ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු. නමස්කාරය වේවා. මම සිහි කළේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ජීවමානව වැඩ ඉන්න පළවන බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ සත්‍ය වශයෙන් ම මේ මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝකයත්, බ්‍රහ්ම ලෝකයත් ඉක්මවලා වාසය කරනවා කියලා. එතකොට ඒ විදිහට බුදුපියවරු දාහතර නම ම ඒ විදිහට සිහි කළා. මේ ජීවමානව වැඩ ඉන්න, ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව. එතකොට මේ වන්දනීය වූ ශ්‍රේෂ්ඨතම බුදුපියවරු, මේ විදිහට මනුස්සත්වයත්, දේවත්වයත්, බ්‍රහ්මත්වයත් ඉක්මවලා වාසය කරනවා කියලා.
එහෙම කල්පනා කරලා ඊට පස්සේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන වෙලාවේ මං කල්පනා කළා මේ අරි අට මඟ කියන එක කෙනෙක් භාවිතා කරනවා නම් ඒ අරි අට මඟ නිසා මනුස්සයෙකුට ආශ්‍රවයක් ඇති වෙන්නෙ නෑ. ඒ ආශ්‍රවයක්, යමක් තියෙනව ද, මේකෙන් නැති වෙනවා කියන එක.
ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනව නේ මහාචත්තාරීසක සූත්‍රයේ “කතමා ච භික්ඛවෙ අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා” කියලා. ඒකෙ පෙන්නනව නේ, ඒ කියන්නේ සම්මා දිට්ඨි, ඒ ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ විදිහට “අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා සම්මා දිට්ඨි.” එතකොට මේකේ කිසිම ආකාරයකින් කෙනෙකුට ආශ්‍රවයක් ඇති වෙන්නේ නෑ. ඒක කරනවා නම් ආශ්‍රවය කියන එක නැති වෙනවා. අර mundane එකේ ගත්තහම ඒකෙ කුසල විපාකයක් තියෙනවා, තමන්ට විඳින්න සිද්ධ වෙනවා. අර තියෙන ප්‍රඥාවේ ඒක නැහැයි කියන එක.
එතකොට එතෙන්දි ඉතින් මට හොඳට එනවා, මේ සංස්කාරයක් තියෙනවා නම් තමයි අර jack එක ගහලා මේකක් හැදෙන්නේ. එතකොට මේක මේවා ඔක්කෝගේ ම නිරෝධය සඳහා තමයි මේකෙ යන්නේ. එතකොට දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි. එතකොට යම්කිසි පුද්ගලයෙකුට, හරියට මේක නිකන් මේ කැලෑවක් කපාගෙන, කැත්තක් අරගෙන මනුස්සයෙක් කපාගෙන, කපාගෙන, කපාගෙන හොඳ එළිමහනක් තියෙන තැනක් ඇතුළට යනවා මේ මහ කැලෑව ඇතුළේ. ගියාට පස්සේ ඒ මනුස්සයා කල්පනා කරනවා නම්, මං හොඳයි දැන් මේ කපාගෙන ආවා, දැන් ඉතින් මට මේ කැත්ත පාවිච්චි කරන්න ඕන්නෑ, කැත්ත අතේ තියාගෙන ඒ මනුස්සයා ආපහු කැලෑවට වදිනවා නම් ඒ මනුස්සයාට නැවත නැවතත් අර කාමයෝ, කාම ආශ්‍රවයෝ, අර කැලෑවේ තියෙන දේවල් පැටලෙනවා.
එතකොට මේ පුද්ගලයෙක් ඉන්නවා නම් ඉන්න ඕනෙ එයා ඒ දුක්ඛ නිරෝධය කැමති පුද්ගලයා ඒ නිරෝධගාමිනී පටිපදාවේ ඉන්න ඕනෙ. නිරෝධගාමිනී පටිපදාවේ ඉන්නෙ නැත්තන්, ඒ මනුස්සයාට ආශ්‍රව ඇති වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. අර කැලෑවට ගිය මනුස්සයා කැලෑව කපාගෙන ගියාට ඒ මනුස්සයාට ඒක ඇති වෙනවා. මොකද? එයා කැලෑවට ආපහු බහිනවා. කැත්ත අතේ තියෙනවා පාවිච්චි කරන්නේ නෑ. එතකොට කපන්නේ නැත්තන් මේක ඇති වෙනවා කියන මේක බොහොම තදින් මට ඒක වැටහෙනවා.
ඒ කියන්නේ මම මුසාවාදයක්, පරුෂා වාචයක් කවුරු හරි කෙනෙක් යම් ආකාරයකට ඒවා කරනවා ද, පාණාතිපාත, අදින්නාදාන ඕවා කරනවා ද, ඒවා කරනතාක් කල් අරවා ඇති වෙනවා. එතකොට තමන්ට ඒක කැත්තක් අතේ තියෙනවා නම්, මේක නොකර ඉන්න පුළුවන්කම තියෙනවා නම්, ඒක තමයි පටිපදාව කියන එක මනුස්සයෙක් භාවිතා කරන්නට ඕනෙ. පටිපදාවේ ගියා නම් පටිපදාවේ යනතාක් කල් ඒ මනුස්සයාට ආශ්‍රවයන් ඇති වෙන්නේ නෑ. එතකොට ඒ විහාරයේ ඉන්නකන් තමන්ට මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝකයත්, බ්‍රහ්ම ලෝකයත් ඉක්මවලා වාසය කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. නැත්තන් ඒ මනුස්සයා අර මොකක් හරි එකකින් සංස්කාරයක් හැදුවද අතනින් අර අත්තා ඉඳන් නිත්‍යට යන්නා වූ කතාව ඒක සිද්ධ වෙනවා.
එතකොට ඕක කියපු වෙලාවේ රහතන් වහන්සේ කිව්වා “දරුවා, ඔබ දැන්, මේ මොහොතේ ඉන්නෙ විමුක්තියෙන්” කියලා. ඒක ගැන සිතීමෙන් ඒ විදිහට, ඒ වෙලාවෙත් ඒ විදිහට ම තමයි ඉන්නෙ කියලා. එතකොට ඒ විදිහට මම ටිකක් හිටියා.
ටිකක් ඉඳලා, ඊට පස්සේ මම අර වට ගැන සිහි කරන්න පටන් ගත්තා. ඔය වටවල ගත්තහම දැන් අපි රාග සල්ලය කියලා එහෙම කියලා කිව්වට ඔය වටවල බලන්න ඕන වෙලාවක අවිද්‍යාවෙන් කරකවනවා, මානයෙන් කරකවනවා. එතකොට අපි මේ අවිද්‍යාව හේතු කොටගෙන දැන් පළවෙනි එකට සුභයි කියලා මේකට ඇතුල් වෙනවා. නිත්‍යයි කියලා එකතු කරනකොට තමයි අපිට සුඛ කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ රාගයේ කතාවන් ඇති වෙලා තියෙන්නේ මේකත් එක්ක. හැබැයි කරකවන එක ම වටයක ම ඒ රාගයෙන් කරකවනවා කියලා තියෙනව ද? නෑ. උස්සනවා හැම තිස්සෙම තියෙන්නේ එක්කො අවිද්‍යාවෙන්, එහෙම නැත්තන් මානයෙන්. එතකොට මෙතනදි මේ මොකද්ද? අවිද්‍යාව මානය කියන දෙක, අවිද්‍යාව නිසයි මානය ඇති වුණේ. සුභයට අගයක් දුන්නම නිත්‍යයි කිව්වෙ.
එතකොට මෙතන මේ දෙකෙන් කරකව කරකව යනවා කියන එකෙන් මේ රාගය කියන එක, ද්වේෂය කියන එක ඇති වුණා හැරෙන්න වෙන දෙයක් ඇත්තෙ නෑ. මේකෙ තියෙන්නෙත් ඒ සකස් කිරීමක්. එතකොට කාමරාග අනුසය කියනවා නේ ද? එතකොට මෙතන මේ කෑල්ල කරනවාත් එක්ක ම දැන් ඔන්න රාගයෙන් කැරකවීමක් කියන එක එතන එනවා. ඔය අදහසක් තියෙනවා. නමුත් මෙතන අවිද්‍යාව හින්දා තමයි මේ කරලා තියෙන්නේ කියන එක හොඳට වැටහුණා. ඉතින් ඒ චිත්තය සහිතව මම ඉතින් හිටියා.
ඒක තමයි භාවනාව.