ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඔය විදිහට අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා.
සිහි කරලා මම මේ කල්පනා කළේ, අර ඊයේ අර සංකප්ප භාවනාවෙම ඒ දෙවෙනි භාවනාව. සංකප්ප භාවනා දෙකේ. ඒ අර පරාමාසයට ගියාට පස්සේ අර area 4 කියන එක. දුක් වූ සංස්කාරයන් පරාමාසයට ඇතුල් වුණාට පස්සේ අර area 4 කියන එක හැදෙනවා කියන එක තිබුණා නේ. ඒ area 4 කියන එක හැදෙන එක. ඒකේ මං නැවතත් විමසුවා, ඒක එතකොට අට වෙනි රවුම වෙන්න ඕනෙ ද එතන කියන එක. මොකද මට භාවනා කරනකොට අට වෙනි රවුම කියලා නෙමේ එතන ආවේ. එතෙන්දි මේක රහතන් වහන්සේගෙන් මම විමසනකොට රහතන් වහන්සේ කිව්වා “ඒ හත් වෙනි රවුමේ දී ම තමයි,” කියලා.
එතකොට මේ හත් වෙනි රවුමේ දී ම මේක වෙනවා කිව්වහම එහෙනම් දැන් හත් වෙනි රවුමේ දී ඇති වෙන්නා වූ area 4 එකයි, අට වෙනි රවුමේ දී ඇති වෙන්නා වූ area 4 එකයි අතර වෙනසක් තියෙන්න ඕනෙ. එතකොට මේකේ මොකද්ද වෙනස කියන එක කල්පනා කරනකොට ම මට සිතට ආවා මේ චේතනාව වශයෙනුයි මෙතන තියෙන්නේ. අතන හත් වෙනි රවුමේ දී ඇති වෙන area 4 එක තියෙන්නේ අර මමංකාරයේ shadow එක. පල්ලෙහාට තියෙන්නේ. එතකොට අර අපර චේතනාවේ මමංකාරය නිසා ඇති වෙන්නා වූ කොටස නිසා ඇති වෙන කොටසක් තමා මේ තියෙන්නේ. අට වෙනි රවුමේ දී අර තියෙන්නා වූ area 4 එකේ තියෙන්නේ අහංකාරය නිසා ඇති වෙන කොටස. ඒ වෙනකොට තමන් අහංකාර වෙලා, අරකට අගය දීලා පුදුම තදින් අරගෙන ඒක තියෙන්නේ. එතකොට මෙන්න මේ වෙනසයි කියන එක ආවා.
එතකොට මේක නිසා දැන් මට හරී ලස්සනයි මෙතනින් පේනවා, මෙතන ඉන්නේ දැන් විපරිණාම දුක්ඛතාවයෙන් එන්නා වූ ඒ දුක් වූ වේදනාවන් ඇතුල් වුණා පරාමාසයට. ඊළඟට සංස්කාර දුක්ඛතාවය ආපහු පරාමාසයට ඇතුල් වුණා. දැන් මේ දෙක ම ඇතුල් වුණාට පස්සෙ තමයි මේ මම area 4 එක මෙතන හැදිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මම මේ වෙනකොට භයෙන් අගතියට ගිහිල්ලා අප්‍රියේහි සම්ප්‍රයෝගය, ප්‍රියේහි විප්‍රයෝගය කියන එක තියෙනවා. මේ දෙක අතර තියෙන දුක්ඛ දුක්ඛතාවය. එතකොට විපරිණාම දුක්ඛතාවය මෙහෙන් ආවා. සංස්කාර දුක්ඛතාවය මෙහෙන් ආවා. මැද්දේ තියෙනවා දුක්ඛ දුක්ඛතාවය කියලා. මේක හරි ලස්සනයි මේක නැවතත් මට මෙනෙහි කරන්න හිතෙනවා එතෙන්දි. ඉතින් එතෙන්දි රහතන් වහන්සේ කිව්වා “ඇති” කියලා.
ඒ පාර මම කල්පනා කළා මොකද? ඒ රහතන් වහන්සේ ඇතියි කියලා කිව්වෙ කියන එක. එතකොට එතෙන්දි මේවා කරලා මං එතෙන්දි බැලුවා මට කොයික වුණත් මට රහතන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා කියන එක. දැන් මට ආවා නේ මෙතන මං මේක කැමති ය මේක කරන්න. එතකොට ඒ කියන්නේ ධර්මය පැත්තෙන් මේක යන එක කැමැත්ත තියෙනවා. දැන් රහතන් වහන්සේ ඇති කිව්වහම මම කල්පනා කළා මට රහතන් වහන්සේ ගැන ඊට වඩා ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙන නිසා මට මේක ප්‍රශ්නයක් නැතෙයි කියන එක හොයන්න.
දැන් එතකොට ඕන් මට තේරෙනවා. ශ්‍රද්ධාව නිසා මේක නැති වෙනවද කියන එකයි මෙතන රහතන් වහන්සේ ඇහැව්වෙ. එතකොට ඔව් ඉතින් නැති වෙනවා නේ. ඔතන ධම්මමච්ඡරිය කියන කතාව නෑ. ධර්මයටවත් මෙතන දීලා මේක දිගේ ගමන් කරලා මේක වෙන්නේ නෑ.
ඒ පාර දැන් මං මේ ශ්‍රද්ධාව ගැන මෙනෙහි කරන්න ගත්තා. ශ්‍රද්ධාව පහළොස් චරණ ධර්ම. එතකොට දැන් එතෙන්දි මට එනවා පහළොස් චරණ ධර්ම මෙනෙහි කරනකොට මේ පළවෙනියෙන් ම ගත්තහම අතන අපේ අර සීලය තියෙනවා. එතකොට පාණාතිපාතා ඒවා කරන්නේ නැතෙයි කියන කතාව. ඒකත් එක්ක ඊළඟට එනවා ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙනවා නම් මේක කිසිම ආකාරයකින් මේ පැත්තේ ඇති වෙන්නෙ නෑ. මේකේ දිවිල්ලක් වෙන්නේ නෑ.
ඊළඟට moderate in eating කියලා කිව්වහම මේ ආහාර විතරක් නෙවෙයි. මේකෙ මේ කබලිංකාර ආහාරය විතරක් නෙවෙයි මෙතන මැරිලා මේ ධම්මමච්ඡරිය නිසා ඇති වෙන්නා වූ මේ විඤ්ඤාණ ආහාරය ඒ කතාව තියෙනවා නේ. ඒකත් ඒ විදිහ ම යි. ඒ ආහාරය වුණත් මම ගන්නෙ නෑ ඕනවට වැඩිය කියන එක. එතකොට දැන් හරි ම ලස්සනයි. ලස්සනට ගැළපිලා එනවා. ඒ පාර දැන් ඊළඟට වැරැද්දක් තියෙනව ද කියන ඒවා බලලා ඒවා check කරලා ඒවා අයින් කරනවා කියන එක.
ඉතින් දැන් මෙතන මේ හතර එනකොට පුදුමාකාරයි ඒක. පුදුම විදිහට මේක පත්තු වෙලා තියෙනවා. මට හොඳට තේරෙනවා මේ අර පල්ලෙහා ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද 4ම මේවා වෙලා. ඒකත් එක්ක ම මට තේරුණා මෙහෙම නිකන් හරියට මේ ඔළුවෙන් පල්ලෙහා කෑල්ලෙ මෙහෙමයි. උඩට මෙහෙමයි. L shape එකට මේකයි කියලා පුදුම විදිහට පත්තු වෙලා තියෙනවා. ඒ පාර එතන ඉඳලා ඒ එතන තමා විඤ්ඤාණඤ්චායතනයත් එක්ක එතන ඒක සිද්ධ වෙලා තියෙන්නේ.
මේක වෙලා පස්සෙ දැන් මම යනවා, ආපහු අර ශ්‍රද්ධාව ඒවා කොටස් සඳහා. ඒ සතිමා හොති, එතකොට දැන් මෙතන්දි මෙතන ගන්නවා බුදුහාමුදුරුවන්ගේ මේ විද්‍යා චරණ නෙ කියන්නේ. එතකොට විජ්ජා කියලා කිව්වහම මේ විදිහට. ඒ පාර දැන් මම කල්පනා කරනවා මම මේ ආලෝකය එහෙම වඩන්න ඕනෙයි කියන එක. එතකොට ආලෝකය වඩන්න ඕනෙයි කියන එක කල්පනා කළා ම එහෙම නම් මං ආලෝක සඤ්ඤාව මේ ලෝකෙ ඉන්න සත්වයනුයි, දිව්‍ය ලෝක සත්වයනුයි ඒ විදිහට කියලා කල්පනා කළා එහෙම පේන විදිහට ආලෝකය මෙනෙහි කරනවා ය කියන එක. මේක කල්පනා කරපු ගමන් මට කල්පනා කළා මොකට ද? කියලා. දැන් මේකෙ ආපහු මේ භාවනාවට නේ වැටෙන්නේ. විපරිණාම දුක්ඛතාවයේ ඉන්න මනුස්සයා සංස්කාර දුක්ඛතාවය කරලා මෙතන දුක්ඛ දුක්ඛතාවයකටයි යන්නේ. මේකෙන් ඇති මට වැඩක් නෑ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට බොහොම ගැඹුරට ගිහිල්ලා භාවනාව කළා.
ඒක තමයි තියෙන්නේ.