ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා. මං බුදුපියවරු සිහි කළා. ශ්‍රේෂ්ඨත්වය අනුව අනුපිළිවෙළින්. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පළමු වෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කළා. සිහි කරලා එතෙන්දි මට ආවා ඉතින් මේක වෙනස් වෙනවා නේ. ඒ දාහතර කියන එක දහතුන වෙනවා. ඒ විදිහට වෙනස් වෙවී යනවා. එතකොට මේ වෙනස් වන එකකට ම තමයි මනුස්සයෝ, සත්වයෝ මානය තියෙන්නේ. සත්වයා මේ අගය දෙන්නේ මෙහෙමයි කියලා. අනිත්‍ය වූ දේකට කියලා.
ඉතින් ඔතනින් මනස expand වෙලා ඊට පස්සේ ඉතින් මං පන්සිල් ගන්න එක කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමියි කිව්වහම, පාණාතිපාතයෙන් වැළකිලා අපාණාතිපාතයෙන් ජීවත් වෙනවා කියන ඒ විදිහට අදත්තාදානයෙන් වැළකිලා ඔය විදිහට එනවා. ඔය විදිහට ඒ කාරණා දහය දක්වා මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨියෙන් ජීවත් වෙනවා. ඔය විදිහට ආවා.
එතකොට ඒ දස කුසලය ඉතින් මේක හරි විසාල වෙලා මේක පවතිනවා. ඔහොම ගිහිල්ලා මම කල්පනා කළා, මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨියෙන් ජීවත් වෙනවා. මිච්ඡා සංකල්පය පහ කරලා සම්මා සංකල්පයෙන් ජීවත් වෙනවා. එතකොට සම්මා සංකල්පයෙන් ජීවත් වෙනවා කිව්වහම ඊයේ භාවනාවට ආවා. සම්මා සංකප්ප භාවනාව, ඊයේ කියලා දීපු එක. ඒක මනසට ආවා. මනස විසාල වුණා.
ඒ පාර මං ආයෙත් කල්පනා කළා සම්මා සංකල්පය කියන එකේ අර අලෝභ අදෝස අමෝහ පාර තුනේ යන්නේ. එතකොට මුළු අරි අට මඟේ ම දේවල් ම නේ දස කුසලය එක නැවතත් ඒක එනවා. ඊළඟට ආපහු මම ගියා ආයෙත් මං බලනවා කියලා මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨියයි කියන එක. ඒක මෙනෙහි කළා. එතෙන්දි. එතකොට කෙළින් ම අර එන්නෙ තුන් වෙනි සත්‍ය කියන එකට ම ආවා. ආපු ගමන් මනස පුදුමාකාර වෙනස් වීමක් සිද්ධ වුණා. ඉතින් ඒ පාර රහතන් වහන්සේ “ඇති” කියලා නැවැත්තුවා.