Date: 08/02/2014 Name: Parikamma SuchiKamma

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා ඒ උතුම් බුදුපියවරු මම සිහි කළේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වහන්සේ අහිංසකව ජීවත් වෙනවා කියලා. හිංසාවන් කරන්නේ නැතුව, අහිංසාකාරයෙන් ජීවත් වෙනවා කියලා. ඉතින් අහිංසාකාරයෙන් ජීවත් වෙනවා කියනකොට අර, මට එන්නෙ මම අර කරණීයමෙත්ත සූත්‍රය කියනකොට පෙන්නනවා නේ පාණාතිපාත මේවා අතහැරලා අර අහිංසාකාරයෙන් මෙත්තාව දක්වා එතන යනවා. එතකොට ඒ එතනින් එන්නේ මෝහයේ ඉඳන් මෙත්තාව දක්වා. එතකොට උපෙක්ඛාව. ඒ ටික ඔක්කෝම ඇතුළත්ව තමයි මේ කතාව එන්නේ.

එතකොට ඔය විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කළා ම අහිංසාකාරීව ඉන්නවයි කියලා ඒ මුල ඉඳන් ම පටන් අරගෙන මහා විශාලෙට මේක expand වෙලා, මෙහෙම expand වෙලා ඒක ඇවිල්ලා තියෙනවා.

ඉතින් ඊට පස්සේ ඒ තත්වෙට ගිහිල්ලා, මම පන්සිල් ගන්න එක එකින් එකට මම ඔය විදිහට සිහි කළා. පන්සිල් ගන්නකොට දැන් අහිංසාකාරය කියන එක දැන් පාණාතිපාතා අත ඇරලා මේක තියෙනවා කියන එක. හිංසාව කියන එක ඒක නැතෙයි කියන එක. අදත්තාදානයෙන් අයින් වෙලා අර අහිංසාකාරයෙන් ජීවත් වෙන්නෙ, අදත්තාදානය හැරපියා. මේකත් එක්ක මේ ඔක්කෝම ධර්මයන් එනවා. එතකොට ඒ සම්පූර්ණ පන්සිල් ගැනීම කියන එක ඔය විදිහට, මේ බුදුපියවරු මෙනෙහි කරනකොට මේක ඒ ටික වෙලා, ඊට පස්සේ ආපහු මම පන්සිල් ගැනීම කියන එක, ඒ දෙවනි පාරටත් ඒක කරගෙන ගියා.

ඉතින් එතකොට දැන් මං මෙතන තත්වෙට පත් වෙලා මං මෙතන මේ කල්පනා කරනවා මේ අරි අට මඟ හරහා මෙහෙම යනවා කියලා. මණ්ඩලයේ ආශීර්වාදය, මෙහෙයවීම ලැබේවා කියලා, දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය, ආරක්ෂාව ලැබේවා කියලා එහෙම අරි අට මඟ හරහා යනවා කියලා සම්මා දිට්ඨිය කියන එක මෙනෙහි කළා.

ඉතින් සම්මා දිට්ඨිය කියන එක මෙනෙහි කිරීම කියනකොට ම එකපාරට ම මට අර දුක්ඛය, දුක්‌ඛෙ ඤාණං කියන එක මෙනෙහි කරනකොට, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා අරගෙන සම්මා දිට්ඨියෙන් අපි මේ බලනකොට මෙතන මේ තණ්හාවයි මෝහයයි කියන දෙක ම නැති කිරීමෙන් තමයි මේ අවිද්‍යාව කියන එක නැති වෙන්නේ. අර ඊයේ, පෙරේදා කියපු භාවනාව. අවිද්‍යා අනුසය කියන එක නැති වෙන්නේ. එතකොට මේක ම තමයි දුක්ඛ නිරෝධයේ තියෙන්නේ. එතකොට අර තණ්හාව නිසා අපිට අපි දන්නවා අවිද්‍යාවන් ඇති වෙනවා. පටිච්චසමුප්පාදය කියන එක ඇති වෙනවා. පටිච්චසමුප්පාදය කියන එක එතනින් ඇති වෙනවා කියන එක පේනවා ඉතින් තණ්හාව නිසා තමයි ඒ දුක්ඛය ඇති වෙන්නෙ. එතකොට තණ්හාව පාර දිගේ ගිහිල්ලා තමන්ට පේනවා මේ මෝහය කියන එක එහෙම ඇති වෙනවා කියලා.

ඊට පස්සේ මේ දෙක ම නැති කිරීමෙන් තමයි මේක වෙන්නේ කියන එක. ඒ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය කියන එක වෙනකොට, මේ දුක්ඛ නිරෝධය ඇතුළේ මේ ඔක්කොම ටික තියෙනවා. තණ්හාව නැති කිරීමයි, පටිච්චසමුප්පන්නය නැති කිරීමයි, කියන එක, එක ම එකේ තියෙනවා කියන අර්ථයට ඇවිල්ලා. අර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දුක්ඛ සත්‍යය මෙනෙහි කිරීම කියන එක මම කරන්න ගත්තා. ඒ මරණයේ ඉඳන් ඒකට යනවා කියන එක. ඊළඟට පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන එක මෙනෙහි කිරීම කියන එක මං පොඩ්ඩක් කළා.

ඉතින් ඒ රහතන් වහන්සේ මට ඇතියි කිව්වා ම මම නැවැත්තුවා. මිනිත්තු පහළොවයි ඔය කියන කතාව වෙනකොට වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි මගේ ඔළුවේ විශාලත්වය කියන එක මහා විසාලයි.

ඒ පාර මං පොඩ්ඩක් ඇහැ ඇරලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඊට පස්සේ ආපහු රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වා “භාවනාව කරන්න එපා. අපි සාකච්ඡාවක් කරමු.” කියලා.

ඒ පාර ඉතින් මං ඒ පාර ප්‍රශ්නයක් ඇහුවා. මට ප්‍රශ්නෙකුත් නෑ ඒ වෙලාවේ. ඒ වෙලාවට මට ආපු ප්‍රශ්නයක් ආවා. මිනිස්සු අහනවා නේ ආලෝකයන් දකිනවා කියලා. භාවනා කරගෙන ගිහිල්ලා මෙහෙම එක එක විදිහට ඒවා කොහොම ද ඒක කියන එක. ඉතින් මං ඕකට කාරණා තුනක් කියනවා නේ.

ඒ කාරණා තුන තමයි. ඒක දන්නවා නේ ඕගොල්ලො නේ ද? තමන් මනෝමය කායකින් එහෙම ගිහිල්ලා ඒක නිසා දකින්නා වූ එක තියෙනවා. ඊළඟට ඔය සතිය ඇති වෙලා දකින ඒවා තියෙනවා. ඒ දෙවිවරුන් එහෙම දැකීම නිසා හෝ දෙවිවරුන් පෙන්වීම නිසා හරි ඕක සිද්ධ වෙනවා නේ. ඉතින් ඒකට අමතරව හතර වෙනි කාරණයකුත් ඇත කියලා කිව්වා.

ඒ හතර වෙනි කාරණයකුත් ඇත කියලා කිව්වහම දැන් මං මේ රහතන් වහන්සේ කියනකන් මේක බලාගෙන ඉන්නවා. ඒ එක්ක ම මට දැන් ආලෝකය ඇති වෙලා මට ඒ සමාධියෙන් අර තිබිච්ච මනස වෙනස් වෙලා මට මේක පේනවා. ආලෝකයන් පේනවා. එතකොට, ඒ සමාධියේ වෙනස් වීම කියන එකත් මං දැක්කා. එතකොට ඉතින් ආලෝකය පතුරුවමින් කරන සමාධියක් තියෙනවා නේ. මේක කියන එක. එතකොට දැන් මට අර කල්පනා වුණා මේ ඥාන පථයේ අර සතියත් එක්ක තියෙන එක තියෙන්නේ. ඊළඟට පල්ලෙහා සමාධිය ඇති වන 10 තියෙන්නේ. අන්න එතන. එතකොට සමාධිය පතුරුවමින් කියන ආලෝකය. එතකොට මං කල්පනා කළා මේ ප්‍රඥාව නිසාත් ආලෝකයක් තියෙනවා ද?

එතෙන්දි ආවා මේ ප්‍රඥාව කියන ආලෝකය තමයි මේ 10 වෙනි කාරණේදි අපි මේ කියන්නේ. ප්‍රඥාවේ ආලෝකය කියන එක. සතියෙන් ඇති වෙන ආලෝකය. ප්‍රඥාවෙන් ඇති වෙන ආලෝකය. ඕක තමයි මේ ඔය තියෙන්නේ. දැන් බර සද්දයක් එහෙම ඇහුණා. මට පේනවා මං උඩ ඉඳන් මට පොළොවේ වාහනේ යන සද්දේ, වාහනේ පේනවා. ඒ වගේ. ගෙවල්, අරවා මේවා ඒ විදිහට ඒ ආලෝකය සහිතව ඒක දකිනවා කියන එක තිබුණා. ඒ එතකොට ඉතින් පැය බාගයයි. ඉතින් නැවැත්තුවා.