Date: 19/02/2014 Name: දිට්ඨි අනුසය භාවනා 1

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියා වශයෙන් මම සිහි කළා. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින ශ්‍රේෂ්ඨතම දෙවන බුදුපියාණන් වශයෙන් ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා අනුපිළිවෙළින් සිහි කළා.

ඒ සිහි කරලා මම පන්සිල් ගන්න එක කරගෙන ගියා. ලෝභය නැති කරමි කියලා කියනකොට මට ආවා ඔය සුඛය කියන එක, ඒක සඳහා මනුස්සයා යම් යම් දේවල් කරනවා. සුඛය කියන එක ඇති කරගන්න. එතකොට මේක මෙහෙම වෙන්නේ මේ මනුස්සයාට මේක සුඛයි කියලා දිට්ඨියත් එක්ක. දිට්ඨියෙන් තමයි මේක කියන්නේ. එතකොට මෙතන මේ භාවනාවට ආවේ ඔය වේදනාවයි, පරාමාසයයි, භයෙන් අගතියට යනවායි දිට්ඨි අනුසයයි. මෙන්න මේ triangle එක. මේක මම සුඛයි කියලා හිතලා තමයි මං මේ කතාව හදාගෙන තියෙන්නේ. දැන් මගේ මේ දෘෂ්ඨිය විසින් කියනවා මේක මෙහෙම වෙනවා නම්, මේ සුඛය මට මෙහෙම ගන්න පුළුවන් නම් හොඳයි. දිට්ඨි අනුසයෙන් මේක කියනවා. සුඛය විසින් කියනවා පරාමාසයට යන්න. සුඛය, පරාමාසයට යන්න එහෙන් කියනවා.

MM_19_02_2014.jpg

එතකොට මෙතන මේ දිට්ඨිය නිසයි, මේ ඔක්කොම කතාව සිද්ධ වෙන්නේ. දෘෂ්ඨියෙන් තමයි මේක කරන්නේ කියන එක. දිට්ඨි අනුසයෙන් මේක යනවායි කියලා මේ triangle එක හොඳට, මෙහෙම නිසා, මේ triangle එක දැන් ඔයාට බැලුවොත් ඔයාට විඤ්ඤාණය පැත්තට එළියක් වැටෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණය සකස් වෙනවා. මේක කැරකීම හින්දා. මේකෙන් සංස්කාර, සංස්කාරවලින් විඤ්ඤාණය කියන එක.

ඉතින් මං මේක බොහොම වෙලාවක් බලලා පස්සෙ කල්පනා කළා ද්වේෂය නැති කරමි කියනකොට, මං කල්පනා කළා මෙතෙන්දි අර එන්නා වූ ගැටුම. අර ඊයේ පෙන්නුවා නේ අර මේ පැත්තෙන් එනවා නේ දිට්ඨි අනුසය පැත්තෙන් ආවායින් පස්සේ වේදනාවට මෙතන තියෙන්නේ අර තමන්ට ඕනෙ flow එකයි, මේකටයි තියෙන ගැටුමක් තියෙනවා. දැන් මට අතෙන්දි ආවේ අර සාතයි කියන දෘෂ්ඨිය උඩ තමයි ලෝභයේ දී ආවේ සාතයි කියන දෘෂ්ඨිය උඩ තමයි මේක දුවන්නේ. දැන් මෙතෙන්දි අර අසාතයි කියන දෘෂ්ඨිය කියන එක තියෙනවා නේ. ඒ වගේ තමන්ට ඇති වුණා වූ දේ. එතකොට මේ දෙක ගැටීමක් තියෙනවා. අරක තමයි මට යන්න ඕනෙ පාර. මෙතනින් ඇවිල්ලා තියෙන්නෙ මට යන්න ඕනෙ නැති මේ පාර. එතකොට මේ පාර දෙක ඒ කියන්නේ ඡන්ද අගතිය ඉඳන් වේදනාවට එන පාර, අර අපි සංකප්පය එහෙම ලකුණු කරලා තියෙන්නේ. Input වෙනවා කියලා. අනෙක් පැත්තෙන් ගත්තහම දිට්ඨි අනුසයේ පාර. මේ දෙකේ ගැටීම කියන එක. දැන් මෙතන මේ අසාතයි කියලා දෘෂ්ඨියක්. මේ දෘෂ්ඨිය නිසයි මෙතන මේ ගැටීම කියන එක තියෙන්නේ කියලා. දැන් එතකොට ඒ දෙක මට හොඳට ආවා.

ඉතින් මෝහය නැති කරමියි කියලා කියනකොට මට හොඳට ම කල්පනා වුණේ මේ මෝහය කියන එක මෙතෙන්දි ඇවිල්ලා අර නිත්‍යයි කියලා එකතු කරලා නේ මේක හදලා තියෙන්නේ. මේ මුළු කතාව ම හැදුණේ අතනින් අරක එක්කහු කරලා. සුභයට නිත්‍යයි කියලා එකතු කරලා. එතකොට මේක තමයි මේ මෝහයේ කතාව තියෙන්නේ. එතකොට අර දෘෂ්ඨිය හදා ගත්තේ ඔය විදිහට. දැන් එයා තමයි මේ push කරන්නේ. ඒ push කිරීම උඩ තමයි අපි සාතයි කියලා ගන්නේ. අසාතයි කියලා ගන්නේ. ඕක නේ තීරණය කිරීමක් නේ එතන කරන්නේ. එතකොට දැන් මෝහය නැති කරමි කියන එක කල්පනාවට ගත්තා. එතන ටිකක් හිටියා.

ඊට පස්සේ පංචනීවරණයන් යටපත් කරමි. පංචනීවරණයන් යටපත් කර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමියි කියලා. එතකොට අරි අට මඟ හරහා යමියි කියලා කියනකොට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කිව්වහම මිච්ඡා දිට්ඨිය නැති කරලා, සම්මා දිට්ඨිය ඇති කරනවා. එතකොට මිච්ඡා දිට්ඨියේ තියෙන්නේ මෙන්න මේක කමක්නෑ, හොඳයි, සැපයි, සුඛයි කියන කතාව. සම්මා දිට්ඨිය කියනවා නෑ මේක දුකයි. මේ කරන දේ දුකයි කියන එක පෙන්නනවා. එතකොට මේක නැති වෙනවා නම් මේක හරි. දැන් මේ මෝහය කියන කතාව නැති වීම කියන එක මෙතනින් ඇති වෙනවා.

එතකොට ඒ චතුත්ථධ්‍යානයේ, චතුත්ථධ්‍යානය සහිතව කෙනෙකුට ඒකෙ ඉන්න පුළුවන් කියන එක. එතෙන්දි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට ආවා. සම්මා සංකප්ප භාවනාව කරා. එතකොට මෙතෙන්දි අපිට තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට යන එකක් තියෙන්නේ. ප්‍රියේහි විප්‍රයෝගයෙන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියන එක. මේ කෑලි දෙක විතරයි මං ගත්තේ සම්මා දිට්ඨිය, ඉතින් එතෙන්දි රහතන් වහන්සේ නම් කිව්වා “ඔබ දැන් ඉන්නේ ආකිඤ්චන විමුක්තියේ” කියන එක, එතන ඒ තත්වයේ.

එහෙම ඉඳලා ඊළඟට මං බැලුවා ඊළඟ දේට පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියලා කල්පනා කරනකොට අර මං කල්පනා කළා, මෙන්න මේ සංස්කාරවලින් jack ගැහීම. මේ සංස්කාරය මත depend වෙලා තමයි දැන් මේ එතන දිට්ඨි අනුසය මේ triangle එක භාවනා කළහම අර උඩින් අරක හැදෙන්නේ අර සංස්කාරවලින් jack ගැහීම නිසා. සංස්කාරය නිසා ම මං පාණාතිපාතා, අදත්තාදානය කරගෙන ඉන්න එක හොඳයි කියලා. ආපහු අර දිට්ඨිය ම යි එන්නෙ. මේක නිසයි මේ කතාව තියෙන්නේ. එතකොට මේක නිසයි වෙන්නේ කියන එක ඒක පොඩ්ඩක් භාවනා කළා.

ඒ පාර ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයෝ වඩමි කිව්වහම එතකොට දැන් මං කල්පනා කළා මේ විරිය කියන එක තියෙන්න ඕනෙ රූපය ස්පර්ශ නොවෙන්න. ඊළඟට සඤ්ඤාව මගේ නොවෙන්න. සංස්කාරයන් මගේ නොවෙන්න. එතකොට ඉතින් අර triangle එකෙන් කබලිංකාර ආහාරයත් එක්ක උඩ තියෙනවා නේ තුනකට බෙදිලා. අන්න ඒ 3 ගත්තා. ඒ කියන්නේ මම මේ රූපය ස්පර්ශ කළොතින් තමයි මේ රාග සල්ලය කියන ඒවා. ඒවා පල්ලෙහාට එනවා කියන එක. ඒක ඒ පාර නොවෙන්න.

ඊළඟට අර අපි යනවා නේ, මේක jack එකක් ගහලා සුභයි කියන පැත්තට යනවා නේ. එතකොට ඒ සඤ්ඤාව නොවෙන්න. මොකද මේක වුණෝතින් එහෙම මම ජාතියේ ඉඳන් ජරාවට යනවා. එතකොට මෙතෙන්දි මේ දුකයි කියන එක දන්නවා නම් අර දිට්ඨිය කියන එක කැපෙනවා ඒ විදිහට. ඊළඟට ථීනමිද්ධ පාරෙන් අර සංස්කාරයන් කියන ඒවා හැදෙන්න නොවෙන්න කියන එක. එතකොට මේක ඇවිල්ලා මං ගත්තා මෙතනින් දැන් විරියො ච ඡන්දො. ඡන්දය කියන එක නිර්වාණයට පමණක් පවතින්න ඕනෙයි කියන එක.

එතකොට මෙතනින් ආවයෙන් පස්සේ, මෙතනින් මට එනවා මේ චිත්ත සමාධිය කියන එක, මේකෙන් ඇති වෙනවා කියලා. මොකද? අර ගැටුම. අර rub වෙන එක. ඒවා මට දැන් වෙන්න දෙන්නේ නැත්තන් අර පාරවල් දෙකකින් rub වීමක් තියෙනවා නේ. මොනවද? පාරවල් දෙකකින් rub වෙනවා කියලා කියන්නේ අර සංකප්ප පාරයි, දිට්ඨි අනුසය පාරයි. මේ දෙකෙන් rub වෙන්නේ නැත්තන් මට චිත්තයේ සමාධිය කියන එක තියෙනවා කියන එක මට ආවා.

ඒ කියන්නේ පරුෂා වාච ඒවා මොකක්වත් මට කෙරෙන්නේ නෑ. අභිජ්ඣා නැතෙයි කියන එක කල්පනා කළා ම, අභිජ්ඣාවත් එක්ක ම එනවා නිර්වාණයට නම් තියෙන්නේ මට මේවා එකක්වත් ඕනෙයි කියලා ගන්න පුළුවන්කමක් නෑ. එහෙනම් මේවා ඔක්කෝම දුකයි කියලා දකින්න ඕනෙයි කියන එක ඡන්ද සමාධියේ දී ආවා. මේවා ඔක්කෝම දුකයි කියලා දකිනවා නම් මං නිවනෙන් පිටත වූ දෙයක් ගන්නෙ නෑ. එතකොට ඒ අභිජ්ඣා නැත්තන් මගේ මේ පැත්තෙ පාර නෑ. ඒ කියන්නේ සංකප්ප input වෙන පාර නෑ.

අනෙක් පැත්තෙන් ගත්තහම අර සාතයි අසාතයි කතාවත් එක්ක, දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වෙ දිට්ඨි අනුසයෙන් ඇවිල්ලා තියෙන්නා වූ ගැටුම කියන එක නෑ. මේවා නැත්තන් අර විඤ්ඤාණයේ සකස් වීමක් නෑ. ඒක නිසා මගේ චිත්ත සමාධිය කියන එක මට මේකේ පවතිනවා. සංස්කාරවලින් jack ගහන්නේ නැතුව. එතකොට මෙතනින් ආවා විමංසාවට. ඒ විමංසාවට ආවායින් පස්සේ විමංසාවෙදි, එතකොට මෙතන දැන් අපි බැලුවා නේ භාවනාවේ දී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මෙන්න මේවා ටික එපා කියන එක විමංසාවේ මෙතන තියෙනවා, අපි මේ කලින් පටන් ගත්තු එක උඩ තමයි මෙතන මේ යන්නේ කියලා. එතනින් සප්ත බොජ්ඣඞ්ගය භාවනාව වඩන්න පටන් ගන්නකොට තමයි මේ මෙයා ආවේ. ඉතින් ඒක හින්දා එතන නතර වුණා.

ඕක තමයි භාවනාව.