ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා. ඒ බුදුපියවරු දාහතර නම ම වැඩියා පූජාවට. එතකොට මට කිව්වා මෝහය නැති කරමි කියන එක, ඒකෙන් පටන් ගන්නෙයි කියන එක. මෝහය නැති කරමි කියන එකෙන් පටන් ගන්නෙයි කිව්වහම දැන් මං කල්පනා කළා දැන් අපි පන්සිල් ගන්නකොට ම කිව්වා නේ ථීනමිද්ධය නිසා මෝහය ඇති වෙනවා කියන එක.
එතකොට ථීනමිද්ධය නිසා මෝහය ඇති වෙනවා කියන එකෙන් පටන් ගත්තා. එතකොට ථීනමිද්ධය නිසා මෝහය ඇති වෙනවා කියනකොට ථීනමිද්ධයට අපි එන්න ඕනෙ නේ. එතකොට ථීනමිද්ධ අවස්ථාවට එනකොට අපිට තියෙනවා මෙතන මේ මනාප වූ අරමුණ එක්ක අපි කරකවනවා කියන එක තියෙනවා. එතකොට අපිට එනවා ඒ මනාප වූ අරමුණත් එක්ක කරකවනවා කිව්වහම දැන් අපි මේක ටිකක් ගැඹුරට යනවා මේ භාවනාව මොකද? මේකට ඉස්සෙල්ලා කරපු භාවනාවක් එක්කයි මේක සිද්ධ වෙන්නේ.
එතෙන්දි අපි දන්නවා අපි අර පළවන වට දෙකේ දී වට දෙකක් කරකවනකොට දැන් අපි දන්නවා සුභයි කියලා ගත්තා, නිත්‍යයි කියලා එකතු කරලා අවිද්‍යාවෙන් කරන වටයක් තියෙනවා. ඊට පස්සේ මානය විසින් කරකවලා මේක fit වෙනවද, කියලා බලන වටයක් තියෙනවා. එතකොට වට දෙකයි. එතකොට ඒ වට දෙකේදි අපි කරන්නේ රූපයට අගය දෙනවා. ඊට පස්සේ දෙවෙනි වට දෙක ගත්තහම, අපි වේදනාවට අගය දෙනවා. එතකොට area වශයෙන් ගත්තහම A, B වුණා. පල්ලෙහායින් C, D වුණා.
ඊළඟට ආපහු අපි වට හතරක් කරකවනවා නේ. ඊළඟ වට හතර ගන්න. ඒ කියන්නේ අර 1, 2, 3, 4 area හැදෙන එක. ඒ වටවල දී වෙන්නෙ මොකද? 1, 2 කියනකොට අපි රූපය පැත්තෙන් ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් මේ වේදනාව, මේ පැත්තෙ රූපය. මේ පල්ලෙහා පැත්තේ අර ජාතිය කියන එක. එතකොට ඒ පැත්තට තමයි මේ කතා කරන්නේ. එතෙන්දි අපි coordination එකක් කෙරෙනවා. මොකද දැන් මගේ වේදනාවක් ඇවිල්ලා තියෙනවා, සුඛයි කියලා කතාව අර පැත්තෙන් ඇවිල්ලා තියෙනවා රූපයයි කියලා. රූපයට අගය දීමයි, වේදනාවට අගය දීමයි දෙක කරලා තියෙනවා.
එතකොට දැන් චේතනාව නිතර ම හරියට coordinator වාගේ. අර monitor ඉන්නෙ පන්තියේ. ඒ වගේ එයා coordinate කරනවා. එතකොට අර රූපයේ වේදනාවයි ඒ නිසා සඤ්ඤාවන් ඒවා coordinate කරනවා. ඔන්න ඒ දෙකත් එක්ක එයා ඔන්න අගයක් දෙනවා. මේක තමයි මේ පෙර චේතනාව කියන එක වෙන්නේ මේ පැත්ත ගත්තහම. ඊට පස්සේ ඒ කියන්නේ වට 5යි 6යි. 7, 8 වැටෙන්නේ, 7, 8 වැටෙනවා අපර චේතනාවට. එතකොට ඒ 7යි 8යි කියන එකේ ගත්තහම area එක පේනවා නේ චේතනාව පල්ලෙහා නේ ද මමං අහං ඉන්න දෙන්නා. අන්න ඒ කෑල්ල.
එතකොට ඒකට තමයි දැන් අපි චේතනාවට අගය දෙනවා කියන එක කරන්නේ. 7, 8 වුණායින් පස්සෙ චේතනාවට අපි සම්පූර්ණයෙන් අගය දීලා මාන වෙලා ඉවරයි. ඒ වෙනකොට මමං අහං හැදිලා. ඒ කියන්නෙ මේ අත්තා කියන කතාව හැදිලා ඉවරයි. Complete වෙලා තියෙන්නේ මේ වෙනකොට.
දැන් බලන්න අපි මොකද ථීනමිද්ධය කියන කතාවක් වෙන්නේ? දැන් අපි දන්නවා වට 5, 6 වෙනකොට, රහතන් වහන්සේ අපිට කලින් කියලා දීලා තියෙනවා. මේක අර සාතයි කියලා ගත්ත එක හරි නැහැයි කියන එක ඇවිල්ලා තියෙන්නේ. ථීනමිද්ධය හටගන්නවා. ථීනමිද්ධය සිතට ඇතුල් වෙලා නෑ, හට අරගෙන තියෙන්නේ.
එතකොට දැන් මේක හරියට මේ අපි දැන් කෙනෙක් කියනවා මේ හොද්ද. මේකට ලුණු ඇත්ද කියලා බලන්නෙයි කියලා. ඉතින් මෙයා එක පාරක් කටට දාලා බලනවා. එයාට තලු මරලා ඒක හරියට තාම තීරණයක් ගන්න බෑ මෙයාට මේ ලුණු තියෙනව ද? ඒ පාර තව එකක් දානවා නේ. ඒක තමයි අර පස් වෙනි එක තමයි අර කටට දැම්මා. හය වෙනි එක තමයි අරක ආයේ තව පාරක් ඉල්ලලා තලු මරලා බලන්නේ. මේක බලලා හරි නෑයි කියලා කියන්නේ. හැබැයි හරි නෑයි කියලා කිව්වට දැන් බලන්න මේ මනුස්සයා හොද්ද විසි කරන්නෙ නෑ නේ. මොකද?
අර චේතනාවට අගය දීලා අර අත්තා කතාවේ කොටසක් හැදිලා තියෙන්නේ. ආහාරය නිසා මම ජීවත් වෙනවා. හැබැයි හොද්ද කියන එක මේක හරි නෑ. මොකද මෙතන බලන්න. දැන් ආපහු තව භාවනාවක් එනවා, මේ වට දෙක එනකොට. අපි කරපු සම්මා සංකප්ප භාවනාව. අර අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක සිද්ධ වෙලා තියෙන එක. තවත් භාවනාවක් තියෙනවා ප්‍රියේහි විප්‍රයෝගය සිද්ධ වෙලා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක. මොකද ප්‍රියේහි විප්‍රයෝගය අර අවිද්‍යාවෙන් කැරකෙනකොට ම ප්‍රියේහි විප්‍රයෝගය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අප්‍රියේහි සම්ප්‍රයෝගය භාවනාව නේ අපි කළේ. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගය කියන එකට ගිහිල්ලා. දැන් මගේ සංකල්පයේ තියෙනවා හොද්දක් වුණා ම මෙන්න මේ විදිහට රහක් තමයි තියෙන්නෙ ඕනෙ කියන එක. මගේ සංකල්පයේ තියෙන එක හොද්දේ නෑ. හැබැයි මං මේක විසි කරන්නේ නෑ.
මොකද මම ජීවත් වෙන නිසා. මේක නිසා මම ජීවත් වෙනවා. මොකද මමං අහං කතාව හැදිලා. චේතනාවත් එක්ක හැදිලා තියෙන්නේ. දැන් මේ පෙර චේතනාවයි, අපර චේතනාවයි කියන එක මෙතන තියෙනවා. ඒක අගය දීලා දැන් මගේ මානය වෙලා.
ඉතින් මෙතනින් පස්සෙ කතාව තේරෙනවා නේ. මෙතනින් වුණාට පස්සේ දැන් ඉතින් හකුරු කියන එකට මම කැමති නෑ පොල් හකුරට, නමුත් හකුරු නිසා මම ජීවත් වෙනවා කියන එක නිසා මං මේක විසි කරන්නෙත් නැතුව මම තියාගෙන ඉන්නවා. එතකොට ථීනමිද්ධයේ ඉඳන් මම මෝහයට යනවා.
දැන් එනවා point එක. අන්තිමට. ඒ මමංනුයි අහංනුයි කියන එක ගත්තහම, මේ දෙන්නා එක්කහු වෙලා ඉන්නේ කොයි වෙලාවෙ ද? මේ පෙර චේතනාවයි අපර චේතනාවයි දෙක ම එක වෙන අවස්ථාවේ දී.
ඒ කියන්නේ මගේ සංකල්පයේ යම්කිසි ආකාරයකට මගේ තියෙන අගයයි, මෙතන මේක නිසා මම ජීවත් වෙනවා කියන එකයි දෙක ම එක වෙනකොට අන්න මමංනුයි අහංනුයි එකට ඉන්නවා. මොකද මේකට agree, ඒ කියන්නේ මම රසයට තියෙන අගයයි, මට මේකෙන් එන රසයේ අගයයි, අර අගයයි දෙක හරි. Match වෙනවා. යම් ආකාරයකට match වීමක් තියෙනවා. ඒකත් එක්ක යනවා.
ඉතින් මෙතන අර භාවනාවන් ගොඩක්. අර වට කැරකවීම, ඒක නිසා මාන වීම කියන එක, ඒවා ටික ඔක්කෝම තියෙනවා, අර සංකප්ප භාවනාවන්, ඒ ටික එනවා. භාවනාවන් ගත්තහම ඉතින් හතරක් පහක් ගිහිල්ලා. ඒක marvelous ධර්මයක් බැලුවහම ඒක ඒ විදිහට මේ, මමංනුයි අහංනුයි ඔය විදිහට මේවා වෙලා යනවා කියන එක. පෙර චේතනාවත් අපර චේතනාවත් එක්ක.
ඒක තමයි භාවනාව කළේ.