ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා ඒ බුදුපියවරු අර ජීවමානව වැඩ සිටින පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන් මණ්ඩලාධිපති බුදුපියා මෙනෙහි කරලා, ඒ අනුපිළිවෙළින් මේ බුදුපියවරු දාහතර නම ම ඒ විදිහට මෙනෙහි කළා.
මෙනෙහි කරලා මම අර ඊයේ කරපු විදිහට ම භාවනාව කරගෙන ගියා. ඊයේ කරගෙන ගියපු විදිහට ම අර අන්තිමට ආවා නේ අත්තා කියන එක විශ්වාස කරන්න බැරි ය කියන එක. අහංනුයි මමංනුයි විශ්වාස කරන්න බෑ. ඊයේ ඒ ගාථාව තමයි එතනදි ආවේ “අත්තා හි අත්තනො නාථො, කො හි නාථො පරො සියා.” තමාට තමාවත් නෑ. විශ්වාස කරන්න බෑ. එතකොට දැන් මේකෙ එකක්වත් පවතී යැයි කියලා විශ්වාස කරන්න බෑ. දැන් මෙතන මේ රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ නෙ තියෙන්නෙ. මේවා පවතී යැයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන අර්ථයට එනවා.
එතකොට මෙතෙන්දි මම ටිකක් වෙලා අල්ලගෙන හිටියා එක තමයි මේ line එකේ මේ අත්තාව කියන එක විශ්වාස කරන්න බෑ කියන එක. උඩ චේතනාව, මෙතනින් මේ මමං ඉන්නවා අහං ඉන්නවා ඊට පස්සේ අපිට ඇති වෙනවා ව්‍යාධිය, යට ම තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. එතකොට මෙතනින් දෙපැත්තෙන් එනවා නේ, මරණය කියන එක මෙතනින් අනෙක් පැත්තට එනවා, වම් අත පැත්තට එනවා ජරාව.
එතකොට ජරාවයි මෙන්න මේ triangle එක ගත්තා නම් අර ඊළඟට අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා චේතනාවෙන් ඇති වෙන ඒ triangle එක කතාව ඒක හොඳට පේනවා මේක නැති වෙනවයි කියන එක. එතකොට මේක කිව්වහම ඉතින් අර සමාපත්තිය නේ. ආකිඤ්චන සමාපත්තිය. ඒකෙ ඉඳලා මේකෙ එකක්වත් trust කරන්න බැහැයි කියන එක. ඒ කියන්නේ cannot be trusted to last, රූපය මෙහෙම පවතී කියලා මෙතන ගන්න පුළුවන්කමක් නෑ. විශ්වාස කරන්න පුළුවන්කමක් නෑ. වේදනාව පවතී කියලා විශ්වාස කරන්න පුළුවන්කමක් නෑ. එතකොට එහෙම නම් මේ විශ්වාස කරන්න පුළුවන්, පවතී යැයි විශ්වාස කළ නොහැකි ය කියලා කිව්වහම තමන්ට පේනවා මේක ඇවිල්ලා අනිත්‍යයි කියන එක. යමක් පවතී යැයි විශ්වාස කළ නොහැක්කේ නම් ඒක අනිත්‍යයි, මරණය කියන එක සිද්ධ වෙනවා ය කියන එක තමන්ට තියෙනවා. ඒ කියන්නේ රූප වේවා, වේදනා වේවා, සඤ්ඤා වේවා, සංස්කාර වේවා, විඤ්ඤාණ වේවා මේවායේ අනිත්‍යභාවය මේ විදිහට තියෙනවා. පවතින්නෙ නැත්තන්. එතකොට පවතින්නේ නැති නිසා අනිත්‍යයි කියනවා.
ඉතින් එහෙම නම් මරණය සිද්ධ වෙනවා. එතකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කියන එක තියෙනවා නේ, ආන්න ඒක තමන්ට පේනවා. එතකොට ඒක නිසා ම දුක්ඛය කියන එක, මේ “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන එක තමන්ට වැටහෙනවා ඒක නිසා ම. ඒ කියන්නේ සම්පූර්ණ ඒකෙන් මේක පවතින්නේ නැතෙයි කියන එක උඩ.
ඉතින් බලන්න දැන් දුක්ඛ සත්‍යය කියන එකේ තථාගතයන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා, අන්තිමේට කිව්වා “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියලා. ඔන්න ඔය අර්ථයෙන් කියලා තියෙන්නේ. ඒක තමයි භාවනාව. ඉතින් ඒකෙ, ඒ කරගෙන ගියා ම ඉතින් බ්‍රහ්ම ලෝකේ අරහෙ මෙහේ හැමතැන ම යැවෙනවා.
ඒ විදිහට දැන් මං ඉතින් ධාතු, මේවා ඔක්කෝගේ ම ගිහිල්ලා මට ආවේ මේ ධාතු කියන එක උඩ තමයි මේකේ පැවැත්ම කියන එක තියෙන්නේ. ඒ තමන්, කෙනෙක්ගේ හැදීමක් කියන එක තියෙන්නේ. එතකොට ධාතු කියන එක නැත්තන් මේ කතාව නැතෙයි කියන එකට ආවා.