ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා. ඒ බුදුපියවරු අනුපිළිවෙළින් මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඉතින් ඒ විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම දාහතර වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. සිහි කරලා පන්සිල් ගන්න එක කරගෙන ගියා ම ඒ සප්ත බොජ්ඣඞ්ගයෝ වඩමි, කියන එකෙන් පටන් ගන්නෙයි කියලා එතෙන්දි කිව්වා.
ඒ පාර මම ගත්තේ අර 1 කබලිංකාර ආහාරය. 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට එතෙන්දි මට ආවේ මේ අත්තා ඉඳන් නිත්‍යට යනවා කියනකොට මම දැක්කා අර triangle එක මට සිහි වුණා. Triangle එක තියෙනවා නේ චේතනාවයි, මේ පැත්තෙන් අවිද්‍යා ආශ්‍රවය, කාම ආශ්‍රවය. පල්ලෙහා තියෙනවා පොඩි triangle එක. එතන තියෙනවා ජරාව, ව්‍යාධිය, මරණය කියන එක තියෙනවා, යට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. එතකොට භය අගතිය ඔය දෙක අතර ඔය triangle දෙක අතර තියෙනවා.
එතකොට මේක එකපාරට ම මතක් වුණා ම, මට කල්පනා වුණා මේ අත්තා ඉඳන් නිත්‍යට යන්න මෙතන මේකෙන් නේ jack එක ගහන්නේ කියන එක. මේකෙන් තමයි මේක පවත්වන්නේ කියන එක. ඒ එක්ක ම මට මතක් වුණා අර ගාථාව “වීත ගෙධො අමච්ඡරී, න උස්සේසු, සමෙසු, න ඔමෙසු, එතං ඉති අකප්පියො” කියලා තියෙන එක. “කප්‌පං නෙති අකප්පියො.”
එතකොට මේ ගාථාවත් එක්ක මට කල්පනා වුණා මෙතන දැන් අර අත්තා ඉඳන් නිත්‍යට යන කතාවෙ දී තියෙන කෑල්ල තියෙනවා නේ, ඒක අපිට, දැන් මේ bridge එකක් මාට්ටු කරන්න නේ හදන්නේ. උඩට යන්න පුළුවන් උස්සේසු. සමෙසු මේ ගානට. පල්ලෙහාට ඔමෙසු කිව්වහම පහළට. එතකොට මේ විදිහට මේක ලී කෑල්ල එහාට මෙහාට යවන්න පුළුවන්. මේක කරන්නෙ අර අකප්පියො කියලා කියන්නේ ඒකෙන්, කප්පය කියන එකෙන් නේ මෙතන දැන් පල්ලෙහා ඉඳන්, plan එකේ ඉඳන් උඩට අත්තවාද උපාදානයට යන්නෙ. ඒක නේ ගහන්නේ. එතකොට ඒක කරන්න නම් මේ පල්ලෙහායින් ඇවිල්ලා තමයි මේක කරන්නේ කියන එක ආවේ මට. එතකොට මේ, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා තමයි මේක සිද්ධ වෙන්නේ, එතන උස්සනවා කියන එක.
එතකොට දැන් මේ ගාථාවත් එක්ක මේක දැක්කට පස්සේ මම කල්පනා කරනවා මේ මේක ඔක්කොම සිද්ධ වෙන්නෙ මේ බය වෙලා. බය වෙලා තමයි මේ මනුස්සයා මේක කරන්නේ. ඉතින් බය වෙන්න ඉතින් හේතුවක් තියෙනවා නේ. මොකද අර රෝගී සහිත සඤ්ඤාවකින් හදන සංස්කාරය බිඳෙයි කියලා තියෙන බය තියෙන්නේ. ඒක පවත්වන්න වෙනවා කියන එකට ලොකු බියක් තියෙනවා. මේකත් එක්ක තමයි මේක පවත්වන්නේ. එතකොට මේක නැවත නැවතත් පුනපුනා අපි චේතනා කරනවා නේ ද? මේ අත්තාව පවත්වන්න අපි නැවත නැවතත් පුනපුනා චේතනා කරනවා. අත්තාව කියන එක්කෙනා බිඳෙයි කියන එකට, නැති වෙයි කියන එකට අපි බය වෙලා. එතකොට මෙතනින් පල්ලෙහායින් එනවා අර භයෙන් ඇවිල්ලා වේදනාවට ඇවිල්ලා, වේදනාවෙන් එනවා අර චේතනාවට එන කෑල්ල එනවා.
එතකොට මෙතන හරි කලබලයක්. අත්තා, මෙයා බිඳෙයි කියලා. මොකද මම අත්තාව හදා ගත්තේ බලන්න මේ රූපයට, වේදනාවට, ඒවාට අගයන් දීලා මම හදා ගත්තේ. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධයි. ඊයේ භාවනාවෙදි ආවා නේ මෙතන මේ අත්තා කියන එක එනකොට මතකයි නේ ඒක නේ ද? දැන් අත්තා කියන එක එනකොට දැන් අපි වට අටක් ඇවිල්ලා නෙ. වට අටක් ඇවිල්ලා area 3 and 4 කියන එකත් හැදිලා. අර පෙරයි, අපර චේතනා දෙකත් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මෙයාට මේ භය තියෙනවා, මම දැන් මේ දීලා හදාගත්ත එක නැති වෙයි ද කියන එක. ඒක නේ දැන් පොඩ්ඩක් බඩගිනි වෙලා, මං මැරෙයි ද දන්නෑ ඉක්මනට මොනවා හරි ටිකක් කන්න, එහෙම තියෙනවා නේ නේ ද? ඒ කියන්නේ හුස්ම ගන්න බැරුව මේවා වෙනකොට කලබල වෙලා මිනිස්සු ඔක්කොම කරන්නේ.
එතකොට මට පෙනුණා මෙතන මේ හරියට, දැන් අපිට පාරවල් දෙකකින් එනවා නේ. පාරවල් දෙකකින් කියන්නේ භයේ අගතියේ ඉඳන් වේදනාවට ඇවිල්ලා එන්නා වූ පාර තියෙනවා. අර මාන පාර තියෙන්නේ. ඊළඟට ආපහු චේතනාවට එන්න අර සංකල්පය කියන එක, අර ආවාසමච්ඡරිය තියන පාර තියෙන්නේ. ඒකෙන් එන එක තියෙනවා. ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේ දෙකේ වෙනස කොහොම ද කියන එක. මේ දෙකේ වෙනස කොහොම ද? මේක තේරුම් ගන්නේ කියලා.
ඒ පාර රහතන් වහන්සේ කිව්වා “ඒ ඇහුවා ප්‍රශ්නයට පිළිතුරු දෙමි. හොඳට මෙනෙහි කරන්නයි,” කියලා, මේක හරියට මේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන කෙනෙකු එන පාර වගේයි කියලා කිව්වා අර මේ සංකල්පය හැටියට එන්නා වූ පාර. සංකල්පය පැත්තෙන් එන්නේ, ආවාසමච්ඡරිය පැත්තෙන් ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සහිතව එනකොට තමයි කිව්වා ඒකෙ මේක තියෙන්නේ. අර අනෙක් එක්ක ගත්තහම, එහෙම නැති මේ බය වෙච්චි මනුස්සයා ඉන්නවා නේ, ඒකයි කියලා.
ඉතින් ඒකෙ අර්ථය තියෙන්නේ ඒක ටිකක් මං මෙනෙහි කළා. ඒකේ අර්ථය තියෙන්නේ අර සමාධිය, දැන් ධ්‍යානයන්ගෙන් ධ්‍යානයට යන මනුස්සයා නේ. ඒ මනුස්සයා එන්නේ අර අර පාරේ. අනෙක් මනුස්සයා මේ කලබල වෙලා මැරෙයි ද? නැති වෙයි ද? මේවා වෙයි ද? කියලා බය වෙලා තමා එයා භයෙන් අගතියේ ඉඳන් එනකොට ඒක ගමන් කරන්නේ කියන එක.
එතකොට ඔය විදිහට, මේකෙ අර nutshell එකෙන් කියනවා නම්, මේකෙ තියෙන්නේ අපි මේ, අත්තාව නැති වෙයි කියලා බය වෙලා අපි නැවත නැවත පුනපුනා අත්තාව හදනවා. ඒක හින්ද ම තමයි, දොරට බැහැලා යන්නෙ නෑ නේ. එලියට ගියා නම් කන්න හම්බවෙන්නෙ නෑ. රස්සාව නතර කරන්නේ නෑ නේ. අත්තාව නැති වෙනවා. එතකොට මේ අත්තා නැති වෙනවා කියන බයට තමයි නැවත නැවතත් අපි මේක කරනවා. හදාගත්ත material, ගත්ත materials ඇවිල්ලා සවුත්තු ඒවා. Sick සඤ්ඤාවන්. අර රොගං වදති අත්තතො කියන කතාවත් ආවා මට, sick සඤ්ඤාවකින් මේක අරගෙන තියෙන්නේ. අරගෙන හදාගත්ත අත්තා බිඳෙයි කියලා බය වෙලා තමයි අපි මේ නැවත නැවතත් එයාව හදන්නේ.
ඔන්න ඕක තමයි මේ භාවනාව.