ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ශ්‍රේෂ්ඨත්වය අනුව. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ජීවමානව වැඩ සිටින, පළමු වන ශ්‍රේෂ්ඨ ම බුදුපියාණන් වහන්සේ. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම දෙවෙනි බුදුපියාණන් වහන්සේ. ඔය විදිහට අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. සිහි කරලා සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට මෝහය නැති කරමි කියන අවස්ථාවේ දී මට සිතට ආවා කොහොම ද මෝහය ඇති වෙන්නේ කියලා.
එතකොට රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් මෝහය ඇති වෙනවා කියන එක ආවා. එතකොට එතෙන්දි මට ආවා එහෙම නම් අර සුභයි කියන එක නිත්‍යයි කියලා මෙතන පල්ලෙහාට ඇවිල්ලා තමයි මෝහය කියන එක ඇති වෙන්නේ. දැන් නිත්‍යභාවය කියන එක ඇති වෙන්නේ රූපයෙන් නැවත නැවතත් ස්පර්ශ කරලා. නැවත නැවතත් ස්පර්ශ කරලා තමයි මේක හදා ගන්නේ. මතක ද අපි භාවනාව කළා රාග සල්ලය. අර ප්‍රථමධ්‍යානයේ ඉඳන් දුතියධ්‍යානයට යන්නේ කොහොම ද කියන එක. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මේ පැත්තට ඇවිල්ලා නැවතත් කරලා තමයි මේක වෙන්නේ. දැන් එතකොට දැන් මෝහයේ නැති වීමක් වෙන්නෙ කොහොම ද කියන එක මම කල්පනා කළා. මෝහය කොහොම ද නැති වෙන්නේ?
එතකොට ඉතින් මට ආවා ඒ මෝහය නැති වෙන්න නම් මේ කාරණා දෙක ම නැති වෙන්න ඕනෙ. එතකොට ඒ කියන්නේ තණ්හාවයි අවිද්‍යාවයි දෙක ම නැති වෙන්න ඕනෙ. ඒක නැත්තන් මේක නැති වෙන්නේ නැහැයි කියන එක. මොකද අර තණ්හාව තියෙනකොට සුභයි කියලා මේ පැත්තට එන එක තියෙනවා. අවිද්‍යාව නිසා පහළට එන එක තියෙනවා. එතකොට මට මෙතෙන්ට කල්පනා වුණා තථාගතයන් වහන්සේ මහ පුදුම විදිහට නේ ද මේ චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරලා තියෙන්නේ, මේ තණ්හාව නිසා දුක්ඛය ඇති වෙනවා. එතකොට මෙතන තණ්හාව නිසා මේ පටිච්චසමුප්පන්නය කියන එකට ඉඩ දෙනවා. පටිච්චසමුප්පන්නය වෙනවා. අවිද්‍යාව කතාව ඒකයි.
එතකොට පටිච්චසමුප්පන්නය මේ භාවනාව අර Houston වලදි කළේ ගිය අවුරුද්දේ. එතකොට දැන් මට මේ දෙපැත්ත පේනවා. මේ පැත්තෙන් තියෙනවා මෙතන සුභයි කියලා ගැනීම, නිත්‍යයි කියන කතාව. මේ පැත්තෙන් තියෙනවා මෙතන ලාභයි, නන්දියයි කියන කෑල්ල.
එතකොට මේ triangle දෙක දැක්කායින් පස්සේ මට කල්පනා වුණේ මේ triangle දෙක ඇති වෙන්නේ, දැන් දිට්ඨි අනුසය හරහා ගිහිල්ලයි. ගියාට පස්සෙයි අපි ලාභයි කියන්නේ. කාරණා හතක් යනකොට අපි නන්දියයි කියලා කියනවා ඒ steps 7 යනකොට. එතකොට හයෙන් පස්සෙ තමයි එහෙනම් මේක ඇති වෙන්නේ. එතකොට ලාභයි කියන එක ඇති වෙන්නෙත් ඕක වෙලා. දිට්ඨි අනුසයෙන් උඩට ගියාට පස්සේ.
එතකොට දැන් මේ දෙකේ වෙනස මොකද්ද කියන එක, මේ දෙක අතර මොකද්ද තියෙන්නේ කියන එක බුදුපියා විමසුවා. එතකොට එතන මේ condition එක මේ විදිහට තමයි, නමුත් රූපය කියන එක අපි ලාභ වශයෙන් ගන්නවා. රූපය ලාභයක්, මොකක් හරි බඩුවක් ගෙනාවා, ඒ භාණ්ඩය මට ලාභයි කියලා ගන්නවා. ඒක නිසා ඇති වෙන්නා වූ වේදනාවට අපි නන්දිය කියන එක තියෙනවා. එතකොට ඔතන අපිට පේනවා හොඳට.
දැන් මනුස්සයෙක් සාධාරණව බඩුවක් ගෙනල්ලා ඒක ගත්තම ඔන්න රූපයත් ලාභයි කියලා එයා එකතු කරලා තියෙනවා. සත්‍ය වශයෙන් ම එයාට සිද්ධ වෙලා තියෙන්නේ මේ අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට කියන එකට වෙන එකයි වෙලා තියෙන්නේ. නමුත් මෙයාට හිතෙනවා මට මේ රූපය ලාභයි කියන එක. ඒ වගේ ම මේක නිසා මට මෙන්න මෙහෙම සුඛයක් සොම්නසක් ඇති වෙනවා කියලා එයාට එකක් තියෙනවා. එතකොට ඒක නිසා එයාට නන්දිය කියන එක තියෙනවා. දැන් හොරෙක් ගත්තොත් එහෙම මට කල්පනා වුණා ඒ අවස්ථාවේ දී හොරා හොරකම් කරගත්තා. ගෙනාපු බඩුව නිසා එයාට ලාභයක් තියෙනවා. හැබැයි එයාට නන්දියක් නෑ. මොකද ඒකෙන් සුඛයක් එයාට ගන්න විදිහක් ඇත්තේ නෑ. අර ආස්වාදය කියන කොටස එයාට නෑ. ලාභය තියෙනවා සුඛය නෑ. ඇයි එයා අරක නැති කරලා නේ අනෙක් මනුස්සයාගේ. ඒක නිසා එයාට ඒක නැතෙයි කියන එක තියෙනවා.
එතකොට එතෙන්දි ඒ රූපයට සුඛය භාවිතා කරලා තමයි අපිට, ඒ කියන්නේ දැන්, ලාභය කියන එක දිට්ඨි අනුසය වීමෙන් පසුව රූපයට සුඛ යැයි භාවිතා කරලා තමයි ඇති වෙන්නේ. රූපය තමයි ලාභය වශයෙන් ගත්තේ. රූපයට සුඛ යැයි භාවිතා කරලා ඇති වූ වේදනාව නිසා අපිට නන්දිය කියන එක ඇති වෙනවා. එතකොට වේදනා කොටසයි එතන තියෙන්නේ. එතකොට වෙනස තමයි එකක් රූප කොටස. අනෙක වේදනා කොටස කියන එක.
දැන් ආපහු මේක මං මේ triangle දෙක ආයෙත් විමසුවා. අනෙක් අයට කියන්නත් එක්ක ඒක ආපහු විමසුවා. මේක මේ විදිහටයි අර මෝහය කියන එක ඇති වුණේ. දකුණු අත පැත්තේ triangle එක ඇති වීම. ඊළඟට ඒක නිසා වම් අත පැත්තේ triangle එක ඇති වීම. එතකොට මේ triangle දෙක. මේක දික් කරෝතින් මොකද වෙන්නේ?
මේ දික් කළොතින් එක පැත්තකින් යනවා අපි, අපි දන්නවා අර චේතනාවට යන්නා වූ ඒක. Triangle එකක් තියෙනවා අපි පහුගිය දවස්වල සංකප්ප වශයෙන් භාවිතා කරපු එක. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තහම සුභයි නිත්‍යයි කියන එක දික් කළහම යන්නේ සඤ්ඤාවට. එතකොට මේ triangle දෙක කැපෙන තැන තමයි හරියට ම නාමරූප.
එතකොට මේ දෙක කැපෙන තැන මේ නාමරූප ඇති වෙනවා කිව්වහම එතකොට අවිද්‍යාව නිසා සංස්කාර වුණා. ඒ සංස්කාරයෙන් විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් නාමරූප. එතකොට මෙන්න මේක මෙතෙන්ට ආවහම බුදුපියාණන් “ඇතියි” කියලා කිව්වා. ඒ හින්දා එතනින් නැවැත්තුවා.
ඒක තමයි භාවනාව.