ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට මම සිහි කළා ඒ බුදුපියාණන් වහන්සේ සම්මා සංකප්පයෙන් ජීවත් වෙන්නේ. නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව කියන එක භාවිතා කරගෙන ජීවත් වෙන්නේ කියලා. එතන මහා විසාලෙට මනස විසාල වෙලා ගියා. ඒ විදිහට, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත් ඒ සම්මා සංකප්පයෙන් ජීවත් වෙන බුදුපියාණන් වහන්සේ නමක්. නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව භාවිතා කරගෙන. ඔය විදිහට අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව භාවිතා කරලා ජීවත් වෙනවා කියන එක. මෙතන මනස බොහෝ ම විසාලයි. පුදුමාකාර විදිහට ඒක පැවතුණා.
ඉතින් අර නෙක්ඛම්මයේ තිබෙන්නා වූ දේ දන්නවා නේ. දැන් ඊයේ භාවනාවෙදි පෙන්නුවා නේ අහිංසාකාරයෙන් ජීවත් වෙනවා කියලා හිංසා කරන්නෑයි කියලා. ඒකේ තියෙනවා නේ අර සත්වයන් පෙළීම හැරපියා අහිංසාකාරය කියන එක. එතකොට දැන් මෙතන මේක ඇති වෙන්නේ මේ රූපය එක් කරගෙන නේ ඇති වෙන්නේ. එතකොට කලහ විවාද සූත්‍රයේ කරපු භාවනාවේ අර්ථයත් එක්ක එනවා. එතකොට මේක පුදුමාකාර විදිහට මේක පැවතිලා දැන් මට අද සම්මා සංකප්ප භාවනාව උගන්නන්න නම් මං නැවතත් මේක සම්මා සංකප්ප භාවනාව එක මං මෙනෙහි කරන්න ගත්තා.
එතකොට ඒ එතෙන්දි මං කල්පනා කළේ මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොම ද? කියන එක තියෙනවා නේ. ඉතින් කල්පනා කළා වට හතක් ගිහිල්ලා. Area එක තුන් වෙනි area එකට එනකන් ඇවිල්ලා. එතකොට අර චේතනාව කියන තැනට ආවට පස්සේ මට කලින් පාර භාවනාවෙදිත් චේතනාව කියන කොටස මැකිලා ගිහිල්ලා ආකිඤ්චඤ්ඤායතනයට ගියා කියන එක තියෙනවා නේ.
එතකොට මං මේ බැලුවේ ඇයි මේක මෙහෙම වෙන්නේ? කියන එක. ඉතින් ඒක බලනවා කියන්නේ මට එකපාරට ම වැටහුණා මේක එහෙම වෙන්නේ අර ඊයේ කලහ විවාද සූත්‍ර නිර්දේශයේ පෙන්නුවා නේ මේවා එකක්වත් විශ්වාස කරන්න බෑ. එතකොට ඒක නිසා මම අර මගේ කියලා ගන්න එක වෙන්නේ නෑ. ඒක නිසා තමා මේ ආකිඤ්චඤ්ඤායතනයට යන්නෙ, විශ්වාස කරන්න බැරි නිසා. එතකොට ඒ කෑල්ල හොඳට clear වුණා.
ඊළඟට ගත්තහම දැන් අපි දන්නවා ඔතනින් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියලා. චේතනා කළොතින් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මම අර චේතනාවෙන් එනවා අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට කියන්නකො. එතනින් එනවා භයේ අගතියට. මොකද? මේ sick සඤ්ඤාව කියන එක මම ගන්නවා මගේ කියලා. Sick සඤ්ඤාව කියන එක මගේ කියලා ගත්තා නම් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා. ඒ sick සඤ්ඤාව මගේ කියලා ගන්න එක බලන්න ඔය දැන් මේක පෙන්නුවේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඒ කිව්වේ වට කතාව පෙන්නුවා නේ.
ඒකෙදි බුදුපියාණන් කිව්ව නේ මේ, අපි දැන් වට හයක් ගිහිල්ලා තියෙන්නේ. අපි දන්නවා පහයි, හයයි වෙනකොට දෝමනස්සය කියන එක චිත්තයට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ, දැන් ථීනමිද්ධය දැන් හටගත්තා නේ. ථීනමිද්ධය හටගත්තා. සිතට ඇතුළු වුණා නෙවේ හටගත්තා. අවිද්‍යා ආශ්‍රවය මගින් සාත යැයි ගත නොහැකි බව තීරණය කිරීමෙන් කියලා එතන කිව්වේ.
එතකොට දැන් මේ ව්‍යාපාදය දැන් සිතට ඇතුල් වෙනවා. හත වෙනකොට ව්‍යාපාදය සිතට ඇතුල් වෙනවා. දැන් මේක මගේ කියලා අරගෙන තමයි මං අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට ඇවිල්ලා තියෙන්නේ කියලා.
එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය ඇති වුණා ම, ප්‍රශ්න කරනවා මේක ලාභයක් ද? කියලා. විමසීමක් කරනවා මේක. විමසීමක් කළාට පස්සෙ මෙයාට පේනවා ඉතින් මට සිදු වෙලා තියෙන්නේ ප්‍රියේහි විප්‍රයෝගය. ඒ කියන්නේ ප්‍රියේහි විප්‍රයෝගය කියලා කියන්නේ, සංකප්පය තමයි මට ප්‍රිය වෙලා තිබුණේ. ඒක නේ එයාගේ කාමය වුණේ සංකප්ප රාගො පුරිසස්ස කාමො. එතකොට ඒක රූපයේ නැති බව දැනගෙන තමයි අර ද්වේෂයට ගිහිල්ලා ද්වේෂය හරහා මේ ප්‍රියේහි විප්‍රයෝගය සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට ඔය විදිහට එනවා කියන එක මම නැවතත් බැලුවා. ඒක තමයි භාවනාව.
ඉතින් ඒක කරලා ඉවර වෙලා, ඊට පස්සේ ඉතින් මම කල්පනා කළා දැන් මේකෙ අර ඊයේ වගේ, මේකෙ අවිහිංසාකාරයෙන් එහෙම නම් අපි භාවිතා කරන්න ඕනෙ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන එක භාවිතා කරන්න ඕනෙ කියන එක.
එතකොට ඒක භාවිතා කරනවා කිව්වහම එහෙම නම් අපි රූපයට අගයක් දෙන්නේ නෑ. මෙත්තාව භාවිතා කරනකොට. කබලිංකාර ආහාර පාරෙන් ඇවිල්ලා තියෙන්නේ. රූපයට අගයක් දෙන්නේ නෑ. ඊට පස්සේ කරුණාව වෙනකොට වේදනාවට අගයක් දෙන්නෙ නෑ. දීලා මාන වෙන්නේ නෑ. ඊළඟට කල්පනා කරනවා තුන් වෙනි පාරේ ගත්තහම අර සඤ්ඤාවට අගයක් දීලා නේ ඕක වෙන්නේ. එතකොට ඒ චේතනා පාරේ පල්ලෙහාට බහින්නේ නෑ සඤ්ඤාව මගේ කියලා ගන්නෙ නැතිකම තියෙනවා මුදිතාවෙන් අප්‍රමාණයට යනකොට. ඊළඟට හතර වෙනි පාරේ ගත්තහම සංස්කාරය මගේ කියලා ගන්නේ නෑ. උපෙක්ඛාව කියන එක.
එතකොට මෙතෙන්දි කල්පනා කළා මේවාට අගය දීලා ම නේ මේ මානය කියන එක වෙලා තියෙන්නේ. ඉතින් මේ මෙච්චර කාලයක් අපි ඉගෙනගෙන තියෙන්නේ මාන භාවනාව ම නේ කියලා. මානය නැති කිරීම කියන එක ම නේ ද මේ දිගින් දිගට ම කරගෙන තියෙන්නේ කියලා ඒකෙදි ආවා. ඉතින් ඒක නැවැත්තුවා එතනින් පස්සේ.