ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු. නමස්කාර වේවා උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ජීවමානව වැඩ සිටින පළවන බුදුපියා වශයෙන්. මේ විදිහට මුළු මණ්ඩලය ම සිහි කළා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දාහතර වන ශ්‍රේෂ්ඨතම, උත්තරීතර බුදුපියාණන් වශයෙන්.
එතකොට මේ විදිහට සිහි කරලා මම පන්සිල් ගන්න එක සම්පූර්ණයෙන් මං කරගෙන ගියා. පන්සිල් ගන්න එක සම්පූර්ණයෙන් කරගෙන ගිහිල්ලා ඒ අරි අට මඟ කියන එක මගදි ටිකක් මං මෙනෙහි කළා. ඊට පස්සේ අන්තිමට පන්සිල් අරගෙන ඉවර වෙලා අරි අට මඟ හරහා යනවා කියන එක මම කල්පනා කළා. ඒ මණ්ඩලයේ ආශීර්වාදය, ආරක්ෂාව ලැබේවා කියලා.
එතකොට ඉතින් සම්මා දිට්ඨිය කියන එක මෙනෙහි කළා. සම්මා දිට්ඨිය මෙනෙහි කළා ම අර “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන එක බොහොම සැරට එනවා. ඒකත් එක්ක මේ එකක්වත් විශ්වාස කරන්න බැරි ය කියන එක දැනගෙන අර ඒක නිසා ඇති වන මාන්නය, මාන්නයෙන් ඇති වෙනවා පිසුණා වාචය. එතකොට පන්සිල් ගන්නකොට මං ඒ හරිය බැලුවා. මාන්නය ඇති වෙලා එතන පිසුණා වාචය ඇති වෙනවා. ඒ පිසුණා වාචයෙන් ඉන්නවා කියන එක තමයි මනුස්සයෙක් කල්පනා කරන්නේ. ඒ පරුෂා වාච, පිසුණා වාච ඒ කියන්නේ දස අකුසලය පවත්වනවා කියන එක නේ මනුස්සයට හිතෙන්නේ.
එතකොට මේක මුළු එක ම දුක්ඛයයි කියලා ගත්තායින් පස්සේ ඉතින් ඒ පවත්වනවා ය කියන එක, ඒක යනවා, ඒ විදිහට ඒක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක අගයක් දීම කියන එක.
දැන් මෙතන ලස්සනට එනවා අර රූපයට අගයක් දීලා මානය වෙන එක. වේදනාවට අගයක් දීලා මානය වෙන එක. ඊළඟට චේතනාවට අගයක් දීලා මානය වෙන එක. සංස්කාරයට අගයක් දීලා මානය වෙන එක. මේ විදිහටයි මේ මානය වෙලා තියෙන්නේ. එතකොට මේ අගය දීලා මානය වෙනවා කියන එක, මේක අගය දෙන්න බැරි ය කියන එක. පවත්වන්න බැරි දෙයක් නම් අගය දෙන්න බැරි ය කියන එක තියෙනවා නේ. අන්න ඒකත් එක්ක අර “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන භාවනාව. මේක විශ්වාස කරන්න බැරි ය කියන එක. ඒක බොහොම තදින් තියෙනවා.
ඒක බොහොම තදින් ආවයෙන් පස්සේ ඉතින් මං එතන දුක්ඛය, මේ වෙනකොට හරි විසාල වෙලා ඉවරයි ඔක්කෝම වෙලා ඉවරයි, දුක්ඛය, දුක්ඛ සමුදය කියන එක මෙනෙහි කළා මේක මේ තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව ඒක නිසා මේ ඇති වෙන, නන්දිරාග සහගතව මතකයි නේ. ඒක නිසා තමයි මේක වෙන්නේ කියලා, මේක නැත්තන් මේක නැතෙයි කියලා ඒ කියනකොට එතන මම දැනුවත්ව ම ඒ blank ගිය අවස්ථාව තියෙනවා, නිරෝධයට ගිය අවස්ථාව.
ඔය විදිහට ගිහිල්ලා, මෙහෙම ඇවිල්ලා. ඉතින් මට දැන් ඔය තත්වෙට එනකොට පේනවා මේ ලස්සන රූපයක් එහෙම පේනවා. ඉතින් ඒ රූපය ලස්සනයි කියලා කිව්වා ම ඒ කියන්නේ මේකටත් ආවා අර, අර කතාව. අර මේ මුලින් කවුද කියන එක සිතක් පහළ වෙනවත් එක්ක ම ආයෙත් සිතක් ආවා. මේවා එකක්වත් මේ trust කරන්න පුළුවන් දේවල් නෙවේ නේ. පවතින්නා වූ දේවල් නෙවේ කියන එක ආපහු ඒකටත් දැම්මා මං. ඔය “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා” කියන අර්ථයට. ඒ කරලා ඉතින් පුදුමාකාර විදිහට ඒ සමාධිය සහිතව හිටියා. එක එක ඒ stages මම දන්නවා මෙහෙම වුණා කියලා. ඉතින් කොහොම හරි ඒ අන්තිමට රහතන් වහන්සේ නවත්තන්න කියලා. ඊට පස්සේ ඉතින් මං හැම එකට ම ගියායි කියලා කිව්වා. අනිත් එක ඒ දැකලා තියෙන්නේ මම මගේ ම මනෝමය කාය, ඒ මුහුණ තමයි ඒ දැකලා තියෙන්නේ.
ඒක තමයි භාවනාව.