Date: 11/02/2014 Name: Mana bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු. නමස්කාර වේවා ඒ බුදුපියවරු සිහි කළා ශ්‍රේෂ්ඨත්වය අනුව. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ වැඩ සිටින, ජීවමානව වැඩ සිටින පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම දෙවන බුදුපියා වශයෙන්. අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. සිහි කරලා සප්ත බොජ්ඣඞ්ගය වඩමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සප්ත බොජ්ඣඞ්ගය වඩමි, කියලා එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා.

එතකොට මං ගත්තා සති සම්බොජ්ඣඞ්ගය. කබලිංකාර ආහාරය 1, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා එතන මානය විසින් jack එක ගහනවා, 3 වෙනි කාරණය ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක.

එතකොට අත්තා ඉඳන් නිත්‍යභාවයට යන්නේ මානය විසින් උදව් කිරීමෙන්. මානය කියලා කියන්නේ ඔය වට කැරකවීමේ දී රූප, වේදනා, චේතනා, සංස්කාරවලට අගය දීලා ඇති වන දෙයක් මානය කියලා කියන්නේ.

පළමු වන වට දෙකේ දී රූපයට අගය දෙනවා. ඊළඟ වට දෙකේදි, 3, 4 වට දෙකේ දී වේදනාවට අගය දෙනවා. 5, 6, 7, 8 කියනකොට අර area 3යි, area 4යි ඇති වෙලා. අර area 3 එකේදි අපි දන්නවා නේ සංකප්ප භාවනාව එහෙම කළේ. ඇති වෙලා තියෙනවා. එතකොට ඒ වෙලාවේ දී චේතනාවට අගය දෙනවා. එතකොට මමංනුයි අහංනුයි අගය එතන තියෙනවා.

ඊළඟට 9, 10 වෙනකොට ථීනමිද්ධ සහිත අගය සංස්කාරවලට. 11, 12 වෙනකොට උද්ධච්ච අගය සංස්කාරවලට. එතකොට එතෙන්දි මං 9, 10 වෙනකොට මට ආවා, මේක අර ඉස්තරම් ම නොවුණත් මේ වැඩේ සඳහා මේක සෑහේ කියලා අගයක් දෙනවා කියලා. රහතන් වහන්සේ එතන “Excellent” කියලා කිව්වා. මට ඒක හිතුණහම. මොකද දැන් ථීනමිද්ධය වෙලා නේ තියෙන්නේ. මොකට ද මේකට අගය දෙන්නේ?

ඊළඟට 11, 12 වෙනකොට මට පෙන්නුවා මේ ඒ කියන්නේ උද්ධච්චය අවස්ථාවේ දී මට පෙන්නුවා මේ පැළයක්. දැන් පැළයක් අපි හිටවනකොට ඔය කඩෙන් දීලා අරගෙන එහෙම අපි දන්නවා මේ case එක ගලවනවා නේ ද, ඒ case එක ගැලෙව්වහම තියෙන පැළේ තියෙන්නේ, අර මුල් වටේට එතිලා මෙහෙම වෙලා තියෙන්නේ, අන්න එහෙම පැළයක්. Case එක නැතුව තියෙන පැළයක් මම දැක්කා. ඒ උද්ධච්ච අවස්ථාවේ දී එතන අවස්ථාවේ දී මං කාරණා දෙක බැලුවා. ඒ ඇලුම් කටයුතු ආලම්බනය, ආස්වාද ඉන්ද්‍රියයි. ඕක නේ උද්ධච්ච ඇති වෙලා තියෙන්නේ.

එතකොට පළවෙනි එකේදි බැලුවහම අපිට රූපයේ අගය නැති වුණත් එය නිසා පැළ වී තිබෙන පැළය ගැන මාන වෙනවා සංස්කාරවලට. අර case එක නෑ. හැබැයි මේක භාවිතා කරලා හදලා තියෙන්නෙ. මේක ගැන මානයක් ඇති වෙනවා. ආස්වාද ඉන්ද්‍රියේ දී අර සුඛ වේදනාව ගැන හදන සංස්කාර ගැන මාන වෙනවා. ඒක අපි දන්නවා අර rim එකෙන් යනවා කියලා. අර මේක ගැලවිලා ගිහිල්ලා, ඒකත් මේක දුවනවා නෙ. මේක වුණොත් රෝදේ හරි දුවනවා නෙ. ආන්න ඒ වාගේ ඒක ගැන මාන වෙනවා.

එතකොට වට 13, 14 වෙනකොට අපි දන්නවා අර සැකය මගින්, ඒ හදන ලද සංස්කාරවලට මාන වෙනවා. අතන සංස්කාරවලට අගය දෙනවා. ඊට පස්සේ සංස්කාරවලට මාන වීම කියන එක.

ඒක තමයි භාවනාව. සාධු පියවරුනි කියලා නැවැත්තුවා.