ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකගෙන් බණ අහලා තියෙනවා. ලෝකයේ ජීවමානව වැඩ සිටින්නා වූ පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2100 නමකගෙන් බණ අහලා තියෙනවා. ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, දෙවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා.
ඊළඟට ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 1287 නමකගෙන් බණ අහලා තියෙනවා. ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම තුන් වන බුදුපියාණන් වහන්සේ. ඔය විදිහට දිගට ම ඒ බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කළා. සිහි කරලා ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙනමකගෙන් බණ අහලා තියෙනවා. ඒ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම වූ දාහතර වෙනි බුදුපියාණන් වහන්සේ.
එතකොට මං මෙතෙන්දි ආවා. මේ බුදුපියාණන් වහන්සේලාගේ බණ අහලා තියෙන අනුව තමයි අපි මේ ශ්‍රේෂ්ඨත්වය මෙහෙම කියන්නේ. එතකොට මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා කියලා කියන්නේ අනාගත කාලේ දී සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ බණ අහනවා තව බුදුවරයෙක්ගෙන්. එතකොට අපි දැන් යම්කිසි මාන අගයක් දීලා තියෙනවා ද? යම්කිසි අගයක් දීලා තියෙනවා ද? ඒ අගය වෙනස් වෙනවා. ඒ පුද්ගලයා තව බණ ඇසීම හේතු කොටගෙන. එතකොට ඒ කියන්නේ, එතෙන්දි එන්නේ ධර්ම අගය වෙනස් වන බව මට අවබෝධ වුණා. එහෙනම් අනිත්‍යභාවය නිසා මාන අගය අහෝසි වෙනවා කියන එක. වෙනස් වෙනවා කියන එක දුටුවා. එතකොට “Excellent” කියලා මෙතන ඇහුණා. ඒ වෙලාවෙ දී මම දැක්කා මෙන්න මේ, ඒ diagram එක.
ඒ කියන්නේ මේක මේ වේදනාවයි, උඩින් චේතනාව. දකුණු අත පැත්තෙන් සංස්කාරය. මැද්දේ පරාමාසය තියෙනවා. පල්ලෙහායින් භයෙන් අගතියට යන කොටුව. එතකොට මේ වේදනාවට සඤ්ඤා අගය දීලා තණ්හා වීම කියන එක සිද්ධ වෙනවා. සංස්කාරයට නිත්‍යයි අගය දීලා, ඇලිලා, පරාමාස වීම කියන එක සිද්ධ වෙනවා. මේ දෙක මගින් තමයි මාන වීම සිදු වෙන්නේ. මේ විදිහට කිරීමෙන් තමයි මේ මානය සිද්ධ වෙන්නේ කියන එක. “Excellent” කියලා ආයෙත් ඇහුණා.
ඒ කියන්නේ මේ පිසුණා වාචය වැනි සංස්කාර නිසා අපි මාන වෙනවා. මේ ගාථාවේ තියෙන්නෙත් එහෙම නේ. මානය නිසා පිසුණා වාචය වැනි දේත් එතන සිද්ධ වෙනවා කියන එක. එතකොට මෙතෙන්දි, රූපයට අගයක් තියෙනවා, තණ්හා වීම කියන එක අන්තයක් තියෙනවා. අනෙක් පැත්තෙන් පේනවා මේ සංස්කාරයට අගයක් දීලායි මේ මාන වීම කියලා එතන දෙක පේනවා. අන්ත දෙක කියන එක පේනවා.
එතකොට දැන් මං මෙතෙන්දි කල්පනා කළා. එහෙම නම් මේ චේතනාව කියන එක කුමක් ද වෙන්නේ? කියලා. චේතනාව කියන එක කුමක් ද කරන්නේ? කියලා විමසුවා. එතකොට මෙතෙන්දි මට පේනවා මේ ඔරුවක් පදිනවා එක මනුස්සයෙක්. ඒ කියන්නේ, ඔරුව ඉස්සරහට ගෙනියන්න නම්, අපි දන්නවා මේ වම් අත පැත්තෙන් පැදලා ඊට පස්සේ දකුණු අත පැත්තට හබල මාරු කරලා ඒ පැත්තෙන් පදිනවා. එතකොට පැත්ත මාරු කරනවා. ඒ කියන්නේ වෙලාවකට ධම්මමච්ඡරිය පැත්ත තවත් පැත්තකට සංස්කාර පැත්ත. සංස්කාර පැත්තයි, ධම්මමච්ඡරිය පැත්තයි. අන්න එහෙමයි පදින්නේ. මේ විඤ්ඤාණයට නේ යන්නේ. ඔරුව. මේවා කරගෙන. එතකොට ආපහු, “Excellent” කියලා ඇහුණා.
දැන් මෙතෙන්දි මම කල්පනා කළා, මං ඔතනදි අර මනසිකාරයත් මෙනෙහි කළා, මේ වෙලාවෙදි මං කල්පනා කළා මෙතන යම් වූ ධර්මයක් තියෙනවා නේ කියලා මේකට තථාගතයන් වහන්සේගේ ධර්මය මොකද්ද, මේ “චෙතෙති පකප්පෙති අනුසති” කියන එක මට මතක් වුණා. සිහි වුණා.
එතකොට අපිට එනවා මෙතනින් මේ පකප්පය කියන එක අර සංකල්පයන් input එක හැටියට එන එක නේ වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා චේතනාව කියන එක. මැද්දේ තියෙනවා වේදනාව. එතකොට පේනවා මේ නන්දිය පැත්තෙන් ඇති වෙලා, එතන පකප්පය. එතන වේදනාව. චෙතෙති. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ චේතනාව, පකප්පයයි තියෙනවා නම් විඤ්ඤාණය හටගන්නවා. චෙතෙති, පකප්පෙති, අනුසති. මෙන්න මේ තුන උඩ විඤ්ඤාණය හටගන්නවා.
ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ විඤ්ඤාණයේ පැවතීම, චේතනාවයි, පකප්පයයි කියන එක තියෙනවා නම් මේක ඇති වෙනවා. ආයෙත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ චේතනාවයි පකප්පයයි නැති වුණත් අනුසය තියෙනවා නම් මේක ඇති වෙනවා කියලා. එතකොට දැන් අපි දන්නවා මෙතන මේ නන්දිය කියන එක ඇති වෙනවා කියන්නේ අනුසය නිසයි මේක ඇති වෙන්නේ. එතකොට මේ පකප්පයට එන්න ඉස්සෙල්ලා එන කෑල්ල තමයි නන්දිය කියන එක තියෙන්නේ. නන්දිය ඇති වෙන්නෙ අනුසය කියන එකෙන්.
එතකොට දැන් අපි දන්නවා මේ අපි කරපු භාවනාව පෙබරවාරි පළවෙනිදා කරපු භාවනාවේ තියෙනවා නේ මේ අනුසය කියන එක නැති වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි දෙක ම නැති කිරීමෙන් කියලා. එතකොට මෙහෙම නොවන්නේ නම් විඤ්ඤාණය නොපිහිටනවා. එතකොට මේ පථය දැන් හොඳ ලස්සනට පේනවා. 1 යි, 2 යි. මෙතන අනුසය නිසා මේ නන්දිය කියන එක, ඒ නන්දිය ඇවිල්ලා තියෙන්නේ මේ අනුසය නිසා. එතකොට මෙන්න මේ පථය කියන එක හොඳට ඇති වෙනවා.
ඉතින් මේ වෙලාවෙදිත් “Excellent” කියලා බුදුපියවරු පැවසුවා. ඒ විදිහට කියනකොට.
භාවනාව ඒක තමයි.