ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ජීවමානව වැඩ සිටින පළවෙනි, ශ්‍රේෂ්ඨතම, උත්තරීතර බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. එතකොට ඒ විදිහට ඒ බුදුවරු ගණනත් නම් මතක් වුණා ඒ වෙලාවෙ. එතකොට දෙවෙනි බුදුපියාණන්, තුන් වෙනි බුදුපියාණන්, ඔය විදිහට සිහි කළා. සිහි කරලා ඒ මනස හරි විසාල බවට පත්වෙලා.
ඊට පස්සේ ඒ අනුපිළිවෙළින් බුදුපියවරු දාහතර නම ම කල්පනා කළා. ඒ ජීවමානව වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම බුදුපියවරු වශයෙන්. ඉතින් බුදුපියවරු වැඩ ඉන්නවා කියලා කිව්වහම, ජීවමානව වැඩ ඉන්නවා නම් ඉතින් ධර්මය හෝ ගාලා ලෝකෙට ගලාගෙන යනවා නේ. ඉතින් ඒක නේ මේ වෙන්නෙ කියන එක තමයි ගත්තෙ.
එහෙම අරගෙන ලෝභය නැති කරමි කිව්වම එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඒ ලෝභය නැති කරමි කියන එක දැන් මං ගත්තා ආපහු ඒ මනාපික වූ අරමුණ කියන එක. මනාපික වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. දැන් මේ අවස්ථාවේ දී ගත්තේ ස්පර්ශය. ස්පර්ශය කියන එක, ඇහැයි රූපයයි නිසා චක්ඛු විඤ්ඤාණය. තුනේ එකතුව තමයි ස්පර්ශය. එතකොට මේ තුන එකතු කරන්න බැහැ කියන එක. මේ තුන එකතු කරන්න බැහැයි කියන එක අපි දන්නවා.
එතකොට මෙතෙන්දි මට හොඳට ආවා අර නන්දියේ අර්ථය. ඒ කියන්නේ නන්දිය කියන එක නැති වෙන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා කෙනෙක් දන්නවා නම්. එතකොට මේක දන්න මනුස්සයට පේනවා මේ රූපය කියන එක පවත්වන්න පුළුවන්කමක් නෑ. ඒ මගේ ස්පර්ශය ඇති වෙන්න ඒ රූපය ආපහු ඒ විදිහට ම තියෙන්නෙ නෑ. මගේ ඇහැ ඒ විදිහට ම පවතින්නෙත් නෑ. ඒක නිසා මේ ජරාවට යනවා කියන එක දන්න මනුස්සයට පේනවා එහෙම නම් මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. එකතු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ කියලා.
එතකොට ඊයේ භාවනාවත් එක්ක ඕක සම්බන්ධ වෙනවා නේ. නන්දිය කියන එක නැති කරන්නේ කොහොම ද? කියන එක කල්පනා කළා ම, නන්දිය කියලා කිව්වහම අනුසයයි කියන එක ගත්තා. එතනින් වටේට ම ආවයෙන් පස්සෙ කිව්වා මේ අවිද්‍යාව කියන එක නැති වෙන්න ඕනි. තණ්හාවත් නැති වෙන්න ඕනෙ කියන එක. අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙලා තමයි මෙයා මේ අවිද්‍යා අනුසය කියන එක නැති වෙන්නේ.
එතකොට දැන් මෙතෙන්දි දැන් මං මේ බලනවා එහෙම නම් අපි අර රූපයත් එක්ක. දැන් මෙතනින් එනවා උඩින් අර අලුවා කෑල්ල වගේ එනවා නේ. ස්පර්ශය, මේ පැත්තෙන් නාමරූප ධර්මය කියන එක එනවා.
ඊළඟට ගත්තහම දැන් අපි මේක හැදෙන්නේ කොහොම ද? මේ සුඛයි කියන එක හැදෙන්නේ කොහොම ද? අර නිත්‍යයි කියලා අගයක් එක්කහු කරලා. සුභයට නිත්‍යයි කියලා අගයක් එක්කහු කරලා. එතකොට දැන් අපි ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා දන්න මනුස්සයා දන්නවා මේ, මේක නිත්‍යයි කියලා කතාවක් කරන්න බෑ මොකද? මේක අර නැවත නැවතත් කරකවලා නේ කරන්නේ. ඒ සුභයි කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. දැන් සුභයි කියන එක විශ්වාස කරලා තමයි මේ නිත්‍යභාවයක් අපි හදා ගත්තේ.
එහෙම නම් දැන් එනවා මේ සුභයි කියන එක විශ්වාස කරන්න පුළුවන්කමක් ඇත්තේ නැතෙයි කියලා. Trust කරන්න බෑ කියන එක. මේක පවතිනවා කියලා trust කරන්න බෑ. මොකද ජරාවට යනවා නම් අර මනුස්සයා අර විදිහට ඉන්නෙ නෑ. ඉතින් ඒක සත්‍ය වශයෙන් ම බැලුවහම මෙතන තියෙන්නේ ඉතින් දෙතිස් කුණපයක්, ජරා ගොඩක් නේ. මේකෙ ඒ අතින් ගත්තහම මේකෙ විශ්වාසයක් කරන්නත් පුළුවන්කමක් ඇත්තෙ නෑ ජරා ගොඩක.
අනෙක් අතින් ගත්තම මේකට අර, ඒක අල්ලගෙන නැවතත් පවත්වනවා කියන එක ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා දන්න මනුස්සයාට අර නිත්‍යභාවයක් එකතු කරන්න බෑ, මේක trust කරන්න බෑ කියන එක ඒක හොඳට ආවා ම. එතකොට දැන් මේක විශ්වාස කරන්න බැහැයි කියන්නෙ දැන් එතකොට නිත්‍ය කතාවේ දේ අපිට පේනවා. අවිද්‍යාව කියන එක නැති වෙන්න ඕනෙයි කියන එක.
අනෙක් අතට ගත්තහම අර අලුවා කෑල්ලේ මෙතනින් වේදනාවට සඤ්ඤාව විසින් අගයක් දීලා තමයි මේ තණ්හාව කියන එක, කතාව ඇති වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දි පේනවා එහෙම නම් මේ වේදනාව කියන එකට ඇති වෙන්නා වූ දේ, මේක trust කරන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ. අර මොකද? මම නිත්‍යයි කියලා කරොත් තමයි මට මෙතන මේ සුඛයි කියන කතාව මට එන්නෙ. ඒ සුඛයි කියන කතාව දන්නවා නේ. අර සඤ්ඤාවට, මගේ කතාව තියෙනවා නේ, මෝහ අගතියේ ඉඳන් එන්නා වූ පාර පරාමාසය හරහා. එතකොට මේක අපිට trust කරන්න බෑ. සඤ්ඤාව කියන එක එතන trust කරන්න බෑ එතන ඒ කතාව මේකත් එක්ක ඇති වෙන්නා වූ.
ඊළඟට ගත්තහම, එහෙනම් අපි සුභයි කියලා කතාව මෙතනින් කරන්නා වූ අර ස්පර්ශයත් එක්ක ඒක බෑ. ඒක trust කරන්න බෑ. ඊළඟට මෙතන ඉඳන් අපි සුඛයි කියලා යනවා නේ. අර අභිනිවේස diagram එකේ. එතකොට සුඛයි කියන එක එහෙනම් මට trust කරන්නත් බෑ.
එතකොට මේක trust කරන්න බැරි ය කියලා කියනකොට දැන් මට එනවා, ආපහු දැන් එහෙම නම් මේක පරාමාසයට ගිහිල්ලා පල්ලෙහා අත්තා කියන එකට එන්නේ. එතකොට අතන සඤ්ඤාව trust කරන්න බැරි වෙනකොට, ඒ සඤ්ඤාව නිසා මේ පරාමාසය මෙතනින් පල්ලෙහාට එනවා කියන එක තියෙනවා නේ. අත්තා කියන එක. එහෙනම් අත්තා කියන එක ඔයාට trust කරන්න බෑ. මගේ කියලා. අත්තා කියලා ගන්නා වූ දේ ඔයාට trust කරන්න බැහැයි කියලා එනවා. විශ්වාස කරන්න බෑ. ඒක විශ්වාස කරන්න බැරි නම් ඒක නිසා ම අර දිට්ඨි අනුසය තියෙනවා නේ. ඔය දිට්ඨි අනුසය දැන් අත්තා කියන එක නේ, අත්තානු දිට්ඨියක් නේ ඔතන තියෙන්නේ. එහෙම නම් ඔය දිට්ඨිය කියන එක ඔයාට විශ්වාස කරන්න බෑ. මේක විශ්වාස කරන්න බැරි නම්, ඒක නිසා දැන් අපි ආවේ දැන් මෙතෙන්දි වේදනාවට. අත්තානු දිට්ඨියේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ වේදනාවට.
දැන් මේ වටෙන් කැරකිලා ආපු මේ වේදනාව එහෙම නම් ඔයාට මේක සුඛයක් කියලා විශ්වාස කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒ වේදනාව, රූපය සුභයි කියලා ගන්න බෑ වගේ, මේ වේදනාව සුඛයි කියලා ඔයාට විශ්වාසයක් කරන්න බෑ. දැන් එතකොට පේනවා ද? ඔයාට පළවෙනි පාරෙන් කබලිංකාර ආහාරය. රූපය සුභයි කියලා ගන්න බෑයි කියන්නේ ඒක විශ්වාස කරන්න බෑ. මෙතනින් ඇති වෙන්නා වූ සුඛය විශ්වාස කරන්නත් බෑ.
එතකොට ඔයාට පේනවා එහෙම නම් සාත කතාවක් කියන එක නේ මේ කියන්නේ. සාතයි කියන එක මට විශ්වාස කරන්න බෑ කියන එක. එතකොට දැන් මෙතෙන්දි මට හරි ලස්සනට එනවා, අර මේක නිසා නෙ ඇති වෙන්නේ ක්‍රෝධය, මොස වජ්‌ජඤ්‌චය, මුසාවාදය කියන එක. එතකොට ඔය දෙක අතරේ දී මට අර සැකය කතාවත් ආවා. මෙහෙන් ගිහිල්ලා දැන් එනවා සැකය නිසා නේ මේ කතාවල් කරන්නේ. එතකොට මේක විශ්වාස කරන්න බැරි වුණා ම තමයි මේ path එක දුවන්නේ මේ විදිහට.
එතකොට දැන් මට පේනවා දැන් එහෙම නම් මේ ක්‍රෝධයයි, මුසාවයි, මේකයි ඇති වෙනවා කියන එක, “කොධො මොස වජ්ජන්ති, කථංකථා ච” කියලා කිව්ව නේ, සැකය කියන එක. මේවා එකක්වත් විශ්වාස කරන්න බැහැයි කියන එක එතනින් එනවා.
එතනින් ඇවිල්ලා ඊට පස්සේ දැන් මට දැන් මේක ආවට පස්සෙ මට ආපහු එනවා. දැන් පේනවා ද මේ වේදනාව කියන එක මෙහෙම වටෙන් කැරකිලයි අපි ආපහු මෙතෙන්ට ආවේ.
දැන් එතකොට මට මේක එනවා “විශ්වාසා පරමා ඥාතී” ඒක මට මතක් වුණා. මේ මං කියන ගාථාව. මේක දැන් මේ පරම ඥාතියක් කියලා අපි ගන්නේ, මේ අපි හදාගත්තා වූ ඒ රූපයයි, වේදනාවන් ඒවා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් මේක විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ ඔය අත්තා කියලා හදාගෙන තියෙන්නේ “විශ්වාසා පරමා ඥාතී.” ඥාතියා කියන එක්කෙනා ඕගොල්ලොත් එක්ක ඉන්නවා හැම තිස්සෙම. ඒක නේ ඒ මේවා කරන්නේ, මගේ උදව්වට මොකක් හරි එකකට ඉන්නවා කියන එකයි. එතකොට නමුත් මේ, මේකෙ දැන් මේ අත්තා කියලා ගත්ත ඒවා එකක්වත් විශ්වාස කරගන්න බැහැයි කියන එක තමන්ට පේනවා. තමන් trust කරන්නේ මෙන්න මේක තමයි. පරම ඥාතියා වෙලා තියෙන්නේ මේක මට. මෙන්න මේ තමන්ගේ මේ ශරීරයේ තියෙන කොටස් ටිකත් එක්ක තියෙන්නා වූ දේ තමයි මං මේ trust කරගෙන තියෙන්නේ. ඒවා පවතිනවා කියන එක.
එතකොට ඒක කරන්න බැරි ය කියන එක, විශ්වාස කරන්න බැරි ය කියන එක තියෙනවා. මේක කොයි වෙලාවෙ කඩාගෙන වැටෙනවා ද? දන්නෙ නෑ නේ කියන එක එක පැත්තකින් එනවා. ඊට පස්සේ ආපහු මට එනවා. මේක කරන්න බැරි ය කියන එක ආවට පස්සේ, විශ්වාසය කරන්න බැරි ය කියන එක ආවට පස්සේ ආයෙත් කොටසක් එනවා. ගාථා තුනක් එතන. ගත්තහම.
දැන් මෙතන මේ ස්පර්ශය කියන එක විශ්වාස කරන්න බැරි නම් එතන මෙහෙන් ආවයින් පස්සෙ දැන් ඔයාට පේනවා නේ මේක විශ්වාස කරන්න බෑ කියලා. මේකෙ කෙළවර දෙක ම විශ්වාස කරන්න බැරි ය කියන එක එනවා නේ. මේ කෙළවර දෙක ම විශ්වාස කරන්න බැරි නම් දැන් මට පේනවා මේකෙ අර දැන් මගේ හිටියේ විපරිණාමයේ නේ හිටියේ. දැන් ස්පර්ශය කියන එක මට විශ්වාසයට එන්න බෑයි කියන එක එනවා නේ.
එතකොට මට එනවා එහෙම නම් මේක නිසා මේ තිබිච්ච දේ වෙනස් වුණා. “ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණං” කියන එක. තිබිච්ච දේ වෙනස් වුණා කියන ලක්ෂණයට මම ආවා එතනදි එතකොට මෙහෙම තත්වයට පත් වුණාට පස්සේ රහතන් වහන්සේ කිව්වා. “ඕක දැන් මේ වෙලාවේ සත්‍ය වශයෙන් ම චතුත්ථධ්‍යාන සමාපත්තියේ ඉන්නෙ” කියන එක. චතුත්ථධ්‍යාන සමාපත්තියේ ඉන්නවා කියලා ඒක කිව්වා. ඉතින් මං මේක බැලුවා. ඒක එහෙම තියෙනවා කියන එක මං පෙනුණා.
එතකොට ඒ විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඔයාගෙ මුළු ශරීරයේ, ඇටසැකිල්ලේ ඔක්කොම ඒකෙ, ඒ විදිහට ඒක බැලුවහම පේනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්