.
එතකොට මේ, දැන් මං මේ කල්පනා කරනවා මේ මනාප වූ ධම්මය කියන එක ඇති වෙන්නේ නන්දියෙන් පස්සේ ද? උඩින් ම රූපයක් ගත්තට පස්සෙ අපි අර විදිහට අර සුභය කියලා අරගෙන පල්ලෙහාට නිත්‍යයි කියලා එකතු කරගෙන යනවා. එතකොට කාරණා හතක් ම වෙන්න ඕනෙ ද? මේ ධම්ම කතාව එන්න කියන එක. එතකොට මම ඒක ගැන පොඩ්ඩක් හිතලා රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වා “ඔව්, ධම්මය එන්න නම් නන්දිය කියන කතාව එන්න ඕනෙයි” කියලා. එතකොට ඒ හතක් ආවයෙන් පස්සෙ ඔය දන්නවා අපි දැන් මේ හත් වෙනි කාරණයට ආවට පස්සෙ අර සංකල්පය තමයි අරමුණ වෙන්නේ. එතකොට ඒ සංකල්පයෙන් තමයි මේ ධම්මමච්ඡරිය කතාව. ඒක ඇති වෙන්නේ. එතකොට මේ සංකල්පයේ තියෙන්න ඕනෙ රූපය නිසා එක වටයක් කැරකීම කාරණා හතක් සිදු වී තිබිය යුතුයි කියන එක තියෙනවා.
දැන් නන්දිය කියන එක නැති වෙන්න නම් මොකද කරන්න ඕනෙ කියන එක ඉතින් මම කල්පනා කළා මේ ජාති, ජරා නිසා විපරිණාම දුක්ඛතාවය කියන එක දැනගන්න ඕනෙයි කියන එක. එතකොට මට මෙතෙන්දි සිහියට එනවා මේ නන්දිය කියන එක ඇති වෙන්නේ අනුසය ධර්මයන් නිසා කියලා. මොකද නන්දියේ තියෙනවා මම කාලා, මේක රස වින්දා ය කියලා. ඒ කියන්නේ අර සුඛ වේදනාවකින් පස්සෙ අර කාම ආශ්‍රවය කියන එක ඇති වෙලා තමයි තියෙන්නෙ.
එතකොට, ඒ කියන්නේ අනුසය ධර්මයන් නිසයි මේක වෙන්නේ කියන එක. කලින් කාලා තියෙන බව මට ඇති වුණා. ඒ පාරෙ ගිය බව නිසා ඇති වෙන දෙයක් කියලා. දැන් අනුසය කියන එක කොහොම ද නැති වෙන්නේ කියන එක මං කල්පනා කළා. ඒ අනුසය මේ සැකය හරහා තමයි සිදු වෙන්නේ කියන එක මට එනවා. ඒ කියන්නේ අර අවිද්‍යා ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට එනවා. එතකොට සැකයෙන් තමයි මේ පැත්තට එවන්නෙ.
එතකොට මේ අනුසය නැති වෙන්නේ එහෙම නම් සැකය නැති වීමෙන් ද කියන එක කල්පනා කළහම, බුදුපියාගෙන් විමසුවා ම බුදුපියා කිව්වා “එසේ නොකියමි” කියලා. “අවිද්‍යාව නැති කිරීමෙන් එය නැති වේ” යැයි කියලා රහතන් වහන්සේ පැවසුවා.
එතකොට අවිද්‍යාව නැති කිරීමෙන් නැති වෙනවයි කියන්නේ, දැන් මං ඒ පාර කල්පනා කරනවා අවිද්‍යාව කියන්නේ අර උඩ තියෙන එක. අවිද්‍යා යෝගය හරියේ තියෙන්නේ අවිද්‍යාව.
ඒ කියන්නේ මේ විපල්ලාස දොළහ. එතකොට මේ විපල්ලාස දොළහ මොන ආකාරයට ද නැති වෙන්නේ කියලා. එතකොට මට එනවා මේ තණ්හාව නිසා තමයි මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. තණ්හාවෙන් තමයි මේ අවිද්‍යාව ඇති වෙන්නේ කියන එක මම හොඳට මෙනෙහි කළා. ඒක මෙනෙහි කළා ම තණ්හාව නැති කිරීමෙන් අනුසය නැති වන්නේ ද? දැන් මං මේ අනුසය ගැන නේ ඔය කතාව එන්නෙ, අවිද්‍යා අනුසය කියන එක තණ්හාව නැති කිරීමෙන් නැති වන්නේ ද? බුදුපියා විමසුවා.
එතකොට බුදුපියා කිව්වා “තණ්හාවත්, අවිද්‍යාවත් දෙක ම නැති කිරීමෙන් අනුසය නැති වන්නේ ය” කියලා බුදුපියා පැවසුවා. ඕක තමයි භාවනාව.
එතකොට ඒකෙ අර key points හැටියට තියෙන්නේ අර ධම්මය කියන කතාව එන්න කාරණා හත ගිහිල්ලා තියෙනවා. සංකල්පයේ තියෙන එක අනුවයි මේක යන්නෙ.
එතකොට ඒ වගේ ම ගත්තහම අර නන්දිය කියන එක, ඒක නැති වෙන්න නම් ඉතින් අර අනුසය කියන එක නැති වෙන්න ඕනෙ. අනුසය නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනෙ. අවිද්‍යාව නැති වෙන්න නම් තණ්හාව කියන එක, ඒක නැති වෙන්න ඕනෙ.
එතකොට, ඒ කියන්නේ තණ්හාවයි අවිද්‍යාවයි දෙක ම නැති වීමෙන් තමයි මේක නැති වෙන්නේ. එතකොට මෙතන මේ අර වඩුවාගේ කතාව ඔය තියෙන්නේ. වඩුවා අගයක් දෙන්නෙ නෑ ඒක නිසා අර චේතනා කරන කතාව නැති වෙනවා. ඒ කියන්නේ සඤ්ඤාවට අගයක් දෙන්නෙ නැති නිසා චේතනා කරන කතාව නැති වෙනවා. ඒක නිසා ඇති වන අවිද්‍යා කතාව නැති වෙනවා.
අනෙක් අතට ගත්තහම අර වේදනාවට සුඛයි කියලා අගයක් දෙන්නෙ නෑ, ඒක නිසා තණ්හා කතාව නැති වෙනවා. ඔන්න ඔය දෙක නැති වීමෙන් තමයි ඕක සිද්ධ වෙන්නේ කියන එක ආවා.
ඒක තමයි භාවනාවට කළේ.