ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඉතින් ඒ බුදුපියවරු සිහි කළා. මං ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින පළවන, ශ්‍රේෂ්ඨ ම බුදුපියා වශයෙන් ඔය විදිහට අනුපිළිවෙළින් ඒ තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. ජීවමානව වැඩ සිටින ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව කරලා. ඒ පාර “මෝහය නැති කරමි” කියන තැනින්, එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා.
එතකොට එතෙන්දි මම කල්පනා කළේ මුළු පංචඋපාදානස්කන්ධය ම දුකයි කියන එක. කෙළින් ම අර කලින් ඊයේ කරපු භාවනාව. ඒ කියන්නේ අර සාතයි අසාතයි කියලා අරගෙන අන්තිමට හැදිලා තියෙන්නේ මේ භවය, විභවය කතාව. ඒක නිසා හැදිලා තියෙන්නේ මේ “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන එක භාවනාව කළා නේ. ඒක කෙළින් ම ආවා.
එතකොට මේක රූපයවත්, වේදනාවවත්, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය එකක්වත් ම මගේ කියලා ගන්න ඒකෙ වටිනාකමක් නෑ. ඒ ඔක්කෝම තියෙන්නේ දුක්ඛය. එතකොට මේ ඔක්කෝම දුක්ඛයයි කියන එක. තත්වය ඒක ආවා. ඒකෙ ඇවිල්ලා එතන ඒ කියන්නේ අර විශ්වාස කරන්න බැහැයි කියන එක. ඒ විදිහට ඇවිල්ලා මං ඒ පාර කල්පනා කළා මේ ධර්මය ඉතින් දැන් මෙනෙහි කරන්න ඕනකමක් ඇත්තේ නෑ. කියන අර්ථයට තමන්ට එනවා. සිතන්න මේකක් නැතුව. ටිකකට ඉස්සෙල්ලා මං කතා කරපු සාකච්ඡාව මතක් වුණා.
ඉතින් මං මට එකපාරට ම මතක් වුණේ මේ අසාතයි කියන අවස්ථාව වෙනකොට වට හතක් ගිහිල්ලා නේ. අරවා හතක් නෙවෙයි. අරවා හත වෙලා තියෙනවා. වට හතකුත් ගිහිල්ලා. අපි ඒ භාවනාව කළා නේ. ඒ ද්වේෂය නැති කරමි කියන භාවනාව. එතෙන්දි ඒ සංකප්පය කියන එක ඒක කළා. ඉතින් ඒකෙත් දෙයක් නෑ. එතකොට මෙතනින් පස්සෙ ඉතින් ථීනමිද්ධය කියන එක මෙයාට හටගන්නේ ය කියලා කිව්වා නේ. ඊට පස්සේ නමය වෙනකොට ථීනමිද්ධය ඇතුළත් වෙලා නේ. මේක ගන්න බැරි ය කියන එක ඉතින් ඒ අවස්ථාවේ දී එයා, එතකොට මේ විදිහට මේක මෙනෙහි කළා. මෙනෙහි කරලා ඉවර වෙලා ඉතින් දැන් මොකද කරන්නේ කියන එක කල්පනා කළා ඒ භාවනාව වශයෙන්. දැන් භාවනාවක් කියලා එකක් කරන්න, තවදුරටත් යන්න මේකක් ඇත්තේ නැහැයි කියන අර්ථය.
ඉතින් ඒ තත්වෙට ආවට පස්සේ, ඉතින් මං කල්පනා කළා මේ සැරියුත් හාමුදුරුවෝ සීල සූත්‍රයේ කියන්නේ අර දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස මේක මෙහෙම පවතිනවා කියලා. එතකොට තථාගතයන් වහන්සේලාත් මේකට ගිහිල්ලා ඉන්නවා. බුදු පියවරුත් ඒ ඒ භාවනාවන් භාවිතා කරලා දිට්ඨධම්ම සුඛ විහරණයෙන් ඉන්නවා. ඉතින් එහෙම නම් මොන විහරණයෙන් ද මං ඉන්න ඕනෙ කියන එක මං කල්පනා කළා.
ඉතින් මං කල්පනා කළා. තථාගතයන් වහන්සේ කෙනෙක් ඉන්නෙ මේ දිබ්බ විහාරයේ. වෙලාවකට දිබ්බ විහාරයේ ඉන්නවා. ඒ පාර මං දිබ්බ විහාරයෙන් හිටියා. දිබ්බ විහාරයේ ඉතින් ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තියෙනවා නේ. චතුත්ථධ්‍යාන ඒවයේ ඉතින් හිටියා. ඊළඟට ආයෙත් මං කල්පනා කළා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම විහාරයෙන් ඉන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියලා ඉතින් මේ සත්වයා කෙරෙහි, මේ දුක මේක තේරුම් අරගෙන, ඒ සත්වයන්ට ඒක කියලා දෙමින් ඒක පවත්වමින් ඉන්නවා කියන එක.
ඊළඟට මේ බුදුපියවරු අරිය විහාරයෙන් ඉන්නවා, එතකොට මේක මගේ නෙමේ කියලා අරගෙන අර මගඵල චිත්තයන් නංවලා ඉතින් ඒකෙන් ඉන්නවා ඒක ඒ විදිහට ඒකෙත් හිටියා.
ඊට පස්සේ ආයෙත් කල්පනා කළා මේ ආනෙඤ්ජ විහාරෙන් ඉන්නවා මේ විදිහට මේ උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලයි කියලා. එතනින් යනවා නේ ආකාසානඤ්චායතනයට. ආකාසානඤ්චායතන සමාපත්ති ඥානය තියෙනවා. ආකාසානඤ්චායතන සමාපත්ති ඥානය කියන එක. එතනින් එහෙම මතක් කරනකොට ආකාසානඤ්චායතනයට ගිහිල්ලා ඉතින් ඒකෙ හිටියා.
ඊට පස්සේ ඉතින් ඒකේ අර, බුදුපියවරු ධර්මය දීම ගැන කෘතඥතාවය කියන එක ගත්තා. මක්ඛය මේවා වෙනවා. ඉතින් විඤ්ඤාණඤ්චායතනය ඒක තියෙනවා. ඊට පස්සේ මම ආකිඤ්චඤ්ඤායතනයට ගියා මේවා මේ, මේක දුකයි කියන එක කල්පනා කිරීම තියෙනවා නේ. මගෙයි කියලා ගන්නේ නැතෙයි කියන එක කල්පනා කරලා “ශුන්‍ය මිදං අත්තෙන වා අත්තනියෙන වා” කියලා එතනින් ආකිඤ්චඤ්ඤායතනයට ගියා. ආකිඤ්චඤ්ඤායතනයට එතෙන්ට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ මෙනෙහි කළා මේ දැන් තියෙන්නා වූ එකත්. ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතනයේ අර්ථය මං හොඳට ගත්තා.
ඒ කියන්නේ මෙතන මේ දේ මගේ කියලා ගන්නා වූ ව්‍යාධියේ ඉඳන් මරණයට යනවා කියන එක තියෙනවා. ඊට පස්සේ මැරිච්ච මනුස්සයා ආපහු ව්‍යාධියට යනවා කියන එක තියෙනවා. එතකොට පෙර සඤ්ඤාවත් ඇවිල්ලා මේක දුකයි. මේ පස්සෙ සඤ්ඤාවත් මේක දුකයි කියන එක මම ගත්තා. පෙර සඤ්ඤාවත් පසු සඤ්ඤාවත් දුකයි කියන එක තමයි මළාට පස්සේ මෙතනින් යනවායි කියන්නේ පෙර පසු වශයෙන් මේක තියෙනවා. කායිකව මේක මනුස්සයෙකුට තේරෙනවා නම් ඒ පුද්ගලයා එහෙනම් මේ ආකිඤ්චඤ්ඤායතනය කියන එකේ ඉන්නවා.
ඊළඟට අර කාරණා තුන ම බැලුවා. ඒ කියන්නේ පරිදේවයේ ඉඳන් අපි සෝකයට යනවා. ඊළඟට මේ පැත්ත, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝග වෙනවා. එතකොට මට මෙතන මේ හොඳට පැහැදිලි වුණා මෙතන මේ පළවෙනි එකේ කාය වශයෙන්, දෙවෙනි එක වේදනා වශයෙන්, තුන් වෙනි එක සඤ්ඤා වශයෙන්. මෙතන මේ රූපයයි, මේ වේදනාවයි, මේ සඤ්ඤාවයි, මෙන්න මේ තුන ම වශයෙන් තමයි මෙතන මේ තියෙන්නේ ආකිඤ්චන විමුක්තිය කියන එක ගත්තහම තියෙන්නේ.
ඊට පස්සේ අර පෙබරවාරි 3 වෙනිදා කරපු භාවනාව තියෙනවා නේ. ඒකේ තියෙනවා නේ අර ඔය triangle එක. ඒ ආකිඤ්චන සමාපත්තියට එන. දන්නවා නේ. මේ පැත්තෙන් තියෙනවා ජරාව, ව්‍යාධිය, මරණය. මේ යටින් අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඒකත් එක්ක අර උඩ triangle එක තියෙනවා අර මේ චේතනාවත් එක්ක තියෙන එක. මතකයි නේ ඒක. එතකොට ඒ triangle එක කියන එක කාම ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, මෙතන චේතනාව, මේක ගත්තා. ඒක අරගෙන ආකිඤ්චන සමාපත්තියේ ඉතින් ඒකෙ හිටියා.
මට තේරෙනවා මේකෙ වෙනස තියෙනවායි කියන එක. මනසේ වෙනස් වීම ඒක හොඳට තේරෙනවා. ඊට පස්සේ ඉතින් මේකේ අන්තිමට ගත්තහම, මේ හැම එකේ ම ප්‍රිය දේකින් වෙන් වෙලා තමයි මෙතන ඉන්නේ කියන එක ගත්තහම, ඒක දුක්ඛයයි තියෙන්නේ, ප්‍රිය දේකින් වෙන් වීමයි කියන අර මෙහා කෑල්ලේ triangle එක දැක්කහම ඉතින් අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක. ඒක ඇතුව හිටියා. ඉතින් එතකොට දැන් මම බැලුවා මේ හැම එකේ ම ඒ කියන විදිහට ඒ කාලය ඇතුළත හිටියා කියන එක.
එතකොට ඒක තමයි භාවනාව.